The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැටුම් අර්බුද මැද ජනපති අනුරගෙන් අලුත්ම පුනරුදයක්

T

The Leader Desk

May 22, 2026 • 2:52 PM

ගැටුම් අර්බුද මැද ජනපති අනුරගෙන් අලුත්ම පුනරුදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දැඩිම ආර්ථික අර්බුදයේ දෝංකාරය තවමත් සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
  • ශ්‍රී ලංකාවේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය ඇතුළු තත්කාලීන බරපතල ආර්ථික ගැටලු හමුවේ තනි පක්ෂයකට හෝ මතවාදයකට පමණක් සීමා වී රට පාලනය කිරීම අසීරු බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
  • මීට පෙර ද විවිධ අවස්ථාවල මෙම අදහස මතු වුව ද, වත්මන් ආර්ථික පීඩනය හමුවේ එය නැවත වරක් දැඩි අවධානයට ලක්ව ඇත.
  • සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වන සුජීව සේනසිංහ මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රජය කළමනාකරණ අතින් මුහුණ දී ඇති දුෂ්කරතා හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ විපක්ෂයට ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනා කිරීමට රජයට සිදුවනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම පසුබිම තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජයේ ස්ථාවරත්වය සහ ඉදිරි පැවැත්ම පිළිබඳව දේශපාලන කරළිය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත. පවතින ප්‍රායෝගික අභියෝගයන්ගෙන් මිදීම සඳහා සම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් ඔබ්බට ගිය ‘ජාතික ආණ්ඩුවක්’ හෝ පුළුල් සහයෝගිතා පාලන ව්‍යුහයක් කරා ගමන් කිරීමේ අවශ්‍යතාව සහ ඒ වටා ගෙතුණු දේශපාලනමය වෙනස්කම් පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමු වෙමින් පවතී.

xdsfsd
ශ්‍රී ලංකාවේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය ඇතුළු තත්කාලීන බරපතල ආර්ථික ගැටලු හමුවේ තනි පක්ෂයකට හෝ මතවාදයකට පමණක් සීමා වී රට පාලනය කිරීම අසීරු බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව පසුගිය කාලයේ ජන කරළියේ රැව්දුන් “හැත්තෑ හය වසරක ශාපය” සහ “වල් පැල උදුරා මල් පැල සිටුවීම” වැනි ජනකාන්ත ගැලරි කතා අමතක කොට, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ විවිධ විෂයන් පිළිබඳ දක්ෂ විද්වත් වෘත්තිකයන් සම්බන්ධ කරගනිමින් නව පාලන ව්‍යුහයක් කරා යාමට ජනාධිපතිවරයා සූදානමකින් පසුවන බව වාර්තා වේ. මීට පෙර ද විවිධ අවස්ථාවල මෙම අදහස මතු වුව ද, වත්මන් ආර්ථික පීඩනය හමුවේ එය නැවත වරක් දැඩි අවධානයට ලක්ව ඇත.


සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වන සුජීව සේනසිංහ මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රජය කළමනාකරණ අතින් මුහුණ දී ඇති දුෂ්කරතා හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ විපක්ෂයට ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනා කිරීමට රජයට සිදුවනු ඇති බවයි. එසේම, නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුවහොත් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 360 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දී ඇත. නමුත් අපගේ අදහසට අනුව මේ වන විටත් ඇමරිකානු ඩොලරයක අගය ඊටත් වඩා ඉහළ යාමේ අවදානමක් පෙන්නුම් කර තිබේ.

fsgs

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායකට ව්‍යවස්ථානුකූලව තීරණ ගැනීමේ පුළුල් බලතල හිමිව තිබුණ ද, ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ ව්‍යුහය සමඟ කටයුතු කිරීමේදී බරපතල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතු වී තිබේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම දරන දැඩි මතවාදී ස්ථාවරයන් සහ පැලවත්ත මූලස්ථානය කේන්ද්‍ර කරගත් සාම්ප්‍රදායික වාමාංශික රාමුව, වත්මන් ප්‍රායෝගික ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමේදී බාධාවක් වී ඇති බව විශ්ලේෂකයෝ පවසති. එමෙන්ම පසුගිය දා ටිල්වින් සිල්වා පක්ෂ කාර්යාලයේදී ආවේගාත්මක වූ පක්ෂ ක්‍රියාධරයකුගේ ගුටි බැට ප්‍රහාරයකට පවා ලක්වූ බවට සමාජ මාධ්‍ය හරහා පැතිරුණු පුවත පක්ෂය විසින් තරයේ ප්‍රතික්ෂේප කළ ද, ඉන් පසුව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය හරහා ඔහුට තම මතය ප්‍රකාශ කිරීමට සීමාව ඉක්මවා ඉඩකඩ වෙන් කිරීම තුළින් පක්ෂ අභ්‍යන්තරයේ කුමක් හෝ අලකලංචියක් පවතින බව බාහිරට විද්‍යමාන වේ. මක්නිසාද යත්, මේ වන විට රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීම පැලවත්තෙන් සිදු කරන බවට කරුණු අනාවරණය වී තිබීම නිසාය.

මේ අතර පළාත් පාලන ආදී ප්‍රාදේශීය දේශපාලන කටයුතුවලදී ද පවතින පරිපාලන අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා රජය වඩාත් විවෘත හා නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත යොමුවෙමින් පවතින බව බිම් මට්ටමේ තොරතුරු අනුව පෙනී යයි. ඔවුන්ගෙන් සමහරකු මෙය හඳුන්වා ඇත්තේ ජාතික ජන බලවේගය “ජනසතු කිරීමක්” ලෙසය. එහෙත් මෙය ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් පාරේ බැස යාමට ගත් උත්සාහයක් ලෙස දකින්නෝ ද වෙති. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලයේ සිටි අත්දැකීම් බහුල නිලධාරීන් සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් පවා දුරකතන මාර්ගයෙන් සාකච්ඡා පවත්වන බව තහවුරු නොවූ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණවලට අමතරව, දැනට අර්බුදයට ලක්ව ඇති රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල සභාපති තනතුරු සඳහා පක්ෂ දේශපාලනයෙන් තොරව විපක්ෂයේ සිටින විෂය ප්‍රවීණයන් සහ විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීමට විශේෂ අවධානයක් යොමු වී ඇති බව ද පැවසේ.

 

ereree
දේශපාලන විශ්ලේෂක වරුණ රාජපක්ෂ පෙන්වා දෙන පරිදි, මීට පෙර විපක්ෂ නායකයන්ගේ සහාය ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා දැන් වඩාත් ප්‍රායෝගික මාවතකට අවතීර්ණ වෙමින් සිටී. ඒ අතරේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ මූල්‍යායතන හිමිකරුවන් පිරිසක් විපක්ෂයේ පිරිස් රජය සමඟ සම්බන්ධ කිරීමේ “තැරැව්කාර” හෝ සම්බන්ධීකරණ මෙහෙයුමක නිරතව සිටිති. රට ආර්ථික අගාධයෙන් ගොඩගැනීම තම වගකීමක් බව ව්‍යාපාරික ප්‍රජාව විශ්වාස කරයි. එමෙන්ම පවතින මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා ‘නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ග’ වෙත යොමු විය යුතු බවට පළ වන මතයන්ට ජනාධිපතිවරයා සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බව පැවසේ.

 

මහ බැංකු අධිපතිවරයා පවා අනාගත මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ අවිනිශ්චිතතාව පළ කර ඇති පසුබිමක, ව්‍යාපාරික ප්‍රජාවේ මඟ පෙන්වීම් මත මෙම තීරණ ගැනීම කෙරෙහි වත්මන් රජයේ සම පාර්ශවකරුවන් වන ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී පාර්ශ්වයන්ගේ කැමැත්ත හිමිව ඇත. කෙසේ වෙතත්, මෙම විවෘත සහ ප්‍රායෝගික ප්‍රවේශය මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ අභ්‍යන්තරයේ බරපතල මතභේදයන්ට මඟ පාදා ඇත.

පක්ෂයේ සිටින “3%” යන ජනප්‍රිය වදනින් හැඳින්වෙන සාම්ප්‍රදායික වාමාංශික මතධාරීහු විපක්ෂයේ පිරිස් සහ “ධනපති ව්‍යාපාරිකයන්” පාලනයට හවුල් කර ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙති. ඔවුන් මෙම මැදිහත් වීම හඳුන්වන්නේ “නරින්ට බොක්ක හෝදන්නට දීමක්” වැනි අතිශය අනතුරුදායක ක්‍රියාවක් ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරය සිතන්නේ මෙය “ධනපති ව්‍යාපාරිකයන්” “බණ කියමින් දුම් මැස්ස අත ගෑමක්” වැනි සටකපට ක්‍රියාවක් බවයි. ඉන් තමන්ගේ සමාජවාදී “කන්‍යා භාවය සුන් වනු ඇතැයි” ද ඔවුන් සිතනවා විය හැක. ඒ කෙසේ හෝ වත්මන් ලෝක දේශපාලන හා ආර්ථික වටපිටාව තුළ නව ලිබරල්වාදී ආර්ථික මෙවලම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යාමට ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ පවතින දැඩි මතවාදී මුරණ්ඩුකම නිසා පක්ෂය දෙකඩ වීමේ අවදානමක් මෙන්ම, රට තවදුරටත් අගාධයකට වැටීමේ බරපතල අනතුරක් පවතින බව සෙසු පාර්ශ්වයන් අනතුරු අඟවයි.

erwerwe
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ගමන් මඟ තීරණය වන්නේ දැඩි වාමාංශික මතවාදය සහ ගෝලීය ආර්ථික ප්‍රායෝගිකවාදය (Pragmatism) අතර පවතින දෝලනය මත බව අපගේ ද වැටහීමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ ව්‍යුහයේ සීමාවන්ගෙන් මිදී පුළුල් ජාතික සහයෝගිතාවයකට ගමන් කරන්නේද, නැතහොත් සාම්ප්‍රදායික දේශපාලන රාමුව තුළම රැඳී සිටින්නේද යන්න ඉදිරි මාස කිහිපය තුළ තීරණය වනු ඇත. එය පක්ෂයේ අනාගතය මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවේම අනාගත යහපැවැත්ම තීරණය කරන සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.



Reeta Jenet Perera(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...