එකලද අද මෙන් නීති විද්‍යාලයට ඇතුළත් වුණ කවර තරාතිරමේ පුද්ගලයෙකුට වුවද නවක වදයෙන් බෙිරි සිටීමට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් නීති විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙකු (ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හැඳින්වූයේ එසේය) දැන සිටියහොත් ඔහුට ගැලවීමක් ලබාගැනීමට ඉඩකඩ තිබිණිි.
ජාතික ඇඳුමින් සැරසී සිටි මෙම තරුණ ලාබාල මන්ත්‍රීවරයාටද එවන් මිතුරන් සිටි නමුත් මුලින් ඔහුටද නවක වදයේ පීඩාව විඳින්නට සිදුවිය. ඒ අවස්ථාවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ මිතුරා පැමිණ මොහු මෙම වදයෙන් බේරාගැනීමට ඉදිරිපත් විය.”අඩේ නවත්තපල්ලා ඕක. අපි මෙයාට එක වැඩක් දීලා කතන්දරේ ඉවර කරපල්ලා.”යයි පැවසූ මිතුරා ඊළඟට කීවේ” ඒයි නැගපන් තාප්පෙ උඩට. නැගලා උඹ කතාවක් කරන්න ඕන. උඹලගේ ලොක්කිගෙ කෙරුවාව විවේචනය කරලයි කතා කරන්න ඕන.”
අනතුරුව මන්ත්‍රීවරයා විමසූයේ ලොක්කි කියන්නේ අපේ අගමැතිතුමිය නේද.” කියා විමසූ ” ඔවි ඔවි එයා ගැන තමයි” කියා පිළිතුරු ලැබුන විට තරුණ මන්ත්‍රීවරයා සරම කෙටි කරගෙන තාප්පයට නැගුනි. තාප්පය මතට නැගුන මන්ත්‍රීවරයාට නවක වදකරුවන් කීවේ එයාට බටර් ගාන්නේ නැතුව හොඳට ඇත්ත කතා කරපන් කියලායි.
අනතුරුව මන්ත්‍රීවරයා ඇඟිලි දිගු කරමින් අපේ රදල අම්මන්ඩි නමින් මැතිනියට ඉතාම තදින් බැණ වදිමින් කතාවක් කළේය. අනතුරුව එයින් සෑහීමටපත් වදකරුවෝ ඇති ඇති කියා කතාව නතර කරන ලෙස නියම කොට මන්ත්‍රීවරයාගේ නවක වදය හමාර කළේය. අනතුරුව වදකරුවෝ සහ මන්ත්‍රීවරයා සැබෑ මිතුරන් බවට පත් වූහ. පසු කාලයේ මන්ත්‍රීවරයා ගේ නීතිඥ මිතුරන් බොහෝ දෙනකු උසස් නීතිඥයන් බවට පත්වූහ. මන්ත්‍රීතුමා දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.
එදා ඔහු නවකවදයෙන් බේරා ගත් නීතිඥ මිතුරා පසු කාලයේ මහේස්ත්‍රාත්වරයෙක් බවට පත්විය. ඔහු කොළඹ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරමින් සිටි සමයේ අපගේ මන්ත්‍රී මිතුරා බරපතල නඩුවකට කොටුවිය.
එම සිදුවීම මෙසේය. ඔහුගේ මන්ත්‍රී කොට්ඨාසයට කිට්ටු ඡන්ද කොට්ඨාශයක පැවති අතුරු මැතිවරණයකදී විරුද්ධ පාක්ෂිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව චෝදනාව එල්ල වූයේ යටකිිි මන්ත්‍රී මිතුරාටය. සැබවින්ම ඒ වනවිට ඔහු මන්ත්‍රීවරයෙක් නොවීය.
ආසන්නයේ පැවති මහ මැතිවරණයේදී ඔහු පරාජයේ වී තිබිණි. එහෙත් එම දිස්ත්‍රික්කයේ සිය පවුලට සෑහෙන දේශපාලන බලයක් තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් නායකයෙකු ලෙස ඔහු ක්‍රියා කළේය. තරුණ වයස නිසා නිතරම ගෝරි වලට පැටලෙන කෙනෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටි මොහුට පාඩමක් ගැන්වීම සඳහා එවකට ආණ්ඩු බලය දැරූ එක්සත් ජාතික පක්ෂය ද මොහු කුමකට හෝ හසු කිරීමට මාන බලමින් සිටියදී මෙම සිදුවීමට ඔහුගේ නම ඇැඳී තිබිණි.
එකල සිටි ජනපතිවරයාගේ අණ පරිදි කොළඹින් ගිය පොලිස් කණ්ඩායම් කීපයක් හිටපු මන්ත්‍රීවරයා සොයන්නට හම්බන්තොට පළාතම පීරද්දි මිතුරෙකුගේ වැන්රථයක් සොයා ගත් හිටපු මන්ත්‍රීවරයා කොළ පැහැති තොප්පියක්ද දමාගෙන එජාප දේශපාලනඥයකු ලෙස රත්නපුරය පැත්තෙන් කොළඹට පැමිණියේයය.
කොළඹ පැමිණි ඔහුට නවාතැන් ගැනීමට සුදුසු තැනක් සොයා බලන විට එකල සිටි ඔහුගේ ප්‍රබල නීතිඥ මිතුරෙකු (පසුකාලයේ ඔහු මෙරට නීතිපතිවරයාද විය.) සිය නිවසේ නවාතැන් ගන්නා ලෙස ඇරයුම් කළේය. එම නීතිඥ මිතුරාගේ නිවස බෙහෙවින් ආරක්ෂාකාරී වූයේ ඔහුගේ පියා එවකට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වීම නිසාය. එවන් ස්ථානයකට හිටපු මන්ත්‍රීවරයා සොයා පොලිසිය පැමිණීමට කිසිදු ඉඩක් නොවීය.
දින කිහිපයක් මෙලෙස සැඟව සිටි හිටපු මන්ත්‍රීවරයාට සැඟවී සිටීම එපාවිය. ස්වකීය ජ්‍යෙෂ්ඨ නීතිඥ මිතුරන් කැඳවා පසුදා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට අවශ්‍ය බව දැන්වීය.
ඒ අනුව එකල ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වූ තිවංක වික්‍රමසිංහ සහ ඩෙන්සීල් ගුණරත්න යන මහත්වරුන් ප්‍රථමකොට අදාළ මහේස්ත්‍රාත්වරයා මුණගැසුනි. ඒ වන විට එහි සේවය කරමින් සිටි මහේස්ත්‍රාත්වරයා වූයේ අතීතයේ මන්ත්‍රීවරයා නවකවදයෙන් බේරාගත් විනිසුරුවරයාය. ඔහුට කාරණාව සැලකළ විට මහේස්ත්‍රාත්වරයා කීවේ එදින නිවාඩු දිනයක් බැවින් තමන්ගේ නිල නිවසට විත්තිකරු කැඳවාගෙන එනලෙසයි.
ඒවන විට තමන් රහස් පොලිස් නිලධාරීන්ද එතැනට කැඳවන බව මහේස්ත්‍රාත්තුමා වැඩිදුරටත් කිිය. ඒ අනුව නීතිඥ දෙපළ විසින් විත්තිකරු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය. නඩුවට අදාළව නිල කතා බහ සිදුවෙද්දි රහස් පොලිසියේ නිලධාරීන් ඉල්ලා සිටියේ මොහුට ඉදිරිපත් වී ඇති චෝදනාව මිනීමැරීම බැවීන් ඔහු රිමාන්ඩ් භාරයට පත් කළන ලෙසය.
මේ අවස්ථාවේදී ඉතා සංවේදීවු විනිසුරු මිතුරා මෙසේ කීය.”මචං මගේ අතින් මං කොහොමද ලියන්නෙ උඹ රිමාන්ඩි කරන්න කියලා.
“ඒ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරමින් පැවසුවේ යාළුකම අමතක කොට රාජකාරිය කරන ලෙසයි.
ඒ අනුව අවසානයේ මන්ත්‍රී බන්ධනාගාර ගතකිරීමට විනිසුරුතුමා නියෝග කළේය. විත්තිකරුගේ ඉල්ලීම පරිදිම ඔහුට මාතර බන්ධනාගාරයේ රඳවීමටද විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද නියෝග කරනු ලැබීය.
කෙසේ හෝ කලක් රිමාන්ඩි භාරයේ සිටි මන්ත්‍රීවරයා පසුව නඩුවෙන් නිදහස් විය. මේ මන්ත්‍රීවරයා පසු කාලයේ පාර්ලිමේන්තුවේ උසස් තනතුරු රැසක්ම දරා විශ්‍රාම ගත්තේ ජනාධිපති තනතුරද දැරිමෙන් අනතුරුවය.
මෙම මන්ත්‍රීවරයා අන් කිසිවකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.
| lankalokaya




