The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අර්ජුන් මහේන්ද්‍රන් කුමාර් ජයකොඩි සහ සජිත්ගේ වෙඩි නූල! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

April 19, 2026 • 11:42 AM

අර්ජුන් මහේන්ද්‍රන් කුමාර් ජයකොඩි සහ සජිත්ගේ වෙඩි නූල!  | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මිනිහට ඡන්ද දිනන්න බැහැ… හැබැයි මිනිහා හොරෙක් නෙවෙයි..’
  • ඒක ඔහුගේ පරම සතුරන් පවා පිළිගත් දෙයක්…’ මේ, 2015 රනිල් අගමැති වනවිට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කී කතාවය.
  • රනිල් 2015 මෛත්‍රිපාලව පොදු අපේක්ෂකයා කරලා පරද්දන්න බැරි රාජපක්ෂ පවුල පැරැද්දුවේ රාජපක්ෂලාට හොරු කියන ටැග් ලයින් එක එල්ලලාය.
  • රනිල් මිස්ටර් ක්ලීන්…’ මිනිස්සු 2015 ඡන්දේ දුන්නේ එහෙම හිතාගෙනය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ, 2013 අගමැති වනවිට රනිල්ට එල්ලලා තිබුණු ටැග් ලයින් එකය.

‘රනිල්ට දේශද්‍රෝහියා කීවා. කොටියා කීවා. කවුරුවත් හොරා කීවේ නැහැ. ඒක ඔහුගේ පරම සතුරන් පවා පිළිගත් දෙයක්…’

මේ, 2015 රනිල් අගමැති වනවිට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කී කතාවය.

TOPSHOT - Sri Lanka's former president Ranil Wickremesinghe (L) gestures as he arrives to appear before a court after his arrest in Colombo on August 22, 2025. Sri Lankan police arrested former president Wickremesinghe on August 22, making him the most senior opposition figure to be detained under an anti-corruption crackdown by the new leftist government. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
‘මිස්ටර් ක්ලීන්…’

රනිල්ට මේ ටැග් ලයින් එක දැම්මේ ඔහුගේ මාමාගේ පත්තරය වන ‘සන්ඩේ ටයිම්ස්’ වුණත් කවුරුත් ඒ ටැග් ලයින් එකට අභියෝග කළේ නැත.

රනිල් 2015 මෛත්‍රිපාලව පොදු අපේක්ෂකයා කරලා පරද්දන්න බැරි රාජපක්ෂ පවුල පැරැද්දුවේ රාජපක්ෂලාට හොරු කියන ටැග් ලයින් එක එල්ලලාය.

‘රාජපක්ෂලා හොරු. රනිල් මිස්ටර් ක්ලීන්…’

මිනිස්සු 2015 ඡන්දේ දුන්නේ එහෙම හිතාගෙනය.

 

v46u56bu5
හොරා කියන ලේබලය අලවා ගත්තාට පසු ගලවා ගැනීම ලෙහෙසි නොවන බව රාජපක්ෂලාට තේරුණි. හොඳම දේ එක්කෝ මෛත්‍රිව නැත්නම් රනිල්ව හොරා කරන එක බව රාජපක්ෂලා දැන සිටියහ. මේ වෙනකොටත් මෛත්‍රී සහ රනිල් අතර පොඩි පොඩි ආරවුල් මතුවී තිබූ අතර රනිල්ව හොරා කළොත් මෛත්‍රීව දිනාගෙන තමන්ට එරෙහි චෝදනා මෛත්‍රී ලව්වා ඉවත් කරවා ගන්න හැකි වෙතැයි රාජපක්ෂලා ගණන් බැලූහ.

‘කොහොමද මිස්ටර් ක්ලීන් කියලා ඉමේජ් එකක් තියෙන රනිල්ව හොරා කරන්නේ…?’

රාජපක්ෂලා දහඅතේ කල්පනා කළහ.

වැඩි කලක් ගියේ නැත. රාජපක්ෂලාට ජැක්පොට් ලොතරැයිය ඇදුණි. ඒ, මහබැංකු කොල්ලය හරහාය.

රාජපක්ෂලා රනිල්ව මහබැංකු හොරා කළේ ජනාධිපති මෛත්‍රීපාලව, රනිල්ගේ ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරුන්ව, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ඔක්කොම පාවිච්චි කරලාය.

හොරු අල්ලන්ට ආ මිස්ටර් ක්ලීන් රනිල් මහබැංකුව කැඩුවා කිව්වාම 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන, කලාකරුවන් ලැජ්ජාවෙන් ඇඹරුණි.

මහබැංකු මංකොල්ල චෝදනාව එද්දීම මෛත්‍රී රනිල්ට එන්න කීවේය. රනිල් ආවේ මලික් එක්කය.

‘අපේ ජනවරමයි ආණ්ඩුවයි දෙකම ආරක්ෂා කරගන්න නම් ඔයා ඔයාගේ යාළුවා අර්ජුන මහේන්ද්‍රන්ට අයින් වෙන්න කියන්න…’ මෛත්‍රී රනිල්ට කීවේය.

 

image 1511893907 2a0fd66fe1
‘මම මේ ප්‍රශ්නය විසඳන්නම්….’ රනිල් කීවේ එච්චරය. අර්ජුන මහේන්ද්‍රන් රනිල්ගේ අතිජාත මිත්‍රයෙකි. රනිල් ඔහුව මහබැංකු අධිපති කළේ ඒ මිත්‍රකමටය. රනිල් මිත්‍රයාව පාවාදෙන්න කැමැති වූයේ නැත. ඔහු මහේන්ද්‍රන්ව බේරන්න නීතිඥයන්ගෙන් සමන්විත කමිටුවක් දැම්මේය. පරණ මහබැංකු බැඳුම්කර සොරකම් හොයන්න කියා මෛත්‍රීට කීවේය.

ඒත් මෛත්‍රී නැටුවේ රනිල්ගේ පදයට නොව රාජපක්ෂවරුන්ගේ පදයටය. ඔහු බැඳුම්කර වංචාව හොයන්න කොමිසමක් පත් කළේය. බැඳුම්කර හොරු රකින්න එපා යැයි මෛත්‍රී ප්‍රසිද්ධ වේදිකාවේ රනිල්ට අනතුරු ඇඟවීය. පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාවෙන් බැඳුම්කර වංචාව මහා මංකොල්ලයක් යැයි ඔප්පු කොට පෙන්වීය. රනිල් ඉවත් කොට වෙනත් අයෙක් අගමැති කරන්න යැයි ශ්‍රීලනිප ඇමැතිවරු මෛත්‍රීට කීහ.

රනිල්ගේ ආණ්ඩුව හොරු අල්ලන්න ආවේ 2015 ජනවාරියේය. 2015 ජුනි-ජූලි වනවිට රනිල් ලොකුම හොරෙක් බවට පත්විය.

ඒ, රාජක්ෂලාගේ ගේමෙන්ය. හැබැයි ජනාධිපති මෛත්‍රීපාල, ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු, කෝප් වාර්තාව නොවන්න රාජපක්ෂලාට මේ ගේම ගහන්න ලැබෙන්නේ නැත. ඒ සමගම මහබැංකු මංකොල්ලයේ විගණන වාර්තාවද පිටවිය. 2018 පුංචි ඡන්දයෙන් රනිල්ගේ ආණ්ඩුව කුජීත වෙන්න පරාජය විය.

 

dfblkjnhdflk jhnlkjhdflkjfkmljhbfkljhblkjfbh lkjfh nk lfjhlfhlj
ලංකාවේ දුර්වලතම විපක්ෂ නායකයා කියා ආණ්ඩුවත් විපක්ෂයේ අනෙකුත් පක්ෂත් අපහාස උපහාස කරන විපක්ෂ නායක සජිත් පසුගියදා රාජපක්ෂලාටත් ගේම් උගන්වන්න ගේමක් ගැහුවේය. ඒ, හොරු අල්ලන්න ආ ජවිපෙ ආණ්ඩුව ගල්අඟුරු වංචාවෙන් හොරු බවට පත්කරවමිනි.

රාජපක්ෂලා රනිල්ව හොරා කළා මෙන් නොව සජිත්ට ජවිපෙ ආණ්ඩුවට හොරු ලේබලය ඇලවීම ලෙහෙසි නොවීය. ප්‍රධාන හේතුව 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ජන වරමට වඩා ජවිපෙ ආණ්ඩුවේ ජනවරම දැවැන්ත ජනවරමක් වීමය. 2015 මහින්දට බහුතර සිංහල බෞද්ධ ඡන්ද ලැබිණි. ඒත් 2024 ජවිපෙට මුළු රටම එක මිටට ඡන්දය දුන්හ.

අනෙක රාජපක්ෂලාට රනිල්ව හොරා කරන්න ජනාධිපති මෛත්‍රීගේ සහාය සහ ආශීර්වාදය ලැබිණි. බැඳුම්කර වංචාව හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරමින් මෛත්‍රී රාජපක්ෂවරුන්ගේ චෝදනා සාධාරණීකරණය කළේය. කැබිනට් මණ්ඩලයේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් රනිල්ට එරෙහි චෝදනා අනුමත කළහ.

සජිත්ට ලැබුණේ දූෂණ චෝදනාවට ලක්වූ ඇමැති කුමාර ජයකොඩිව ආරක්ෂා කරන ජනාධිපතිවරයෙකි. ඇමැතිව ආරක්ෂා කරන අගමැතිවරියකි. ඇමැති මණ්ඩලයකි. ඇමැතිව ආරක්ෂා කරන කෝප් කමිටුවකි. ඒත් සජිත් අතහැරියේ නැත. ගල්අඟුරු දූෂණය හෙළිකොට ඔහු ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න තීරණය කළේය.

‘විශ්වාසභංග ගෙනත් ගෙනත් ආණ්ඩුව දිනවනවා…’

 



යූ.ඇන්.පී.ය සහ රනිල්ගේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සජිත්ට හිනාවුණේ එහෙමය. 2023 සැප්තැම්බර් 08 කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගය ගෙන එන විට එවක විපක්ෂයේ සිටි ජවිපෙ කීවේත් ඔය කතාවමය.

‘සජිත්ට පිස්සු. රනිල් වටේට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු එකතු කරලා දෙනවා. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය පෙන්වන්න චාන්ස් අරන් දෙනවා…’

එකල ජවිපෙ සජිත්ට හිනාවුණේ එහෙමය. හැබැයි ඒ විශ්වාසභංගයෙන් සජිත් රනිල් හොරුන්ව ආරක්ෂා කරනවා කියන මතය සමාජගත කළේය. ඒ සමාජ මතය කොයි තරම් බලවත් වුණාද කියනවා නම් රනිල්ට කෙහෙළියව ඇමැති මණ්ඩලයෙන් ඉවත් කොට හිරේ දමන්න සිදුවිය. එදා සජිත් සහ සමගි ජන බලවේගය ජවිපෙ කිව්ව දේ ඇහුවා නම් කෙහෙළිය හිරේ යන්නේ නැත.

keheliya rambukwella family
මෙදා රනිල්ගේ ඒකාබද්ධ විපක්ෂය සජිත්ට සමච්චල් කරද්දී ඔහු ගේමට බැස්සේය.

සජිත් විගණකාධිපති ලෙස සමුද්‍රිකා ජයරත්නගේ නම අනුමත කරද්දීත් මේ ඒකාබද්ධ විපක්ෂය සජිත්, අනුර එක්ක ඩීල් එකක් යැයි කීහ. මන්ද සමුද්‍රිකාගේ නම යෝජනා කළේ අනුරය. සජිත් ඒත් ඇයගේ නමට පක්ෂ වූයේ ඇය විගණකාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් බව දැනගෙනය. ඇය හරි වෙලාවේ වැරැදි දේ නොකරන බව දැනගෙනය.

සජිත්ගේ ගණන් බැලීම් හරිය. ඇය ගල්අඟුරු වංචාව යටගැහුවේ නැත. ඇත්ත ඇතිසැටියෙන් කීවාය.

දැන් එදා රනිල්, අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කළා සේ ජවිපෙ ආණ්ඩුව කුමාර ජයකොඩිව ආරක්ෂා කරයි. එදා අර්ජුන මහේන්ද්‍රන් රනිල්ගේ මිතුරෙකි. කුමාර ජයකොඩි අනුරගේ මිතුරෙකි. රනිල් අර්ජුනව බේරන්න මහින්දගේ ආණ්ඩු කාලයේ බැඳුම්කර වංචා හොයන්න කමිටු දැම්මේය. අද අනුර කුමාර ජයකොඩිව බේරන්න පසුගිය ආණ්ඩු කාලවල ගල්අඟුරු වංචා හොයන්න කමිටු දමයි.

5a7e67bb 0804 424f 8e3d 3906b7e2c3e3

 

එදා මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන සහ කලාකරුවන් ලැජ්ජාවෙන් ඇඹරුණා වගේ අද ජවිපෙ ආණ්ඩුව බලයට ගෙන ආ අරගල ක්‍රියාකාරීන් ලැජ්ජාවෙන් ඇඹරෙයි.

‘තව මාස කිහිපයකට පසු පිපිරී යෑමට නියමිත වෙඩි නූලකට සජිත් ප්‍රේමදාස ගිනිතබා ඇත…’

මේ, ‘සජිත් පණ මදි’, ‘සජිත් හරියන්නේ නැහැ’ කියා 2029 ජනාධිපති අපේක්ෂකවරු වෙන්න හීන මවන ඡන්ද 10ක් ගන්න බැරි හීන කුමාරවරුන්ගේ විසකුරු ගේම් මැද සජිත් ගහන ගේම ගැන පරණ ජේ.වී.පී.කාරයෙක් කී කතාවය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අර්ජුන් මහේන්ද්‍රන් කුමාර් ජයකොඩි සහ සජිත්ගේ වෙඩි නූල! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය | The Leader