The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයින් ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස් හිමියන්

T

The Leader Desk

April 16, 2026 • 4:11 PM

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයින් ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස් හිමියන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා.
  • ඒ මහත්මයාගේ ප්‍රකාශිත වත්කම් අතර ඔහු හිමිකම් කියන කොටස් වෙළෙඳපල ආයෝජන පිලිබඳ විස්තරත් තියෙනවා.
  • ඒ අතරින් ඔහු වැඩියෙන්ම මුදල් (රුපියල් 41 420/= කොටස් 5450ක) ආයෝජනය කර ඇත්තේ ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස් (LCB ෆිනෑන්ස් කොම්පැනියේ).
  •  ඔහු ඒ කොටස් මිලදී ගෙන ඇත්තේ 2022දී.
අකුරු ප්‍රමාණය (Font Size):
පස්සේ ටෙන්ට් එකක් ගැන වෙච්ච අබැද්ධියක් ලිහාගන්නත් උදව් කළා.

ඒ මහත්මයාගේ ප්‍රකාශිත වත්කම් අතර ඔහු හිමිකම් කියන කොටස් වෙළෙඳපල ආයෝජන පිලිබඳ විස්තරත් තියෙනවා. ඒ අතරින් ඔහු වැඩියෙන්ම මුදල් (රුපියල් 41 420/= කොටස් 5450ක) ආයෝජනය කර ඇත්තේ ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස් (LCB ෆිනෑන්ස් කොම්පැනියේ). ඒක ක්‍ෂුද්‍රමුල්‍ය සපයන ෆිනෑන්ස් කොම්පැනියක්.  ඔහු ඒ කොටස් මිලදී ගෙන ඇත්තේ 2022දී.

මීට කලින් වත්කම් ප්‍රකාශ කල අලුත අපි දැනගත්ත දෙයක් තමයි අගමැති හරිනි අමරසුරිය මහත්මියත් LOLC, ඇසට්ලයින් වැනි මුල්‍ය සමාඟම් වල තම අතිරික්ත ධනය ආයෝජනය කර ඇති බවක්. අමාත්‍ය වසන්ත සමරසිංහත් එවැනි කොටස් හිමියෙක් බව දැනගන්නට ලැබුනා.

දේශපාලඥයින් කොටස් වෙළෙඳපල වගේ තැනක ආයෝජනය කිරීම දේශපාලන සදාචාරය පිලිබඳ ගැටළුවක්. ඒක විශේෂයෙන්ම අපිට තේරෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දේශපාලඥයෙක් තමන්ගේ, තම හිතවතුන්ගේ ආයෝජන තර කරන්න ලෝක භූ-ආර්ථික දේශපාලනය චෙස් බෝර්ඩ් සෙල්ලමක් විදිහට පාවිච්චි කරන හැටි දැක්කම. හෝමුස් සන්ධිය වහනවා, ඉරාන ශිෂ්ටාචාරය ඉවර කරනවා වගේ ප්‍රකාශ කරන පමණින් තෙල් මිල ඉහල යනවා. තෙල් කොම්පැනි කොටස් මිල ඉහල යනවා. ඒවගේ ප්‍රකාශ ආයෝජනය කරන අයට විශාල ලාභ අත්කරදෙනව. මේ වගේ ක්‍රියා අර්බුද හරහා ධනය රැස් කිරීම කියලා හඳුන්වනවා.

ලාල් කාන්ත, හරිනි අමරසුරිය, වසන්ත සමරසිංහ ... වැනි NPP දේශපාලඥයින්ට  ට්‍රම්ප්ට තරම් කේවල් කිරීමේ බලයක් - ලේවරේජ් එකක් නැතත්, ඔවුන් ලංකාවේ ආණ්ඩුවේ වැදගත් අමාත්‍යංශ ප්‍රධානීන්. ලංකාවේ ආර්ථිකේ මරමස්ඨාන හැසිරීම පිලිබඳ තීන්දු තීරණ ගන්න බලය ඇත්තන්. ඒ වගේ අය කොටස් වෙළෙඳපල වගේ සමපෙක්ෂණය (speculation) - ඒ කියන්නේ අනාගතයේ මොනවා වේදැයි, සැක, බිය, අවිනිශ්චිතා, බලාපොරොත්තු මත කේවල් කිරීම හරහා මුල්‍ය වාසි ගන්න වෙළෙඳපලක, ආයෝජකයින් වීම සුදුසු නැහැ. කැබිනට් අමාත්‍යවරු හැටියට ලංකාවේ සියලු රාජ්‍යය තීන්දු තීරණ ගැන දන්නා පුද්ගලයින් හැටියට මේ ආයෝජන විශාල  conflict of interest, එහෙම නැත්නම් ලැඹදියාව පිලිබඳ ගැටුම් පෙන්වනවා.

ඒ වගේම ක්‍ෂුද්‍රමුල්‍ය වගේ කොල්ලකාරී මුල්‍ය ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නේ ඇයි? දුප්පත් කාන්තාවෝ, ඔවුන්ගේ පවුල් වල අය උපයන රුපියල හූරන් කමින් තරවෙන, ඒ ලාභය හරහා තමන්ගේ අතිරික්ත ධනය තර කරගන්න අරමුණු කරන එක කොතරම් කැතද! ඒක ශිෂ්ට දේශපාලනභාවිතයක සුභ ලකුණු නොවෙයි.

ඉතින් මේ වගේ ලැඹදියාව පිලිබඳ ගැටුම්, සදාචාරය, ශිෂ්ටබව ප්‍රශ්න කරන වෙළෙඳපලක NPP දේශපාලන නායකයින් තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ ඇයි?

(සටහන | අමාලි වෙලගෙදර)

උපුටා ගැනීම - Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..
 
xfgdgfg 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයින් ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස් හිමියන් | The Leader