The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශානි… තිත්තයාගේ වාරේ… | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

April 11, 2026 • 4:42 PM

ශානි… තිත්තයාගේ වාරේ… | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1977 සිට 1994 තෙක් ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලාටත් යූ.ඇන්.පී. ආණ්ඩුව පරද්දන්න බැරි විය.
  • 1994දී ශ්‍රීලනිපය සහ ජවිපෙ යූ.ඇන්.පී.
  • ලලිත් ඇතුලත්මුදලි මැරුවේ ප්‍රභාකරන් වුණත් ශ්‍රීලනිපය සහ ජවිපෙ කීවේ ලලිත් මැරුවේ ප්‍රේමදාස කියාය.
  • ඇමැතිවරු බටලන්ද වැනි වධකාගාරවල තරුණයන් පුච්චා මැරූ බව පණ පිහිටුවා කීහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේ.වී.පී. එක ටී-56 තුවක්කුව පෙන්නලා මිනී මරලත් යූ.ඇන්.පී. ආණ්ඩුව හොල්ලන්න බැරි විය.

1994දී ශ්‍රීලනිපය සහ ජවිපෙ යූ.ඇන්.පී. ආණ්ඩුව පරද්දන්න අලුත් සටන් පාඨයක් සොයා ගත්හ.

‘දූෂණයට සහ භීෂණයට එරෙහිව…’
xfgdfhgr
මේ, ඒ සටන් පාඨයය. ජවිපෙ ආයුධ සන්නද්ධ කැරැල්ල මර්දනය කරන්න ජේ.ආර්. හමුදාව යෙදෙව්වත් ශ්‍රීලනිපය සහ ජවිපෙ කිව්වේ ජේ.ආර්. මිනීමරුවා කියාය. විජය කුමාරතුංගව මැරුවේ ජවිපෙ වුණත් විජයගේ බිරිය චන්ද්‍රිකාම කීවේ විජය මැරුවේ ප්‍රේමදාස කියාය. ලලිත් ඇතුලත්මුදලි මැරුවේ ප්‍රභාකරන් වුණත් ශ්‍රීලනිපය සහ ජවිපෙ කීවේ ලලිත් මැරුවේ ප්‍රේමදාස කියාය. ජෙනරල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න මැරුවේ ප්‍රභාකරන් වුණත් ශ්‍රීලනිපය සහ ජවිපෙ කීවේ කොබ්බෑකඩුව සහ විජය විමලරත්න මැරුවේ ප්‍රේමදාස කියාය. රන්ජන් විජේරත්න, හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මැරුවේ ප්‍රභාකරන් වුණත් ශ්‍රීලනිපය සහ ජවිපෙ කීවේ රන්ජන් සහ ක්ලැන්සි මැරුවේ ප්‍රේමදාස කියාය. රනිල් ඇතුළු යූ.ඇන්.පී. ඇමැතිවරු බටලන්ද වැනි වධකාගාරවල තරුණයන් පුච්චා මැරූ බව පණ පිහිටුවා කීහ. වේදිකාවල රස කර කර ශ්‍රීලනිපය මේ කතා කියද්දී ජවිපෙ ජනතාව අතර මේ කතා ප්‍රචලිත කළහ. අවසානයේ මේ දෙගොල්ල එක්වී 1994 දකුණු පළාත් සභා ඡන්දයෙන් යූ.ඇන්.පී.ය පරාජය කරනු ලැබීය. ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණු නායිකා චන්ද්‍රිකාගේ මැතිවරණ පොරොන්දුව වූයේ මේ සියලු අබිරහස් ඝාතන සොයන්න ජනාධිපති කොමිෂන් පත්කරන බවය. ඇය ජනාධිපති වූ විගස ඒ වැඩේ භාරදුන්නේ සරත් සිල්වාටය. ඇය සරත් සිල්වාව නීතිපති ලෙස පත්කොට අබිරහස් ඝාතන සොයන ජනාධිපති කොමිසම මෙහෙයවීම ඔහුට භාරදුන්නාය.

ඇඟ කිලිපොළා යන කතන්දර කියන මේ ජනාධිපති කොමිෂන්වලින් ඇය දේශපාලන වාසි ගෙන දෙවැනි වරටත් ජනාධිපති වූවාය. 88-89 තරුණ තරුණියන් ඝාතන, දේශපාලන ඝාතන ගැන කිය කියා මහින්ද සහ ජවිපෙද 2005 ජනාධිපතිවරණය දිනාගත්හ.

1994 සිට 2015 දක්වා ශ්‍රීලනිපය පරාජය කරන්න දත කාලා බැරි වුණු තැන යූ.ඇන්.පී.ය 2015 අලුත් සටන් පාඨයක් හදාගත්තේය. යූ.ඇන්.පී.යට මේ සටන් පාඨය හදාගන්න උදව් කළේ ජවිපෙය. ඒ වෙනකොට මහින්ද ජවිපෙ දෙකඩ කොට විමල්ගේ කණ්ඩායම මහින්ද එක්ක සිටි අතර, අනුරගේ කණ්ඩායම රනිල්ට එක්වූහ.

‘හොරු අල්ලමු… ඝාතන සංස්කෘතියට තිත තියමු…’
xfgdrgdr
මේ, 2015 යූ.ඇන්.පී., ජේ.වී.පී. සටන් පාඨයය. මහින්ද රාජපක්ෂගේ පවුල හොරකම් කරන හැටිත්, ලසන්ත වැනි මාධ්‍යවේදීන්, ප්‍රගීත් එක්නැළිගොඩ වැනි මාධ්‍යවේදීන්, තාජුඩීන් වැනි රගර් ක්‍රීඩකයන් ඝාතනය කළ හැටිත් යූ.ඇන්.පී.යත්, ජවිපෙත් ජනතාවට රස කර කර කීහ. ජනතාව ඒවා විශ්වාස කොට මහින්ද පරාජය කොට ජවිපෙ සහාය ලබපු යූ.ඇන්.පී. පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාලව දිනවනු ලැබීය. රනිල් අගමැති විය. යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.

මෛත්‍රී සහ රනිල් ආණ්ඩුව පිහිටුවනු ලැබූ විගසම රාජපක්ෂ පවුලේ හොරකම් සහ අබිරහස් ඝාතන හොයන වැඩේ භාරදුන්නේ ශානි අබේසේකරටය. ශානි පොලිසියට බැඳෙන්නේ 1986දීය. ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටියදී නියෝජ්‍ය පොලිස්පති පුණ්‍යා ඩි සිල්වාගේ විශේෂ ඉල්ලීමක් මත 1999දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගත්තේ චන්ද්‍රිකාට එල්ල වූ එල්.ටී.ටී.ඊ. බෝම්බය ගැන පරීක්ෂා කරන්නටය.

2015 ජයග්‍රහණයේ උරුමක්කාරයන් වූ මෛත්‍රීපාල, රනිල්, චන්ද්‍රිකා සහ ජවිපෙ අතර සාකච්ඡා කොට රාජපක්ෂලාගේ හොරකම් සහ ඝාතන සෙවීම භාරදෙන්නේ ශානිටය.

ශානි වැඩේ පටන්ගෙන ටික දිනකින්ම සූක්ෂ්ම ලෙස ගෝඨාභය මෛත්‍රීපාලගේ ගෙදරටත්, මහින්ද රනිල්ගේ මිතුරන්ගේ ගෙවල්වලටත් රිංගා ශානිගේ පරීක්ෂණ අඩපණ කරන්නේ මෛත්‍රී සහ රනිල්ව අන්දවමිනි. 2019 ජනාධිපති අපේක්ෂකත්වය ගන්න රාජපක්ෂවරුන්ගේ සහාය ගන්න මෛත්‍රී ගෝඨාව ඔහුට එරෙහි විමර්ශනවලින් බේරන අතර, 2019 ජනාධිපතිවරණයේදී මෛත්‍රී තරග කිරීම වළක්වා ශ්‍රීලනිප ඡන්ද බෙදා තමන්ට ජනාධිපති වීමට රනිල් මහින්ද ලව්වා නව පක්ෂයක් හදන්න මහින්ද සහ ඔහුගේ පවුල විමර්ශනවලින් බේරනු ලැබීය. මෙයින් කෝපයට පත් වන්නේ 2015 ජයග්‍රහණයේ පෙරගමන්කරුවන් වූ ජවිපෙ, සෝභිත හිමි සහ සිවිල් සංවිධානය. ඔවුන්ගේ අනාවැකිය වූයේ ගෝඨාව ජනාධිපති අපේක්ෂක කරගැනීමට රාජපක්ෂලාට නොහැකි වුවහොත් 2019 රාජපක්ෂලාට අපේක්ෂකයෙක් දමන්න නොහැකි වන නිසා ගෝඨාට එරෙහි විමර්ශන කඩිනම් කොට ගෝඨාව කොටු කිරීමය.

අවසානයේ මෛත්‍රී සහ රනිල් දෙදෙනාම එක්වී ගෝඨාව බේරාගනී. ශානි ඇතුළු රාජපක්ෂලාට එරෙහි චෝදනා හොයපු විමර්ශකයන් අසරණ විය. ගෝඨාව දිනවන්න මෛත්‍රී ශ්‍රීලනිප සහාය දෙන අතර, රනිල් ගෝඨාව දිනවන්න යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක සජිත්ගේ කකුලෙන් අදියි.

ගෝඨා දිනපු විගස ගෝඨාට එරෙහි ලසන්ත ඝාතනය ඇතුළු විමර්ශන ෆයිල් රැගෙන ශානි යටතේ සේවය කළ පොලිස් නිලධාරී නිශාන්ත ද සිල්වා රටින් පැන යයි. කෝපයට පත් ගෝඨා පොලිස් විනය කඩකිරීමේ චෝදනා නගා ශානිගේ වැඩ තහනම් කොට ශානිව අත්අඩංගුවට ගනී.

ශානි අත්අඩංගුවට පත්වන්නේ කොවිඩ් රැල්ල කාලයේය. ශානි සමග සිටින රැඳවුම්කරුවන්ට කොවිඩ් සෑදීම නිසා ශානිටත් කොවිඩ් සෑදීමේ අනතුරක් තියෙනවා කියා ශානිගේ නීතිඥයන් කීවත් ආණ්ඩුව එය මායිම් කරන්නේ නැත. ශානිට කොවිඩ් සෑදී මරණාසන්න වෙයි. ඒ සමගම දරුණු හෘදයාබාධයක් හැදුණත් ඔහුට පිළිසරණක් හිමි නොවේ.

මේ වෙලාවේ ශානි වෙනුවෙන් හඬ නගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ මන්ත්‍රීවරුය. අනුරගේ ජවිපෙ ශානි වෙනුවෙන් කටක් අරින්නේ නැත.

හැබැයි ජනාධිපතිවරණයේදී ශානි තෝරාගත්තේ ජවිපෙය. ඒ, හොරු අල්ලන වැඩේ තමන්ට නිදහසේ කරන්න පුළුවන් ජවිපෙ ආණ්ඩුවක් යටතේ යැයි සිතමිනි. 2015 ශානි භාරගත්තේ මෛත්‍රී සහ රනිල් ජනතාවට දුන්න පොරොන්දු ඉටුරන වගකීමය. හැබැයි මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම ශානිව පාවාදෙයි. ඔහුගේ වැඩ තහනම් වෙයි. ඔහු හිරගෙදර අපා දුක් විඳියි. කොවිඩ් නිසා මරණාසන්න වෙයි.

අනුර දිනපු විගස 2019 නවත්වපු තැනින් හොරු අල්ලන ගේම පටන්ගන්න ශානිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබීය. ශානි මේ ඔප්පු කරන්න හදන්නේ යූ.ඇන්.පී. / සජබය 2015ත්,  2019ත් රාජපක්ෂලාට එරෙහිව නගපු චෝදනාය. අනුර විපක්ෂය පටලවා ඇත්තේ ඓතිහාසික උගුලකය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...