The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු

T

The Leader Desk

June 26, 2026 • 6:02 AM

එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම උදෙසා ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව,
  •  සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කාලගුණික හා දේශගුණික පුරෝකථන සත්‍ය වීම සම්බන්ධයෙන් ඇත්තේ යම් සම්භාවිතාවක් පමණි.
  • ඒ හැරුණු කොට, 100%ක් සත්‍ය වන බවට තහවුරු කළ හැකි විද්‍යාත්මක පුරෝකථනයක් කිසි විටෙකත් ඉදිරිපත් නොවේ.
  • එහෙත්, සෑම වගකිවයුතු පුරෝකථනයකම එය සිදුවීමට ඇති සම්භාවිතාව මුල් කොට පූර්ව අවදානම පිළිබඳ ප්‍රකාශ කරනු මිස, එහි අවදානමක් නොමැති බවක් පවසනු නොලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට එල් නිනෝ (El Nin~o) දේශගුණික තත්ත්වයක බලපෑමක් එල්ල වීමේ ප්‍රවණතාවක් පවතී.

 සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කාලගුණික හා දේශගුණික පුරෝකථන සත්‍ය වීම සම්බන්ධයෙන් ඇත්තේ යම් සම්භාවිතාවක් පමණි. ඒ හැරුණු කොට, 100%ක් සත්‍ය වන බවට තහවුරු කළ හැකි විද්‍යාත්මක පුරෝකථනයක් කිසි විටෙකත් ඉදිරිපත් නොවේ. එහෙත්, සෑම වගකිවයුතු පුරෝකථනයකම එය සිදුවීමට ඇති සම්භාවිතාව මුල් කොට පූර්ව අවදානම පිළිබඳ ප්‍රකාශ කරනු මිස, එහි අවදානමක් නොමැති බවක් පවසනු නොලැබේ. එල් නිනෝ පුරෝකථන සම්බන්ධයෙන් ද එය එපරිද්දෙන්ම බලපානු ඇත. පුරෝකථනය යනු උගත් අනුමානය + සම්භාවිතාව මිස සහතිකය නොවේ. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවට එල් නිනෝ දේශගුණික තත්ත්වයක බලපෑමක් එල්ල වීමේ ප්‍රවණතාව ඉතා අවම වන අතර එය බිය වීමට හෝ ගණන් ගැනීමට තරම් දෙයක් නොවන බවට බාහිර පාර්ශවයන්ගේ අනාවැකිවලින් සමාජ ජාල පිරී ඉතිරී යමින් තිබේ. ඒ අනුව මෙම එල් නිනෝව සම්බන්ධයෙන් ද දෙයාකාර සමාජ මත පළ වන අතර එය උභතෝකෝටිකය තවත් ප්‍රවර්ධනය වූ පසු එල් නිනෝ මුල් කොට ඔට්ටු ඇල්ලීමේ තත්ත්වයක් ද නිර්මාණය විය හැකිය. ඒ කෙසේ හෝ අවදානමට වඩා සූදානම හොඳය (“Prevention is better than cure”) යන පිරුළ අනුව එම අවදානම පිටුදැකීම සම්බන්ධ සාමූහික වගකීමක් අප සතුව තිබේ.

 

El Nino
මේ වන විට බොහෝ දෙනෙකු දන්නා අන්දමට පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් හටගන්නා මෙම ගෝලීය සංසිද්ධිය, නිවර්තන කලාපීය දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ සමස්ත සමාජ-ආර්ථික ව්‍යුහයටම සෘජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරයි. වත්මන් පුරෝකථනවලට අනුව මෙවර නිරිතදිග මෝසම් වර්ෂාව සාමාන්‍යයට වඩා යම් ප්‍රමාණයකින් අඩු වීමේ සම්භාවිතාවක් පවතින බැවින්, මේ පිළිබඳව මහජනතාව පුළුල් ලෙස දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය වේ. ඒ අතර සාමාන්‍ය නියඟයක් සහ එල් නිනෝ සංසිද්ධියක් අතර වෙනස වටහා ගැනීම ද වැදගත් වේ.

සාමාන්‍ය නියඟයක් සහ එල් නිනෝ තත්ත්වයක් යනු පැහැදිලිවම පරිමාණය සහ ක්‍රියාකාරීත්වය අතින් එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙකකි. සාමාන්‍ය නියඟය යනු දේශීය කාලගුණ රටා වෙනස් වීම, මෝසම් ප්‍රමාදය, වන විනාශය සහ අවිධිමත් ජල කළමනාකරණය වැනි කරුණු නිසා ඇති විය හැකි දේශීය තත්ත්වයකි. එය බොහෝ විට ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වන අතර, සෘජු ගෝලීය සම්බන්ධතාවලින් තොරව මාස කිහිපයකින් නිමාවට පත් වේ. මෙලෙස ඇති වන දැඩි නියඟය සහ වගා පාලුව, අතීත ශ්‍රී ලංකාවේ ගැමියන් අත්දැකීමෙන්ම හඳුනාගෙන තිබුණේ “මාස් කන්නය පාළු වීම” හෝ “මාස් පාලුව” ලෙසයි. පැරණි ගැමියන් අහස දෙස බලා, සුළඟේ දිශාව සහ සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර “මේ පාර මාස් කන්නය පාළු වන ලකුණු පහළ වී ඇතැයි” කල්තියා පැවසූහ. එය නූතන කාලගුණ විද්‍යාඥයන් පැසිෆික් සාගරයේ උෂ්ණත්වය මැන එල් නිනෝ තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සමාන ය.

නූතන විද්‍යාවෙන් පෘථිවියේ අනෙක් කෙළවරක සිදුවන සාගර ජලයේ උණුසුම් වීමක් ලෙස පෙන්වා දෙන සංසිද්ධිය නොවුණ ද අපේ මුතුන් මිත්තන් තමන්ගේ කුඹුරට සහ බත් පතට සිදුවන බලපෑම අනුව ඉතා ප්‍රායෝගිකව “මාස් පාලුව” ලෙස නම් කර තිබීම අපූරු කරුණකි. එල් නිනෝ සංසිද්ධිය යනු පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර සමක ප්‍රදේශවල මුහුදු පෘෂ්ඨ උෂ්ණත්වය දිගුකාලීනව ඉහළ යාම නිසා ‘වෝකර් සංසරණය’ (Walker Circulation) බිඳවැටෙමින් හටගන්නා ගෝලීය සංසිද්ධියකි. එය සාමාන්‍යයෙන් මාස 9 සිට 18 දක්වා කාලයක් පවතින අතර වසර 2ත් 7ත් අතර කාලයකදී චක්‍රීයව ඇති වේ. මෙහි බලපෑම නිසා ලෝකයේ එකම කාලයකදී ඕස්ට්‍රේලියාව සහ ආසියානු කලාපයට නියඟ ද, දකුණු ඇමරිකාවට අධික වර්ෂාව සහ ගංවතුර ද ඇති විය හැක. 

whether25.02.22

එල් නිනෝ තත්ත්වයක් පවතින විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතන රටාවේ පැහැදිලි වෙනස්කම් සිදු වේ. එහිදී නිරිතදිග මෝසම දුර්වල වීම සිදු විය හැකි අතර, මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම ප්‍රදේශවලට ලැබෙන නිරිතදිග මෝසම් වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා අඩු විය හැක. මීට ප්‍රතිවිරුද්ධව, ඊසානදිග මෝසම තීව්‍ර වීම සිදුවන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේදී ඊසානදිග මෝසම් වර්ෂාව සාමාන්‍යයට වඩා වැඩි වීමේ ප්‍රවණතාවක් පවතී. මෙයට අමතරව පරිසර උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවන අතර දිවයිනේ පොදු වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාමක් මේ සමඟ නිරීක්ෂණය කළ හැක.

මෙහිදී විද්‍යාත්මක නිවැරදි කිරීමක් අවශ්‍ය වේ. එල් නිනෝ යනු නවීන චන්ද්‍රිකා සහ සාගර දත්ත ඇසුරින් පමණක් නිශ්චිතව හඳුනාගත හැකි ගෝලීය සංසිද්ධියකි. ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය (NOAA) සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) වැනි ජාත්‍යන්තර ආයතන ශාන්තිකර සාගර දත්ත විශ්ලේෂණය කර එල් නිනෝ තත්ත්වය වර්ගීකරණය කරයි. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම දත්ත සහ දේශීය වායුගෝලීය තත්ත්වයන් උපයෝගී කරගෙන මෙරටට අදාළ නිල පුරෝකථන නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් එල් නිනෝ අවධියක් නිමාවීමෙන් පසු, ඊට ප්‍රතිවිරුද්ධ දේශගුණික තත්ත්වය වන “ලා නිනා” (La Nin~a) සිසිල් අවධිය ඇති විය හැකි අතර, එමඟින් අප කලාපයට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ප්‍රවණතාවක් පවතී.

මෙම එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පහකි: 
 
el nino 260613 
අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට ආදී වියළි සහ අර්ධ වියළි දිස්ත්‍රික්කවල යල කන්නයේ වගාවන්ට ජල හිඟයක් ඇති වීම සහ බෝග අස්වැන්න අඩු වීම; 
 
ප්‍රධාන ජලාශවල ජල මට්ටම් පහත යාම නිසා පානීය ජල සැපයුමට බාධා ඇති වීම සහ ජල විදුලි උත්පාදනය සීමා වීම; 
 
අධික උෂ්ණත්වය හේතුවෙන් විශේෂයෙන් ළමුන් සහ වැඩිහිටියන් සම්බන්ධ විජලනය සහ තාප ආඝාත (Heat Strokes) අවදානම ඉහළ යාම; 
 
එල් නිනෝ සමයක වුවද, වායුගෝලීය පීඩන වෙනස්කම් නිසා ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලීන, අසාමාන්‍ය තද වැසි වැටීමේ අවදානමක් ද පැවැතීම; 
 
කෘෂිකර්මාන්ත නිෂ්පාදන සීමා වීම සහ ගෝලීය වෙළඳපොළ උච්චාවචනයන් නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවැතීම එම කරුණු පහ වශයෙන් සලකනු ලැබේ. 
 
ඒ අනුව ඉදිරියේ දී මෙම දේශගුණික බලපෑම මුල් කොට ගෙන පාර්ලිමේන්තු සභා ගැබ තුළ හා ඉන් පිටත වෙනම “දේශපාලනික එල් නිනෝ උණුසුමක්” ද හට ගත හැකි අතර පොදු ජන සමාජය ලෙස ඉහත සඳහන් දේශගුණික එල් නිනෝ සංසිද්ධිය පිළිබඳව මනා සිහි නුවණින් කටයුතු කිරීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

Reeta Jenet Perera
(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

 

උපුටා ගැනීම -vinivida.lk 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු | The Leader