The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'තලපති විජේ'ද ? ස්ටාලින්ද ? තීරණාත්මක තමිල්නාඩු මැතිවරණය අද

T

The Leader Desk

April 23, 2026 • 4:01 PM

'තලපති විජේ'ද ? ස්ටාලින්ද ? තීරණාත්මක තමිල්නාඩු මැතිවරණය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද එනම් අප්‍රේල් 23 වනදා ඉන්දියාවේ ඉතා තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණයක් වෙන තමිල්නාඩු මැතිවරණය පැවැත්වේ.
  • මෙම පරාජය පාලක භාරතීය ජනතා පක්ෂය ලද පරාජයක් ලෙස සැලකේ.
  • මෙම සංශෝධනය අනුව 543 වූ ලෝක් සභාවේ සභික සංඛ්‍යාව 850 දක්වා වැඩි කිරීමට යෝජනා විය.
  • දකුණේ ප්‍රාන්ත වල මතය වූයේ ජනගහනය පාලනය කිරීම සඳහා අතීතයේ ගත් පියවර නිසිලස අනුගමනය කරමින් සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරන ඔවුන්ට මෙය දැඩි අසාධාරණයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මැතිවරණ බල ප්‍රදේශ 234 සඳහා ඡන්දදායකයන් මිලියන 57 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

xgdfgdfg
මෙම මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ මධ්‍යම රජය සමඟ  ඉන්දීයාවේ දකුණේ පිහිටි ප්‍රාන්ත නව මැතිවරණ සීමානීර්ණ යෝජනාවක් සහ කාන්තා නියෝජනය සම්බන්ධ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවන ලෝක් සභාවේදී අප්‍රේල් 17 වෙනිදා පරාජයට පත් කිරීමෙන් පසුව මෙම මැතිවරණය පැවැත්වීමයි. මෙම පරාජය පාලක භාරතීය ජනතා පක්ෂය ලද පරාජයක් ලෙස සැලකේ.

ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 334 වගන්ති අනුව ජන වර්ග සහ කුල ගෝත්‍ර අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර නියම කරන අතර 2011 ජන සංගණනය අනුව එසේ සිදු කළේ නම් දකුණේ ප්‍රාන්ත වලට උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත වලට සාපේක්ෂව වර්ධනය වන මන්ත්‍රීධූර ප්‍රමාණය අඩු බැවින් එය හින්දුත්ව මතධාරී භාරතීය ජනතා පක්ෂයට ඉතා වාසිදායකය. මෙම සංශෝධනය අනුව 543 වූ ලෝක් සභාවේ සභික සංඛ්‍යාව 850 දක්වා වැඩි කිරීමට යෝජනා විය. දකුණේ ප්‍රාන්ත වල මතය වූයේ ජනගහනය පාලනය කිරීම සඳහා අතීතයේ ගත් පියවර නිසිලස අනුගමනය කරමින් සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරන ඔවුන්ට මෙය දැඩි අසාධාරණයක් බවයි.

කර්නාටක,කේරළ, තමිල්නාඩු, තෙලංගනා, ආන්ද්‍ර ප්‍රදේශ් යන සියලු ප්‍රාන්ත මෙම මතයේ සිටි. භාරතීය ජනතා පක්ෂය මෙම යෝජනාව ලෝක් සභාවට ඉදිරිපත් කළේ මෙයට පෙර සියලු පක්ෂ  ප්‍රතිපත්තිමයව එකඟව සිටි ලෝක් සභාවේ සහ ප්‍රාන්ත සභාවල කාන්තා නියෝජනය තුනෙන් එකක් විය යුතුය යන යෝජනාව සමඟ ඒකාබද්ධවය. අවසානයේ භාරතීය ජනතා පක්ෂයේ මෙම තුරුම්පුව අසාර්ථක විය.

amit shah modi
අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ අමිත් ෂා ගේ නායකත්වයෙන් යුතුව භාරතීය ජනතා පක්ෂය සෑම පළාතක් තුළම සිය බලය තහවුරු කරගැනීමට සිදු කරන උත්සාහය තුළ මෙම මැතිවරණය ඉතා වැදගත්ය. ඒම්.කේ ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු  SPA සන්ධානයට DMK,(ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්), ඉන්දීය කොංග්‍රසය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ ඇතුළත් වන අතර ස්ටාලින්ගේ පුත් උදයනිධි, ජනප්‍රිය නළු කමල් හසන් ද එම මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙයි. මත සමීක්ෂණවලට අනුව ආසන 181-189 අතර ප්‍රමාණයක් ලබාගෙන  (40%)  ලබාගෙන ජය ගැනීමේ හැකියාව මෙම සන්ධානයට ඇත.

 අන්නාද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය (AIADMK) තරග වදින්නේ පාලක භාරතීය ජනතා පක්ෂයද පාර්ශවයක් වන NDA සන්ධානයෙනි. මන්ත්‍රී ධූර 38 ත් 42 අතර ආසන සංඛ්‍යාවක් ඔවුන් ජයග්‍රහණය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. ප්‍රතිශතයක් ලෙස එය 29% කී.


මෙවර තමිල්නාඩු මැතිවරණයේ තීරණාත්මක ජනප්‍රිය තරගකරුවා වන්නේ ඔහුගේම TVK (Tamilnga Vettri Kazhagam) පක්ෂයෙන් තරඟ වදින තලපති විජේය. තරුණ සහ නාගරික ඡන්ද ඔහු වෙත ආකර්ෂණය වී ඇති බව පෙනී යයි. ආසන 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් (23.9%) ඔහු ලබාගනු ඇතැයි සමීක්ෂණ පෙන්වා දෙයි. ඔහු ලබා ගැනීමට නියමිත ඡන්ද ප්‍රතිශතය තීරණාත්මකය. TNK  ඇතුළු ඉතුරු පක්ෂ සියයට 6% පමණ ඡන්ද ලබා ගනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ නමුත් ඉන්දියාවේ මැතිවරණ සමීක්ෂණ වැරදුනු අවස්ථා එමටය.


1967 සිට මාරුවෙන් මාරුවට තමිල්නාඩුවේ පාලනය ගෙන ගියේ DMK සහ AIADMK පක්ෂ දෙකයි. එම පක්ෂ දෙකට ප්‍රබල තර්ජනයක් මෙම වතාවේ එල්ල වී ඇත.

xdfff
තලපති විජේ ඉතා ආකර්ෂණීය ඡන්ද පොරොන්දු රාශියක් ලබා දී ඇත. ඒ අතර AI තාක්ෂණය සඳහා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම, ඉන්දීය රුපියල් ලක්‍ෂ පහට අඩුවෙන් ආදායම ඇති පවුල්වල කාන්තාවන් විවාහ වන විට රත්තරන් ග්‍රෑම් 8ක් ලබාදීම. සිල්ක් සාරියක් ලබාදීම, අඩු අයදායම්ලාභී ගෘහණියන්ට රුපියල් 2500 බැගින් ලබාදීම වැනි පොරොන්දු රාශියක් ලබා දී ඇත. MG රාමචන්ද්‍රන් ගෙන් ආරම්භ වූ තමිල්නාඩු සිනමා දේශපාලනය තවමත් වෙනස් වී නැත. නමුත් තමිල්නාඩු ප්‍රාන්තයේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වලට වඩා ඉහළ මට්ටමක පවති. එය ඩොලර් 4323 කි. අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයෙන් ද  ප්‍රාන්තය ඉතා විශාල දියුණුවක් ලබා ඇත.

මැයි 4 වනදා ඡන්දය ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය. තමිල්නාඩු මැතිවරණය සමග බටහිර බෙංගාලය, කේරළය, ඇසෑමය, සහ පොන්ඩෙචේරි කලාපයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටද නියමිතය. පාලක භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම, කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂයේ අනාගතය ද මෙම මැතිවරණ ප්‍රතිඵල ඉතා වැදගත් වනු ඇත.

Rasanga H(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

prasadrharischandra@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...