The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්ථික විමසුම : වියට්නාමය දෙස බලා ගමන අලුතින් ආරම්භ කිරීම

T

The Leader Desk

May 13, 2026 • 10:38 AM

ආර්ථික විමසුම : වියට්නාමය දෙස බලා ගමන අලුතින් ආරම්භ කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාම ජනාධිපති ටෝ ලාම් මෙරට නිල සංචාරයක නිරත විය. 2026 අප්‍රියෙල් අවසන් සතියේ දී බලයට පත් හෙතෙම ධුරයේ කටයුතු ආරම්භ කර සතියකටත් කලින් චීනයේ නිල සංචාරයකට පිටත්ව ගියේය.
  • ඉන්දියාට පැමිණි හෙතෙම තීරනාත්මක අදහස් හුවමාරුවකට සහභාගී වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
  • වසර 2030 වන විට ඉන්දියාව හා වියට්නාමය යන රටවල් දෙක අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 25 දක්වා නංවන්නට ඉන්දියානු නායක සාකච්ඡාවල දී එකඟ වී ඇත.
  • ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක් පමණ වන විට වියට්නාම් ඉලක්ක සැලකිය යුතු පරිවර්තනයක් ඇති කරනු නිසැකය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනතරුව හෙතෙම ඇමරිකාවේ පැවති ගාසා සාම සමුළුව නියොජනයය කර ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ද සබඳතා ඇති කරගෙන තිබේ. ඉන්දියාට පැමිණි හෙතෙම තීරනාත්මක අදහස් හුවමාරුවකට සහභාගී වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ සංචාරය අවසානයේ ශ්‍රී ලංකාවට ද පැමිණියේය.

වසර 2030 වන විට ඉන්දියාව හා වියට්නාමය යන රටවල් දෙක අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 25 දක්වා නංවන්නට ඉන්දියානු නායක සාකච්ඡාවල දී එකඟ වී ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක් පමණ වන විට වියට්නාම් ඉලක්ක සැලකිය යුතු පරිවර්තනයක් ඇති කරනු නිසැකය.

 



2021 සිට 2024 දක්ව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ඉන්දියාව වූ නමුත් 2025 වසරේ දී චීනය මෙම ස්ථානය අත්පත් කරගෙන තිබේ. එය බැහැර කළ නොහැකි අවධානයකට ලක් විය යුතුය.

වියට්නාම් ජනාධිපතිවරයා ඉන්දියාව සමග ගිවිසුම් දහ තුනක් අත්සන් කර ඇති අතර රටවල් දෙක අතර ඩිජිටල් ගෙවීම්, ඉතාමත් වැදගත් ඛණිජ සම්පත් හුවමාරුව, තාක්ෂණ දියුණුව හා සංචාරක පැති ගැන එකඟතා එහි ඇතුලත්ය. ඉන්දියාව හා වියට්නාමය අතර සහයෝගීතාවය තරවන අතර මෙරටට ඇතිවිය හැකි තරගකාරීත්වය ගැන අදහසක් රටට තිබිය යුතුය.

මෑත ඉතිහාසයේ සඳහන්වන පරිදි ප්‍රංශය විසින් වියට්නාමය යටත් කරගෙන තිබුණි. දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ජපානය යටත් කරගෙන සිටියේය. 1946 සිට වසර අටක් නැවත වියට්නාමය අත්පත් කරගැනීමට ප්‍රංශය හා ජපානය කරන ලද යුද්ධය අවසානයේ දී උතුර හා දකුණ වශයෙන් බිඳිණි. උතුර කොමියුනිස්ට් පාලනයට නතු වූ අතර දකුණට ඇමරිකානු පිටිවහල ලැබුණි. ඇමරිකානු සහාය ඇතිව දකුණු වියට්නාමය ගෙනගිය සිවිල් යුද්ධය 1975 දක්වා දශක දෙකක් පැවැතිණි. අවසානයේ දී කොමියුනිස්ට් පාලනයක් සහිත වියට්නාමයක් බිහි වූ නමුත් අද වන විට ලෝකයේ ප්‍රධාන රටවල් සමග ගනුදෙනුකරන ධනවාදී ක්‍රමයකට හැසිරෙන තැනට පැමිණ ඇත.

 

viatnam

වියට්නාමයේ හිටපු ජනාධිපතිවරයා කොවිඩ් අර්බුදය මැද ආර්ථිකය වේගවත් කරන උපාය අනුගමනය කළේය. 2024 වසරේ දී සියයට 7.09 ක ආර්ථික වර්ධනයක් ලබාගත් අතර 2026 සිට 2030 දක්වා සියයට දහය ඉක්මවන වර්ධනයක් ඉලක්ක කර තිබේ. වසර 2045 වන විට ආසියාවේ ඉහළම තැනෙකට පැමිණීම අපේක්ෂාව වී ඇත. මෙකී සිහිනය සැබෑ කරගැනීම සඳහා උතුරු දකුණු යා කෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයක් තැනෙනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් වැය කරන ම ව්‍යාපෘතිය අවසානයේ දී දැනට පැය තිහක් ගතවන ගමන පැය පහකට සීමාවෙතැයි සැලකේ. රටට අවශ්‍ය විදුලිය හිඟයකින් තොරව ලබාගැනීම සඳහා න්‍යශ්ඨික උත්පාදන යෝජනා ක්‍රමයක් අරඹනු ඇත. වසර අටක් තර්ක කරමින් තීරණගැනීම පසෙක තබා තිබුණ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර දකුණු කොරියාව හා රුසියාව එයට තාක්ෂණ සහාය ලබා දෙනු ඇතැයි සැලකේ. හෝ චිං මින් නගරයේ ගැඹුරු වරායක් ඉදිකරන සැලැස්මක් ද යෝජිතය.

විදුලිය පාරිභෝගිකයන් ගෙන් ගන්නා මුදල් සැපයුම්කරුවන්ට ගෙවා නැත 

elcricity 260509
විදුලිය ගාස්තු සියයට දහ අටකින් වැඩි කෙරේ. ඒකක 180 වැඩි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝධනය අදාලය. ජාතික පද්ධති මෙහෙයුම් අංශය දක්වන ලද කරුණු අනුව නියාමන කොමිසම මෙම ගාස්තු වැඩිකිරීමට අනුමැතිය දී ඇති අතර පාරිභෝගිකයන්ගෙන් සියයට 95කට මෙම ගාස්තු අදාල නොවනු ඇති බව දැක්වේ.

කෙසේ වෙතත් විදුලිය ගාස්තු වැඩිවීම පදනම් කරගෙන ඉහළ මැදි ආදායම් ලබන පිරිස දුෂ්කරතාවයකට පත්වු ඇත. රටට වැඩිම බදු ගෙවන පිරිස අයත් කාණ්ඩය වන මෙම කොටස තවත් වටයකින් අර්බුදයකට පත් කිරීම සමග ආර්ථිකයේ සක්‍රියභාවයට බලපෑමක් ඇති වනු ඇතැයි සැලකේ.

මේ අතර සූර්ය බල විදුලිය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලයන දහයක මුදල් ප්‍රමාදවීමග් ගැන නිෂ්පාදකයෝ මැසිවිලි නගති. එම සංගමය එම අය විය යුතු මුදල් පියවන සේ බලකරන ක්‍රමවේදයකට සති අන්තය වන විට පැමිණ සිටියහ. විදුලිය ගාස්තු වැඩිකරන අතර පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නා ධනය නිසි පරිදි පරිහරණය නොකිරීම වරදකි. 

Fertiliser bags
 
රජයට කරන සැපයුම්වලට මුදල් නොලැබෙන පසු ආර්ථිකය අඩාල වේ. 2024 මැද භාගය වන විට පොහොර සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 29 ක් හා ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 200ක් පියැවීමට එවකට සිදු වී තිබුණ බව මතක් කළ යුතුය. මෙම ගෙවීම් තවමත් අවසන් නැත. මහජනතාවගෙන් අය කරන බදු නැවත සේවාවලට පියැවීමට ප්‍රමාද කිරීම සුදුසු තත්ත්වයක් නොවේ.

සැපයුම්කරුවන්ගේ පියැවීම් ප්‍රමාදවන පසු ව්‍යාපාර අඩාලවන අතර ඒවා පවත්වාගෙන යෑම සඳහා බැංකුවලින් ගන්නා ණය අත්තිකාරම්වලට අනවශ්‍ය පොලී ගෙවන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. අවසානයේ දී ඒවායේ සේවය කරන පිරිස් හා සුළු සැපයුම්කරුවන් දුර්මුඛ වන පසු ආර්ථිකයේ සක්‍රීයභාවය සීමා කෙරේ. එය සමස්ථයට බලපෑමක් විය හැකිය.

රජයේ මුදල් පරිහරණය අවදානම් සහගත තැනක
 
aswasuma 250521
ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල් භාවිත ක්‍රමවේද තියුණු පරීක්ෂාවකට ලක් විය යුතුව ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් නොදන්නා පිරිසකට ගෙවන්නට සිදුවීම විශාල වරදකි. දහ වතාවක දී සිදුවීම මෙහි බරපතලභාවය හුවා දක්වයි. එයට අමතරව අස්වැසුම හිමි පුද්ගලයන් දහස් ගණනකට නැවත නැවතත් මාසික දීමනා ලැබෙන්නට සලස්වා ඇති බව අනාවරණය වේ. මෙසේ ගෙවන ලද මුදල රු. මිලියන 248.79 ක් බව දැක්වේ. මහජනතාවගෙන් ලබා ගන්නා ධනය මහත් ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතු නමුත් ගෙවීම් පද්ධතියේ සිදුවන අතපසුවීම් සුළු කොට තැකිය යුතු නැත. අලුත් අවුරුද්ද වෙනුවෙන් එක මාසයකට පමණක් ගෙවීමට තීරණය කිරීමත්, ඒවා පරිහරණය වූ ආකාරයත් තුළ වංචා සිදුවී තිබේ දැයි පරීක්ෂාකාරී විය යුතුව තිබේ.
රජයේ ගෙවීම් පද්ධති, විගණන අංශ හා අවසාන ගෙවීම් නිර්දේශ කරන නිලධාරීන් ද ඇතුළු සමස්ථ ආණ්ඩුව මෙම සිද්ධි සම්බන්ධයෙන් වගකිව යුතුව තිබේ. පසුගිය ආණ්ඩුවල දූෂණ හා වංචා ගැන දැවැන්ත අවලාද මැද බලයට පත් ජාතික ජන බලවේගය සිය වගකීම ගැන නැවතත් සමාලෝචනයකට යා යුතුය. මහජනතාව දුකසේ උපයන මුදල් එකතුකරගන්නා භාණ්ඩාගාරය ඒවා ගැන දක්වන අරපරෙස්සම ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැක.

ඉලක්කම් පමණක් නොව පසුම්බිය ගැනත් සිතන්න

රටවල් හතලිහක සංචාරකයන් සඳහා ගාස්තු නිදහස් වීසා ක්‍රමයක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. දින තිහක කාලය සඳහා යෝජනා කරන මෙම නිදහස් කිරීම තුළ රටට ඇමරිකානු ඩොලර් මිලියන 75 ක පමණ ආදායමක් අහිමි වන නමුත් රටට සංචාරකයන් ගේ පැමිණීම වැඩිවීම තුළ ඇමැරිකානු ඩොලර් මිලියන 242 ක පමණ වාසියක් අපේක්ෂා කෙරේ.

turist alla
ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන සැලැස්ම ගැන අවධානය යොමු කරන පසු ප්‍රතිපත්ති ගැන නැවතත් සලකා බලන්නට සිදුවනු ඇත. වීසා ගාස්තුව වැනි ලාභ පැතිකඩ වෙනුවට ඉහළ ශේණියේ සංචාරකයන් ආකර්ශණය කරගත යුතුව තිබේ. පසුගිය වසරේ සංචාරකයන් ගේ පැමිණීම ඉහළ ගොස් ඇති නමුත් රටට ලැබුණ ආදායම පහත වැටී ඇත. මෙරටට පැමිණි සංචාරකයන් ඉතා අඩුවෙන් වියදම් කරන පිරිසකි. පැමිණි ප්‍රමාණය වැදගත් නැති අතර ඉහළ ආදායම ඉලක්ක කළ යුතුය.
කලාපයේ රටවල් අතර භූතානයේ සංචාරක ප්‍රවර්ධන අභ්‍යාසය සලකා බැලීම වටී. එක්තරා අගයකට පමණක් සංචාරකයන් ඇතුළු කරගන්නා අතර ඔවුන්ගෙන් ඉතාම ඉහළ වියදම් රටාවක් ගණන් බලා ඇත. එරට ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කරන අතර ඒවා ගැන දැවැන්ත ආකර්ශණයක් ඇති කර තිබේ.

විනිමය හා පොලී අනුපාත රටට ප්‍රශ්නයක් විය හැකිය

rupial
රුපියලේ අගය ක්‍රමයෙන් අවප්‍රමාණය වන බවක් නිරීක්ෂණය වේ. එය මෙරට අපනයනවලට යහපත් නමුත් ආනයන සඳහා සුබදායක නැත. ඇමරිකානු ඩොලරයක මිල රු. 320 ඉක්මවා ඇත. මේ අතර බැංකු පොලිය ඉහළ යන බව අනාවරණය වේ. තැන්පත් සඳහා ගෙවන පොලිය පමණක් නොව ණය පොලිය ද වාර්තා ගත තැනක පවතී. එයට සමාන්තරව උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නැවත වටයකින් වැටුප් වැඩිකරන සේ බලකරන්නට ඉඩ ඇති බව මතක තබාගත යුතුය.
විනිමය හා පොලී අනුපාතවල උච්ඡාවචනයක් අපේක්ෂා කළ යුතු අතර නිවැරදි ප්‍රතිපත්ති තුළින් පාලනය කරගත යුතුව තිබේ. විශේෂයෙන් අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීම ඉතා වැදගත්ය.


( lankalokaya | මිණිසර)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...