The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉරාන යුද්ධයෙන් බැට කන සෝමාලියාවේ මන්දපෝෂිත දරුවෝ

T

The Leader Desk

April 28, 2026 • 12:24 PM

ඉරාන යුද්ධයෙන් බැට කන සෝමාලියාවේ මන්දපෝෂිත දරුවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝමාලියාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඉරාන යුද්ධයේ අතිශය ශෝචනීය ද්විත්ව විපාකයන්ට මුහුණ දෙමින් සිටී.
  • ගල්ෆ් කලාපයේ සම්බාධක හේතුවෙන්, සෝමාලියාවට ආධාර ලෙස ලැබෙමින් පැවති  ප්‍රතිකාරාමය වශයෙන්, ජීවිතාරක්ෂාව පිණිස වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, දැන් එහි ලඟා නොවන්නේය.
  • ඒ හේතුවෙන්, සායන වෙත පැමිණෙන උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන් යළි හරවා යැවීමට සිදුව ඇත.
  • දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අත්‍යවශ්‍ය, දැනට සීමිතව පවතින විශේෂ කිරි සහ පෝෂණ සංඝටකයෙන්  යුත්  රටකජු ආශ්‍රිත ආහාරමය තැවරුම් තොග  දිගු කාලීන භාවිතයට කිසිසේත්  ප්‍රමාණවත් නොවන බව බයිඩෝවා සහ මොගඩිෂු නගර සෞඛ්‍ය බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් පසෙකින් සීග්‍රයෙන් වර්ධනය වන සාගතය ය. අනෙක් පසින් ජාත්‍යන්තරය වෙතින් ආ අත්‍යවශ්‍ය මානුෂීය ආධාර නැවතීමය. එබැවින්, ඉරානය මත එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය යනු සෝමාලියාවේ ඉහළ යන ඉන්දන මිල පිලිබඳ ගැටලුවට ඔබ්බෙහි පවතින ජීවිතයත් මරණයත් අතර අභියෝගයකි, සටනකි.

ගල්ෆ් කලාපයේ සම්බාධක හේතුවෙන්, සෝමාලියාවට ආධාර ලෙස ලැබෙමින් පැවති  ප්‍රතිකාරාමය වශයෙන්, ජීවිතාරක්ෂාව පිණිස වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, දැන් එහි ලඟා නොවන්නේය. ඒ හේතුවෙන්, සායන වෙත පැමිණෙන උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන් යළි හරවා යැවීමට සිදුව ඇත. පවතින  සම්පත් අතිශය සීමා කිරීම් යටතේ පරිභෝජනයට නිකුත් කෙරේ.

s1

 

මේ වන විට, එරට වයස අවුරුදු පහට අඩු, අඩ  මිලියනකට අධික දරුවන් පිරිසක් උග්‍ර පෝෂණ ඌනතාවන්ගෙන් පෙළෙමින් සිටිති. සාගින්න සහ පෝෂණ සම්පත් සැපයුම් ප්‍රමාදය දැඩි  ජීවිත තර්ජන එල්ල කරමින් තිබේ. සුළුවෙන් හෝ පවතින අත්‍යවශ්‍ය සම්පත් ප්‍රමාණය සීග්‍රයෙන් හීනව යමින් ය.

දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අත්‍යවශ්‍ය, දැනට සීමිතව පවතින විශේෂ කිරි සහ පෝෂණ සංඝටකයෙන්  යුත්  රටකජු ආශ්‍රිත ආහාරමය තැවරුම් තොග  දිගු කාලීන භාවිතයට කිසිසේත්  ප්‍රමාණවත් නොවන බව බයිඩෝවා සහ මොගඩිෂු නගර සෞඛ්‍ය බලධාරීහු පවසති. එබැවින්, නියමිත මාත්‍රාවෙන් බැහැරව ඉතා අඩු වශයෙන් එම ආහාරමය පෝෂණ ද්‍රව්‍ය දරුවන් හට ලබා දීමට සිදුව ඇත.

දරුවන් 1,200කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර සලසන එක් සායනයක  ඇත්තේ රටකජු බටර් තවරුම් පාර්සල 225ක තොගයක් පමණි ය. ඒ සියල්ල තවත් දෙසතියකින් මුළුමනින් අහවර වනු ඇත.

 

s2

අඛණ්ඩව  සිදු කළ යුතු පෝෂණ ප්‍රතිකාර කඩින් කඩ  කිරීමට සිදු වුවහොත්,  ළදරු සෞඛ්‍ය අතිශය අවදානමකට වැටෙන්නේය. දරුවන්ගේ ශාරීරික මෙන්ම,  මානසික සෞඛ්‍ය ද ඉතා දුර්වල තැනකට තල්ලු වන්නේය. එය පසු ප්‍රති කර්මයෙන් යළි නිවැරදි නොකළ හැකි, ආපසු හැරවිය නොහැකි  පෝෂණ දොසක් වන්නේය.

සැපයුම් ප්‍රවාහන ප්‍රමාද සහ සීග්‍රයෙන් ඉහළ යන පාරිභෝගික මිල හේතුවෙන් දැනටමත් සංකීර්ණව පවතින මෙම ගැටලුව තව දුරටත් උග්‍ර වෙමින් තිබේ.

2024 වසරේ  යුරෝපයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය පෝෂණ කිරි නිෂ්පාදන සහ වෙනත් පෙර සැකසූ පෝෂණ ආහාර සෝමාලියාවට සාමාන්‍යයෙන් ලඟා වීමට ගත වූ දින 30 - 35 අතර කාලය පසු ගිය වසරේ දින 40 -  45  තරම් දීර්ඝ විය. රතු මුහුදේ ආරක්ෂක තර්ජන හේතුවෙන් එම සැපයුම් රැගෙන ආ නෞකාවන්ට අප්‍රිකාව වටා යාත්‍රා කරමින් පැමිණීමට සිදුවීම ඊට හේතුවයි. පෙබරවාරි 28 දා ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට පහර දීම ආරම්භ කිරීමත් සමග ඉරානය, ගල්ෆ් කලාප  පිවිසුම වසා දැමීය. එවිට, නෞකා හිඟයක්ද උද්ගත විණි. ඒ හේතුකොට සෝමාලියාව වෙත අත්‍යවශ්‍ය  පෝෂණ  සැපයුම් ප්‍රවාහනය තවත් දින 55 - 60 අතර කාලයකින් ප්‍රමාද විය.

සාගතය හේතුවෙන් දැන් සොමාලියානුවන් මිලියන 2කට අධික පිරිසක් එම තත්ත්වයේ 'හදිසි' අදියරේ පසුවෙති. එරට  පූර්ණ සාගත තත්ත්වයකට ඇද වැටීමට තව ඇත්තේ එක් අදියරක් පමණි.

s 3
මෙම ජනවාරි - මාර්තු අතර කාලයේ එරට පෝෂණ සායන වෙත අතුළු කළ දරුවන් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව 35%කින් ඉහළ ගොස් තිබේ.

මන්දපෝෂිත දරුවන් 360ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩේනයිල් රජයේ රෝහලේ සැපයුම් අවමයෙන් හෝ ප්‍රමාණවත් වන්නේ මෙම සතිය අග   තෙක් පමණි.  එහි ඇතැම් රෝගී දරුවන්ගේ පෝෂණ මට්ටම් දැනටමත් පවත්නේ දැඩි අවදානම් අඩියකය.

මෙම වසරේ, එක්සත් ජනපද ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කාර්යාලය මගින් සම්පාදනය කෙරෙන අරමුදල් ආධාර වැඩසටහනට සුදුසුකම් ලද, අතිශය දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් 17ක්  අතර සෝමාලියාව නැත. එම විදෙස් ආධාර වැඩසටහන ද ට්‍රම්ප් පරිපාලනය යටතේ  දැඩි කප්පාදුවට ලක් කරන ලද ඇමෙරිකානු ආධාර ව්‍යාපෘතියකි. එමගින් සිදු කළ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන් 200කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති අතර, ලොව පුරා එම ව්‍යාපෘතීන්හි සේවය කළ පිරිස විසුරුවා  හැර ඇත.

එම වැඩසටහනින් සෝමාලියාව පහ කිරීමෙන් අනතුරුව තත්ත්වය තවත් බරපතල විය. ඒ හේතුවෙන්, ඉකුත් දෙසැම්බරයේ පමණක් කිසිදු ප්‍රතිකාරයක් නොලද මන්දපෝෂිත දරුවන් සංඛ්‍යාව 60,500 ඉක්මවීය. නියමිත අරමුදල් පහසුකම් තව දුරටත් නොලදහොත්, ඉදිරියේ එම සංඛ්‍යාව 150,000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

s4
ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු එරට ඉන්දන මිල 150%කින් වැඩි විය.

මීට පෙර, දරුණු නියඟයකින් ද පෙළෙමින් සිටි සෝමාලියාව ඉරාන යුද්ධය හමුවේ මරණයේ මුවවිටට ම ඇද වැටිණි. එහි සමස්ත ජනගහනයට එය දරාගැනීම අතිශය උගහට ය.

ඉදිරි නියත පූර්ණ සාගත තත්ත්වයෙන් එරට බේරා ගැනීමට නම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 852ක වත් ආධාර අවශ්‍ය ය. හැකි නම්, එම ආධාර කඩිනමින් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිලිබඳ සම්බන්ධීකරණ කාර්යාලය, ආධාර රටවලින් ඉල්ලා සිටී. එම ආධාර මුදල ද පසුගිය වසරේ ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් බිලියන 1.42ක පහසුකමට ඉතා පහළ අගයකි. එම ඉල්ලීමෙන් ද දැනට සපුරා ඇත්තේ 14%ක ප්‍රතිශතයක් පමණි.  


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Somalia's malnourished children hit hard by Iran war

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...