The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩු මාරුවෙන් බැට කන ජාතික නිවාස ප්‍රතිපත්තිය

T

The Leader Desk

April 24, 2026 • 12:40 PM

ආණ්ඩු මාරුවෙන් බැට කන ජාතික නිවාස ප්‍රතිපත්තිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාගරික ජනයා හා කම්කරුවන් ඉලක්ක කරගෙන නිවාස ප්‍රතිපත්තියක් කෙරෙහි රාජ්‍ය අවධානය යොමුවූයේ යටත්විජිත පාලනයෙන් නිදහස්වීම සමගය.
  • 1954 අංක 34 දරණ ජාතික නිවාස පනතින් ජාතික නිවාස දෙපාර්තමේන්තුව පිහිටවීමෙන් එම කටයුතුවලට නෛතික මුහුණුවරක් ලැබිණි.
  • ඉන්පසුව ජාතික නිවාස දෙපාර්තමේන්තුව මගින් සහ නිවාස ක්ෂේත්‍රයේ හඳුන්වා දෙනු ලැබු විවිධ අණ පනත් හා ආයතන මගින් ක්‍රියාත්මකවූ වැඩසටහන්වල මුලික පදනම වූයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික නිවාස අවශ්‍යතාව සොයාබලා වාර්තා කිරිමට 1961දී පත්කළ කමිටුවේ වාර්තාවයි.
  • 1976 එක්සත් ජාතින්ගේ පළමු ලෝක නිවාස සමුළු තීරණ හා 1977 දේශපාලන වෙනසේ ද ප්‍රතිඵල අනුව නිවාස ඉදිකිරීම්වලදී රාජ්‍ය පහසුකම් සපයන්නාගේ භූමිකාවට මාරුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):


1952 වසරේ පළමු නිවාස අනුකාරක සභාවේ නිර්දේශ මත නිවාස විෂය වෙනුවෙන්ම 1953 වසරේ වෙනම අමාත්‍යාංශයක් පිහිටුවූයේ ඒ අනුවය. 1954 අංක 34 දරණ ජාතික නිවාස පනතින් ජාතික නිවාස දෙපාර්තමේන්තුව පිහිටවීමෙන් එම කටයුතුවලට නෛතික මුහුණුවරක් ලැබිණි. ඉන්පසුව ජාතික නිවාස දෙපාර්තමේන්තුව මගින් සහ නිවාස ක්ෂේත්‍රයේ හඳුන්වා දෙනු ලැබු විවිධ අණ පනත් හා ආයතන මගින් ක්‍රියාත්මකවූ වැඩසටහන්වල මුලික පදනම වූයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික නිවාස අවශ්‍යතාව සොයාබලා වාර්තා කිරිමට 1961දී පත්කළ කමිටුවේ වාර්තාවයි. 1976 එක්සත් ජාතින්ගේ පළමු ලෝක නිවාස සමුළු තීරණ හා 1977 දේශපාලන වෙනසේ ද ප්‍රතිඵල අනුව නිවාස ඉදිකිරීම්වලදී රාජ්‍ය පහසුකම් සපයන්නාගේ භූමිකාවට මාරුවිය.

මෑත යුගයේදී බොහෝවිට මෙම ක්‍රියාවලියට මූලික ලියැවිල්ල බවට ලෝක පරිමාණයෙන් පත්වූයේ එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉල්ලකයි. එහෙත් පසුගිය දශක ගණනාව පුරාවටම ජාතික නිවාස ප්‍රතිපත්තිය පවතින්නේ විවාදයට බඳුන් වූ මාතෘකාවක් හැටියටය. ආණ්ඩු මාරුවීම් සමඟ වන දේශපාලන දෘෂ්ටියේ වෙනස්කම් ද ඒ හා බැඳුණු රාජ්‍ය ප්‍රතිපත්තිමය පීලිමාරු ද ඊට බලපා තිබේ.

 

මේ මොහොත වනවිට නැවතත් ජාතික නිවාස ප්‍රතිපත්තිය දේශපාලන සාකච්ඡාවේ ඉහළට පැමිණ තිබෙන්නේ පසුගිය 20 වැනිදා ගත් කැබිනට් තීන්දු දෙකක් සමගිනි. ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා සහ එකී සංශෝධනය මානව ජනාවාසකරණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව එහිදී ප්‍රමුඛ වේ. ජාතික ජනබලවේග රජයේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත ‘සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජීවිතයක්‘ නිවාස ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාව සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක නිවාස හා යටිතල පහසුකම් සඳහා ප්‍රවේශයක් සැලසීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව එහි සඳහන් විය.

සජිත් ප්‍රේමදාසගේ නිවාස ප්‍රතිපත්තිය වෙනස් කරන කැබිනට් තීන්දුව..

ceryv5y
ඒ අනුව, නිවාස හා ජනාවාසකරණයේ සියලු සංරචක ආවරණය වන පරිදි හා ඒ පිළිබඳ නව ගෝලීය ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් සංශෝධනය වීමට නියමිත වන්නේ 2019 වර්ෂයේ දී අවසන් වරට සංශෝධන කරනු ලැබ ඇති ජාතික නිවාස ප්‍රතිපත්තියයි. එසේ අවසන් වරට ප්‍රතිශෝධනය වූ ජාතික නිවාස ප්‍රතිත්තියට එසේ 2019 පෙබරවාරි 5 වැනිදා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ එවකට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගිනි. එවක පැවැති යහපාලන රජයේ දර්ශනය පිළිබිඹු වන ආකාරයට සහ නාගරීකරණය, ස්වභාවික ව්‍යසනවල බලපෑම හා තිරසර මානව ජනාවාස සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කිරීම වැනි ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ජාතික නිවාස ප්‍රතිපත්තිය එවර ප්‍රතිශෝධනය කරන ලද බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.

සාකච්ඡාවට ගැනෙන අනෙක් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ 2015-2019 වර්ෂවල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරගැනීමටය.  

2015-2019 කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘති 2,562ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඒ යටතේ ඉදිකිරීමට අපේක්ෂා කර තිබූ මුළු නිවාස සංඛ්‍යාව 64,407ක් බව ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සදහන් විය. ඒ අනුව, නිවාස ආධාර යටතේ ගම්මාන 1 138ක් ද, ප්‍රතිලාභීන් වෙත නිවාස ණය ලබා දීම මඟින් ගම්මාන 1 334ක් ද, ඉන්දීය රජයේ ආධාර යටතේ ගම්මාන 90ක් ද වශයෙන් එකී නිවාස ව්‍යාපෘති සැලසුම් සකස් කර තිබී ඇත. එහෙත් ඉන් වැඩ නිමවා විවෘත කිරීමට හැකි වී ඇත්තේ ගම්මාන 386ක් පමණක් වන අතර වැඩ අවසන් කරන ලද මුළු නිවාස සංඛ්‍යාව 10 532කි.

676684228 1433363358805761 7311267926648043267 n

එයින් නොකියා කියන්නේ නිවාස පනස්හතර දහසකට වඩා සංඛ්‍යාවක් තවමත් ඉදිකර හෝ වැඩ අවසන් කර නොමැති බවයි. එකී ඉතිරි නිවාස සම්පූර්ණ කිරීම සඳහා තවත් රුපියල් බිලියන 11.26ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වන බවට දැනට ඇස්තමේන්තු කර තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් තීන්දු කර තිබුණේ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විශ්ලේෂණය කර නිවාස අවශ්‍යතාව පවතින අඩු ආදායම්ලාභී සැබෑ පවුල් හඳුනා ගෙන අතරමග නතර වූ ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාව පදිංචි කරවීම සඳහා කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමය.

පොළොන්නරුවේ කැලෑ වැදුණු ගෙවල් 77ක්

678404306 1433483868793710 8304047878902501391 n
මේ අතර 2019 වසරේ වැලිකන්ද කොට්ඨාසයේ නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස අධාර හා නිවාස ණය වැඩසටහන යටතේ ඉදිකෙරුණු ගම්මාන 42ක නිවාස 79ක් කැලෑ වැදී ඇතැයි  නිවාස ඉදිකිරීම් ජල සම්පාදන අමාත්‍යාංශය අද(24) නිවේදනය කළේය. නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ(23) පොළොන්නරුව වැලිකන්ද කොට්ඨාසයේ කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව එම අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය මෙම තොරතුරු වාර්තා කර ඇත.

2019 වසරේ වැලිකන්ද කොට්ඨාසය තුළ පමණක් ඉදිකෙරුණු ගම්මාන 42ක් තුළ නිවාස නිවාස ඉදිකිරීම් සඳහා තෝරාගනු ලැබූ ප්‍රතිලාභීන් හට එවකට රජය යටතේ නිවාස සංවර්ධන අධිකාරිය විසින් එක් වාරිකයක් පමණක් ලබාදීම නිසා එම නිවෙස් මුල් අදියරේ ඉදිකිරීම් අතරමග නවතාදැමීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි අමාත්‍යාංශය කියයි. එම නිවාස ඉන් අනතුරුව කිසිදු අධීක්ෂණයකින් තොරව අත්හැරදැමීම නිසා වර්තමානය වනවිට මෙසේ විනාශ වී ඇතැයි කියන අමාත්‍යාංශය බුරුළුබැද්ද නිවාස 35ක්ද, අසේලපුර නිවස 22ක්ද, කාලිංඝවිල බැනගම නිවාස 22ක් කැලෑවැදුණු නිවාස අතර ඇති බව පවසයි.

එම නිවාසලාභීන් තෝරාගැනීමේදී නිවාස සහ දේපළ ඇති තම දේශපාලන හිතවතුන් වෙත නිවාස ලබාදීමත් ඉදිකිරීම් අත්හැර දැමීමට හේතුවක් යැයි ද එම නිවාස නිසියාකාර නිවාස අවශ්‍යතා ඇති අයවලුන් හට ලබාදීමටත් ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති නිවාසලාභීන්ගේ අවශ්‍යතාවය මත ඉතිරි ඉදිකිරීම් කටයුතු නිමකිරීමටත් නිවාස අධිකාරියේ නිලධාරින් හට උපදෙස් දී ඇතැයි ද සඳහන් කරයි. නිවාස සංවර්ධන අධිකාරිය වෙත 2026 අයවැය ප්‍රතිපාදන මත 2015 2019 අවිච්ඡේද නිවාස ඉදිකිරීම් සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන මත මෙය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.

රටක ආර්ථික ශක්තිය මෙන්ම මහජන සුබසාධනය පෙන්වන ප්‍රධාන දර්ශකයක් හැටියට එම රටේ නිවාස ප්‍රතිපත්තිය හැඳින්විය හැකිය. එහෙත් පැහැදිළි හා නිශ්චිත උපාය මාර්ගික ප්‍රවේශයක් මත පදනම් වු නිවාස ප්‍රතිපත්තියක් නොමැතිකම ලංකාවේ කාලයක් තිස්සේ පවතින ගැටලුවකි. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය උත්තේජනය කරන්නක් හැටියට ඉලක්කගත නොවීම ඊට බලපා තිබේ. වර්තමානයේදී ප්‍රාමාණිකයන් බොහෝ දෙනෙකු අවධාරණය කරන්නේ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම ගැනය. එය වතු හා කම්කරු ක්‍ෂේත්‍රයේ ජනයාගේ නිවාස පමණක් නොව කොළඹ කේන්ද්‍ර කරගත් මහල් නිවාසවලට ද පොදු සාධකයක් වී තිබේ. ජාතික ජනබලවේග ආණ්ඩුවේ නව වෑයම සාර්ථක වනු ඇත්තේ මෙම සමස්ථ ඉලක්ක ආමන්ත්‍රණය කරගත් එකක් වීමෙනි.


(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩු මාරුවෙන් බැට කන ජාතික නිවාස ප්‍රතිපත්තිය | The Leader