The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : විනිසුරු පුරප්පාඩු ගැන සජිත් දාපු ගුල්ලිය

T

The Leader Desk

June 14, 2026 • 10:50 AM

සජිත්ගේ දේශපාලන සතිය : විනිසුරු පුරප්පාඩු ගැන සජිත් දාපු ගුල්ලිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි රටක් විදිහට බරපතල අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසාය.
  • Vybes නමින් TikTok ගිණුමක් හරහා අදහස් දක්වන ආචාර්ය ශාන් ජයසිංහ ‘ලංකාවේ විපක්ෂය බංකොලොත්ද?’ සඳහන් කරමින් වීඩියෝවක් මුදාහැර තිබුණි.
  • ඉන් ප්‍රශ්ණ කර තිබුණේ වත්මන් ආර්ථික අර්බුදය සහ මැයි 27 ශ්‍රී ලංකාව පිළිබඳ IMF ඉදිරිපත් කළ වාර්තාව ගැන විපක්ෂය අදහස් නොදක්වන්නේ ඇයිද ?
  • මෙය දුටු විපක්ෂ නායක සජිත් පැවසුවේ… ”මේ කියන කථාව සම්පූර්ණයෙන්ම වැරදීයි, මැයි 21 පාර්ලිමේන්තුවේදී මේ ගැන මම කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):


තෙල්, ගෑස්, කිරිපිටි, විදුලි, එකී, මෙකී, නොකී සියළු දේම දිනපතා ඉහළ නගිමින් ඇත්තේ ආර්ථික ගිණි කන්ද යළිත් පුපුරන්නට ආසන්න වී ඇති නිසාය.

Vybes නමින් TikTok ගිණුමක් හරහා අදහස් දක්වන ආචාර්ය ශාන් ජයසිංහ ‘ලංකාවේ විපක්ෂය බංකොලොත්ද?’ සඳහන් කරමින් වීඩියෝවක් මුදාහැර තිබුණි.

ඉන් ප්‍රශ්ණ කර තිබුණේ වත්මන් ආර්ථික අර්බුදය සහ මැයි 27 ශ්‍රී ලංකාව පිළිබඳ IMF ඉදිරිපත් කළ වාර්තාව ගැන විපක්ෂය අදහස් නොදක්වන්නේ ඇයිද ? කියාය.

මෙය දුටු විපක්ෂ නායක සජිත් පැවසුවේ…

”මේ කියන කථාව සම්පූර්ණයෙන්ම වැරදීයි, මැයි 21 පාර්ලිමේන්තුවේදී මේ ගැන මම කිව්වා. ඒ වාර්තාව එන්නත් කලින්.” එසේ කියූ සජිත් මේ බොරු ප්‍රචාරවලට වහාම ප්‍රතිචාර දක්වන ලෙස තම මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී තිබුණි.

සජිත් තක්කෙටම රටේ ආර්ථිකය ගැන කියපු හැටි

WhatsApp Image 2026 06 14 at 14.06.00 සජිත් තක්කෙටම රටේ ආර්ථිකය ගැන කියපු හැටි
මැයි 27 වනදා IMF නිකුත් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය ගැන භයානක කරුණු දෙකක් අවධාරණය කර තිබුණි. ඉන් එකක් ණය තිරසර භාවය, එනම් 2027 සිට ණය ගෙවීමට හැකිද යන්නය. දෙවැන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය ආනයන අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිද? යන්නය. මේ දෙකටම අවශ්‍යවන්නේ ඩොලර්ය. එනම් අපේ රටේ මේ මොහොතේ ඩොලර් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව සතුව මේ මොහොතේ ඇත්තේ ඩොලර් බිලියන 6.8ක් පමණ වූ ප්‍රමාණයකි. එහෙත් IMF අවධාරණය කරන්නේ, 2026 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 8.6 ක විදෙස් සංචිත තිබිය යුතු බවය.

එනම් ඉදිරි මාස 6 තුළ පමණක් අප ඩොලර් බිලියන 1.2 විදෙස් සංචිත අලුතින් එක්කර ගතයුතුව තිබේ.

එමෙන්ම 2028 වසරේ ණය ගෙවීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 14 ක විදේස විනිමය සංචිතයක් තිබිය යුතු බවද IMF එම වාර්තාව මගින් සිහිපත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් මේ බව මැයි 21 වනදා පාර්ලිමේන්තුවේදී රටටම හෙළිදරව් කළේය.

ඔහු කිව්වේ මේ බරපතල තත්ත්වයට මුහුණදීමට නම් IMF සමඟ අනුප්‍රාප්තික ගිවිසුමකට යන්නැයි කියාය.

අනුප්‍රාප්තික ගිවිසුමක් යනු හුදෙක් නව ගිවිසුමක් පමණක් නොව, එය 2023 දී ලබාගත් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් වූ පසු ක්‍රියාත්මක වන, ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික ස්ථායිතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ උපායමාර්ගික සැලැස්මක් බව ආර්ථික විශේෂඥයින් පවා තහවුරු කළ සත්‍යවී තිබේ.

එමගින් හදිසි ආර්ථික කම්පන වළක්වා ගැනීමටත්, අපහසුවෙන් දිනාගත් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම වළක්වා ගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආරක්ෂණ දැල අඛණ්ඩව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙන බවත්, මෙවැනි අනුප්‍රාප්තික ගිවිසුමක් යනු ආර්ථිකයේ අනාගත ස්ථාවරත්වය කරා ශක්තිමත් පාලමක් සකස් කිරීමක් බවත් ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරුන් පවා පසුගිය සතියේ පෙන්වා දී තිබුණි.

ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය පසුගිය සති දෙකේ අපි ‘සජිත්ගේ දේශපාලන සතිය’ ඔස්සේ ඔබට විස්තර කළේය.

සජිත් ඉන්දීය ව්‍යාපාරිකයින් හමුවූ කොළඹ හමුව

WhatsApp Image 2026 06 14 at 14.06.13 සජිත් ඉන්දීය ව්‍යාපාරිකයින් හමුවූ කොළඹ හමුව.
දකුණු ආසියානු ආර්ථිකයේ අනාගත සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව, කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ ආයෝජකයන් විසින් තීරණය කරනු ඇති බව විපක්ෂ නායක සජිත් පැවසුවේ, කොළඹ පැවති Vestige Investor and Dealer සමුළුව අමතමින්ය.

“ රටක් ලෙස අපි මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී අපි අත්දැකීම් ගොඩක් ලැබුවා. නිදහස් වෙළෙඳපොළ සංකල්පයත්, එය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමත්, සමාජ සාධාරණත්වය හා විනිවිදභාවය ශක්තිමත් කිරීමත්, සමාන අවස්ථා ඇති කරමින් ඒකාබද්ධ වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම තමයි වැදගත් වෙන්නේ. අපි රටක් විදිහට නිෂ්පාදන ආර්ථිකයක් සහ ඒවා වැඩි වශයෙන් අපනයනය කරන වෙළඳපොල නිර්මාණය කළ යුතුයි. මම ඉන්දීය ව්‍යාපාරික සහ ආයෝජක ඔබ සියළු දෙනාට ආරාධනා කරනවා එන්න අපේ රටට ඔබේ ව්‍යාපාරවලට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න අපි සූදානම්”

එම කථාවෙන් පසු විපක්ෂ නායක සජිත් අසලට පැමිණි ඉන්දීය නියෝජිතයින් ඔහුට පැවසුවේ…,

“ ඔබ හැමදාම විවෘතව අදහස් ප්‍රකාශ කරන එකට අපි සතුටුයි, ඔබ ආර්ථිකය එක්ක දේශපාලනය කරන්නේ නෑ, අපි දකිනවා ඔබ ඇත්ත කථා කරනවා, අවංකව කථා කරනවා, ඒ වගේම යථාර්තය කථා කරනවා.”

එම අදහස්වලට සවන්දුන් සජිත් ඉන්දීය ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සමඟ බොහෝ වේලාවක් සුහදව කතාබහේ නිරතවී සිටින අයුරුද දැකගත හැකි විය.

මාදැල් ධීවරයින්ගෙන් සජිත්ට ප්‍රශ්ණ වැලක්

WhatsApp Image 2026 06 14 at 14.06.29මාදැල් ධීවරයින්ගෙන් සජිත්ට ප්‍රශ්ණ වැලක්
හම්බන්තොට නගරය ආසන්න මුහුදු තීරයේ මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට සජිත් ප්‍රේමදාස කටයුතු කළේ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු ප්‍රදේශයේ විපක්ෂ දේශපාලඥයින්ට ධීවරයින් කළ ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගෙනය.

“ සර්, අපි පාරම්පරිකව මාදැල් රැකියාව කරපු මිනිස්සු, ඒත් දැන් අපේ ලයිෂන් කැන්සල් කරලා. මෙහේ මාදැල් තොටුපොළවල් 3ක් තියෙනවා. ඒත් ලියාපදිංචි කරලා තියෙන්නේ එකයි. අපි අවුරුදු 22 තිස්සේ කරපු රස්සාව කරගන්න බැරුව අපි අසරණ වෙලා ඉන්නේ. කුඩා බෝට්ටු සහ අනිත් ධීවර රැකියාවලට හානියක් නොවෙන්න මීටර් 750ක ප්‍රමාණය අත්හැරලා අපි මාදැල් අදින්න සූදානම්. ඒත් ලයිෂන් නැති නිසා අපි අනාතයි සර්”

මේ ගැටළුව ගැන තමන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත්, අදාළ බළධාරීන් සමඟ සාකච්ජා කර ධනාත්මක විසඳුමක් ලබාදෙන්නට ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙහිදී සජිත් අවධාරණය කළේය.

 

WhatsApp Image 2026 06 14 at 14.06.30
ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි !

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන පසුබිමක විපක්ෂ නායක සජිත් ආණ්ඩුව හිට් විකට් වෙන ගුග්ලියක් මුදාහැරියේ පසුගිය සතියේය.

“ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසිනුත් අධිකරණයේ ස්වාධිනත්වය සහ නිතීයේ ආධිපත්‍ය හා මහජන විශ්වාසය ගැන ගැඹුරින් අවධානයට ලක්කර තිබුණා. රටේ ජාතික වැදගත්කමින් යුත් මේ කරුණ ගැන රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.”

සජිත් එලෙස 27 (2) ප්‍රශ්ණයක් යොමු කළේ ආණ්ඩුවට කට උත්තර නැති කරමින්ය.

“ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන එන්නේ නම්, එයට පදනම් වූ නිල අවශ්‍යතා තක්සේරුවක් හෝ ප්‍රතිපත්ති වාර්තාවක් හෝ දත්තමය අධ්‍යයනයන් තිබිය යුතුයි. තියෙනවා නම් ඒවා සභාගත කරන්න. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව දැනටමත් වැඩිකරලා තියෙන්නේ, ඒ වගේ පසුබිමක තවදුරටත් විශ්‍රාම වයස ඉහළ දැමීමේ අවශ්‍යතාව රජය සාධාරණීකරණය කරන්නේ කෙහොමද? “

සජිත්ගේ මේ කරුණු දැක්වීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 159 ටම මීක් සද්ධයක් නැතිවිය.

උපරිමාධිකරණය විනිසුරු තනතුරු 8ක් පුරප්පාඩු වෙලා

අධිකරණ පද්ධතියේ ප්‍රමුඛ ගැටලු ලෙස නඩු ප්‍රමාදය, නඩු ගොඩගැසීම විනිසුරු හිඟය සහ ජනතාවට අසාධාරණ ප්‍රමාදයන් සිදුවීම ගැන බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර 4ක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධුර 4ක් දීර්ඝ කාලයක සිට පුරප්පාඩු වීමට හේතුව කුමක්දැයි සජිත් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්ණ කර සිටියේය.

“ මේ විනිසුරු පුරප්පාඩු පිරවීම වෙනුවට විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දාන එක රජයේ ප්‍රමුඛතාවක් වෙලා තියෙන්නේ මෙන ප්‍රමුඛතා පදනමින්ද?”

අධිකරණ කටයුතු ගැන භයංකාර පූර්වාදර්ශයක් ද?

WhatsApp Image 2026 06 14 at 14.07.39අධිකරණ කටයුතු ගැන භයංකාර පූර්වාදර්ශයක් ද?

මෙම යෝජනාව මගින් ආණ්ඩුවලට තමන්ගේ දේශපාලන අවශ්‍යතා අනුව විටින් විට අධිකරණයේ ව්‍යුහය වෙනස් කිරීම සඳහා  භයංකාර පූර්වාදර්ශයක් නිර්මාණය වෙන බවත්, අධිකරණයේ ස්වාධිනත්වය අපක්ෂපාතීත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ, මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සටන් පාඨ කිහිපයක්ද මතක් කරමින්ය.

සජබෙන් නව සිවිල් සමාජ ව්‍යාපාරයක්

WhatsApp Image 2026 06 14 at 14.07.02සජබෙන් නව සිවිල් සමාජ ව්‍යාපාරයක්
සමගි ජන බලවේගයට සම්බන්ධ වෘත්තිකයින්, විද්වතුන් සහ අනුබද්ධ සංවිධාන නියෝජිතයින් කළක සිට කළ ඉල්ලීමක් අනුව පක්ෂ නායක සජිත්, ලේකම් රංජිත් සහ සභාපති කබීර් වැදගත් තීන්දුවක් ගත්තේ මීට සතියකට පෙරය.

ඒ, සමගි ජන බලවේගයටම අනන්‍ය වූ නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අවසර දීමටය.

ඒ අනුව පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයට කැඳවූ එම නව සිවිල් සංවිධානයට අයත් නියෝජිතයින්, අධිකරණයේ ස්වාධීනත්වයටත්, මාධ්‍යයේ නිදහසටත් වත්මන් මාලිමා ආණ්ඩුව සිදුකරමින් යන බලපෑම් එකින් එක විස්තර කරන්නට විය.

“ අපි දැක්කා හැම දේශපාලන පක්ෂයක්ම මෙතෙක් කල් සිවිල් සමාජ ව්‍යාපාර යොදා ගත්තේ බලය ගන්න, ඒත් සමගි ජන බලවේගය නිර්මාණය කරන සිවිල් සමාජ ව්‍යාපාරය කියන්නේ ජාතික න්‍යාය පත්‍රයක් සකස් කිරීමම විතරක් නෙමෙයි, ඒ සමාජ ගිවිසුම ජනතාව ඉදිරියට අරන් ගිහින්, මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඒ සමාජ ගිවිසුම සක්‍රීයව ක්‍රියාවට නැංවීමේ පෙරගමන්කරුවන් විය යුත්තෙත් ඔබ සියළු දෙනා තමයි”

එහෙම කිව්වේ විපක්ෂ නායක සජිත්ය.

ගමටත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්

tfdr
මේ සංවිධානය අගනුවර කේන්ද්‍ර කරගෙන ගොඩනැගීමට සීමා නොවිය යුතු බවත්,  පළාත් 9ම, දිස්ත්‍රික් 25ම ඇතුලත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම සම්බන්ධ කරගනිමින් දැවැන්ත සිවිල් සමාජ ව්‍යාපාරයක්  ගොඩනැගීමට සමගි ජන බලවේගයේ නව සිවිල් සංවිධාන ජාලය කටයුතු කළ යුතු බවත්, සජිත් අවධාරණ කළේය.

ඔහු කියා සිටියේ රටේ ලක්ෂ 220 ම ආවරණය කරන, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමථාර්ථ මුදුන්පත් කිරීමට ඒ ඔස්සේ කටයුතු කළ යුතු බවය.

විදෙස් නියෝජිතයින් රැසක් සජිත් හමුවෙයි

WhatsApp Image 2026 06 14 at 14.07.17

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (AIIA) වික්ටෝරියානු ශාඛාවේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත්ව හමුවුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන පදනමක් බවත්, එහෙත් වර්තමාන අධ්‍යාපන පද්ධතිය ගත්විට වාර්ෂික රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා සමඟ ඒ ක්‍රියාවලිය නොගැලපෙන බවත්, රට තුළ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් ඇති බවත්, එහෙත් ප්‍රමුඛ පෙළේ සීමිත පාසල් සංඛ්‍යාවකට වැඩි සම්පත් ලබාදීමත්, බහුතර පාසැල් සංඛ්‍යාවක් තවමත් ක්‍රියාත්මක වන්නේ අඩු පහසුකම් යටතේ බවත් සජිත් පෙන්වා දුන්නේය.

“ ඒ තත්ත්වය පුරවැසියන් අතර අසමානතා නිර්මාණය වන්න හේතුවක්, දැනුම සහ අධ්‍යාපනය කියන්නේ හැමෝටම පොදු අසමානතා අවම ක්‍රියාවලියක් විය යුතුයි, ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන මේ ව්‍යුහාත්මක ගැටලු විසඳා ගන්න, ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනගන්න අවශ්‍යයි, තරඟකාරීත්වය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරුවන්ට සම අවස්ථා තියෙන හොඳ අධ්‍යාපන පරිසරයත් නිර්මාණය කිරීම. ඉතිං ඔබටත් මේ සඳහා දායකවෙන්න කියලා මම ආරාධනා කරනවා”

WhatsApp Image 2026 06 14 at 14.07.18

 

ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ AIIA කවුන්සිලයේ සාමාජික සහ දකුණු ආසියානු වැඩසටහනේ සම-ප්‍රධානී ප්‍රකාශ් මිර්චාන්දනි සහ රිචඩ් අයන් කියා සිටියේ තමන් ඒ පිළිබඳව තම ආයතනය දැනුවත් කරන බවය.

මෙම නියෝජිත පිරිසට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ සමාජ ක්‍රියාකාරිකයින්, විද්වතුන් මෙන්ම, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරික නායකයින් පිරිසක්ද එක්ව සිටියේය.

ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් ගෙවුණු සතියේ සජිත්ව හමුවුණේ පාර්ලිමේන්තුවේදීය.

 

WhatsApp Image 2026 06 14 at 14.07.18 1විදෙස් නියෝජිතයින් රැසක් සජිත් හමුවෙයි
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව පිළිබඳ විපක්ෂ නායක සජිත් සමඟ දීර්ඝ සාකච්ජාවක නිරතවූ නියෝජිතයින් ඇමරිකානු බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබුණි.

මෙරට ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් ලෙස කටයුතු කළ ආචාර්ය සත්‍යාංගල් පාන්ඩේ ද, තම සේවා කාලසීමාව අවසන් කර යළි ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර විපක්ෂ නායක සජිත් හමුවිය.

පුංචි දරුවෙකුට සජිත් දුන් ආදර්ශය

WhatsApp Image 2026 06 14 at 14.07.27පුංචි දරුවෙකුට සජිත් දුන් ආදර්ශය
Rain forest trust සංවිධානය විසින් ක්‍රියාවට නංවන වෘක්ෂලතාවල නාමපුවරු සවිකර ජනතාව දැනුවත් කර කොළඹ පාරිසරික සංරක්ෂණ කලාප නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන්ය.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය ආශ්‍රිත ඇවිදින මංතීරුව අසළ පැවැති උත්සවයේදී පළමු නාම පුවරුව විවෘත කිරීමේ අවස්ථාව සජිත් පුංචි පුතෙකුට ලබාදී තිබුණේ ඔහුට ගස්වැල් ආරක්ෂා කිරීමේ අගය පෙන්වා දෙමින්ය.

“ ඔන්න ඔයා මේ කළේ පොඩි වැඩක් නෙමෙයි. රටටම වටින වැඩක්. මේ ගහ කිරිපළු. පුතා දන්නවද මේක අපේ රටට ආවේණික ගහක්, මේක බෙහෙත්වලටත් ගන්න වටිනා ගහක්. ඔන්න ඒ ගහ මොකක්ද කියලා රටට පෙන්නලා දුන්නේ ඔයා. ඔයා ලොකු වෙනකොට මේ වගේ ගස් වවන්නත් ඕන, ඒවා ආරක්ෂා කරන්නත් ඕන. හොඳද”

සජිත්ගේ මේ කථාව එතන හිටපු හැමෝම ඇගයීමට ලක් කළේ නියම ආදර්ශයක් කියමන්ය.

(මම | බංගලා හංදියේ ලියුම්කරු) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...