ගල්ෆ් කලාපයේ තෙමසකට වැඩි කලක් පැවති යුද්ධය, ලොව සාම්ප්‍රදායික යුද ශිල්ප ක්‍රමයන්හි බරපතළ වෙනසක් සනිටුහන් කර ඇති බව, ඇමරිකානු ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
වත්මන් ගැටුම් පිරික්සීමේදී, විශාල වශයෙන් සහ ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි ඩ්‍රෝන යානා, එම යාත්‍රා සහ පතොරම් (Munitions) වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිතයේ අරපිරිමැසුම් බව සීඝ්‍රයෙන් වර්ධනයව ඇති අතර, ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රති-ප්‍රහාර එල්ල කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන සාම්ප්‍රදායික ආරක්ෂක පද්ධති (Defensive technologies) මත පමණක් යැපීමේ අවදානම පිළිබඳව ද අවධානය යොමුව ඇත.
ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, ඇමරිකානු ගුවන් හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වන, නේතන් ඩිලර් (Nathan Diller) ප්‍රකාශ කරන්නේ, රුසියානු-යුක්‍රේන යුද්ධයෙන් උගත් පාඩම් ද එක්ව, යුද ගැටුමින් දෝලනය වන පරිසරයක, මිත්‍ර පාර්ශ්වීය රටවල් තම මිලිටරි-කාර්මික සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සහ කාර්යක්ෂමතාව මත නිෂ්පාදන ශක්‍යතා ඉහළ නැංවීම කඩිනම් කළ යුතු බවයි.
නූතන යුද බිමේ නියමුවන් රහිත පද්ධති (Unmanned systems) භාවිතයේ අතිශය තීරණාත්මක සාධකය වන්නේ නිෂ්පාදන ධාරිතාවය (Manufacturing capacity) ය. වත්මන, "ඩ්‍රෝන නිෂ්පාදන කර්මාන්තශාලාව යනු තවදුරටත් හුදු ගොඩනැඟිල්ලක් නොව, ප්‍රබල යුද අවියක්" වන තරමටම එය වැදගත් සාධකයක් ව පවතී. රටකට යුද මෙවලම් වේගයෙන් නිෂ්පාදනය කිරීමට සහ යුද බිමේ වෙනස් වන අවශ්‍යතා අනුව ඒවා කඩිනමින් අනුගත කිරීමට ඇති හැකියාව, අනාගත ආරක්ෂක උපාය මාර්ගයන්හි වෙසෙස් ජයග්‍රහණයකි.
පසුගිය අප්‍රේල් මස ඇති කරගත් සටන් විරාමයකින් පසුව ද ඊශ්‍රායලය සහ ඉරානය ප්‍රථම වතාවට මෑතකදී අන්‍යෝන්‍ය වශයෙන් සෘජු ප්‍රහාර එල්ල කර ගැනීමත් සමග මැදපෙරදිග කලාපය නැවතත් මහා පරිමාණ යුද්ධයකට ඇදී යා හැකි බවට, දැඩි කනස්සල්ලක් මතු විය. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම විවිධ තර්ජන මධ්‍යයේ වුව, පූර්ණ පරිමාණයේ යුද්ධයකට අවතීර්ණ වීමේ සෘජු සූදානමක් පෙන්නුම් නොකළේය.

වත්මන් සටන් විරාම තත්ත්වය යටතේ වුවද, ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර අඛණ්ඩව සිදුවන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මත, මහා පරිමාණ මිසයිල ප්‍රහාර තාවකාලිකව නැවතී තිබීම, කලාපීය සාමය පිළිබඳ යම් මට්ටමක ප්‍රශස්ත තත්ත්වයක් බව ද, දේශපාලන විචාරකයෝ පවසති. දින 100කට වැඩි කලක් තිස්සේ පැවති මෙම ගැටුම, තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා අඛණ්ඩ සාකච්ඡා හි පැවැත්ම ධනාත්මක කරුණක් වන අතර, සාම්ප්‍රදායික සමූලඝාතක ආයුධ ව්‍යාප්ත වීම වැළැක්වීමේ උත්සාහයන් ද අත්‍යවශ්‍ය වේ. ඊයේ (14) එළඹි, එක්සත් ජනපද - ඉරාන මූලික සටන් විරාම ගිවිසුම එහි මුඛ්‍ය අරමුණට ලඟාවීමකි.
යළි යළිත් සිදුවන සටන් විරාම උල්ලංඝනය කිරීම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රශ්න කළද, යුද උපායමාර්ගික ක්ෂේත්‍රයේදී සතුරාට තම ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම පුරෝකථනය කිරීමට ඇති නොහැකියාව හෙවත් ‘උපායමාර්ගික අවිනිශ්චිතභාවය’ (Strategic uncertainty), ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරන බව, මිලිටරි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කොහේ හෝ ඉලක්කයක් වෙත ගුවනේ ඇදී ගිය මිසයිලයක් පිළිබදව දෛනිකව අසන්නට නොලැබීම සතුටට කරුණකි. එනම්, මහා පරිමාණ විනාශයක් කිරීමට සමත් අවි නිශ්පාදනයේ ව්‍යාප්තියට තිත තැබීමට කටයුතු කිරීමෙන්, යුද ගැටුම් අතර වුව, ලොව වඩාත් ආරක්ෂාකාරී තැනක් වන්නේය.
සටන් විරාම යළි යළිත් උල්ලංඝනය වීම දැඩි වියදම් දැරීමට ද සිදුවන්නකි. එය අඛණ්ඩ යුද්ධයේ නියැලීමට වඩා මිල අධිකය. සන්නද්ධ ගැටුමක අවිනිශ්චිත භාවයේ මූලය ද එය ය.
උපාය මාර්ගික අවිනිශ්චිත බව, ආවශ්‍යයක කරුණක් වන්නේ එහිදීය. මන්ද සිය ක්‍රියාන්විතයන්හි ප්‍රතිවිපාක පිළිබද පූර්ව අනාවැකි ඵලකිරීමට නොහැකි තැන, ගැටුම් උත්සන්නවීම වළකින නිසාවෙනි. එවන් පරිසරයක් තුළ ඩ්‍රෝන තාක්ෂණය, යුද්ධයේ දිශානතිය තීරණාත්මකව වෙනස් කරන්නේය.
මිත්‍ර සන්ධානයට සිය යුද කර්මාන්තයේ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට, අඩු වියදම් ඩ්‍රෝන තාක්ෂණය මහෝපකාරීවේ. මන්ද, සාම්ප්‍රදායික හමුදා ශක්‍යතා මධ්‍යයේ වුව, නව තාක්ෂණය ඔස්සේ යුද වියදම් සඵලදායී ලෙස අවම කිරීමට හැකියාව පවතින බැවිනි. පශ්චාත් ඉරාන - ඊශ්‍රාල ගැටුම තුළ දිසි ඉලක්ක ගත වෙඩි හුවමාරුව කියාපෑවේ එහි ශක්‍යතාවයයි.
එබැවින්, සාම්ප්‍රදායික යුධෝපකරණයන්හි සිට ප්‍රහාරක ඩ්‍රෝන නිශ්පාදනය ඔස්සේ, එම තාක්ෂණය භාවිතයට අනුගතවීම, අනාගත යුද ගැටුම් සහ වැඩි පිරිසක් වෙත එහි බලපෑම අවම කර ගැනීම උදෙසා, තීරණාත්මක උපාය මාර්ගික සාධකයක් වන්නේය.

(සටහන | RadioFreeEurope RadioLibreray ඇසුරින්; සචී ගුණවර්ධන විසිනි )
sachinimasha730@gmail.com
6/15/2026
මුලාශ්‍රය :
US Defense Manufacturing Executive Diller Says Drone Era Reshaping Warfare




