The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ටෝක් විත් ලාල්ට සජිත්ගෙන් උදව්වක්

T

The Leader Desk

May 10, 2026 • 9:32 AM

සජිත්ගේ දේශපාලන සතිය : ටෝක් විත් ලාල්ට සජිත්ගෙන් උදව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ මැයි දින රැළි 21 ක අභිබවා සජබයේ කොළඹ රැළියට රටම කතා කරන මාතෘකාවක් විය.
  •   එය සජිත් ගේ කතාව අතරතුර ජනතාව නැගිට ගියාසේ සංස්කරණය කළ ඔවුන් එය සමාජ මාධ්‍යයටත්, සජිත් සමඟ වෛරී ගණුදෙනුවක නිරත ඇතැම් මාධ්‍ය වෙතත් මුදලට ලබාදී තිබුණේ පැලවත්තේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම අරමුණු කරගෙනය.
  • සජබ - එජාප දීගය හරි මැයි දිනය දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශය සජබ සහ එජාප බිම්මට්ටම උත්තේජනය කළ අවස්ථාවක් බව බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.
  • එහිදී සමුළුව ඇමතූ සජිත් ඉන්දීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ, ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථාවරත්වය සහ අනාගත දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගන්නා ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහි මඩ බලකාය සහ ඔහු සමඟ වෛරී පිළිවෙතක් අනුගමනය කරන ඇතැම් මාධ්‍ය රටට මාතෘකාවක් සැපයීමට සූක්ෂම මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ පැපරාසියකු යොදවා සජිත් ප්‍රේමදාසගේ කතාව අතරතුර ජනතාව නැගිට ගියා කියා ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමය.

ඒ අනුව හැමදෙයම මුදලට විකුණන එක්තරා සමාජ මාධ්‍ය පිටුවක පුද්ගලයකු සජිත් ප්‍රේමදාසගේ මැයි දින කතාව අවසන් වනවාත් සමඟම ජනතාව නැගිට යන දර්ශනය තම ඡංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට කටයුතු කර තිබුණි.

 

WhatsApp Image 2026 05 10 at 10.23.49
එය සජිත් ගේ කතාව අතරතුර ජනතාව නැගිට ගියාසේ සංස්කරණය කළ ඔවුන් එය සමාජ මාධ්‍යයටත්, සජිත් සමඟ වෛරී ගණුදෙනුවක නිරත ඇතැම් මාධ්‍ය වෙතත් මුදලට ලබාදී තිබුණේ පැලවත්තේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම අරමුණු කරගෙනය.

එහෙත් මේ මඩ ප්‍රවෘත්තිය නිසා අවසානයේ රටේ වැඩි දෙනෙකු අවධානය යොමු කර තිබුණේත්, සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙකු නරඹා තිබුණෙත් සමගි ජන බලවේගයේ මැයි දින රැළියේ දර්ශනය.


සජබ - එජාප දීගය හරි

WhatsApp Image 2026 05 10 at 10.23.32
මැයි දිනය දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශය සජබ සහ එජාප බිම්මට්ටම උත්තේජනය කළ අවස්ථාවක් බව බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.

“ අපි ඉතාම සතුටු වෙනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ මැයි රැළියට සුබපැතුම් එක් කළා, එතුමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතීයි, කමිටු අවශ්‍ය නෑ දැන් දෙගොල්ලෝ එකතුවෙලා හමාරයි අපි අනිවාර්යෙන්ම එකට එකතුවෙලා තමයි ඉදිරියට යන්නේ, අනුර ජනාධිපතිතුමාට අපි අභියෝගයක් ඉදිරිපත් කරනවා පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියන්න. එහෙම උනොත් අපි ලබන මැයි රැළිය තියන්නේ අපේ මහඇමතිවරු එක්කයි කියලා අපි කියනවා”

සජිත්ගේ මේ කතාව රැළියේ ප්‍රධාන මාතෘකාව වෙද්දී, සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් සමාජ මාධ්‍ය හරහා ඊට උණුසුම් ප්‍රතිචාර දැක්වනු දැකගත හැකි විය.

ඉන්දීය ZEE Media WION ගෝලීය සමුළුවේදී සජිත් කළ ඉල්ලීම

WhatsApp Image 2026 05 10 at 10.24.35
ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින්, මාධ්‍ය වෘත්තිකයින් සහභාගීවන ZEE Media WION ගෝලීය සමුළුවේදී මෙවර පැවැත්වුණේ කොළඹදීය.

එහිදී සමුළුව ඇමතූ සජිත් ඉන්දීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ, ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථාවරත්වය සහ අනාගත දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගන්නා ලෙසය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට උදෙසා ඉන්දියාවේ සහයද ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.

WhatsApp Image 2026 05 10 at 10.24.34
ජනපති අනුරගේ මැයි 01 ප්‍රකාශයට සිව් දෙසින් ගල් මුල්

ජනාධිපති අනුර කුමාර මැයි 01 වැනිදා මහරගම පැවති රැළියේදී, නඩු කිහිපයක ඉදිරි තීන්දුවල ස්භාවය පිළිබඳ සිදු කළ ප්‍රකාශයට හතර වටින් වදින්නට පටන් ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණේ එම ප්‍රකාශය ‘ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට එල්ල කළ තර්ජනයක්” බව තහවුරු කරමින්ය.

WhatsApp Image 2026 05 10 at 10.24.49WhatsApp Image 2026 05 10 at 10.24.49 1
අනුරගේ එම ප්‍රකාශය මේ වනවිට දේශපාලන කේෂ්ත්‍රයේ පමණක් නොව මුළු මහත් සමාජය පුරා විරෝධාකල්ප සිදුවීමක් ලෙසට පත්වෙමින් තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ සජිත් වැඩිදුරටත් අවධාරණය කළේ…,

“ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම රටේ දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රීය අයිතිය සහ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට එල්ල කරන බරපතල තර්ජනයක්. අධිකරණයට බලපෑම් කිරීම නෙමෙයි කළ යුත්තේ, අධිකරණය ශක්තිමත් කිරීම. විනිසුරුවරුන් ගණනාවක් තමන්ගේ උසස්වීම් වෙනුවෙන් බලා ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන ආරක්ෂා කරමින් සංවරණ හා තුලන ක්‍රියාවලිය සුරක්ෂිත කරනවා මිස, ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි ප්‍රකාශ කරන්නෙක් නොවිය යුතුයි.”

ඒ සජිත්ගේ ස්ථාවරයයි.

මුදල් කාරක සභාවේ අයිතිය වෙනුවෙන් සජිත් හඬ අවදි කරයි.

මුදල් අමාත්‍යාංශයෙන් ඇ.ඩොලර් ලක්ෂ 25ක් එනම් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම ගැන මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගෙන් කරුණු විමසීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එහි සභාපති හර්ෂ ද සිල්වා, හර්ෂණ සුරියප්පෙරුමට දැනුම් දී තිබුණි.

එහෙත් එය එතරම් තැකීමක් නොකළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවසන් මොහොතේ කිසිදු සූදානමකින් තොරව මුදල් කාරක සභාව හමුවට පැමිණිම, රට තුළ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වී තිබුණි.

 

WhatsApp Image 2026 05 10 at 10.25.00
මෙය පාර්ලිමේන්තුවද උණුසුම් කළ සිදුවීමක් වෙද්දී විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ….” ඩොලර් මිලියන 2.5 ක් අහිමිවීම බරපතල සිදුවීමක් නෙමෙයිද? මේ සිදුවීමට දැන් බොහෝ කාලයක් ගතවෙලා, ඒත් මුදල් කමිටුව රැස්වී සාකච්ඡා කළ කරුණු අනාවරණය කිරීම අවහිර කරලා. ආණ්ඩුව පාර්ශ්වයේ විරෝධය මත තමයි මේ කරුණු සඟවා තියෙන්නේ. මුදල් කාරක සභාවට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ ලබාදුන්න පිළිතුරු ආදිය සඳහන් වීඩියෝ ජනතාවට ලබාදෙන අවශ්‍යයි. ඒක තමයි ආණ්ඩුව කියපු විනිවිදභාවය.”

විපක්ෂ නායක සජිත්ගේ මේ අදහස් දැක්වීමට එක්වූ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා ද කියා සිටියේ, විපක්ෂ නායක සජිත් යොමු කළ ප්‍රශ්ණවලට ආණ්ඩුව පාර්ශවයෙන් පිළිතුරු ලබා නොදුන් බවය.

ඒ අතරම සජිත් සමඟ එක්ව හර්ෂ ද සිල්වාද ආණ්ඩුවට රිදෙන්නම ප්‍රශ්ණ කිහිපයක් යොමු කළේය.

* මෙම ගෙවීම අනුමත කළේ කවුද?
* මෙම කටයුත්තට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධ වුණේ ඇයි?
* SLAS නිළධාරීන් තනතුරුවලට පත් නොකරන්නේ ඇයි?
* පැහැදිලිව හොරකමක් වෙලා, ඒක අල්ලන්නේ නැද්ද?

ඊට අමතරව හර්ෂ මත්ත්‍රීවරයා චෝදනා කළේ..

“ මේකට බලපාපු ප්‍රධාන හේතුවක් තමයි වර්ථමාන ආණ්ඩුවේ අපොන්සු කරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හිටපු මන්ත්‍රීවරයෙක්, අපි හොඳ වැඩි වුනා අපිට වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කරන්නයි තිබුණේ”

මේ ආකාරයට සජිත් සහ හර්ෂ දිගින් දිගටම ඩොලර් මිලියන 2.5 වංචාව ගැන ප්‍රශ්ණ කරද්දී ආණ්ඩුව මේ සතිය පුරා හංගිමුත්තන් සෙල්ලම් කරනු දැකගත හැකි විය.

VAT 20.5% වැඩි කරමින් ආණ්ඩුව ගහන්න යන ගේම.

WhatsApp Image 2026 05 10 at 10.29.29
වැට් බද්දට යටත්වන රුපියල් මිලියන 60 සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමත් 18% තිබූ වැට් බද්ද 20.5% දක්වා වැඩි කිරීමක් පිටුපස ඇති සත්‍ය හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබය දැඩිව සිටින ස්ථාවරය වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී මෙන්ම සමාජය තුළත් ආණ්ඩුවේ මේ වංචාකාරී බදු වැඩි කිරීම හේතුවෙන් පීඩාවට පත්වන සමස්ථ පුරවැසියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත්ගේ දැඩි ස්ථාවරය වී ඇති අතර පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඒ ගැන සිදුකළ සරල පැහැදිලි කිරීමට ගෙවුණු සතියේ සමාජ මාධ්‍ය තුළ වැඩි ඉඩක් වෙන් කර තිබූ අයුරුද දැකගත හැකි විය.

“ මෙතෙක් කලක් 18%ක වැට් බද්ද 2.5% කින් ඉහළ දැමීම, සෘජුව කේෂ්ත්‍ර ගණනාවකට බලපානවා. ඒ අනුව මුල්‍ය සේවා මත පැනවූ බද්ද 20.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව කියනවා බදු වැඩි කිරීමක් සිදුවෙලා නෑ. මීට පෙර තිබූ 2.5 ක සමාජ ආරක්ෂණ බද්ධ වැට් බද්දට එකතු කිරීම පමණයි සිදුවුනේ කියලා. ඒක ජවිපේ නොදන්න කම, ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දැක්වීමක්.   න්‍යයාත්මකව 2.5% ක සමාජ ආරක්ෂණ බද්දක් තිබුණාට ඒක ප්‍රායෝගිකව වාණිජ බැංකු අය කරගත් නැහැ. රට දැනගත යුතු සත්‍ය තමයි 2.5% කින් වැට් බද්ද අනිවාර්යෙන් වැඩිවෙනවා. ඒ වගේම මුල්‍ය සේවා ගාස්තුවත් සියයට 20.5 දක්වා ඉහළ යාම හරහා අර්බුද ගණනාවක් මතුවෙනවා. ඒ අනුව ජනතාවගේ වියදම් තව තවත් වැඩි වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යළිත් අර්බුදයකට යාම මේ හරහා සිදුවෙනවා. ඒ වගේම මුල්‍ය සේවා කියන්නේ ආර්ථිකයේ යටිතල පහසුකමක්. මුල්‍ය සේවාවල වියදම අඩුවෙන් තබා ගැනීම හරහායි රටට ආයෝජකයකින් එන්නේ. මේ තීරණය ඉදිරියේදී රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරාවි.”

හැමදාම සජිත් කිව්වේ මහ පොළවේ සත්‍යය

WhatsApp Image 2026 05 10 at 10.31.03
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන ඒම හරහා සිදුව ඇති පාඩුව ජනතාවගෙන් අයකර ගන්නා බව සජිත් මුලින්ම කිව්වේ ජනවාරි 26 වනදාය.

එහෙත් ජනපති අනුර ඇතුළු ආණ්ඩුව කියා සිටියේ කිසිදු විටෙක ගල්අඟුරුවලින් පාඩුවක් සිදුව නැති බවය. එහෙත් හොරගල් අහුලමින් සිටි ආණ්ඩුව අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කරන්නට කටයුතු කළේය.

ඒ අනුව ගල්අඟුරු පාඩුව පියවා ගන්නට ආණ්ඩුව මෙවර යළිත් විදුලි බිල 18%කින් වැඩි කර තිබේ.

ලාල්ට සජිත්ගෙන් උදව්වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු වෛරය පිරිමසින නායකයකු නොවන බව යළිත් අවධාරණය වූ අවස්ථාවක් පසුගිය දිනෙකත් දැකගත හැකි විය.

ඒ විදුලි බිල වැඩි කිරීමට අදාළව මහජන අදහස් විමසන අවස්ථාවට සජිත් සහභාගී වී සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ටෝක් විත් ලාල් ද ඊට එක්ව සිටියේය.

WhatsApp Image 2026 05 10 at 10.31.14
අදහස් දැක්වීමෙන් පසු පිටතට පැමිණෙමින් සිටි සජිත් ලාල්ගෙන් ඇසුවේ…,

“ මොකක්ද ඔයාගේ කකුලේ අමාරුව, මට කතා කරන්න මම ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න සූදානම් කරලා දෙන්නම්”

එතන හිටපු අයෙක් එක්වරම කිව්වේ “ රතු සහෝදරවරුත් නොකරපු වැඩක් නේද?”

එහෙම කියද්දී සජිත් එක්වරම කියා සිටියේ, “ නෑ..නෑ.. දේශපාලනය ගාවගන්න එපා මේකට” කියාය…

ඒ සජිත්ගේ නිහතමානීකම සහ මානුෂීය ගුණයයි.

ටෝක් විත් ලාල් යනු ජනාධිපතිවරණයේදී සජිත්ව පතුරු ගහපු තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුය. ඔහු තවමත් පෙනී සිටින්නේ අනුර වෙනුවෙන්ය. ඒත් සජිත්ට ඒ කිසිවක් අදාළ නැත. ඒ සජිත්ගේ විශේෂත්වයයි.

(මම | බංගලා හංදියේ ලියුම්කරු)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...