The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සජබට තියෙන්නේ විකල්ප තුනයි'...

T

The Leader Desk

May 22, 2026 • 7:20 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සජබට තියෙන්නේ විකල්ප තුනයි'...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ.කේ.ඩී. ඔබතුමා බලන්න ආවා දැයි රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල්ගෙන් ඇසූවේ වෙබ් අඩවි වල පළ වී තිබූ පුවතක් පෙන්වමිනි.
  • ආණ්ඩුවේ යාන්ත්‍රණය ගෙනයාම සඳහා පිටින් කට්ටිය සොයමින් සිටින බව සුගීශ්වර රනිල්ට සැලකර සිටියේය.
  • ඇත්තෙන්ම අන් කවර දෙයටත් වඩා වත්මන් සමාජය මුහුණ දී සිටින බරපතලම ඛේදවාචකය මෙයයි.
  • මෙතරම් වේගයෙන් රුපියල බාල්දු වන්නේ කෙසේදැයි දිනිත් රනිල්ගෙන් විමසූයේ එයින් රටට අනාගතයේදී ඇතිවිය හැකි ව්‍යසනය හොඳින්ම තේරුම් ගෙන සිටි බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


" රනිල් හමුවූ ප්‍රබල දේශපාලනඥයා කවුද? කියලා තමයි සමාජ මාධ්‍යයේ යන්නේ. රනිල් නිහඬව සිටිනු දුටු ශානුක නැවත විමසීය.

" එක්කෙනෙක් නෙමෙයි මම හමුවෙන්න දේශපාලන නායකයෝ ගණනාවක් එනවනේ" යැයි කියූ රනිල් කිසිදු හැඟීමක් පළ නොකර ඉවත බලා ගත්තේය.

ආණ්ඩුවේ යාන්ත්‍රණය ගෙනයාම සඳහා පිටින් කට්ටිය සොයමින් සිටින බව සුගීශ්වර රනිල්ට සැලකර සිටියේය.

"මේගොල්ලෝ තනතුරු වලට දාන්නේ පක්ෂය අනුමත කළොත් විතරයි. මෙයාට මෙයාගෙ කට්ටිය නැතිනම් දුවන්න බෑ" රනිල් ඊට උත්තරයක් දුන්නේය.

sri lanka rupee260521

වර්තමානයේ බලා සිටියදී රුපියල බාල්දු වෙමින් තිබෙයි. ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඇත්තෙන්ම අන් කවර දෙයටත් වඩා වත්මන් සමාජය මුහුණ දී සිටින බරපතලම ඛේදවාචකය මෙයයි. රනිල් සමග හමුවේදී මේ ප්‍රශ්නය මතු කළේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නයි. මෙතරම් වේගයෙන් රුපියල බාල්දු වන්නේ කෙසේදැයි දිනිත් රනිල්ගෙන් විමසූයේ එයින් රටට අනාගතයේදී ඇතිවිය හැකි ව්‍යසනය හොඳින්ම තේරුම් ගෙන සිටි බැවිනි.


''මේ අය ටියුෂන් අරගෙන තියෙන්නේ ගෝඨාභයගෙන්ද දන්නෙ නෑ''

" මගේ හිතේ මේ අය ටියුෂන් අරගෙන තියෙන්නේ ගෝඨාභයගෙන්ද දන්නෙ නෑ" රනිල් සැහැල්ලුවෙන් වුවත් පැවසූයේ ගැඹුරු කතාවකි.

"රුපියලේ වටිනාකම අඩු වෙලා වැටුණා. කොහොමත් රුපියල බාල්දු වෙමින් තිබුනේ. හැම අවුරුද්දෙම එකකින් හරි ඒ කාරණය සිද්ධවෙනවා. මම අයි.එම්.එෆ්  එක්ක සහයෝගයක් ඇති කරගෙන බැලුවේ රුපියල ශක්තිමත් කරන්න. උද්ධමනය සීමා කරන්න. අපි ඩොලරය 292 දක්වා ගෙනාවා. මම බලයේ හිටියා නම්  275කට ගන්න තිබුණා. මේ උදවියටත් 280කට හරි ගේන්න තිබුනා.

 ax on good
තව බදු වැඩි කරන්න ඕන කියලා ආණ්ඩුව කියලා තියෙනවා. රුපියල ශක්තිමත් වුණොත්  බදු වැඩි කිරීම ඒ තරම්ම මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඒ වගේම උද්ධමනය නැති නිසා රුපියලේ වටිනාකම තියෙනවා.

මේ අය කිව්ව විදියට වැඩේ කළේ නෑ එහෙම කළා නම් Cost Recovery ඔච්චර වැඩි වෙන්නේ නෑ. අපි බැලුවේ රුපියල ශක්තිමත් කරලා තවත් දීමනා ලබා දෙන්න.
වර්තමාන යුද තත්ත්වය ඉවර වෙලා සාමාන්‍ය තැනට ආවත් ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.

රනිල් වත්මන් තත්ත්වයන් ගැන දීර්ඝ විස්තරයක් ඇරැඹූයේ එලෙසිනි.

''කොහොම හරි මේක කඩාගන්න ඕනනේ"

" සර් අපි දැන් මේ තත්ත්වයෙන් ගොඩ යන්නේ කොහොමද? කොහොම හරි මේක කඩාගන්න ඕනනේ" වජිර රනිල්ගෙන් විමසූයේ දින රට අවුල් වන නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බව ඉවෙන් මෙන් වැටහුන හෙයිනි.

ටිකක් කල්පනා කළ රනිල් ඊට වෙනම විදියක උත්තරයක් ලබා දුන්නේය.

" තමන් ලයිෂන් නැති ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහනේකට නැග්ගා නම් ඉතින් කොහාටද යන්නේ කියලත් හිතන්න තිබුණා. දැන් ඉතින් කියලා වැඩක් නෑ" ඒ පිළිතුර කිසිවකුත් සැහැල්ලුවට ගත්තේ නැත. ඒ කතාවේ තිබෙන බැරෑරුම් බව තේරුම් ගිය හෙයිනි.

''දැන් සුක්කානමකුත් නෑ. රෝද හතර යන්නේ හතර පැත්තකට''

මහා බැංකු අධිපති මුදල් සභාවට කිව්වා යැයි කියන රට අසීරු තත්ත්වයක තිබෙනවා යැයි කියන කතාව ගැනත් ඊට පසුව මහ බැංකු අධිපතිවරයා විසින්ම ඒ කතාව නිවැරදි කරමින් තමා එසේ කීවේ ලෝක තත්ත්වය ගැන සලකා බලා යැයි යන කතාව ගැන මාන්නප්පෙරුම රනිල්ගේ අවධානයට යොමු කළේය.

" ඔය ඔක්කොම කෑලි. මම මේවා තියාගෙන එකක් හැටියට ගෙනිච්චා. ඔය රෝද හතර. කොහාටද යන්න ඕන කියලා මම දැනුම් දුන්නා. ඒ අනුව සුක්කානම හරියට මෙහෙයවලා ඔය රෝද හතර හරි තැනට ගෙනිච්චා. යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම්, ගාලු පාරෙ යනවද? හයිවේ එකේ යනවද?මේ මොකවත් නිච්චි නැත්නම් කොහොමද ගමන යන්නේ.

දැන් සුක්කානමකුත් නෑ. රෝද හතර යන්නේ හතර පැත්තකට. නායකයා ඉන්නේ නායකත්වය දීලා ගෙනියන්න.

දැන් බලන්න ජේ.ආර් මුළු මහවැලියම ඉදි කළා. ජලාශ කීයක්ද? කොච්චර විවෘත කළාද? වෙළෙඳ කලාප කළා. ශ්‍රී ජයවර්ධනපුර රටේ අගනුවර කළා. ඒ කියන්නේ එයාගේ නායකත්වය දීල මිනිස්සුන්ගෙන් වැඩ ගත්තා. විදුලි බලය දුන්නා. ටී.වී ගෙනාවා. ඒ වගේම ප්‍රේමදාස අවුරුදු දෙකකින් ඇඟලුම් කම්මහල් දෙසීයක් දැම්මා. ඒක තමයි නායකයෙක්ගෙ ස්වරූපය.

 ranil president 260518
යුද්ධය ඉවර කරනවා කියලා මහින්ද කිව්වා. ඒ වගේම ඒක ඉවර කළා. ඒ නායකත්වය නැත්නම් රට ගෙනයන්නේ කොහොමද? බින්දුවටම වැටිච්ච රට අවුරුදු දෙකෙන් හදල දෙන්නම් කියලා මම බාරගත්තා. ඒක කළා.

දිනිත් කරුණාරත්න එහිදී පැවසූයේ වර්තමාන තත්ත්වය අනුව මොනවා කරන්නත් රුපියලේ බාල්දුව නතර කර ගත යුතු බවයි.

" යුද්ධය විතරක්ම නෙමෙයි. සැලසුමක් නැති කමත් මේ ප්‍රශ්න වලට ගොඩක් බලපෑවා. දැන් කාර් ගේන්න මිලියන කීයක් ගියාද? ඔක්කොම කාර් එක සැරේ ගේන්න වැඩක් නෑනේ. අවුරුදු පහක කාර් හිරවෙලා තිබුණා. මේක තමන්ට උදව් කරපු ජපානේ උදවියට සල්ලි හම්බ කරගන්න අවස්ථාවක් කරලා දුන්නා නම් දැන් ඉතින් මොනවා කරන්නද? රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.


සජබ දැන් කරන්නේ කුමක්ද?

ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අති සාර්ථක අයුරින් ගමන ආරම්භ කර ඉදිරියට යමින් සිටී. නාමල් තමන්ගේ කණ්ඩායම ඒකරාශී කර ගනිමින් ගමනක් අරඹා ඇත. නමුත් ප්‍රධාන විපක්ෂය ලෙස ජනතාව විසින් පත්කර එවූ සජබ දැන් කරන්නේ කුමක්ද? විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ඇතුලේ නිෂ්ක්‍රීය වායුවක් බවට පත්ව සිටින සජිත් ඇතුළු සජබ කණ්ඩායම එළියේද ඒ භූමිකාවම රඟ දක්වමින් සිටී.

සජබට තියෙන්නේ විකල්ප තුනයි.

* පළමුවැන්න නාමල් ඇතුළු පොහොට්ටුව සමග එකතුවීම,

* දෙවැන්න ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවීම,

* අනෙක තමයි අනුර දිසානායක ඇතුළු මාලිමාව එක්ක එකතුවීම, 

 
ඔය කාරණා වලින් පළවෙනි දෙක සමගි ජන බලවේගය විසින් ඉටු කරාවි කියලා හිතන්න අමාරුයි. එහෙනම් තුන්වෙනි එකවත් කරන්න ඕන" රනිල් කීවේය.

"හරිනි එංගලන්තෙට ගිහින් අපි අහලවත් නැති තැන්වල දේශන පවත්වනවා''

" වෙසක් එකටත් මේ සැරේ මොකුත් නෑ නේදැයි රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසූයේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම පෙර සූදානමක් දක්නට නොමැති හෙයිනි.
සුගීශ්වර කීවේ මෙවර ආණ්ඩුව වෙසක් සමරන්නට යන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වගේ බවයි.
 
harini england
" හරිනිත් එංගලන්තෙට ගිහින් අපි අහලවත් නැති තැන්වල දේශන පවත්වනවා. ඕවා නිල ගමන්ද කියලා ඉස්සරහට හොයන්න වෙයි. මාන්නප්පෙරුම  කීවේ සිනාසෙමිනි.
 


''යුද්ධය නැතිව සාමය ගේන්න හැදුවම වැලැක්වුවෙත් ජවිපෙ ''

 
ජනපති රණවිරු සැමරුම් උළෙල අමතමින් පැවසූයේ යුද්ධය ඉතා අමිහිරි බැහැර කළ යුතු කාරණයක් බවයි. මේ කාරණය කතාබහට ලක් වූ අවස්ථාවේදී වජිර අතීත කාරණයක් සිහිපත් කළේය.

freedom ranil
" රනිල් මුල සිටම යුද්ධයේ අමිහිරි බව අවබෝධ කරගෙන සිටි නිසා යුද්ධය නැතිව සාමය ගේන්න  2002 පෙබරවාරි 22 සාම ගිවිසුම අත්සන් කළා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ එළියට බැහැල දැඩි විරෝධයක් පළ කළා. ඒ සාම ගිවිසුම නිසා කෙටි කාලයක් ඇතුලත එල්ටීටීඊ සංවිධානය දෙකට කැඩුණා. ජවිපෙ විරුද්ධ නොවුනා නම් යුද්ධයක් නැතුවම ඒ ප්‍රශ්නයට විසඳුම ගන්න තිබුණා. ඒක වැලැක්වුවෙත් ජනතා විමුක්ති පෙරමුණ. අද අවුරුදු විසි හතරකට පස්සේ යුද්දෙ නැතුව සාමය හොඳයි කියලා ඔවුන්ට තේරිලා තියෙනවා. වජිර කීවේය.

''අල්ලස් කොමිසමට එන අය සිය දිවි නසාගන්න තත්ත්වයට ඇවිත්''

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් එහි කඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එහිදී දැඩි විවේචනයක් එල්ල විය. කපිල චන්ද්‍රසේනගේ දිව්රුම් පෙත්සම සම්බන්ධයෙන්ද කතා බහට ලක් විය.

kapila chan260509
" අල්ලස් කොමිසමට එන අය සිය දිවි නසාගන්න තත්ත්වයට ඇවිත් තිබෙනවා. මේකට පැහැදිලිව වගකියන්න ඕන කොමිසමේ සභාපති සහ කොමසාරිස්වරු. අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ඔවුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කටයුතු කරන නිලධාරියෙක්. අල්ලස් කොමිසමේ නීතිය අනුව සභාපති සහ කොමසාරිස්වරුන්ගේ නියෝගයක් නැතිව අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධි චෝදනා පත්‍රයක් අත්සන් කරන්නටවත් හැකියාවක් නැහැ. අධි චෝදනා පත්‍ර ආදී සියල්ලක් ඉදිරිපත් කරන්නේ කොමසාරිස්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ. දැන් සිදුවෙලා තියෙන්නේ මහා පරිමාණ විකෘතියක්. අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාව පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරනවා. එහෙම කරන්න බෑ කොමසාරිවරු නීතිය ඉදිරියේ වගවීම බාරගන්න ඕන.
අල්ලස් කොමිසම තීරණ ගත යුත්තේ දේශපාලන හෝ කිසිම බාහිර බලපෑමකින් තොරවයි. කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි " ජී එල් එහිදී දීර්ඝ කරුණු දැක්වීමක් කළේය.

අදාල දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් ගත් පියවර අසා දැනගැනීම සඳහා ලිපියක් බාර දීමට සුගීශ්වර ඇතුළු කණ්ඩායමක් ලබන සතියේ අල්ලස් කොමිසමට යාමට නියමිතව තිබේ. ඊට අදාල ලිපිය කෙටුම්පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලය.

ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණය 24 වැනිදා ජා ඇල දී

ඒකාබද්ධ විපක්ෂය 24 වැනිදා ජා ඇල  රෝයල් ග්රෑන්ඩ් පරිශ්‍රයේ සංවිධානය කර තිබෙන සම්මන්ත්‍රණය පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්, ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් හමුවක් අජිත් මාන්නප්පෙරුම සංවිධානය කර තිබුණි.
 
Ajith Mannapperuma
පක්ෂ නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන් ඒ හමුව සූදානම් කර තිබිණි.

 මෙම සම්මන්ත්‍රණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය දියත් කර තිබෙන වැඩපිළිවෙල පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

(සටහන | මල් පාරේ ලියුම්කරු) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'සජබට තියෙන්නේ විකල්ප තුනයි'... | The Leader