The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් එන රහස රැකගත් සභාපති !

T

The Leader Desk

April 10, 2026 • 7:32 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් එන රහස රැකගත් සභාපති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සැත්කමට භාජනය වී මුහුණ දිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සියල්ලක්ම සම්පූර්ණ කළ රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මව්බිමට පැමිණියේය.
  • රනිල්ට යම් විවේකයක් අවශ්‍ය බවත් හමුවීම් සීමා කළ යුතු බවත් වෛද්‍ය උපදෙස වී තිබිණි.
  • විශ්වාස භංගය ගැන ජනතාව කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවීම සුදුසු බවද එහිදී තීරණය කෙරිණි.
  • ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවත් එය ඉතා හොඳ දෙයක් වන අතර ඒ ගැන ඔවුන්ට ස්තුති කළ යුතුව ඇතැයි ජී.එල් එහිදී කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල් එන දවස දැන සිටියේ සභාපති වජිර ඇතුළු සමීපතමයන් කිහිප දෙනෙක් පමණි.

668217796 1504125111070742 1484191874154963018 nහදවත් සැත්කමකට ලක් වු රනිල් වික්‍රමසිංහ ගේ සුව දුක් බැලීමට සිංගප්පුරුවේ හිටපු විදේශ ඇමති George Yeo Yong-Boon පසුගියදා රෝහලට පැමිණ සිටියේය.

රනිල් ගුවන් තොටේදී පිළිගැනීම නිමිත්තෙන් විවිධ කටයුතු සංවිධාන කිරීමට සූදානම් වෙතියි ලැබුණු ආරංචි අනුව සභාපතිවරයා එම රහස රැක ගත්තේය. රනිල්ට යම් විවේකයක් අවශ්‍ය බවත් හමුවීම් සීමා කළ යුතු බවත් වෛද්‍ය උපදෙස වී තිබිණි.

රනිල් සති කිහිපයක් විවේක සුවයෙන් ගත කිරීමට නියමිතය.

රනිල් විදෙස් ගත වීමට පෙර එජාපයට සහ ඒකාබද්ධ විපක්ෂයට මාසයක කාලයක් කළ යුතු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර උපදෙස් දී තිබිණි.

ජී.එල් ගේ නාරාහේන්පිට නිවස ඒකාබද්ධ පක්ෂ නායකයන්ගේ මුල කඳවුරක් වේ 

1772516330 piris 6
එජාපයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සභාපති වජිර සහ ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල් සමගත් සාකච්ඡා කර ගත යුතු පියවර ගැන මතය ප්‍රකාශ කර තිබේ. 

ඒ අනුව මහාචාර්ය ජී.එල් ගේ නාරාහේන්පිට නිවසේදී ඒකාබද්ධ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණි.

බලශක්ති ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය ගැන එහිදී විශේෂ අවධානය යොමු විය. විශ්වාස භංගය ගැන ජනතාව කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවීම සුදුසු බවද එහිදී තීරණය කෙරිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවත් එය ඉතා හොඳ දෙයක් වන අතර ඒ ගැන ඔවුන්ට ස්තුති කළ යුතුව ඇතැයි ජී.එල් එහිදී කීය.

මල් පාර දේශපාලන කාර්යාලයේදී ඒ මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය විය.

ජී.එල්ගේ නිවසේ පැවති සාකච්ඡාවට එජාපය නියෝජනය කරමින් සහභාගී වූ වජිර හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සමග සාකච්ඡා කර පක්ෂ නායකයන්ගේද මතය අනුව නිපොන් හෝටලයේ  කළ සාකච්ඡාව ඉදිරියට ඉගෙන යාමට තීරණය කෙරිණි.

"රටේ දැන් ඇතිවෙලා තියෙන්නෙ විකෘති සංවාදයක්''

 



මල් පාරේ මාධ්‍ය හමුව පැවැත්වුණේ ජී.එල්ගේ මූලිකත්වයෙනි. 

ශ්‍රී.ල.නි.පයෙන් දුමින්ද දිසානායක, එජාපයෙන් දොස්තර රාජිත සේනාරත්න සහ අජිත් මාන්නප්පෙරුම, සර්වජන බලයෙන් ආචාර්ය චන්න ජයසුමන සහ නව ජනතා පෙරමුණේ උපතිස්ස කුමාරතුංග ඊට සහභාගී වූහ.

මෙහිදී ජී.එල් ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ අදහස් පළ කළේය.

ඔහුගේ කතාවේ මූලික හරය වූයේ ගල් අඟුරු සොරකම ගැනයි.

" රටේ දැන් ඇතිවෙලා තියෙන්නෙ විකෘති සංවාදයක්. කුමාර ජයකොඩිගේ ප්‍රශ්නය ඇතිවූයේ ඔහු ඇමති වීමට පෙර බව ආණ්ඩුවේ තර්කයයි. ඒක අභූත තර්කයක්.

 

 
පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදනයක් සම්බන්ධයෙන් වංචාවක් කර අයුතු ප්‍රයෝජනයක් ගත්තා යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. එයින් රජයට මූල්‍ය අලාභයක් වී තිබෙනවා.
මෙවැනි කැලලයක් තිබෙන කෙනෙක් අමාත්‍යාංශයක කාර්යභාරයට පත් කරන්න සුදුසුද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. බලශක්ති කියන්නේ මුදල් ගනුදෙනු රාශියක් තියන ස්ථානයක්. එකට පත් කළ යුත්තේ පාරිශුද්ධ නිර්මල පුද්ගලයෙක්. දැන් අභූත තර්ක පාවිච්චි කරන තැනට වැටිලා.
මේ වගේ අවස්ථාවක ඕනම රටක සිදුවන්නේ ඇමතිවරයා තාවකාලිකව අස්වීමයි. මොකද මේක දේශපාලන එදිරිවාදීන් ඉදිරිපත් කරන චෝදනාවක් නොවේ. 

අල්ලස් කොමිසමේ ඉල්ලීමක් පරිදි කොළඹ මහාධිකරණය ඔහුට අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. ඇමති දැන් ඇප මත මුදා හැර තිබෙන කෙනෙක්.
 

කෙහෙළියට එරෙහිව මෙවැනි විශ්වාස භංගයක් ගෙන ආ විට ජවිපෙ පුන පුනා කියපු කතා... 
 
මේක කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මෙවැනි විශ්වාස භංගයක් ගෙන ආ විට ජනතා විමුක්ති පෙරමුණ පුන පුනා කිව්වේ කෙහෙළිය ආරක්ෂා කරගන්න අත උස්සන පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒ වංචාවේ හවුල්කරුවන් වන බවයි. දැන් ජවිපෙ ආණ්ඩුවේ. එදා ප්‍රකාශ කළ න්‍යායට අනුකූලව ඔවුන් දැනුත් කටයුතු කළ යුතුයි" යනුවෙන් ජී.එල් ප්‍රබල තර්ක කිහිපයක් ගෙනහැර දැක්වීය.
මේ අතර රනිල් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම ගැන ඇතැම් සමාජ මාධ්‍ය වල පළ වූ කරුණු වලට පිළිතුරු දිය යුතු බව වජිර තීරණය කර තිබිණි.

ඒ සඳහා වන මාධ්‍ය හමුව පැවැත්වුනේ සිකුරාදාය. එල්ල කෙරුණු චෝදනා සියල්ලටම එහිදී වජිර උත්තර දුන්නේය.

සිංහල අවුරුදු සමයේ දේශපාලන වැඩ කටයුතු වලට හැම පක්ෂයකටම වාගේ එජාපයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට කෙටිකාලීන විවේකයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී සකස් කර තිබේ.



(සටහන | මල් පාරේ ලියුම්කරු) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...