The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයලලිතාට ගැසූ ගැටය විජේටත්..

T

The Leader Desk

May 12, 2026 • 4:52 AM

ජයලලිතාට ගැසූ ගැටය විජේටත්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යවස්ථාපිත අර්බුදයකට තල්ලු වූ තමිල්නාඩු ප්‍රාන්ත රජයට දැන් මහ ඇමැතිවරයෙක් සිටී. ඒ, ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හෙවත් විජය තලපතිය.
  • ඊට හේතුවී ඇත්තේ වසර දෙකක් වැනි කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි මේ තරුණ නළුවා දේශපාලනයේ දිගු ඉණිමක් ක්‍රීඩා කරනු ඇතැයි යන බියයි.
  •   2015-- 2016 බදු වර්ෂයට අදාළව, තලපති විජය තමන්ගේ ආදායම ලෙස රුපියල් කෝටි 35කට වැඩි මුදලක් ප්‍රකාශ කරලා තිබුණි.
  • ඉන්දීය දේශීය ආදායම් බදු දෙපාර්තමේනතුව ඔහුට චෝදනා කළේ ‘පුලි’ චිත්‍රපටයට ලැබුණු තවත් රුපියල් කෝටි 15ක මුදලක් ආදායම් වාර්තාවල සඳහන් කර නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආසන 108ක සීමාවේ සිටි තමිලග වෙට්රි කසාගම් පක්ෂයේ නායකයා වූ විජේ ආසන 120ක සහාය තමන්ට හිමි බව දැන්වීමෙන් පසු ආණ්ඩුකාරවරයාට ප්‍රාන්ත රජය පිහිටුවීමට ආරාධනා නොකර සිටීමට බැරි විය. විජේට ආණ්ඩු බලය ගැනීමට උදවු වුණේ කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙකු හා වමේ පක්ෂ හා කුඩා කණ්ඩායම්ය. ආණ්ඩුකාරවරයා බහුතර බලය ලිඛිතව ඉල්ලීමට ගත් තීරණය විපක්ෂයේ පවා දැඩි දෝෂදර්ශනයට හේතු විය.

 

බාධක ජයගනිමින් තමිල්නාඩුවේ ලොකුම පුටුවට ගිය ද විජයගේ දේශපාලන විරුද්ධවාදීන් නිහඬව සිටින පාටක් නැත. ඊට හේතුවී ඇත්තේ වසර දෙකක් වැනි කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි මේ තරුණ නළුවා දේශපාලනයේ දිගු ඉණිමක් ක්‍රීඩා කරනු ඇතැයි යන බියයි. මේ නිසා ඩී.එම්.කේ හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂ දෙකම විජය කොටු කිරීමට අලුත් දැලක් එලන්නට පටන් ගෙන තිබේ. ඒ වත්කම් බැරකම් හෙළිකිරීමේදී විජයගේ අතීත වරදකි.

1920x1080 Puli 7224 68d3eb3d 2224 4004 aaca 9053fb88763b

 

2015-- 2016 බදු වර්ෂයට අදාළව, තලපති විජය තමන්ගේ ආදායම ලෙස රුපියල් කෝටි 35කට වැඩි මුදලක් ප්‍රකාශ කරලා තිබුණි. ඉන්දීය දේශීය ආදායම් බදු දෙපාර්තමේනතුව ඔහුට චෝදනා කළේ ‘පුලි’ චිත්‍රපටයට ලැබුණු තවත් රුපියල් කෝටි 15ක මුදලක් ආදායම් වාර්තාවල සඳහන් කර නොමැති බවයි. එහි ප්‍රතිඵලය වූයේ රුපියල් කෝටි 1.5ක දඩයක් විජයට එරෙහිව පැනවීමයි. එහෙත් එයට එකඟ නොවූ විජය මදුරාසි මහාධිකරණයට ගියේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එරෙහිවය. ඔහුගේ තර්කය වුණේ දඩ නියෝගය නිකුත් කර ඇත්තේ නීතියෙන් දී ඇති කාල සීමාව පහුව බවටය.

එහෙත් මදුරාසි මහාධිකරණය එය පිළිගත්තේ නැත. විනිසුරු සෙන්දිල් කුමාර් රාම්මූර්ති පැවසුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව නියමිත කාල සීමාව ඇතුළතම කටයුතු කර ඇති බවයි. ඒ නිසා විජයගේ පෙත්සම මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප විය. ඉන්දියාවේ ජනප්‍රියම නළුවකු මෙන්ම දේශපාලනයට පිවිසීමට උත්සාහ කළ බලවත්ම චරිතයට වුණත් නීතිය වෙනස් වුණේ නැත. විජයට එරෙහිව බදු දෙපාර්තමේන්තුව මෙන්ම අධිකරණය ක්‍රියාත්මක වුණේ එහෙමය.

et4t35y55666

එහෙත් කතාව එතැනින් නිමා වී නැත. ඊට හේතුව වන්නට බොහෝදුරට ඇත්තේ විජයගේ නව දේශපාලන විජයග්‍රහණය විය හැකිය. මේ වනවිට එක්තරා පුද්ගලයෙක් විජයට එරෙහිව නැවත මහාධිකරණයට ගොස් තිබේ. ඔහුගේ චෝදනාව මෙම සිදුවීම හුදු බදු ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. මුදල් විශුද්ධිකරණය, වංචා සහ සැඟවුණු මූල්‍ය ගනුදෙනුත් එහි ඇති බවයි. තම පැමිණිල්ල මූලික පැමිණිල්ලක් සේ සලකා මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කර Prevention Of Money Laundering Act හෙවත් PMLA යටතේ පරීක්ෂණයක් පටන් ගන්නැයි ඔහු ඉල්ලා තිබේ.


PMLA කියන්නේ මොකක්ද?

f45457567
සරලව කිවහොත් අපරාධවලින් හරිහම්බ කරන මුදල් පිරිසිදු කිරීම නැවැත්වීමට ඉන්දියාවේ ගෙනා ප්‍රබලම නීතියකි. අල්ලස් ගැනීම්, බදු නොගෙවා මුදල් සැඟවීම්,කළු සල්ලි වෙනත් ව්‍යාපාර හරහා නීත්‍යානුකූල කිරීම් ආදිය පසුපස ඉන්දියාවේ විමර්ශකයන්ට නීතියේ දැල එලීමට පහසු කරවන පනතකි. මේ නීතියේ ඇති පහසුව වන්නේ මෙමගින් විමර්ශකයන්ට බැංකු ගනුදෙනු පරීක්ෂා කිරීමටත් දේපළ අත්අඩංගුවට ගැනීමටත් පහසු වීමය. තවද විදේශ රටවල් සමග තොරතුරු හුවමාරු කරමින් සැක සහිත මුදල් ගලායාම් ගැන මහාපරිමාණ විමර්ශන කිරීමට මෙමගින් හැකිය. ලෝක දේශපාලනයේ නව ප්‍රවණතා අතර දූෂණවිරෝධය ප්‍රමුඛය. තමිල්නාඩුවේ මහජන ඡන්දයෙන් පරාජය කළ නොහැකි වූ විජය පසුපස ප්‍රතිවාදීන් දැල එලන්නේ ඇතැම්විට මේ ක්‍රමයට වියහැකිය.

jayalalithaa 20140928

හය වරක් මහ ඇමැති පුටුවේ බලය ඇල්ලූ ජයලලිතාටත් දේශපාලන විරුද්ධවාදීන් බැටදුන්නේ දූෂණවිරෝධී නීතියෙනි. එදා ජයලලිතාගේ වත්කම් හොයන්න ගත්තේ ඉන්දීය ජනතා පක්ෂයයි. 1991 දී ඇය මුල් වරට ප්‍රධාන ඇමති ධූරයට පත්වූ සමයේ ඉන්දීය රුපියල් කෝටි 3ක්ව පැවති ඇගේ වත්කම් වසර 5ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66ක් දක්වා ඉහළ ගියේ කෙසේදැයි ප්‍රශ්න කළ ඉන්දීය ජනතා පක්ෂය ජයලලිතා ජයරාම්ට එරෙහිව නඩුවක් දැම්මේය. වසර 18 ක් පුරා ඇදුණු මේ නඩුවෙන් අයථා ලෙස වත්කම් එක්රැස් කිරීමේ චෝදනාව මත තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ඇතුළු සිව් දෙනෙකුට 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී වසර 4ක සිර දඬුවම් නියම කෙරිණි. එහෙත් යළි ඇප මත නිදහස් වූ ජයලලිතා ජයරාම් ඉන් වසරක් යෑමටත් මත්තෙන් කර්ණාටක මහාධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබීය.

ඒ අනුව තමිල්නාඩු මහඇමති විජයගේ මේ සිද්ධිය හුදෙක් නළුවකුගේ බදු නඩුවක් පමණක් නොවේ. දේශපාලන බලය සහ නීතිය අතර සම්බන්ධය පෙන්වන්නකි. විජේ තම දේශපාලන රංගය සඳහා අවිය කරගත්තේ පියා අධ්‍යක්ෂණය කළ ‘නාලය තීර්පු’ චිත්‍රපටියේ සිට ආ වෘත්තිය රංගයයි. උපාධිය ද පසෙක තබා රංගවේදය ප්‍රගුණ කරමින් කළ කැපවීම අපතේ ගියේ ද නැත. දැන් විජේගේ විරුද්ධවාදීන් උත්ප්‍රාසජනක ලෙස උත්සාහ කරන්නේ විජේගේම ‘පුලි’ චිත්‍රපටියෙන් විජේගේ දේශපාලන දෑත බැඳ දැමීමටය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජයලලිතාට ගැසූ ගැටය විජේටත්.. | The Leader