The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස

T

The Leader Desk

May 24, 2026 • 4:59 PM

සජිත්ගේ දේශපාලන සතිය : සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවුණු සතිය තුළ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමත්, අපරාද නීතියට යටත් කළ
  • 2021 මෙන් සජිත් කළ අනතුරු ඇඟවීම | 2021 මෙන් සජිත් කළ අනතුරු ඇඟවීම.
  • “ IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වෙන නිසා අපිට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත්වෙනවා.
  • ඒක අවසන් වෙනකොට අපි අපේ ඩොලර් සංචිත ඇ.ඩොලර් බිලියන 14.2ක් පවත්වාගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නව දේශිය ආදායම් පනත් සංශෝදනය සහ 17 වැනි රණවිරු සැමරුම වැනි සිදුවීම් වලටය.

2021 මෙන් සජිත් කළ අනතුරු ඇඟවීම

dfod| 2021 මෙන් සජිත් කළ අනතුරු ඇඟවීම.

දිනෙන් දින කඩා වැටෙන රුපියලත්, දිනෙත් දින වැඩි වන ජීවන වියදමත් හමුවේ රටේ ආර්ථිකයට සිදුවන බලපෑම ගැනත්, IMF වැඩසටහන මත ක්‍රියාත්මක වන මෙරට ආර්ථිකය, අර්බුදයකට නොයා රැක ගැනීමට වහාම ඔවුන් සමඟ අනුප්‍රාප්තික ගිවිසුමකට පිවිසීම වැදගත් බව විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේදීය.

“ IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වෙන නිසා අපිට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත්වෙනවා. ඒක අවසන් වෙනකොට අපි අපේ ඩොලර් සංචිත ඇ.ඩොලර් බිලියන 14.2ක් පවත්වාගත යුතුයි. ඒත් මේ අවස්ථාවේ තියෙන්නෙත් ඇ.ඩොලර් බිලියන 7යි. ඒ කියන්නේ තව 50%ක් අපි සම්පූර්ණ කරගන්න ඕන. ඒක සම්පූර්ණ කරගන්න අපිට තියෙන හැකියාව, සංඛ්‍යාත්මකව ගත්තොත් 0.01%ක්. ඒ නිසා අවසන් මොහොතේ රට අමාරුවේ වැටුනට පස්සේ IMF ගිවිසුමකට යනවාට වඩා දැන් සිටම IMF අනුප්‍රාප්තික වැඩසටහනක් සඳහා සාකච්ජා ආරම්භ කරන එක වැදගත්.

2027 ඉඳන් පොලියට අමතරව වාර්ෂිකව ඩොලර් බිලියන 3ත් 4ත් අතර ගෙවන්න තියෙනවා. මේ තත්ත්වය තුළ ඒක රටට අර්බුදකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්.”

00000SJB 1| කබීර්ගේ අපූරු කතාව
ඔය සජිත් කියපු අදහසය. එය දුටු සජබ සභාපති කබීර් හෂීම් අපූරු කතාව කියා තිබුණේ පාර්ලිමේන්තු ලොබියේදීය.

“ අපේ ලොක්ක 2021 ගෝඨාභය ජනාධිපති කාලෙත් රට බංකොලොත් වෙයි වහාම IMF යන්න කිව්වා, එදා එයාලා ඇහුවෙත් නෑ. අද මෙයාලටත් ලොක්ක කියනවා තත්ත්වය අමාරුයි 2027 IMF වැඩසටහන ඉවරයි 28 ණය ගෙවන්න වෙනවා තත්ත්වේ හොඳ නෑ කියලා. අපරාදේ ලොක්කගේ වචන, ඇත්තටම මට දුක සජිත් අවංක වැඩිද මන්දා මේ රටේ දේශපාලනයට. ලොක්ක අවුරුදු ගණනක් දුර දැකලා කියන දේ මුන් දෙගොල්ලන්ටම තේරෙන්නේ නෑ නේ.”

සජිත් විපක්ෂයේ පක්ෂ හදිසි සාකච්ජාවකට කැඳවූ රහස

00000SJB 10| සජිත් විපක්ෂයේ පක්ෂ හදිසි සාකච්ජාවකට කැඳවූ රහස

අඛණ්ඩව ඇමරිකානු ඩොලරය ඉහළ යාමත්, ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් රටට හිතකර නොවන තත්ත්වයකට පත්වීම නිසා එම තත්ත්වය මගහරවා ගන්නට ගතහැකි සුදුසු ක්‍රියාමාර්ග ගැන විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් සමඟ සජිත් හදිසි සාකච්ජාවක් කැඳවා තිබුණේ, 21 බ්‍රහස්පතින්දා රාත්‍රියේය.

ඊට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අමතරව සෙසු පක්ෂ නියෝජනය කරමින්, රාවුෆ් හකීම්, රවී කරුණානායක, ෆයිසර් මුස්තාෆා, සුමන්දිරම්, රාසමානික්කම්, අනුරාධ ජයරත්න, වඩිවේල් සුරේෂ්, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් සහභාගීවී සිටියේය.

මෙහිදී මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා කර තිබුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සෘජුව ජනාධිපතිවරයාට කතා කොට මෙහි ඇති බරපතල තත්ත්වය පහදා දී වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා රට වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කරන්නට ජනාධිපතිවරයාට යෝජනා කරන ලෙසය.

ඊට සජිත් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබූ අතර ඔහු අවධාරණය කර තිබුණේ, ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවේදී මුණගැසී මේ පිළිබඳ පැහැදිලි කිරීම වඩාත් යෝග්‍ය බවය.

“ ජනාධිපතිතුමාට දුරකථනයෙන් මේ කාරණය පැහැදිලි කිරීමට වඩා මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේදී මුණගැහිලා දත්ත එක්කම මේකේ බරපතල තත්ත්වය පැහැදිලි කරන එක වැදගත්.”

ඒ කතාවෙන් පසු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටි කටට බ්‍රේක් නැති මන්ත්‍රී කෙනෙක් කියා තිබුණේ…” ඔව් ඒක හරි නායකතුමා, හදිසියෙවත් ඔබතුමා දුරකථනයෙන් ඕක කිව්වොත් එහෙම, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කියයිද දන්නේ නෑ…සජිත් මට කොල් කරලා කියනවා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා. අනේ ප්ලීස් සජිත් ඔයා දුරකථනවලින් දෙන උපදෙස් මට ඕන නෑ” කියාය.

ඒ කතාවට මුළු මන්ත්‍රී කණ්ඩායමටම සිනහව නතර කරගන්නට බැරි විය.00000SJB 9| හර්ෂගේ මතය

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි ආචාර්ය හර්ෂ ද සිල්වාද, ලංකාවට පැමිණීමෙන් පසු කෙළින්ම සහභාගීවී තිබුණේ විපක්ෂ නායක සජිත් කැඳවා තිබූ විශේෂ සාකච්ජාවටය.

එහිදී අදහස් දැක්වූ හර්ෂ මන්ත්‍රීවරයා රුපියල දිනෙන් දින කඩාවැටීම ගැන තමන්ගේ මතය පැහැදිලි කළේය…

“ අපේ විදෙස් මුල්‍ය වෙළඳපෙල විෂම චක්‍රයකට අහුවෙලා තියෙන්නේ, මේ ආණ්ඩුව මොන බයිලා ගැහුවත් වැඩක් නෑ, මාකට් එකේ විශ්වාසය ඇති කරන්නේ නැතුව. ජනාධිපතිතුමා කටින් කිව්වට වැඩක් නෑ රට වැටෙන්න දෙන්නේ නෑ කියලා. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැත්නම්. දිනපතා රුපියල කඩන් වැටෙද්දී වෙළඳ පොලට කවුරුත් සල්ලි දාන්නේ නෑ. ඩොලර් රේට් එක වැඩි වෙයි කියලා ආනයනකරුවෝ LC අරින්න ඩොලර් ටික ගන්නවා. ඒ වගේම ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩිවෙයි කියලා අපනයනකරුවෝ තමන්ට ලැබෙන ඩොලර් ටික මාරු නොකර බලන් ඉන්නවා. ඕකයි සරළ කාරණය. ව්‍යාපාරිකයින්ට විශ්වාසය ගොඩනැගිලා නෑ ආර්ථිකය ස්ථාවරයි කියලා. ආණ්ඩුව මේකට ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් මේක තව දරුණු වෙන්න පුලුවන්”

X ගිණුම හරහා මේ දවස්වල නිරත සක්‍රීය වන සජිත්

00000SJB 8| X ගිණුම හරහා මේ දවස්වල නිරත සක්‍රීය වන සජිත්

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවෙන් පසු එහි තීරණ තම X ගිණුම හරහා පැහැදිලි කළ සජිත් කියා තිබුණේ…

“ විපක්ෂයේ එකමුතුව අද රැස්වුනා, ඒ රට යළිත් භයානක ආර්ථික අනතුරකට පත්වීමේ ලකුණක් දිස්වීම නිසා. රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය, ඉහළ යන පිරිවැය පීඩනය සහ වර්ධනය වන අවිනිශ්චිතතාවය පක්ෂග්‍රාහී එළැඹුමකට සීමා වන්නේ නැහැ. එබැවින්, මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විධිමත් ලෙස ඉල්ලා සිටීමට අපි තීරණය කර ඇත්තෙමු."

බදු පීඩනය නිසා මිරිකුණු පිරිස් සජිත් සොයා නොම්බර 30 ට

00000SJB 7| නොම්බර 30 ට ආ පක්ෂ නායකයින්

බදු පරිපාලනය සඳහා අපරාද නීති ගෙන එමින් සිදුකරන්නට යන පීඩාව සහ මර්ධනයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් ආර්ථික විශේෂඥයින් සහ ව්‍යවසායකයින් බොහෝ පිරිසක් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී නොම්බර 30 පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත්ව හමුවීම සුලභ දසුනක් විය.

ඒ හමුවීම් සඳහා එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පෙන්වා දුන්නේ, දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පත හරහා පුද්ගලයින් නිකරුනේ අපරාදකරුවන් බවට පත් කරමින් මාලිමා ආණ්ඩුව සිදුකරන්නට යන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් සහ අයුතු මර්ධනය කිරීමකට පසුබිම සකස් කිරීම බවය.

00000SJB 2| දේශීය ආදායම් පනත කැඩුවොත් අපරාද නඩු
“ දැන් බලන්න, මේ පනතේ 185 (අ) වගන්තිය අනුව නඩු පැවරීම් යන ශීර්ෂය ගත්තම බදු හා සම්බන්ධ අපරාදමය චෝදනා 5 ගොනුකරන්න ආදායම් කොමසාරිස්වරුන්ට බලය දීලා තියෙනවා. පළමු එක TIN අංකයට ලියාපදිංචි නොවී සිටීම. දෙවෙනි එක වාර්ෂික ආදායම් බදු වාර්තා නියමිත ආකාරයට ඉදිරිපත් නොකිරීම, තුන්වෙනි කරුණ වාර්ෂික තොරතුරු ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම, හතරවෙනි කරුණ යම් පරීක්ෂණයකට ආදායම් බදු දෙපාර්තමේන්තුව සිදුකළ කැඳවීමකට යාමට නොහැකි වීම. ඒකත් ඉදිරියේදී අපරාද නඩුවකට හේතුවක් වෙනවා, පස්වෙනි කරුණු ආදායම් බදු වාර්තා පමණක් නොවෙයි, ප්‍රාග්දන බදු සහ රඳවා ගැනීමේ බදු ආදියත් නිෂ්චිතව ඉදිරිපත් නොකිරීම නිසා ඔබට අපරාද නඩුවක් පැවරීමට ඒක හේතුවක් වෙනවා”

මේ කරුණු ටික ඇසූ විටම එතන සිටි ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් අවධාරණය කළේ මේවා දැඩි මර්ධනකාරී තීන්දු බවය.

00000SJB 6| බදු පීඩනය නිසා මිරිකුණු පිරිස් සජිත් සොයා නොම්බර 30 ට
එහිදී අදහස් දැක්වූ සජිත්….

" දැන් බලන්න මේ චෝදනා 5 හිතාමතා සිද්ධ නොකර යම් අතපසුවීමකින් ඕනම පුද්ගලයකු අතින් වෙන්න පුලුවන්. සමහරෙකුට නියමිත දිනය අමතක වෙන්න පුළුවන්, තව කෙනෙක් ලෙඩ වෙලා මේවා අතපසු වෙන්න පුළුවන්, තව කෙනෙක් විදේශගත වෙලා නිසා නියමිත දිනට ලබාදෙන්න බැරිවෙන්න පුළුවන්. මේවා අපරාධ චෝදනා බවට පත් කිරීම අපි විරුද්ධයි. ඒත් අපි විරුද්ධවීම ප්‍රමාණවත් නෑනේ දැන් එයාලගේ ඉන්න 159 දෙනා මේවා සම්මත කරනවා, ඒ අය සමහරු දන්නෙත් නෑ මේ පනත් කෙටුම්පතේ තිබුණේ මොනවද කියලා. මේ විදිහට මේ පනත් කෙටුම්පත හරහා සිද්ධ කරන්නේ මානව අයිතිය උල්ලංඝණය කිරීමක්.”

MSME's යළිත් සජිත් හමුවුණේ ඇයි ?

00000SJB 5| MSME's යළිත් සජිත් හමුවුණේ ඇයි ?
CESS සහ PAL යන බදු ඉවත් කිරීම හරහා දේශීය කර්මාන්ත වැඩි අවදානමකට ලක්වන බවත් තමන්ගේ බොහෝ කර්මාන්තශාලා වසා දැමීමට සිදුවනු ඇති බවත් සජිත් හමුවූ ක්ෂ්ද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පෙන්වා දි තිබුණි.

ඔවුන් සජිත්ගෙන් ඉල්ලා සිටියේ මේ ගැන කඩිනමින් රජයේ අවධානය යොමු කරවන ලෙසටය.

පසුදිනම පාර්ලිමේන්තු පැමිණි සජිත් ආණ්ඩුවට හික් ගෑවෙන්නම රජයට ප්‍රශ්ණ වැලක් යොමු කළේය….,

“රටේ තරගකාරීත්වය වැඩි කරන්න කියලා 2029 වෙද්දී සෙස් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරන්න රජය තීන්දු කරලා තිබුණත්, ඒ තීරණය දේශීය කර්මාන්ත, රැකියා ඉහළ නංවන්නත්, බදු ආදායම සහ වෙළඳ පොල සමතුලිත වෙන්නත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. 2026 - 2029 කාලසීමාවේ දේශීය කර්මාන්ත තරඟකාරී මට්ටමකට ගෙන එන්න ඒක ප්‍රමාණවත්ද? ශ්‍රී ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් ගේනවා කියලා බලයට ඇවිල්ලා, අන්තිමට මාලිමා ආණ්ඩුව කරන්නේ ආනයන ආර්ථිකයක් කරා රට තල්ල කරන එකනේ. මේ නිසා දේශීය කර්මාන්තකරුවා සුරක්ෂිත වෙනවද? අපනයන ක්ෂේත්‍රය සුරක්ෂිත වෙනවද? පාරිභෝගික අයිතීන් සුරක්ෂිත වෙනවද? මේකෙන් දේශීය කර්මාන්තවලට චීනය හා ඉන්දියාව එක්ක තරඟ කරන්න පුළුවන්ද? අනිත් කාරණය සෙස් සහ පැල් බදු ඉවත් කිරීමෙන් රජයට අහිමිවිය හැකි බදු ආදායම පුරව ගන්න මුදල් අමාත්‍යාංශය සතු නිෂ්චිත ආදායම් සැලැසුම මොකක්ද? කියන එකත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව ආයෙත් වරක් මේ අහිමිවන ආදායම්, බදු හරහා ජනතාව කරපිට පටවන්න හදන්න එපා”

සජිත්ගේ මේ ප්‍රශ්ණ වැලට කිසිවෙකුත් පිළිතුරු දෙන බවක්, ආණ්ඩු පාර්ශවයේ 159 දෙනාගෙන්ම දැක ගන්නට නොතිබුණි.

නිරෝෂන්ගේ දෘෂ්රාවට හසුවූ ආණ්ඩුව

00000SJB 4| නිරෝෂන්ගේ දෘෂ්රාවට හසුවූ ආණ්ඩුව.

වාහන ගෙන්වීමේදී ආනයනික රේගු තීරු බදු මත 50%ක අධිභාරයක් පැනවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ 16 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක අධිභාරය බලනොපාන බවද ප්‍රකාශ විය.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී කමිටුවේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක ඉතා සූක්ෂම ගේමක් ගසා තිබුණේ, 16 වනදා මෙවැනි ගැසට්ටුවක් නිකුත් කරන බවට වූ සංවේදී තොරතුරු වෙනත් පාර්ශවයකට සන්නිවේදනය වී ඇති බවට ලැබුණු තොරතුරක් නිසාය.

මහබැංකුවට ගිය නිරෝෂන් පාදුක්ක තොරතුරු දැනගැනීමේ පනතින් තොරතුරු ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම පිළිබඳවය.

එළියට පැමිණි නිරෝෂන් LC විවෘත කළ ප්‍රමාණය 4000 බව කියූ ප්‍රකාශය උණු කැවුම් මෙන් අලෙවි විය.

නිරෝෂන් පාදුක්ක දින 7 තුළ යන වචනය නොකියා සිටිමින් සැලසුම් කර තිබුණේ, 50% අධිභාරයට පෙර දිනයේ එනම් 15 වනදා සැබෑ ලෙසටම වාහන කොපමණ සංඛ්‍යාවක් ආනයනය කළේද යන්න දැන ගැනීමටය.

අවසානයේ 15 වනදා පමණක් වාහන 1782ක් ආනයනය කර ඇති බව රජයම තහවුරු කළේය.

එසේනම් දින 7 පුරා ආනයනය කළ වාහන 4000න් වාහන 1782ක්ම ආනයනය කර තිබුණේ ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමට පෙර දිනයේදීය.

එලෙස වැඩි වාහන ප්‍රමාණයක් ආනයනය කරන්නට සංවේදී තොරතුර පිටවීම හේතුවක්ද යන්න සොයන්නට දැන් විමර්ශන ක්‍රියාත්මක බවද අපට දැනගන්නට තිබෙන්නේය.

සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස

00000SJB 3| සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස

30 වසරක කුරිරු යුද්ධය නිමාවීමේ 17 වන සැමරුම යෙදී තිබුණේ, මැයි මස 19 වෙනිදාටය.

පසුගිය වසරේ මෙන් මේ වසරේ එම උත්සවයට විපක්ෂ නායකවරයාට ආරාධනා නොකිරීමට වත්මන් මාලිමා රජය පියවර ගෙන තිබුණේ, එහි පෙනී සිටීමද විපක්ෂයට යම් ප්‍රචාරණයක් වේදෝයි යන සැකය මත විය  හැකිය.

ඒත් ඊට ගැටළුකාරී ප්‍රතිචාරයක් නොදැක්වූ විපක්ෂ නායක සජිත් ඊට පසු දින උදෑසනම තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ බත්තරමුල්ල රණවිරු ස්මාරකයට ගොස් පුෂ්පෝපහාර දක්වමින් දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව කළේ සෙසු දේශපාලඥයින්ටද ආදර්ශයක් සපයමින්ය.

‍” මේ අපේ මාතෘභූමිය තුළ යළිත් යුද්ධයක් ඇති නොවන්න, යළිත් ත්‍රස්තවාදයක් ඇති නොවන්න රට තුළ ප්‍රතිසංධාන හා සංහිඳියා ක්‍රියාවලිය සිදුවිය යුතුයි. රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව සහ සෛරීත්වය සුරක්ෂිත කරමින්, රට සෞභාග්‍ය කරා ගෙන යාම අපි සියලු දෙනාගේම වගකීමක්, ඒ වෙනුවෙන් රණවිරුවන් එදත්, අදත් ඉටු කරන ඒ සුවිශේෂ මෙහෙවරට සෑම දිනකම ගෞරවය පුදකරන්න අපි පසුබට වෙන්නේ නැහැ.”

එසේ කියමින් සජිත් රණවිරු ස්මාරකය අසලින් නික්ම පැමිණියේ පාර්ලිමේන්තුවටය.

“යුද්ධයෙන් වින්දිතයන් වූ පාර්ශ්වයන්ගේ ගැටලු ජිනීවා නොයා රට තුළම අපි විසඳාගමු“ කියමින් පාර්ලිමේන්තුවේදී ඔහු තම කතාව ආරම්භ කළේය.

දශක 3ක කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ඔවුන්ට නිදහස දිනා දෙන්නට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, යුද හමුදාපතිවරයා ලෙස ඊට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට විශේෂ ගෞරවයක් පුදකරන බවත්, එහිදී ජීවිත ඇස්, හිස්, මස්, ලේ දන් දී රටදැය බේරා ගැනීමට තම පවුල් දෙවැනි තැනට දමමින්, රටට පළමු තැන ලබාදුන් වීරෝධාර රණවිරුවන්ට ගෞරවනීය උත්තමාචාරය පුද කරන බවත්, සජිත් සිය කතාවෙන් අවධාරණය කළේය.

බොහෝ දෙනෙකු කියා තිබුණේ, ඒ කතාවේදී සජිත් තමන් තුළ ඇති නිහතමානීත්වය, නිසි ගෞරව පුදකරන ස්භාවය මෙන්ම තමන්ට කෙතරම් පරිභව කළද ඊට එහා ගිය උසස් ගුණයන් තමන් ප්‍රකට කරන බව යළිත් රටට පෙන්වූ බවය.

(මම | බංගලා හංදියේ ලියුම්කරු)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත්ගේ දේශපාලන සතිය : සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස | The Leader