2000 වසරේ සිට අප අත් විඳිමින් සිටින ගෝලීය භූදේශපාලනික අර්බුදය කුමක් ද? 2000 වසරේ සිට චීනය 19 වන සියවසේ කාර්මික ධනවාදය දෙසට හැරුණු අතර එහි අධෝව්‍යුහය බවට ගල් අඟුරු, කොන්ක්‍රීට්, පෙට්ට්‍රෝ රසායන, කාබන් විමෝචනය දෙසට හැරුණි. චීනය ලෝකයේ කර්මාන්තශාලාව බවට පත් වූවා යන අදහසේ යටි අරුත වන්නේ, 19 වන සියවස අග යුරෝපය අතහැර දමන ලද නිෂ්පාදන මාදිළිය චීනය උපුටා ගත්තාය යන අදහසයි.

චීන කාර්මික ධනවාදයේ තර්කනයට අනුව ලංකාව අවට මුහුදු තීරය වෙළදාමට නිදහස් කර ගැනීමට නියමිතව තිබූ අතර එහි ප්‍රතිවිපාකයක් ලෙස, LTTE සංවිධානය සහමුලින් විනාශ කිරීමට අවශ්‍ය මුදල් සහ ආයුධ ශ්‍රී ලංකාවට CCP ය සපයන ලදී. එහි අතුරුඵලයක් ලෙස, ‘රාජපක්ෂ පවුල’ වීරයන් ලෙස අභිෂේක වූ අතර එහි නිෂ්ටාව ලෙස ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයම දූෂණයට ලක් විය.

නමුත්, 21 වැනි සියවසේ තවදුරටත් ඉදිරියට යෑමට චීනයට නොහැකි වී ඇති අතර 19 වන සියවසේ දී යුරෝපයට මෙන්ම පරිසර බාධකය ඔවුන්ට සම්මුඛ වී ඇත. මේ හේතුව නිසා, චීනය 2029-2030 ඇතුළත තම රාජ්‍ය ව්‍යුහය පෙට්‍ට්‍රෝ-රසායන රාජ්‍ය සැකැස්මෙන් (Petro State) විද්‍යුත්-රාජ්‍ය සැකැස්මක් (Electro State) දක්වා පරිවර්තනය වීම අරඹා ඇත. මෙහි අතුරු ප්‍රතිවිපාකයක් ලෙස, පෙට්ට්‍රෝ- ඩොලර් ආර්ථිකයක් මත රඳා පවතින එක්සත් ජනපද රාජ්‍ය අභ්‍යන්තරයෙන් අර්බුදයට ලක් වීම ආරම්භ වී ඇත. මැදපෙරදිග අර්බුදය සහ ඉරාන යුද්ධය යනු, චීනයේ මෙම ගෝලීය ප්‍රතිව්‍යුහගත වීමේ බාහිර ප්‍රකාශනය යි. මෙය, ලෝකයටම විවිධ ආකාරයෙන් බලපා ඇත. ලෝක මට්ටමින් සැපයුම් ජාල කඩා වැටී ඇත.
චීනය විද්‍යුත්කරණය වීමත් සමග බැටරි වලට, EV වලට, Grid වලින් control වීමට අන් රටවල රාජ්‍යයන්ටත් බල කෙරී ඇත. 100% ක් Oil, Gas, Coal ආනයනය කරන රටක් ලෙස අපගේ රාජ්‍යයේ වියදම ඉහත ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ අහස උසට ගොස් ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍යය ද වහාම විද්‍යුත්කරණයට යොමු විය යුතු අතර ලාභයට විදුලි බලය උපදන මූලාශ්‍ර සෙවිය යුතුය. ඉතාම සරලව කිවහොත්, අපගේ රාජ්‍යය ඉක්මනින් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු අතර රාජ්‍ය-පුද්ගලික ව්‍යාපාර වලට එනම්, අධ්‍යාපනය, සෞඛ්‍යය පවා ලක් කළ යුතුය. ඊට අමතරව, ලාභ විදුලි බලය සඳහා ඉන්දියාව දෙසට හැරිය යුතුය.

විද්‍යුත්කරණයට චීන රාජ්‍යය ඇතුළත් වීමේ දී ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති මුඛ්‍ය අර්බුදය වී ඇත්තේ, චීන රාජ්‍ය සංවිධානය වී ඇති අදේශපාලනික නිලධාරී තන්ත්‍රය යි. එම නිසා, වෙළදපොළ ප්‍රතිව්‍යුහගත කිරීම, තාක්ෂණය යාවත්කාලීන කිරීමට පමණක් චීනයට සීමා විය නොහැකිය. එම නිසා, ඔවුන්ට ඊළඟ පියවර සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විවෘත විය යුතුය. 19 වන සියවසේ කාර්මික ධනවාදී රේඛීය චින්තනය 21 වැනි සියවසට අවලංගු ය. චීනයේ 20 වන සියවස පුරාම හිංසනය පාවිච්චි වූයේ, දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා ය. දැන්, චීනය අදේශපාලනයෙන් මිදිය යුතුය. ෆුකුයාමා- තියැන්නෑම් සිදුවීම් වලට පසුව චීනය දිගටම අදේශපාලනික වෙන බව වටහා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ දී දැන් සිදු වෙමින් යන්නේ, වම සහ වෙළදපොළ ලෙස අන්ත දෙකක් ලෙස ඉතුරුකර මැද දෘෂ්ටියක් සහිත දේශපාලනය ඉවත් කිරීමයි.
එහිදී, දිසානායකට තම පක්ෂය විසින් සිදු කරන අදේශපාලනය සහ නිලධාරී තන්ත්‍රය නැවැත්වීමට අවශ්‍ය ය. අනෙක් අතට වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ, ජාතිවාදී කුරුල්ලන් වූ නාමල්, දිලිත් සහ විමල් පාවිච්චි කර ජාතිකවාදය සහ බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගන්නා UNP යක් බිහි කිරීමයි. එම නිසා, මේ දෙදෙනාට දෙදෙනාව අවශ්‍ය ය. ජාතිවාදයට එරෙහි මතවාදය youTube කරුවන්ට භාර දී පක්ෂය නිහඬ කරවා ඇත්තේ එම නිසා ය.
- දීප්ති කුමාර ගුණරත්න -




