The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘කළු සල්ලි’ අල්ලන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් මෙහෙයුමක්

T

The Leader Desk

June 2, 2026 • 6:56 AM

‘කළු සල්ලි’ අල්ලන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් මෙහෙයුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම්ප්‍රදායිකව ලංකාවේ අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති හැදෙන්නේ මුදල් අමාත්‍යාංශයේ තිර රෙදි පිටුපස, එක්කෝ දේශපාලනඥයන්ගේ උවමනාවට නැතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග මතය.
  • මුදල් අමාත්‍යාංශයේ ‘ආදායම් කළමනාකරණ කමිටුව’ (RMC) පවසන්නේ එළඹෙන ජූනි 12 වැනිදාට පෙර මෙම සාක්ෂි සහිත යෝජනා තමන් වෙත ලබා දිය යුතු බවයි.
  • 20% ක ඉලක්කය සහ බදු අනුපාතවල සීමාව ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20% ක මට්ටමක් දක්වා ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.
  • දැනටමත් IMF කොන්දේසි මත පැනවූ වැට් (VAT) ඇතුළු බදු බරින් මහජනතාව ඉන්නේ පාලනය කරගත නොහැකි කෝපයකය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත් මෙවර මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එම සම්ප්‍රදාය කඩාබිඳ දමමින් සුවිශේෂී තීරණයක් ගෙන තිබේ. ඒ, රටේ දිගුකාලීන රාජ්‍ය ආදායම ස්ථාවර කරගැනීම සඳහා විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද විද්‍යාත්මක යෝජනා කැඳවමිනි.

මුදල් අමාත්‍යාංශයේ ‘ආදායම් කළමනාකරණ කමිටුව’ (RMC) පවසන්නේ එළඹෙන ජූනි 12 වැනිදාට පෙර මෙම සාක්ෂි සහිත යෝජනා තමන් වෙත ලබා දිය යුතු බවයි.

20% ක ඉලක්කය සහ බදු අනුපාතවල සීමාව

ආර්ථිකයේ වර්ධනයක්
ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20% ක මට්ටමක් දක්වා ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

දැනටමත් IMF කොන්දේසි මත පැනවූ වැට් (VAT) ඇතුළු බදු බරින් මහජනතාව ඉන්නේ පාලනය කරගත නොහැකි කෝපයකය. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ තවදුරටත් බදු අනුපාත (Tax Rates) ඉහළ දැමීමෙන් පමණක් මෙම අර්බුදය විසඳිය නොහැකි බවයි. ඊට හේතුව, බදු පැහැර හැරීම් සහ දූෂිත පරිපාලන ව්‍යුහය තවමත් එලෙසම පැවතීමයි.

‘කළු සල්ලි’ සහ ඩිජිටල්කරණයේ අභියෝගය

Money 1200px 08 09 24 1000x600
මෙම මහජන උපදේශනයේ ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දැවැන්ත ‘අවිධිමත් ආර්ථිකය’ (Informal Economy) විධිමත් රාමුගත කිරීම කෙරෙහිය. ලංකාවේ සිදුවන ආර්ථික ගනුදෙනුවලින් විශාල ප්‍රතිශතයක් කිසිදු නියාමනයකට හෝ බදු දැලකට හසු නොවන අතර, එහි බර පතිත වන්නේ නීතිගරුකව බදු ගෙවන සීමිත පිරිස මතය.

දේශීය ආදායම්, රේගු සහ සුරාබදු වැනි ප්‍රධාන ආදායම් උපයන ආයතන කඩිනමින් ඩිජිටල්කරණය (Digitalization) කර, දත්ත විශ්ලේෂණ තාක්ෂණය (Data Analytics) හරහා කාන්දුවීම් වැළැක්වීම සඳහා ප්‍රායෝගික යෝජනා රජය අපේක්ෂා කරයි. තාක්ෂණය භාවිත කිරීමෙන් බදු අනුපාත වැඩි නොකර, ආදායම් පදනම (Tax Base) පුළුල් කළ හැකි බව මීට පෙරද විවිධ විද්වත් කණ්ඩායම් පෙන්වා දී තිබිණි.

කඩදාසි මත ලස්සන සැලසුම් හැදීම ලංකාවේ නිලධාරී තන්ත්‍රයට අලුත් දෙයක් නොවේ. මෙම ක්‍රියාවලියේ ඇති සැබෑ අභියෝගය වන්නේ එකතු වන යෝජනා අතරින් දේශපාලනිකව සංවේදී, පරිපාලනමය වශයෙන් දැඩි තීන්දු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට පවතින කොන්ද කෙළින් තබාගැනීමේ හැකියාවයි. බදු දැල පුළුල් කිරීමේදී දේශපාලන හිතවතුන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් අමනාප කරගැනීමට සිදුවන බැවින්, මෙම මහජන උපදේශනය හුදු 'ප්‍රචාරක උපක්‍රමයක්' (PR Stunt) නොවී සැබෑ ප්‍රතිසංස්කරණ කරා ගමන් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති. සිදුවන්නේ කුමක්දැයි අප බලා සිටිය යුතුය.

(සටහන | සම්පත් ධීරසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...