The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නොනගතේ කාලේ නොකා ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ - මහින්ද කුමාර දලුපොත

T

The Leader Desk

April 14, 2026 • 1:30 AM

නොනගතේ කාලේ නොකා ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ - මහින්ද කුමාර දලුපොත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොනගත කාලය තුළ ආහාර නොගෙන සිටිය යුතු බවට ජන සම්මතයක් නොමැති බවත්, වර්තමානයේ පවතින ‘පූර්ව’ සහ ‘අපර’
  • සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ නැකත් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් රූපවහිනි නාලිකාව පැවති වැඩසටහනකදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
  • 1760 ගණන්වල ඇරඹි ඈපා අප්පුහාමිගේ ලිත මෙරට පුරෝගාමී මෙහෙවරක් කළ බවත්, එම ගෞරවය තවදුරටත් පවතින බවත් පෙන්වා දුන්  මහින්ද කුමාර දලුපොත, 1973 වසරේ ලිත පරීක්ෂා කිරීමේදී වර්තමානයේ මෙන් නොනගතය කොටස් දෙකකට බෙදා නොතිබූ බව අවධාරණය කළේය.
  • ඒ පැය 12 හමාරම අතහැරලා තමයි එදා අවුරුදු චාරිත්‍ර කළේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොනගත බෙදීම මුද්‍රණ දෝෂයක් නිසා ඇති වූවක් බවත් ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දලුපොත පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ නැකත් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් රූපවහිනි නාලිකාව පැවති වැඩසටහනකදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
fsdfsf
1760 ගණන්වල ඇරඹි ඈපා අප්පුහාමිගේ ලිත මෙරට පුරෝගාමී මෙහෙවරක් කළ බවත්, එම ගෞරවය තවදුරටත් පවතින බවත් පෙන්වා දුන්  මහින්ද කුමාර දලුපොත, 1973 වසරේ ලිත පරීක්ෂා කිරීමේදී වර්තමානයේ මෙන් නොනගතය කොටස් දෙකකට බෙදා නොතිබූ බව අවධාරණය කළේය.


“නොනගතය කියන්නේ නොනගතයමයි. ඒ පැය 12 හමාරම අතහැරලා තමයි එදා අවුරුදු චාරිත්‍ර කළේ. මේ පූර්ව සහ අපර නොනගත බෙදීම පැහැදිලිවම මුද්‍රණ කර්මාන්තයේදී සිදු වූ වැරැද්දක්,”


එමෙන්ම නොනගත කාලය තුළ ගෘහස්ථ ලිප නිවා දමා තාවකාලිකව එළියේ ලිපක් බැඳ ගිනි මොලවා ආහාර පිසීම පැරණි සිරිත බවත්, නිවසින් බැහැරව එම ආහාර අනුභව කිරීමේ කිසිදු ගැටලුවක් නොතිබූ බවත් ඔහු පෙන්වාදෙයි.

නොනගත කාලය තුළ ආහාර අනුභව නොකළ යුතු බවට කිසිදු සම්මතයක් නොමැති බවත්, අතීතයේදී ගෘහස්ථ ලිප නිවා දැමූ පසු එළිමහනේ තාවකාලික ලිපක් බැඳ ගිනි දල්වා කැවිලි වර්ග අනුභව කිරීමේ සිරිතක් පැවති බැවින් එහි කිසිදු ගැටලුවක් නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


තවද වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම වැනි චාරිත්‍ර කිහිපයක් එකම වෙලාවකට යෙදීම අතාත්වික ක්‍රියාවක් බව පෙන්වා දුන් මහින්ද කුමාර දලුපොත, මෙය බොහෝවිට ලිත් මුද්‍රණයේදී පවතින ඉඩකඩ සීමා සහිත වීම නිසා සිදු වූවක් බවට මත පළ කළා.


එමෙන්ම  2017 වසරේ සිට නැවත ආරම්භ කළ ‘පැළ සිටුවීමේ නැකත’ අතිශය වැදගත් බව ද ඔහු පවසයි.

විද්‍යාත්මක පදනමක් නොමැති ඇතැම් විශ්වාසයන් උදාහරණ ලෙස හූනන් ඇඟ වැටීම වැනි දෑ තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව සිය කණගාටුව පළ කළ ඔහු, ගුප්තභාවය ගොඩනැගීම හරහා මහජනතාව රවටා ඔවුන්ව පාලනය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බව ද අවධාරණය කර සිටියි.

කෙසේවෙතත් විද්‍යාත්මක යුගයක මෙවැනි මිථ්‍යා දෘෂ්ටි සහ වැරදි චාරිත්‍ර ඉවත් කර නිවැරදි ජනශ්‍රැති සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

(news19 | ෆාතිමා සුමෙයිහා)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...