The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය: ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක

T

The Leader Desk

April 18, 2026 • 11:33 AM

සජිත්ගේ දේශපාලන සතිය: ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ගතවෙමින් තිබුනත් දේශපාලන කේෂ්ත්‍රයට නම් එවැනි තත්ත්වයක් නොමැති බවට තහවුරුවූ සතියක් ගතවෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.
  • ඊට අමතරව කරළියට ආ ඇමති ලාල් කාන්තගේ කෝටි ගණනක තුන්මහල් නිවස, දැන් කෝටි 46 කට අධික වටිනාකමින් යුත් තවත් වත්කම් දක්වා දිග්ගැස්සී තිබේ.
  • ජාතින් අතර බැඳීම් ගැනත්, සාහිත්‍යයට තහංචි වැඩකඩුළු නොදැමිය යුතු බවටත් ජන සමාජයට මාකටිං කැම්පේන් කළ ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දෙමළ ලේඛකයකු වන දීපචෙල්වම්ගේ කෘති රඳවාගැනීමේ සිදුවීම තවත් භූමරංගයක් වෙමින් තිබේ.
  • තිබූ උපදෙස වුණේ, ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


අවුරුදු නැකත ආණ්ඩුවටනම් එතරම් සුබදායක නොවුණේ, අලුත් අවුරුද්දට පෙර සතියේ සිකුරාදා වැඩි ඡන්ද 104 කින් පාර්ලිමේන්තුවේදී රැකගත් කුමාර ජයකොඩි ඇමතිවරයාට සතියක් ගතවෙද්දී ඉල්ලා අස්වීමට පසුබිම සකස්වීම නිසාය.

ඊට අමතරව කරළියට ආ ඇමති ලාල් කාන්තගේ කෝටි ගණනක තුන්මහල් නිවස, දැන් කෝටි 46 කට අධික වටිනාකමින් යුත් තවත් වත්කම් දක්වා දිග්ගැස්සී තිබේ.

එය, නිර්ධන පන්තියේ නායකයින් වසර දෙකකටත් අඩු කාලසීමාවකදී මෙතරම් මුල්‍ය වත්කම් සහිත පුද්ගලයින් වූයේ කෙසේද කියා සමාජයම ප්‍රශ්ණ කරන තත්ත්වයකට පත්වෙමින් තිබේ.

සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සමරා අහවර වෙද්දී මාලිමා ආණ්ඩුවේ හිසමත තවත් බෝම්බයක් පත්තුවුනේ, සාහිත්‍ය හා සංස්කෘතියට අදාළ ප්‍රස්තුතයක් නිසාවෙන්ය.

ජාතින් අතර බැඳීම් ගැනත්, සාහිත්‍යයට තහංචි වැඩකඩුළු නොදැමිය යුතු බවටත් ජන සමාජයට මාකටිං කැම්පේන් කළ ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දෙමළ ලේඛකයකු වන දීපචෙල්වම්ගේ කෘති රඳවාගැනීමේ සිදුවීම තවත් භූමරංගයක් වෙමින් තිබේ.


හඬපටය නිසා ඇති වූ හුටපටය


ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන ඒමේ දූෂිත ගණුදෙනු පිටුපස ඇමති කුමාර ජයකොඩි සිටින බවත්, ඔහු ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භයේ සිටම මෙය සැලසුම්කර ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය මාස ගණනක සිට චෝදනා කරද්දී උද්දච්ච ලීලාවෙන් වහසිබස් දොඩවමින් සිටි මාලිමා ආණ්ඩුවේ 159 දෙනාට හික් ගෑවුණේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ ගම්පහ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ එළියට දැමූ හඬපටය නිසාය.

මුලින්ම තමන්ට ලැබුනු මෙම හඬපටය ගැන සජිත්ව දැනුවත් කළ වරුණට සජිත් ලබාදී. තිබූ උපදෙස වුණේ, ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි කියාය.

හඬපටය නිසා ඇති වූ හුටපටය

තමන්ට වෙනත් පාර්ශවයකින් ලැබුණු මේ හඬපටය තුළ ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩරයට අදාළව ලේඛණවල දින වෙනස් කරමින් තමන් වෙත කඩිනමින් ඒවා භාරදෙන්නැයි අයෙක් පවසද්දී, තවත් දෙදෙනෙකු නම්ගම්ද ඔහු විසින් ප්‍රකාශ කරන ආකාරය පැහැදිලිව අසන්නට ලැබී තිබුණි.

එම හඬපටයේ කියැවුණු පරිදි…” මම බේරන්නේ කවුද දන්නවද? මම බේරන්නේ, ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයවයි, ගයාන් මහත්තයාවයි, පවුනේ ඒ මිනිස්සු”

 මේ හඬපටය සමාජගතවීමත් සමඟ ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් එම හඬ පටය ගල්අඟුරු ගෙනඒමට අදාල Spot Tender පිළිබඳවූ දුරකථන සංවාදයක කොටසක් බව තහවුරු කරණු ලැබිණි.

අප්‍රේල් 13 වනදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් හඬපටයේ අවසන් ප්‍රතිඵලය වී තිබුණේ විදුලි බල ඇමති කුමාර ජයකොඩි සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධූරවලින් ඉල්ලා අස්වීමය.

සජිත් ඇතුළු සමගි ජන බලවේගය මාස 10 පුරා විවිධ හෙළිදරව් කිරීම් හරහා සමාජගත කළ මාලිමා ආණ්ඩුවේ අන්ත දූෂිත ගල්අඟුරු වංචාව මුළු රටටම සත්‍යයක් බව තහවුරු වුණේ මේ හඬ පටය නිසා බව දැන් සමාජයම කතාවෙන කාරණය වී තිබේ.

කුමාර ජයකොඩි ඉවත්වීමෙන් ෆයිල්එක වහන්න දෙන්න එපා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම්වරයා තම තනතුරුවලින් ඉවත්වන බව සජිත් ඇතුළු විපක්ෂයට ඉව වැටී තිබුණේ අප්‍රේල් 13 වනදා සිටය.

ඒ ගැන කරුණු සොයමින් විශේෂ මෙහෙයුමක් සජබ අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වේද්දී, සිකුරාදා (17) වනදා උදෑසන විදේශයක සිට දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ සජබයේ මාධ්‍ය අංශයටය.

“ කුමාර ජයකොඩි අද ඇමතිකමින් අයින්වෙනවා. ඒත් ඒක රටට පෙන්නලා මේ හොරකම යටගහන්න දෙන්න එපා. අර වොයිස් කට්එක එළියට ආපු එක නිසයි මේ ඇමතිටයි, ලේකම්ටයි අයින්වෙන්න කියලා උඩින් පෙෂර් එක දාන්නේ. මේ ගල්අඟුරු ටෙන්ඩර් පිටිපස්සේ ඇමති විතරක් නෙමෙයි ඊට උඩ අයත් ඉන්නවා, ඉක්මනට මේ ගැන අද press එකක් තියලා මේක පිටිපස්සේ තියෙන කතන්දරේ කියන්න.”

කුමාර ජයකොඩි ඉවත්වීමෙන් ෆයිල්එක වහන්න දෙන්න එපා.
ඒ අනුව මන්ත්‍රී අජිත් පී. පෙරේරාත්, මුජිබර් රහුමානුත් මේ ගල්අඟුරු වංචාවේ මහමොලකරුවන් ගැනත්, මේ ඉල්ලා අස්වීම පිටුපස ඇති රංඟනය ගැනත් කරුනු ප්‍රකාශ කරන්නට විය.

වෙනදාට සෙනසුරාදා සජබයේ දෛනික මාධ්‍ය හමුව නොපවැත්වුවත් ලැබුණු හදිසි කැඳවීමකට අනුව (18) සෙනසුරාදා වරුණු දීප්ත රාජපක්ෂ විසින් ගල්අඟුරු වංචාවේ මුල, මැද, අග කරුණු සහිතව හෙළි කරන මාධ්‍ය හමුවකට සහභාගී විය.

සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පක්ෂයේ ස්ථාවරය සඳහන් කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරන්නට කටයුතු යොදා තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සෘජු අධීක්ෂණය යටතේය.

WhatsApp Image 2026 04 18 at 3.32.06 PM 1සජබයෙන් පුළුල් මාධ්‍ය මෙහෙයුමක්

එහි දැක්වුණේ…,

දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යාංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් මේ රටට සිදු කළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට උත්සාහ දරණ බවය.

එමෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදුකළ මෙම දූෂිත ගණුදෙණුවට විෂය භාර අමාත්‍යවරයාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා සහ සමස්ත කැබිනට් මණ්ඩලයත් සාමූහිකව වගකිව යුතු බව අවධාරණය කර තිබූ සමගි ජන බලවේගය, පෙන්වා දී තිබුණේ, පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තුවේදී විදුලිබල ඇමති කුමාර ජයකොඩි ආරක්ෂා කරමින් ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් 153 දෙනා, තමන් මැතිවරණයේදී ජනතාව හමුවේ තැබූ විශ්වාසය බිඳ දැමූ අයුරුද මුළු රටටම දැකගන්නට ලැබුනු බවය.


ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද දා සජිත් ප්‍රේමදාස තම මුහුණු පොතේ අලුත් අවුරුදු සුබපැතුමට යොදාගත් ඡායාරූපය මුළු රටම කතා වූ ඡායාරූපයක් වී තිබුණේ ඔහුත් නොසිතූ ලෙසටය.

සිඟිති දියණිය තමන්ට වඳින ඡායාරූපයක් ඔහු මුහුණු පොතේ ඵල කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණි.

 

sajith post ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක
“ ආර්ථික, සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධතීන් රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවායි මා ප්‍රර්ථනා කරමි.

එමෙන්ම මෙරට ජීවත් නොවූවත් එතෙර රැඳෙමින් සැමවිටම මාතෘභූමියේ ජයග්‍රහණය පතන, ජාතික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන, සිංහල හා දමිළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.”

සජිත්ගේ එම ඡායාරූපයට සහ සටහනට අතිශ්‍යය ආකර්ෂණීය ජනතා ප්‍රතිචාරයක් ලැබී තිබූ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියළුම දේශපාලඥයින් අතරින් වැඩිම ජනතා ප්‍රතිචාර ලැබී තිබුණේ සජිත් ප්‍රේමදාසට වීමද විශේෂත්වයක් විය.


සජිත්ට ආපු අමුතු විෂ් එක

අලුත් අවුරුද්ද වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුම් ගලා ආ අතර ඊයේ (17) තවත් දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ ටිකක් පමා වීමෙන් පසුවය.

“ නායකතුමා සුබ අලුත් අවුරුද්දක් වේවා.., ඒ වගේම මේ අවුරුද්ද පටන්ගත්තෙම ඔබතුමා පහුගිය කාලේ කියපු සියළුම දේවල් ඇස් පනාපිට මේ රටේ මිනිස්සුන්ට අත්දකින්න ලැබිලා. කවදා ඉඳන්ද සාස්තර කියන්න පටන් ගන්නේ… අනෙක් අන්තයෙන් සිනා සෙමින් ස්තුති කළ සජිත් මොකක්ද මහාචාර්යතුමා මම කියපුවා හරිගියා කියලා ඔයා අදහස් කළේ කියා සජිත් විමසා සිටියේය.

WhatsApp Image 2026 04 18 at 3.32.32 PMසජිත්ට ආපු අමුතු විෂ් එක.

“ඇයි ඔබතුමා මාර්තු මාසේ මුල කිව්වේ හෝමූස් වහනවා ඒක නිසා අපිටත් තෙල්, ගෑස්, පොහොර ප්‍රශ්ණ එනවා කියලා. ඒ වෙලාවේ ආණ්ඩුව ඔබතුමාට හිනාවුනාට දැන් මේ අප්‍රේල් මැද වෙද්දී එදා ඔබතුමා කියපු ඒ හැමදේම ප්‍රායෝගිකව අත්විඳින්න සිද්ධ වෙලා. ඒ වගේම ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව ගැනයි, පාඩුව ගැනයි ඔබතුමා කියපු දේවලුත් දැන් එකින් එක ඔප්පුවීගෙන යන්නේ. දැන් ටිකෙන්, ටික රටේ මිනිස්සුන්ට තේරෙනවා බොරු කියන්නේ කවුද? ඇත්ත කියන්නේ කවුද? කියලා”

ඒක ඇත්ත, දැන් තමයි ඔබතුමාලත් ඉස්සරහට ඇවිත් මේ රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕන. එහෙම කියපු සජිත් ඔහුට ඉදිරියේදී මාධ්‍යට පැමිණ රට හමුවේ ඇති අභියෝග සහ ඒවාට විසඳුන් ගෙන ඒම පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක්ද සිදු කර තිබුණි.

(මම | බංගලා හන්දියේ ලියුම්කරු )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත්ගේ දේශපාලන සතිය: ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක | The Leader