The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විදේශ ඇමති වියයුතු මහින්ද ඇමෙරිකන් තානාපති වූ හැටි....??

T

The Leader Desk

May 16, 2026 • 4:03 PM

විදේශ ඇමති වියයුතු මහින්ද ඇමෙරිකන් තානාපති වූ හැටි....??

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තනියම IMF මෙහෙයුම ඇරඹූ අයුරු......?
  • ලංකාවට නොමිලේ රු කෝටි 2000ක ඹෟෂධ....!
  • ආණ්ඩු 03 ක් රදවාගත් එකම තානාපති....?
  •   එහෙත් ජනතාව පත්කළ මන්ත්‍රීධුරයෙන් ඉවත්වී ඉතිහාසයේ පළමු වතාවට ලොව ප්‍රබලතම ඇමෙරිකානු තානපතිකම මහින්ද බාරගත්තේ එය අනුවණකමක් බව බොහෝ අය විග්‍රහ කරද්දීය.
අකුරු ප්‍රමාණය (Font Size):
  • ඇමෙරිකානු තීරු බදු බැස්සූ අසීරු මෙහෙයුම...!
  • ලංකාවට නොමිලේ රු කෝටි 2000ක ඹෟෂධ....!
  • ගිණිගත් රටට නොමිලේ පොහොර...!
  • ඇමෙරිකානු නැව් හා හෙලිකොප්ටර.....?
  • ආණ්ඩු 03 ක් රදවාගත් එකම තානාපති....?


අත්දැකීම් හා සුවිශේෂ පළපුරුද්දක් තිබුණ ද මහින්ද සමරසිංහට ගෝටාභයගෙන් ඇමතිකම් ලැබුණේ නැත.  

එහෙත් ජනතාව පත්කළ මන්ත්‍රීධුරයෙන් ඉවත්වී ඉතිහාසයේ පළමු වතාවට ලොව ප්‍රබලතම ඇමෙරිකානු තානපතිකම මහින්ද බාරගත්තේ එය අනුවණකමක් බව බොහෝ අය විග්‍රහ කරද්දීය.

විදේශ ඇමතිකම ලැබිය යුතු මහින්ද වොෂින්ටන් DC තානාපති වුයේ එසේය.

sdfefer
බෝට්ටුවේ පෙරලුන පිටට නැග උඩුගං බලා යාම දක්ෂ හා නිර්මාණශිලී මිනිසුන්ගේ ලක්ෂණයකි. මහින්ද වැඩ ඇරඔුවේ එසේය.

ලංකාව බංකොලොත් වුයේ ඔහු ඇමෙරිකාවට යනවාත් සමගය. එහිදී ඔහු රට වෙනුවෙන් කළ ක්ෂණික මැදහත්වීම් අනන්තය. මහින්දගේ තනි තීන්දුවක් මත IMF ප්‍රධානීන් හමුවී එම සහාය ලබා ගැනීමට මුලික පදනම දමා එවකට ජනපති ගෝටාභය ද එකග කරවාගෙන කළ සංකීර්ණ මෙහෙයුම ලංකාවට අර්බුදයෙන් ගොඩ ඒමට මහගු රුකුලක් විය.

ජනපති රනිල් ට ද ඔහු පත්වන විට IMF සහාය ලැබෙන පසුබිම නිර්මාණයවී නොතිබුණා නම් රට ගොඩ ගැනීම වඩාත් අසීරු අභියෝගයක් වන්නට තිබිණ.

මෑතකදී ඇමෙරිකාව විසින් 44% ක අති විශාල තීරු බද්දක් පැනවීම ලංකාව මුහුණ දුන් දැවැන්තම අභියෝගය වේ. සිය රාජතාන්ත්‍රික හා සෙසු සබදතා හරහා මහින්ද කළ කැපවීම තුළින් එය 20% ට අඩුකර නොගත්තා නම් ලංකාව යළි බංකොලොත් වනවා ඒකාන්තය. සමහර රටවලට එම බද්ද අවම කරගන්නට නොහැකිවූ පසුබිමක එය 20% ට අඩුකර ගැනීමට කැපවීම මහින්ද සිය මව්බිමට ලබාදුන් දැවැන්තම විජයග්‍රහණය වේ.

බංකොලොත් ලංකාවේ පොහොර හිගය දැඩි අර්බුදයක්ව රටපුරා උද්ගෝෂණ ඇරඹී තිබූ පසුබිමක US Aid හරහා දැවැන්ත මුදලක පොහොර ලංකාවට නොමිලේ ලබාදීමෙන් ගොවියාගේ හා රටේ ගීනි නිවීමට පෙරමුණ ගත්තේ ද මහින්ද සමරසිංහය.

ඩොලර් හිඟය නිසා ලංකාව මුහුණ දුන් ඖෂධ හිගය තුළින් රෝගීන් ජීවිත ඉල්ලද්දී ඊට පිළියම් ලෙස ඇමෙරිකාවේ ආයතන රැසක් හමුවී ඩො මිලියන 60 ක එනම් රු කෝටි 2000 ඹෟෂධ කිහිප වරක් ලංකාවට එව්වේ මහින්දය. ඊට ලංකාවෙන් රුපියලක් වැය නොවන සේ ප්‍රවාහන ගාස්තු පවා ඇමෙරිකාවෙන් ලබා ගත්තද ලංකාවේ ඇතැම් සෞඛ්‍ය බලධාරීන් එම සද්ක්‍රියාවට එරෙහි සීතල අරගල දියත් කළේ එය අධෛර්ය කරන්නටය. එහෙත් මහින්ද ගේ අධිෂ්ථානය පරදන්නට නොහැකි විය.

dfsdfsdf
තවද ආයෝජකයන් හා ලංකාව සමඟ ව්‍යාපාර කරන පසුබිම මෙන්ම ඇමෙරිකාවට ලංකාවේ භාණ්ඩ යැවීම ඉහළ දැමීමට මහින්ද කළ මැදිහත්වීම ද ඉමහත්ය. ඇමෙරිකානු පරිත්‍යාග ලෙස නැව්, හෙලිකොප්ටර හා සෙසු අත්‍යවශ්‍ය දේවල් ලංකාවට ලබා ගැනීමට කළ මැදිහත්වීමද ලංකාවට ලැබුණ ඩොලර් කෝටි ගණන් වටිනා විශේෂ වාසි ය.

පාර්ලිමේන්තුව පසෙකලා තානාපතිවීම අඥාන වැඩක් බව බොහෝ දෙනා කියද්දී මහින්ද ඊට වඩා දුර දැක තිබෙන බව හා තානාපතිකමක් හරහා රටට සුවිශේෂ මෙහෙයක් සිදුකල හැකි බව ඔහු සනාථ කර තිබේ.

ජනපතිවරු හා ආණ්ඩු 03 ක්ම ඔහු තානාපතිකමේ රඳවා ගත්තේ ද එනිසා විය යුතුය.

(සටහන | වොෂින්ටන් වෘකයා)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...