The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසර පහක් ගත වී ඇත. එහෙත් ඔහු තවමත් මතකයේ රැඳී සිටී | රොහාන් සමරජීව

T

The Leader Desk

April 21, 2026 • 5:33 AM

වසර පහක් ගත වී ඇත. එහෙත් ඔහු තවමත් මතකයේ රැඳී සිටී | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල සමරවීර මහතා 2021 වසරේදී අභාවප්‍රාප්ත විය. ඔහු ජීවතුන් අතර සිටියේ නම්, අප්‍රේල් 21 වැනිදාට ඔහුගේ වයස අවුරුදු 70ක් වනු ඇත.
  • ඔවුන් තවමත් ඔහුව මතකයේ තබා ගනු ඇත් ද?
  • වසර පහකට හෝ දහයකට පසුව කතා කිරීමට යමක් ඉතිරි වනු ඇත් ද?
  • කිසිදු සමීක්ෂණයක් සිදු කර නොමැති බැවින්, මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් මා සතුව ඇත්තේ අත්දැකීම් ඇසුරෙන් ලබාගත් සාක්ෂි පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශපාලනඥයෙකුගේ සපල බව මනින මිනුම් දණ්ඩ කුමක් ද? හුදෙක් ධනාත්මක කරුණු පමණක් ඉස්මතු කෙරෙන අවමංගල්‍ය උත්සවයකදී සහ ගුණකථනවලදී මිනිසුන් පවසන දේ ද? වඩාත් වැදගත් වන්නේ වසර ගණනාවකට පසුව ඔවුන් පවසන දේ ද? ඔවුන් තවමත් ඔහුව මතකයේ තබා ගනු ඇත් ද? වසර පහකට හෝ දහයකට පසුව කතා කිරීමට යමක් ඉතිරි වනු ඇත් ද?

කිසිදු සමීක්ෂණයක් සිදු කර නොමැති බැවින්, මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් මා සතුව ඇත්තේ අත්දැකීම් ඇසුරෙන් ලබාගත් සාක්ෂි පමණි. අපගේ විදුලි සංදේශ ජාලවල පවතින සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලු සම්බන්ධයෙන් මම සඳුදා උදෑසන ද සගයෙකු සමඟ සාකච්ඡා කරමින් සිටියෙමි. එය හුදෙක් ඇමතුම් විසන්ධි වීම සහ දුර්වල ශබ්ද හෝ දත්ත ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පමණක් නො වේ. මිනිසුන්ට සන්නිවේදනය කිරීම වඩාත්ම අවශ්‍ය වූ අවස්ථාවකදී, එනම් ඩිත්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසුව දින ගණනාවක් පුරා ජාල අක්‍රිය වීම ද මීට ඇතුළත්ය. මංගල සමරවීර මහතා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු වූ යහපත් දෑ එම සාකච්ඡාව අතරතුරදී සඳහන් කෙරිණි.

aefc218893335b3e1a2e57484d63bf1b XL

 

ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධුර කාලය තුළදී ගන්නා ලද හානිකර ක්‍රියාමාර්ගයක් වූ කුලුනු බද්ද පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. 2017 වසරේදී, අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මා එය විවේචනය කළ බව මගේ මතකයේ පවතී:

කුලුනු බද්ද මඟින්, කෙටි කලක් තුළ, අඩු කුලුනු ප්‍රමාණයක් මතට සන්නිවේදන ඇන්ටනා ඒකාබද්ධ වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකිය. ඊට හේතුව, සන්නිවේදන සේවා සඳහා කුලුනු බෙදා හදා ගැනීම මේ වන විටත් සිදුවෙමින් පැවතීමයි. එසේම, පවතින කුලුනුවල අමතර ඇන්ටනා සවි කිරීම හැම විටම ප්‍රායෝගික නො වේ. මන්ද යත්, එම කුලුනු හෝ ඒවායේ යටිතල ව්‍යුහයන් සැලසුම් කර ඇත්තේ නිශ්චිත බරක් පමණක් දැරීම සඳහා වන බැවිනි. එබැවින්, මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවනු ඇත්තේ, අහු මුලුවල පිහිටි කුලුනු ගලවා දැමීමට සිදුවීම පමණි. එමඟින් නගරවල සේවා ගුණාත්මකභාවයට හානි පැමිණෙන අතර, ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල සේවා අහිමි වී යනු ඇත.

බොහෝ අයවැය යෝජනා මෙන් මෙම යෝජනාව ද නිහඬවම අක්‍රිය වනු ඇතැයි ද යහපත් බුද්ධියක් ඉස්මතු වනු ඇතැයි ද මම අපේක්ෂා කළෙමි. එහෙත්, ඔවුහු එම යෝජනාව ඉදිරියට ගෙන යමින් එය ක්‍රියාත්මක ද කළහ.

 

w34q3tq34545yt45y
කොවිඩ්-19 (COVID-19) අගුලු දැමීමේ කාලසීමාව තුළදී සංඥා ලබා ගැනීම සඳහා ළමයින්ට ගස් නැගීමට සිදු වීම හරහා මා නිවැරදි බව ඔප්පු විය. එහෙත්, මෙම බද්ද අර්ධ වශයෙන් හෝ ඉවත් කිරීමට රජය පොළඹවාලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ණය ලබා ගන්නා අවස්ථාවලදී බලපෑම් කිරීමට සිදු විය. (එය කරනු ලැබුවේ මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමෙන් පසු පත්වූ තුන්වැනි රජය විසිනි.)  මංගල සමරවීර මහතා පිළිබඳව සඳහන් වූ දෙවැනි අවස්ථාව එයයි. නව බදු පැනවීම ඇතුළු යම් යම් ක්‍රියාමාර්ග ගන්නා පුද්ගලයෙකු අතින් ඇතැම් වැරදි ද සිදු විය හැකිය. යහපත් ක්‍රියා මෙන්ම සිදු වූ වැරදි ගැන ද සාකච්ඡාවට ලක් වේ. කිසිවක් නො කරන දේශපාලනඥවරයෙකු ගැන කිසිවෙකුත් කතා නො කරනු ඇත.

කිසිවක් නො කරන පුද්ගලයෙකු අතින් වැරදි ද සිදු වන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වී, කඩිමුඩියේ ක්‍රියාත්මක කරන ලද බදු කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇද වැටුණු අර්බුදයෙන් ගොඩගැනීමේ ක්‍රියාවලියේදී ද මංගල සමරවීර මහතාගේ නම බොහෝ වාර ගණනක් පුන පුනා සඳහන් කෙරිණි. 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් එකී ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කළ දිනයේදී, ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම අමතක නො වන ට්විටර් පණිවුඩය ද නිකුත් කළේය:

tw5y4y6356u5u

"ගෝඨාභයගේ බදු සැලසුමෙන් සිදු වනු ඇත්තේ, ශ්‍රී ලංකාව බංකොලොත් භාවය, ණය පැහැර හැරීම සහ ග්‍රීක මාදිලියේ ණය අර්බුදයක් කරා යන ශීඝ්‍රගාමී දුම්රියකට නැංවීමයි. එකතු කළ අගය මත බද්දෙහි (VAT) අඩු වීම පමණක් වුව ද සෞඛ්‍ය, ආරක්ෂක හෝ විශ්‍රාම වැටුප් වියදමට සමාන වේ. මහජන සම්බන්ධතා නියෝජිතායතනයක් මඟින් ප්‍රබන්ධ කරන ලද 'ව්‍යාපාරික ප්‍රජාවකගේ' උපදෙස්වලින් ශ්‍රී ලංකාවට ඇති වැඩක් නැත."

මූල්‍ය විනය බලාත්මක කිරීම හරහා වසර ගණනාවකට පසුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම මඟින් ඔහු කටයුතු කළේ වැරදි සහගත ලෙස යැයි දැන් කිසිවෙකු පවසන්නේ නැත. එමගින් ආර්ථිකය මන්දගාමී කිරීම ගැන අද ඔහුට දොස් කියන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සඳහන් කළ පරිදි:


ඓතිහාසික වශයෙන් ගත් කල, ශ්‍රී ලංකාව ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගෙන ඇත්තේ අවස්ථා තුනකදී පමණි. එසේම එය කිසිදු අවස්ථාවකදී වසර දෙකකට වඩා වැඩි කාලයක් පවත්වා ගෙන ගොස් නොමැත. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණු අතීත වැඩසටහන්වලදී ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ඒකාබද්ධතා ප්‍රයත්නයන් එම වැඩසටහන්වලින් පසුව කඩිනමින් ආපසු හරවන ලදි.

mangala

මංගල සමරවීර මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළ වියත් මගෙහි පඬිවරුන්, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද අර්බුදයේ ප්‍රතිවිපාක හමුවේ මේ වන විට මුනි වත රකිති. බදු පැනවීමේ අවශ්‍යතාව සහ ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වර්තමානයේදී පොදු එකඟතාවක් පවතී. ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීමට අසමත් වුවහොත්, ණය බර අඛණ්ඩව වර්ධනය වනු ඇත. සාධාරණත්වයට දඬුවම් දෙන සහ නාස්තිය අගයන රටක, මෙම අතිශය සාධාරණ යෝජනාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දඬුවම් විඳීමට සිදු වූ මංගල සමරවීර මහතාට යම් ගෞරවයක් හිමි විය යුතුය.

ඉන්ධන බෙදා හැරීමේ වෙළඳපොළ නිදහස් ප්‍රවේශය සහිත තැනක් බවට පත් කිරීමෙන් පසුව, ඉන්ධන මිල සූත්‍රය යල් පැන ගොස් ඇති බව මාගේ විශ්වාසයයි. එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ප්‍රමුඛ සමාගම වූ අවස්ථාවේදී සහ ලංකා අයි.ඕ.සී. (LIOC) සමාගම වෙළඳපොළ ප්‍රමුඛයාගේ මිල නියම කිරීම්වලට බයාදු ලෙස අනුගත වෙමින් සිටි සමයේදී මිල සූත්‍රය අත්‍යවශය විය.

 

1545286035 Mangala L
ඉන්ධන මිල සූත්‍රය යනු 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ පොරොන්දුවකි. එසේ වුව ද, එය ක්‍රියාත්මක කිරීම සඳහා මංගල සමරවීර මහතාගේ මැදිහත් වීම අවශ්‍ය විය. සූත්‍රය සටහන් කළ බැනරයක් ඔසවාගෙන සිටින ඔහුගේ ඡායාරූපය තවමත් මිනිසුන්ගේ මතකයේ රැඳී පවතී.

එකල ඔහුට සමච්චල් කරනු ලැබුව ද, මේ වන විට එම මිල සූත්‍රය සඳහා සැලකිය යුතු පිළිගැනීමක් තිබේ. වියදම් පාලනය කිරීම සඳහා එය අත්‍යවශ්‍ය සාධනයක් විය. නිදහස් ඉන්ධන වෙළඳපොළකදී පවා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය කිරීමේදී ගෙවන මිලට වඩා අඩු මිලකට ඒවා වෙළඳපොළෙහි අලෙවි නො කරන බව තහවුරු කිරීම වැදගත්ය.

එබැවින්, මංගල සමරවීර මහතා යනු අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළ දේශපාලන නායකයෙකු බව ඉතා පැහැදිලි ය. මෙම අඳුරු කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ද එවැනි නායකයන් ය. මංගල සමරවීරයන් ආදරයෙන් සිහිපත් කරන අද දින, ඔහු නොමැතිකමේ අඩුව ද අපට තදින්ම දැනේ.


Rohan Samarajiva (සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසර පහක් ගත වී ඇත. එහෙත් ඔහු තවමත් මතකයේ රැඳී සිටී | රොහාන් සමරජීව | The Leader