ඒක ගොඩක් ආසියතික රටවල තියෙන එකක් අපි ලංකාවෙ අය සිංහල-දෙමළ අළුත් අවුරුද්ද කීව්වට.
අනුර මුං කැවුම් ගෙනාවෙ මට නෙමෙයි, මගෙ පුතාට*. එයා කන්නෙ මුං කැවුමුයි, කොකිසුයි විතරයි. මම එක මුං කැවුමක් කාල ඉතුරු ටික තැපෑලෙන් ඒක පුතාට ඇරිය. ඒකටම පවුම් දහයක් විතර ගියා. නමුත් ඒ පෙට්ටිය බලල දැන් අගමැතිනිය දාපු කමෙන්ට් එකත් මම මෙතන යට ස්ක්‍රීන්ශොට් එකක් විදියට දානව.

මම ඒ අනුර ගෙනාපු මුං කැවුම් ගැන ලිව්වෙ, මට මුං කැවුමක ආතල් එකකට නෙමෙයි. එයා සහ ජවිපෙට ප්‍රශ්න කීපයක් තිබ්බ. සිංහල-බෞද්ධ සංස්කෘතිය විනාශ කරන උන් කියන එක සහ විදේශ ප්‍රතිපත්තිය ගැන. අනුර ඒ ප්‍රශ්න ගනනාවම මට කියල තිබ්බෙ.
ඉතිං මං වගේ කන බොන එකෙකුට ගල් අරක්කු බෝතලයක්, ලංකාවෙන් පොතක් එහෙමනෙ ගේන්න ඕන. නමුත් ඌ ගෙනාවෙ මුං කැවුම් කියල මම ඒ පෝස්ට් එක දැම්මෙ, ඒ එයාට සහ NPP එකට JVP එකට සිංහල-බෞද්ධ ප්‍රතිරූපය ගොඩ නගන්න.
අනික මම අනුර එක්ක ගත්ත ෆොටෝ එකක්වත් කවදාත් දැම්මෙ නැහැ. මගෙන් අවසර ගන්නෙත් නැතුව දැන් අනුර ජනාධිපතිගෙ විදේශ මාධ්‍ය අධ්‍යක්‍ෂ වෙලා ඉන්න අනුරුද්ධ ලොකුහපුආරච්චි ලියල ඒ අපේ ෆොටෝ දාල ලියපු සටහනක් නිසා ඒව ප්‍රසිද්ධ උනේ. මම ඒකට එදාම විරුද්ධ වෙලත් පෝස්ට් එකක් දමා ඇත "මගේ අවසර නොගෙන දැම්ම ඒව" කියලා.
[*එයාට (මගෙ පුතාට) කෑම වල සෙන්සස් ප්‍රශ්නයක් තිබ්බ. ප්‍රොෆ් හරේන්ද්‍ර සිල්ව තමා එයාව බැලුවෙ. හරේන්ද්‍ර මට කිව්ව එයා අම්ම දෙන කෑම පාත් එකේ තමා යන්නෙ, ලොකු උනාම හරියයි කියල. දැන් මගෙ කොල්ල සුදු ළූණුත් කනව. හරේන්ද්‍ර හරියටම හරි. පොඩි කාලෙ ඉඳන් බලපු විශේෂඥයය. එයා මගෙ පුතාට චූටි කාලෙ ඉස්කෝලෙ කතා පවත්වන්න තොරතුරුත් දීල තිබ්බ. ඕන ප්‍රශ්නයක්ට හරේන්ද්‍ර එයාව බැලුව.]
මුං කැවුම් ගැන මම දාපු පළවෙනි පෝස්ට් එක
මේ තමා මට අනුර ලංකාවෙන් ගෙනත් දුන්න තෑග්ග. ඒක තමා අනුර මට භෞතික වශයෙන් දුන්න එකම තෑග්ග. මේ මුං කැවුම්. මේ තෑග්ගෙන් සංකේතවත් වන්නේ කුමක්ද?
අර සාමාන්‍යයෙන් පොඩි බෑග් එකක් රට යනකොට අරං යන අනුර මේවත් අරං ඇවිත්!
මේ පින්තූරෙ ගන්න කොටත් ඌ ඇඹරුනා!
මට මතක් උනේ සංස්කෘතිය ගැන ජෝතිපාල මැරුණම ගිය ජනප්‍රිය සංස්කෘතිය (පීචං සංස්කෘතිය) සහ ප්‍රබුද්ධ සංස්කෘතියයි ගැන විවාදය!
මට තවත් එකක් මතක් උනා. මම චූටි කාලෙ අපේ සුදු අම්ම (තාත්තගෙ අම්ම) අපේ නුවර ටවුමෙ ගෙදර ඉඳල, ඉඳල හිටල අපි හිටපු උඩපේරාදෙණියෙ ගෙදරට එනකොට ගේන්නෙ ලොකු වේවැල් කූඩයක දාගත්ත නුවර ගෙදර අල්ලපු ඇම්පයර් බේකරියෙන් ගත්ත පාන් මිසක්, කේක් ජාති නෙමෙයි. ඒත් අම්මගෙ අය කොළඹ ඉඳන් උනත් ගේන්නෙ ලොකු කේක් එහෙම. ඕකට හෙන කේස් යනව. අප්පෝ ඔච්චර උගත් සල්ලිකාරයො ගෙදරකට යනකොට ගෙනියන්නෙ පාන්. ඒත් අපේ නූගත්තු ගේන්නෙ කේක් සහ අරව මේව කියල.
මම දේශපාලනඥයින් දෙදෙනෙකුගෙන් විතරයි භෞතික තෑග්ගක් අරං තිබ්බෙ ඊයෙ වෙනකං. ඒ වාසුගෙන් සහ රාජිතගෙන්.
විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ජේවීපී එකත් එක්ක ගෝරි ගිය දවසක මමත් තවත් අපේ නිදහස් කවයෙ සහෝදරයෙකුත් ගිහින් වාසුව හමුවුනා කතාව කියන්න. මොකද වාසු පාර්ලිමේන්තුව වනසයි අපිට බැනල කියල. වීරසූරියට වෙඩි වැදිල මිය ගියාම පාර්ලිමේන්තුවට මල්වඩමක් අරං ගිය පොරනෙ එයා. වාසු මම කියන එකට පැය දෙකකට ආසන්න කාලයක් සාවදානව අසන් හිටිය. වාසු මම දැකපු හොඳම ඇහැම්කං දෙන්නෙක්. එයා තේරුම් ගත්ත මොකද උනේ කියල. අන්තිමට එයා අපි දෙන්නව එයාගෙ ඩබල් කැබ් එකේ දාගෙන විජේරාමේ කනත්ත පාරෙ මම හිටිය ගෙදරට ගෙනත් දැම්ම. බස්සනකොට පර්ස් එක ඇරල රුපියල් සීයක් දුන්න සහෝදරවරු දෙන්න රෑට කන්න කියල. ඒකෙන් දෙන්නට කන්න තිබ්බ. නමුත් මගේ බෝඩිමේ මම නවත්තගෙන හිටිය, ගෙවල්වල යන්නෙ නැතිව අපේ පොට් එකේ නොහිටිය සහෝදරවරුන්ටවත් කන්න නැහැ හරියකට. ඒත් මම එපා කිව්ව. ඒත් බලෙන්ම දුන්න. ඉතිං ගත්ත අපි දෙන්න.
අනික රාජිතගෙන්. මගේ පුතා ලැබුනෙ අපි චන්ද්‍රිකාට විරුද්ධ කාලෙ. ඒ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව දූෂණයට සහ මර්දනයට යන කාලෙ. එතකොට රාජිත සහ එයාගෙ පවුලෙ අය පිටරටකට ගියා. එහෙ ඉඳන් මට කෝල් කරල ඇහැව්ව උවිඳු දැන් පුතාට ඕන බඩු ටික ගේනව මායි සුජාතයි - ගෝකාට් එකේ ඉඳන් කියනව. මම කිව්ව පිස්සුද මොකුත් එපා ඒ ඔක්කොම තියෙනව කියල. මට ඇත්තටම මොකුත් තිබ්බෙත් නැහැ. ඊට පස්සෙ එයා මට කොළපාට කොටු කොටු ශර්ට් එකක් ගෙනත් දුන්න. මට ඒක ප්‍රතික්‍ෂේප කරන්න බැරි උනා. මම ගත්ත, කොල්ලො ගොඩකුත් ඒක ඇන්ද.
[ඔය කතා දෙකම මම ලියල තියෙනව මීට කලින් කීප වතාවක්ම]
තුන්වෙනි වතාව තමා අනුර මට ගෙනා මුංකැවුම් ටික.
අනුරව මට හමුවුනේ අවුරුදු හයකට පස්සෙ. මම එයාට පොත් යවනව එක එක්කෙනා අතේ. රාජිතටත් මම 2002දි එංගලන්තෙ ඉඳන් යනකොට නෙල්සන් මැන්ඩෙලාගෙ Long walk to the Freedom පොතක් ගිහින් දුන්න. වාසුට නම් මොකුත් දීල නැහැ. නමුත් වාසුට පපුවෙ අමාරුවක් හැදුනම මම රුපියල් සීයෙ කතාව ලිව්ව. ඔය චතුරගෙ කේස් එකක් ආවම මම රාජිත මට දීපු ශර්ට් කතාව ලිව්ව.
අනුර දන්නව මගෙ පුතාට කෑමවල සෙන්සර්ස් ඉශූ එකක් තිබ්බ කියල. එයා ආස මුං කැවුමුයි, කොකිසුයි විතරයි සිංහල අවුරුදු කෑම වලින් කියල. දැන් අවුරුදු විසිපහකටත් වැඩි ඒ කොල්ලට ඒ මුං කැවුම් ටික ගෙනත් දෙන්න, එච්චර මතක තියෙන්න ඌ කොච්චර සංවේදී එක්කෙක් වෙන්න ඕනද! ඒ තෑග්ග මට ජිවිතේ අමතක නොවෙන දෙයක් මචං!
ඒව අස්සෙ දේශපාලනය කුමක් උනත් මනුස්සකම ගැන තේරුම් ගැනීමක් තියෙනව. මට ගොඩක් අය ඕන තරම් තනතුරුවල සිට මොකක් දෙන්න ගියත් මම අරං නැහැ අද වෙනකං.
අනුර එක්ක ඒ කාවවත් සසඳන්න බැරි තරමට එයා සමාජය අල්ලගෙන ඉවරයි.
එයා පීචං සංස්කෘතිය කිව්ව එකයි විදග්ධ සංස්කෘතිය කියන එකයි දෙකම ග්‍රහණය කරගෙන ඉවරයි. එයා දැන් එච්චර ලොකුයි.
මම එයාගෙ මූණට ඒ කිසිවක් කීවෙ නැහැ ඊයෙ හවස. එකට කෑම කාපු පස් දෙනාම සාක්කි කියයි. අපි දෙන්න පිස්සු විහිළු කරකර පොඩි උන් දෙන්නෙක් වගේ හිටිය කියල ඊයෙ පළෙවෙනි වතාවට අනුරව හඳුනගත්ත මගේ හොඳ මිත්‍රයෙක් - මටත් වඩා වයසක ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් - අනුරුද්ධ ලොකුහපුආරච්චි - යන ගමන් කිව්ව. අනුර ඇත්තටම අඬන හිනාවෙන, ඒත් ලාබෙට මරන්න බැරි කොල්ලෙක්.
අපි දෙන්නගෙ ආතල් පින්තූර පසුවට. සෙල්ෆි ඉල්ලනවනෙ කස්ටිය. මම සෙල්ෆි ගන්නෙ නැහැ. වෙන අය ගත්ත ඒව එයි. අපි දෙන්න පොඩි සීරියස් සීන් යනකොට අනුරුද්ධය ගත්ත ඒව සිය ගානක් මට එවල ඊයෙ රාත්‍රියේ. //
මේ තියෙන්නෙ සම්මානනීය නළුව සහ මාධ්‍යවේදියෙක් වෙන බුද්ධදාස විතානච්චි මට එවපු පනිවිඩයක්. ඒක දැම්මට කමක් නැහැ කියල හිතනව:
//ඒක අපූර්ව සංසිද්ධියක් !
මුං කැව්ම් කතාවේ බොහො දේවල් අන්තර් ගතවුනා .
අනුරගෙ තිබෙන කෘතවේදී සහෘදත්වය පලකිරීම .
ඒ සඳහා අමු සිංහල ගැමි සංස්කෘතික මය රසකැවිල්ලක් තෝරාගැනීම. අනුරගේ නිහතමානීකම යනාදිය .
මම ඒවා අගය කරනවා .
එනිසා එම පෝස්ට් එකට වටිනාකමක් හා අපූර්වත්යක් එකතු වුනා.
ලංඩන් යාළුවකුට මුං කැව්ම් ගෙන යාම. මුං කැව්ම් තනිකරම සිංහල අවුල් පතක් මේ අන්තිම පෝස්ට් එක කන්‍යාභාවය කතාවත් ලස්සනයි ! එයින් මාධ්‍යය කාරයකු වශයෙන් එවැනි සඳහනකින් ඔබට යම් අගයක් එකතුවුනා.....//
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




