The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බාධක නොතකා භික්ෂුවකගේ ළමා අපචාරයක් හෙළි කළ මාධ්‍යවේදියා (වීඩියෝ)

T

The Leader Desk

May 3, 2026 • 2:00 PM

බාධක නොතකා භික්ෂුවකගේ ළමා අපචාරයක් හෙළි කළ මාධ්‍යවේදියා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා ආරක්ෂක අධිකාරිය කලින්ම දැන සිටියා
  • එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කොන්දොස්තරවරයා සහ දැරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය මීට පෙර මුහුණ දුන් බරපතළ ලිංගික අපයෝජන සිදුවීම් පිළිබඳව තොරතුරු හෙළි කර ඇත.
  • අදාළ දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර පුද්ගලයින් දෙදෙනෙකු අතින් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, ඉන් එක් අයෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෙකු වන බවත් අනෙක් පුද්ගලයා අටමස්ථානාධිපති හිමියන් බවත්ය.
  • තම මව විසින් මුදල් ලබාගැනීමේ අරමුණින් තමන්ව මෙම තත්ත්වයට පත් කළ බවටද ඇය වැඩිදුරටත් චෝදනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
  • කාමාතුරයින්ට දියණිය විකිණූ මවක් සහ පියෙක්

  • ළමා නිවාස භාර ළමා අපයෝජක භික්ෂුවක්


Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය
සම්පූර්ණ වීඩියෝව H

 
අටමස්ථානාධිපති හිමියන් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය - කිසිවෙකු අත් අඩංගුවට නොගෙන දැරිය පමණක් මනෝ උපදේශනයට දැම්මේ ඇත්ත යට ගැසීමටදැයි සැකයක්! | Mahesh K Somaratne

gytrrtgg

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දඹල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරියක් හෝ ඊට අනුබල දුන් දැරියෙක් දෙමාපියන් ඇතුළු චෝදනා එල්ල වී ඇති කිසිවෙකු අත් අඩංගුවට නොගෙන, දැරිය පමණක් අත් අඩංගුවට ගෙන මනෝ උපදේශනයට යොමු කිරීම ඇත්ත යට ගැසීමේ උවමනාව මත සිදු වන්නක්ද යන්න පිළිබඳ බොහෝ පාර්ශවයන් සැක පළ කරති.

මෙම සිදුවීම සමාජයන අනාවරණය වන්නේ තම දියණිය අනුරාධපුර - කොළඹ බස් රථයක කොන්දොස්තර වරයෙකු සමග පැන ගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුවය. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කොන්දොස්තරවරයා සහ දැරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය මීට පෙර මුහුණ දුන් බරපතළ ලිංගික අපයෝජන සිදුවීම් පිළිබඳව තොරතුරු හෙළි කර ඇත.

අදාළ දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර පුද්ගලයින් දෙදෙනෙකු අතින් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, ඉන් එක් අයෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෙකු වන බවත් අනෙක් පුද්ගලයා අටමස්ථානාධිපති හිමියන් බවත්ය.

තම මව විසින් මුදල් ලබාගැනීමේ අරමුණින් තමන්ව මෙම තත්ත්වයට පත් කළ බවටද ඇය වැඩිදුරටත් චෝදනා කර තිබේ. එමෙන්ම අපයෝජනයට ලක්වන අවස්ථාවේ තමන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් වත්තක වළලා ඇති බවටද ඇය පොලිසියට තොරතුරු ලබා දී ඇත.

දැරියගේ ප්‍රකාශය ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසිය අනුරාධපුර ප්‍රදේශයට ගොස් වළලා තිබූ බව කියන එම ඇඳුම් ගොඩගෙන ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මීට අමතරව සැකකටයුතු අපරාධය සිදුවූවා යැයි කියන ප්‍රදේශයට ගොස් අපරාධ ස්ථාන පරීක්ෂණයක්ද සිදු කර ඇත. සැකකාර හිමිනම විසින් තමන්ට යවන ලදැයි කියන කෙටි පණිවිඩ සම්බන්ධයෙන්ද දැරිය ප්‍රකාශයක් ලබා දී ඇති අතර, මේ වන විට අධිකරණ නියෝග හරහා අදාළ දුරකථන දත්ත නැවත ලබාගැනීමට කටයුතු කරමින් පවතී.

කෙසේ වෙතත් විමර්ශන කටයුතු සිදුකරන පාර්ශ්වයන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රබල ආගමික නායකයෙකුට බැවින්, හුදු වාචික ප්‍රකාශයක් මත පමණක් පදනම්ව අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම නීතිමය වශයෙන් ගැටලු සහගත බවය. එසේ විද්‍යාත්මක සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා පොලිසියට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානමක් පවතින බවද ඔවුහු පවසති.

මේ වන විට සිද්ධියට මුහුණ දුන් දැරිය මනෝවිද්‍යාත්මක උපදේශන කටයුතු සඳහා යොමු කර ඇති බවත් දැරියගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් බලධාරීන් පවසයි.

(සටහන | මහේෂ් කුමාර සෝමරත්න)

උපුටා ගැනීම - Mahesh K Somaratne ෆේස්බුක් පිටුවෙන්..

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...