The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉදිරි එල් නිනෝ සමයේදී මුහුදු වතුරත් බොන්න වෙයිද?

T

The Leader Desk

June 11, 2026 • 9:44 AM

ඉදිරි එල් නිනෝ සමයේදී මුහුදු වතුරත් බොන්න වෙයිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
  • ධර්මතිලක ප්‍රකාශ කළේ මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බවත්, එහි බලපෑමෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බවත්ය.
  • හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතුව ඇති ජල බවුසර් ප්‍රමාණය දැනටමත් සීමිත මට්ටමක පවතින බැවින්, පවතින තත්ත්වයට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
  • එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය (WMO) මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක ප්‍රකාශ කළේ මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බවත්, එහි බලපෑමෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බවත්ය.

හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතුව ඇති ජල බවුසර් ප්‍රමාණය දැනටමත් සීමිත මට්ටමක පවතින බැවින්, පවතින තත්ත්වයට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය (WMO) මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.

 



මේ අතර, ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට මෙයින් ඇතිවිය හැකි දැඩි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්ෂණික හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය 10 වැනිදා දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

එල් නිනෝ යනු ‘එල් නිනෝ – දක්ෂිණ දෝලනය’ (ENSO) ලෙස හැඳින්වෙන ස්වාභාවික දේශගුණික චක්‍රයක කොටසකි. එය හටගන්නේ මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙනි. මෙම උණුසුම් වීම ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිදු වුවද, එය මුළු මහත් පෘථිවියේම වායුගෝලීය සංසරණ රටාවලට බලපෑම් කරයි. මෙම වෙනස්වීම් නිසා විවිධ මහාද්වීපවල වර්ෂාපතනය, උෂ්ණත්වය සහ කාලගුණික පද්ධතීන් වෙනස් විය හැකිය. එල් නිනෝ සක්‍රිය වන වසරවලදී ඇතැම් කලාපවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවන අතර, තවත් කලාප කිහිපයක් දිගුකාලීන නියඟයන්ට සහ දැඩි උෂ්ණත්වයට මුහුණ දෙයි. මෙහි බලපෑම් රටින් රටට වෙනස් වුවද, ගෝලීය ආහාර නිෂ්පාදනයට, ජල සැපයුමට මෙන්ම ආර්ථික වර්ධනයට පවා බලපෑම් කිරීමට තරම් මෙම සංසිද්ධිය බලවත්ය.

ලංකාවේ අතීත දේශගුණික දත්ත දෙස බැලීමේදී පෙනී යන්නේ, එල් නිනෝ තත්ත්වයන් සාමාන්‍ය මෝසම් වැසි රටාවලට බාධා පමුණුවා ඇති බවයි. කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම, ජල විදුලි උත්පාදනය සහ සමස්ත පරිසර පද්ධතියේ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන මෝසම් වැසි වාර දෙකක් මත යැපෙයි. එහෙත් එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වන විට මෙම වැසි රටාවන් අනාවැකි කිව නොහැකි ලෙස වෙනස් වන අතර ඉදිරි කාලසීමාව සඳහා පහත බලපෑම් අපේක්ෂා කෙරේ.

idiri1
2026 මැයි – සැප්තැම්බර් කාලයේ දී උදාවන නිරිතදිග මෝසම් කාලය තුළ බටහිර, දකුණ සහ මධ්‍යම කලාපවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. එවැනි තත්ත්වයක් වසරේ මැද භාගයේදී නියඟයක් ඇතිවීමේ අවදානම වැඩි කරයි. එමෙන්ම 2026 ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාව සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස උණුසුම් කාලගුණික තත්ත්වයන් අත්විඳිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ දැඩි ඉඩක් පවතී.

2026 දෙසැම්බර් – 2027 පෙබරවාරි කාලයේ උදාවන ඊසානදිග මෝසම් කාලසීමාවේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමේ ඉඩක් පවතින අතර, එමඟින් දරුණු ගංවතුර අවදානමක්ද මතුවිය හැකිය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවා ඇත්තේ 2026 වසරේ දෙවන අර්ධය වනවිට “සුපිරි එල් නිනෝවක්” වර්ධනය වීමේ ඉඩක් පවතින බවයි. වත්මන් එල් නිනෝ බලපෑම 2026 පුරා ශක්තිමත් වීමට ඉඩ ඇති අතර එය වාර්තාගත ශක්තිමත්ම එකක් බවට පත්විය හැකිය.

පැසිෆික් සාගරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස්, ගෝලීය වශයෙන් විශාල කාලගුණික කැළඹීම් ඇති කරන අතිශය දරුණු එල් නිනෝ තත්ත්වයන් හැඳින්වීමට “සුපිරි එල් නිනෝ” යන පදය භාවිත කෙරේ. සාමාන්‍ය එල් නිනෝ තත්ත්වයක් වසර දෙකත් හතත් අතර කාලයකදී ඇතිවිය හැකි වුවද, පසුගිය දශක කිහිපය තුළ සුපිරි එල් නිනෝ තත්ත්වයන් දකින්න ලැබුණේ අතළොස්සක් පමණි. දේශගුණික වාර්තාවලට අනුව 1972-73, 1982-83, 1997-98 සහ 2015-16 යන වසරවලදී නූතන ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලම සුපිරි එල් නිනෝ තත්ත්වයන් දැකගත හැකි විය.

idiri2

 

1982 – 83 ඇති වූ සුපිරි එල් නිනෝ තත්ත්වයේදී දේශගුණික නිරීක්ෂණ තාක්ෂණය අද තරම් දියුණු නොතිබූ බැවින් බොහෝ රටවල් මෙයින් දැඩි ලෙස අපහසුතාවයට පත් විය. මෙම සංසිද්ධිය හේතුවෙන් දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට විනාශකාරී ගංවතුර ඇති වූ අතර, ඕස්ට්‍රේලියාව සහ තවත් කලාප කිහිපයක දැඩි නියඟයක් හටගත්තේය. මෙයින් සිදු වූ ආර්ථික හානිය ඩොලර් බිලියන ගණනක් විය.

1997-98 සුපිරි එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ වාර්තා වූ බලගතුම එකක් ලෙස සැලකේ. එයින් මහාද්වීප කිහිපයකටම විනාශකාරී කාලගුණික තත්ත්වයන් උදා විය. ඇතැම් රටවල ගංවතුර නිසා ගම්මාන පිටින් විනාශ වෙද්දී, තවත් රටවල දිගුකාලීන නියඟය හේතුවෙන් දරුණු ලැව්ගිනි හටගත්තේය. මෙහි ඍජු හා වක්‍ර බලපෑම් හේතුවෙන් ලොව පුරා මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර ජාතික ආර්ථිකයන්ට සිදු වූ හානිය අතිවිශාලය.

2015-16 සුපිරි එල් නිනෝ සිදුවීමේදී ලෝකයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගිය අතර රටවල් කිහිපයකම නියඟය උග්‍ර විය. ආහාර නිෂ්පාදනය පහත වැටී, ජල හිඟය උත්සන්න වූ අතර, මිලියන සංඛ්‍යාත ජනතාවකට සහන සැලසීමට මානුෂීය ආයතනවලට මැදිහත් වීමට සිදු විය. ස්වාභාවික දේශගුණික චක්‍ර සමඟ මිනිසා විසින් සිදු කරන දේශගුණික විපර්යාසයන් බද්ධ වූ විට එහි බලපෑම කොතරම් තීව්‍ර විය හැකිද යන්න මෙයින් මනාව පැහැදිලි විය.

 

b7i467i67

පසුගිය සුපිරි එල් නිනෝ කාලවලදී ලෝකයේ අනෙකුත් විශාල රටවලට සිදු වූ තරමේ මහා විනාශයක් ශ්‍රී ලංකාවට සිදු නොවූවත්, වැසි ජලය මත බෙහෙවින් යැපෙන රටක් වශයෙන් අප තවමත් පසුවන්නේ අවදානම් සහගත තත්ත්වයකය. අපේ ආර්ථිකයේ සහ ග්‍රාමීය ජන ජීවිතයේ ප්‍රධානතම පදනම කෘෂිකර්මාන්තයයි. වී වගාව, එළවළු වගාව සහ අනෙකුත් ගොවිතැන් කටයුතු සම්පූර්ණයෙන්ම වර්ෂාව මත රඳා පවතී. දිගුකාලීන නියඟයක් ඇති වුවහොත් අස්වැන්න අඩු වී, නිෂ්පාදන වියදම් ඉහළ ගොස්, අවසානයේ ආහාර මිල ගණන් ඉහළ යාමට එය බලපායි.

201503011213360098 1200x550

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි, මෙවර ජල මූලාශ්‍ර සිඳී ගියහොත් ජලය බෙදාහැරීමට පවා ප්‍රභවයන් නොමැති වනු ඇත. එමෙන්ම, නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශද දැඩි ජල හිඟයකට මුහුණ දිය හැකි අතර, ජලාශවල ජල මට්ටම පහත වැටීමෙන් ජල විදුලි උත්පාදනය සීමා වී විදුලි පිරිවැයද වැඩි විය හැකිය.

මීට අමතරව, අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාම මහජන සෞඛ්‍යයටද දැඩි තර්ජනයකි. දැඩි උණුසුම නිසා දරුවන්, වැඩිහිටියන්, එළිමහනේ සේවය කරන ජනතාව සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් දැඩි ලෙස පීඩාවට පත් වෙති. නාගරික ප්‍රදේශවල පවතින උණුසුම් වටපිටාව නිසා ජන ජීවිතය තවත් දුෂ්කර වන අතර, ගොඩනැගිලි සිසිල් කිරීමේ අවශ්‍යතාව ඉහළ යන බැවින් විදුලි පද්ධතියට ඔරොත්තු නොදෙන තරමේ ඉල්ලුමක්ද ඇතිවිය හැකිය.

එබැවින්, ඉදිරියේදී ඇතිවිය හැකි සුපිරි එල් නිනෝ තත්ත්වයකට ලෑස්ති වීම යනු හුදෙක් කාලගුණ අනාවැකි දෙස බලා සිටීම පමණක් නොවේ. ඒ සඳහා ජල සම්පත ඉතා සැලසුම් සහගතව කළමනාකරණය කිරීම, ආපදා සූදානම ශක්තිමත් කිරීම සහ නිවැරදි දේශගුණික තොරතුරු මහජනතාව වෙත කඩිනමින් රැගෙන යාම අවශ්‍ය වේ. ජල කළමනාකරණය හා විකල්ප සෙවීම මේ අතරින් එකකි. වැසි අඩු කාලවලදී පාවිච්චි කිරීම සඳහා ජලාශ සහ වාරිමාර්ග පද්ධති ඉතා කාර්යක්ෂමව පාලනය කරමින් ජලය සුරැකිය යුතුය. ආන්තික අවස්ථාවකදී සාගර ජලය පිරිපහදු කිරීම වැනි විකල්ප කෙරෙහි පවා අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

cvw6uy5656u567

 

කෘෂිකාර්මික බලධාරීන් විසින් ගොවීන්ට ගැළපෙන බෝග වර්ග තෝරා ගැනීම, වගා කාලසටහන් වෙනස් කිරීම සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ක්‍රමවේද ගැන උපදෙස් දිය යුතුය. නිවෙස්වලදී ජලය වගකීමෙන් යුතුව භාවිත කිරීමට සහ අධික උණුසුමෙන් ආරක්ෂා වීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතුය.

රාජ්‍ය ආයතන 20ක විශේෂ සාකච්ඡාවෙන් පැහැදිලි වන්නේ, මෙවැනි දේශගුණික අවදානමකට තනි ආයතනයකට පමණක් මුහුණ දිය නොහැකි බවයි. කාලගුණ විද්‍යාඥයන්, ජල කළමනාකරුවන්, කෘෂිකර්ම විශේෂඥයන්, සෞඛ්‍ය නිලධාරීන් සහ ආපදා සහන සේවා ආයතන එකමුතුව ක්‍රියා කිරීම මෙයට ඇති එකම විසඳුමයි. වසරේ එක් කොටසක නියඟයක් ඇති වී, පසුව ගංවතුර අවදානමක් මතු වුවහොත්, මේ අන්තයන් දෙකටම මුහුණ දීමට බලධාරීන් සූදානමින් සිටිය යුතුය.

එල් නිනෝ පිළිබඳව කෙරෙන මෙම කතාබහෙන් අපට මතක් කර දෙන්නේ, පරිසරය අවිනිශ්චිත වෙමින් පවතින ලෝකයක දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම කොතරම් වැදගත්ද යන්නයි. ඉදිරි මාස කිහිපය තුළ කාලගුණය කෙසේ වෙනස් වේදැයි ස්ථිරවම කිව නොහැකි වුවත්, මෙවැනි ප්‍රබල එල් නිනෝ අවදානමක් පැවතීම අපේ සූදානම ශක්තිමත් කරගැනීමට ලැබුණු හොඳ අවස්ථාවකි. කල්තියා සැලසුම් කිරීමෙන්, ඔරොත්තු දීමේ හැකියාව සඳහා ආයෝජනය කිරීමෙන් සහ විද්‍යාත්මක අනතුරු ඇඟවීම්වලට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමෙන්, ඉදිරියේදී පැමිණිය හැකි ඕනෑම අභියෝගයකින් අපේ ජනතාව, ආර්ථිකය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට පුළුවන්කම ලැබෙනු ඇත.

(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

සබැඳි ලිපි :

එල් නිනෝ (El Niño) යක්ෂයා ලංකාව දෙසට: බඩගින්නයි පිපාසයයි රැකගන්න ආණ්ඩුවෙන් ‘හදිසි යුද සැලසුමක්’!

සාගර ජලය බොන්න වෙන ලකුණු? - 'එල් නිනෝ' තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයින්ට බය හිතෙන කතාවක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉදිරි එල් නිනෝ සමයේදී මුහුදු වතුරත් බොන්න වෙයිද? | The Leader