"එදා ආරක්ෂක ඇමති මමයි; ක්‍රියා පටිපාටියෙන් පිට කිසිවෙක් මැදිහත් වුණේ නෑ" - රනිල්ගෙන් විජයදාසට සහතිකයක්!
ශ්‍යාමිලා සහ සුගීශ්වර අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන පළිගැනීමේ නාටකය
චරිත් අබේසිංහගේ ප්‍රශ්නයෙන් සජබය දෙදරුම් කද්දී, සජිත් දේශගුණික රැස්වීමට ගොස් අමාරුවේ වැටෙයි
වත්මන් දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති 'හරක් කටා' රඳවාගැනීමේ ක්‍රියාවලිය පිටුපස ඇති නීතිමය හා දේශපාලනික සත්‍යය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනාවරණය කරයි. මීට අමතරව, ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම්, සජබය තුළ මතුව ඇති අභ්‍යන්තර අර්බුද සහ විපක්ෂයේ ඉදිරි දේශපාලන බලමුලුගැන්වීම් පිළිබඳවද මතු විශේෂාංගයෙන් විමසා බලයි.
විජයදාසගේ සුවදුක් විමසීම සඳහා රනිල් ඉකුත් සතියේ ඔහුගේ නිවසට ගියේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සමඟයි. ඒ අවස්ථාවේ සජබ දොස්තර කාවින්දත් එහි සිටියේය.
විජයදාසට අත තැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ කතාබහ ඇතිවෙමින් තිබෙයි.

එහිදී කරුණු පැහැදිලි කරමින් රනිල් කීවේ හරක් කටා නැමැති පුද්ගලයා රඳවා ගැනීම නීතිය අනුව එදා හරියට ක්‍රියා පටිපාටිය දාලා ක්‍රියාත්මක කර තිබෙන බවයි.
''කාටවත් interfere (මැදිහත්කරු) කරන්න බෑ. ඒක තියෙන්නේ ආරක්ෂක ඇමතිතුමාගේ අතේ. ජනාධිපතිගේ අතේත් නෙමෙයි. ඉතින් ජනාධිපති හැටියට ජනාධිපති කාර්යාලය තියෙනවා. ආරක්ෂක ඇමති හැටියට ආරක්ෂක අමාත්‍යාංශය තියෙනවා. පොලිස්පතිගෙන් ඉල්ලීමක් ආවාම ආරක්ෂක ලේකම් ඒක දිහා බලලා එයාගේ යෝජනාව පිළිගන්නවාද නැද්ද කියලා ආරක්ෂක ඇමතිට එවන්න ඕන.''
''මෙතන ආරක්ෂක ඇමති හිටියේ මම. අලුත් බිල්ඩිමේ ආරක්ෂක ඇමතිට කාර්යාලයක්වත් නෑ.''

''අනෙක් අමාත්‍යංශවලත් මම අත්සන් කරන්න තියෙන ඒවා ඔක්කොම එන්නේ මගේ ඔෆිස් එකට. එතන නිලධාරියෙක් ඉන්නවා, ඒවායේ අඩුපාඩු බලන්න. ඒවායේ අඩුපාඩු තියෙනවා නම් නැවත දැනුම් දෙනවා. නැත්නම් කෙලින්ම මට එවනවා. එතකොට මම අත්සන් කරනවා. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන බලා ආපහු ඒ තැනට එවනවා. මේක ආවාම මම අත්සන් කරලා ආපහු එව්වා. ඉතින් විජයදාසවත් කවුරුවත් ඕකට ඇඟිලි ගහන්නෙ කොහොමද?''
''අනෙක මේ ගොල්ලෝ කියන්නේ විජයදාස හරක් කටාට ආරක්ෂාව දුන්නා කියලා. මම කියලා තිබුණ ආණ්ඩුවේ කස්ටඩි එකට බාරගත් ඕනම කෙනෙක් අපි ආරක්ෂා කළ යුතු බව. පොලිසියෙන් ගත්තත් හිරේ ඇතුලෙ හරි ආරක්ෂා කළ යුතු බව මා කියා තිබුණා.''
''මොකද අපට ආපහු හියුමන් රයිට්ස් කතා කරන්න සිද්ධ වෙනවා. අනික ඒක බාර දීලා තියෙන්නේ අලි සබ්රිටයි, විජයදාසටයි.''
''විජයදාස කිව්වා නම් ලියුමක් යවලා මෙයාට ආරක්ෂාව දෙන්න කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කරන එක එයාගේ යුතුකම. ඒ ටික එයා කළා. ඉතින් දැන් මෙතන මොකක්ද කරන්න තියෙන්නේ?''
''මේකෙන් ඔක්කොම දේවල් එළියට එනවා. ඉතින් මේ පුද්ගලයෙක් අරගෙන මේ සිදුවීම් වහන්න බෑ. ගල් අඟුරු වලට කොමිසමක් දැම්මානම් මේකටත් කොමිසමක් දාන්න. ආණ්ඩුවේ සම්බන්ධයකුත් තියෙනවද කියලා හොයන්න ඕන '' රනිල් එදා හරක් කටා නැමැත්තා රඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මැදිහත් වූ ආකාරය ගැන එසේ විස්තර කළේය.
'' විජේදාසට මෙහෙම කරන්නේ බුදු දහම ආරක්‍ෂා කිරීමේ වැඩසටහනේ සිටි නිසයි''

"ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙකුත් මේකට සම්බන්ධයි කියලා කටකතාවක් යනවා" ඒ අවස්ථාවේ විජයදාසගේ නිවසට පැමිණ සිටි සජබ මන්ත්‍රීවරයෙක් කීය.
"අපට පේන හැටියට විජයදාස සම්බන්ධ කරලා ගන්න බලන්නේ එයා භික්ෂූන් වහන්සේ සමඟ බුදු දහම ආරක්‍ෂා කිරීමේ වැඩසටහනේ සිටි නිසයි" රනිල් පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී. එල්. ද පසුව විජයදාසගේ සුවදුක් විමසීම සඳහා එහි ගොස් තිබුණි.
''සුගීශ්වර වගේම ශ්‍යාමිලා අත්අඩංගුවට ගැනීමත් දේශපාලන පලිගැනීමක් ''

ශ්‍යාමිලා පෙරේරාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධවත් මල් පාර දේශපාලන කාර්යාලයේදී මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී කතාබහට ලක් විය.
" ඒ අය හේතුවක් නැතුව දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඒ පක්ෂයට බලපෑමක් කිරීමටද කියා සලකා බැලිය යුතුයි.
ඒ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය චාමර වගේම රෝහිත ආණ්ඩුවට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. ඔවුන් සමාජ ප්‍රශ්න ගැන සක්‍රියව හැම වෙලාවෙම කතා කරනවා. අනුරාධ ඉතා හොඳින් මහනුවර සංවිධාන කටයුතු කරනවා. මේ වැඩවලට පහරක් ගහන්න අත්අඩංගුවට ගැනීම සිදුවුණාද කියල සැකයක් තියෙනවා රනිල් තම ස්ථාවරය පැහැදිලි කළේය.
"සර්, සජිත්ගෙත් සැලොන් එකක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? එකොළොස් දෙනෙකු සේවයේ යෙදෙව්වා කියලා, රනිල් ජනපති සමයෙහි හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න විමසූයේ බැලූ බැල්මට මීට සමාන සිද්ධියක් බැවිනි.
"ඔව්, ඒක වෙන දෙයක්. ඒ පෞද්ගලික තැනක්නේ. මේ දේශපාලන කාර්යාලයක්. දේශපාලනඥයෙකුට කාර්යාලයක් පවත්වාගෙන යන්න අයිතියක් තියෙනවා. එයාගේ වැඩකටයුතු කරගෙන යන්න ඒක අත්‍යවශ්‍යයි. ඒකට අපි ඉඩ දීලා තියෙනවා. සුගීශ්වර වගේම ශ්‍යාමිලා අත්අඩංගුවට ගැනීමත් දේශපාලන පලිගැනීමක් රනිල් තමාගේ අදහස කීය.
"මේ විදියටම ඉදිරියට ගියොත් ලබන අවුරුද්දේ ප්‍රතිඵල බලාගන්න ලැබේවි''
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්නයක් මතු කළේ ඇත්තෙන්ම ඉස්සරහට වෙන්නේ කුමක්දැයි ජනතාවටද ප්‍රශ්නයක් තිබෙන බැවිනි.
"මේ විදියටම ඉදිරියට ගියොත් ලබන අවුරුද්දේ ප්‍රතිඵල බලාගන්න ලැබේවි , දැන් කෑ ගහලා වැඩක් නෑ රනිල් කෙටියෙන් උත්තරයක් දුන්නේය.
"මේ ආණ්ඩුවේ ක්‍රිකට් ගහන්නේ කවුදැයි රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසූයේ ඇත්තෙන්ම ඒ ගැන දැන ගැනීමට වගේය. ඒත් කාටවත් එවැන්නෙකුගේ නමක් මතක් වූයේ නැත.
" ටිල්වින් එක්ක කතා කරලා ක්‍රිකට් කණ්ඩායමේ මැනේජර් තෝරන්න කියලා තියෙන බව ආරංචියි" රනිල් එසේ කීවේ උපහාසයක් ඉතිරි කරමිනි.

ජේ ෂා ලංකාවට පැමිණ ජනපති හමුවූ අවස්ථාවේදී පැවසූ කරුණු කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය පළ කළ පුවත් ගැන ආණ්ඩුවේ උදවිය උරණ වී තිබිණි. පුවත්පත් වල පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සහ ඉරාන් පවසා තිබුනේ ක්‍රිකට් සම්බන්ධයෙන් ජේ ෂා කිසිම බලපෑමක් කර නොතිබූ බවයි. නමුත් ඒ පුවත් වාර්තා සම්බන්ධයෙන් ජේ ෂාගේ පාර්ශවයෙන් කිසිම නිවැරදි කිරීමක් හෝ පැමිණ තිබුණේ නැත.
"ජේ ෂා සහ ජනාධිපති අතර තිබිච්ච කතාව දැන් රහසක් නෙමෙයි. ඒ වගේම දැන් තේරීම් කමිටුවද නිකන් විහිළුවක් බවට පත්වෙලා තියෙන්නේ. මුකුත් වැඩක් වෙන්නේ නැහැ. ඉරාන් ගැන දන්නවනේ. අනිත් මිනිස්සුත් කතා කරනවා. වැඩක් වෙන පාටක් පේන්න නෑ. මම 2001 දි දැම්මේ නිමල් වෙල්ගම. මිනිහා වැඩක් කළා. රනිල් තමා එදා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය ගැන විස්තර කළේය.
" මාතරින් බැට් කරලා විකට් එක ගියපු උපුල් කුමරප්පෙරුමත් පරිවර්තන කමිටුවේ ඉන්නව නේද?මාන්නප්පෙරුම විමසීය.
" අපි ඕවා කරනකොට පිටිපස්සෙන් හිටියේ කිලි මහරාජා. එයා ඒ කාලේ හොඳ වැඩක් කළා. ඊට පස්සේ ධම්මික ප්‍රනාන්දු අරගෙන මෙහෙයවීමක් කලා. ධර්මදාසලා සල්ලි ටිකක් වියදම් කළා රනිල් පැවසීය.

ජනපති යාපනයේ ගොස් එහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන බවට මීට ඉහතදී පොරොන්දුවක් ලබා දුන්නේය. නමුත් දැන් ක්‍රිකට් ආයතනය පැත්තෙන් ප්‍රකාශ වී තිබුණේ එවැනි ක්‍රීඩාංගනයක් හදන්නට සල්ලි නැති බවයි.
ඉරාන් තාම සජබෙන් අයින් කරලා නෑ
චරිත් අබේසිංහගේ ප්‍රශ්නය නිසා සජබ ඇතුලෙත් ඉරි තැලීම් ඇරැඹී තිබේ.

"ඇත්තෙන්ම චරිත් අබේසිංහට එංගලන්තෙ ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තිබුනා. අනිත් පක්ෂ එයාව ලං කර ගත්තේ නෑ. ඒත් සජිත් මෙයා අරගෙන සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් දැම්මා. මෙයාගේ පැටිකිරිය නොදැන හිටිය කියලා සජබට කියන්න බෑ. එයාට විරුද්ධව පරීක්ෂණ යනකොට සජිත්ට තිබුණා එයා කැඳවන්න. කැඳවලා කරුණු අහලා ඊට පස්සේ තීරණයක් ගන්න තිබුණා. සජබෙන් ඒ මූලික අයිතිවාසිකම එයාට දුන්නේ නෑ රනිල් ඒ සම්බන්ධයෙන් වන තම මතය පැහැදිලි කළේ චරිත් අබේසිංහ තමා හමුවටද පැමිණි නමුත් ඔහුගේ අතීත ස්වරූපය ගැන දන්නා හෙයින් ඔහුට අනුකූලතාවයක් නොදැක්වූ බව අඟවමිනි.
"තමන්ගේ අයට ඒ මූලික අයිතිවාසිකම දෙන්නේ නැතිනම් සජබෙ ආණ්ඩුව ගැන කතා කරන්නේ කොහොමද? වජිර ප්‍රශ්න කළේය.
ඒ වගේම ඉරාන් තාම සජබෙන් අයින් කරලා නෑ. එයා තාම ඒකෙ සාමාජිකයෙක්. ඒ වගේම ඉරාන්ට විරුද්ධව කිසිම විනය පරීක්ෂණයක් පවත්වලත් නෑ මාන්නප්පෙරුම කීය.
ජනාධිපතිගේ රැස්වීමට සජිත් ගිහින් ..
ජනාධිපතිවරයා විසින් කැඳවන ලද දේශගුණ විපර්යාස පිළිබඳ රැස්වීමට සජිත් ද සහභාගී වී තිබුණි. ඔය සියලු දේශගුණ අර්බුද එන්නට පෙර රනිල් බලයට පත් වී කළ මුල්ම කාර්යයක් වූයේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සැකසීමයි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම රුවන් විජයවර්ධනට පවරා විධිමත් වාර්තාවක්ද සම්පාදනය කර තිබිණි.
ඒ කාලයේ සජිත් ගොළුවෙකු බිහිරෙකු සේ ඊට කිසිදු උදව්වක් නොදක්වා කට පියාගෙන සිටියේය. නමුත් අද අනුරට උදව් කිරීමට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ උපහාසයෙන් කතා කර තිබුණේය.
බුදු දහමට එල්ල වී ඇති තර්ජන ....
ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් සියලු පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. ඒ එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ජී. එල් ගේ නිවසේදී රැස්වූ අවස්ථාවේදීය. මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සියලු නිකායවල මහා නා හිමිවරුන් බැහැදුටු ඒකාබද්ධ විපක්ෂය මේ සතියේදී අමරපුර නිකායේ මහනාහිමියන් සිකුරාදා බැහැ දුටුවේය.
ජී.එල්. පොසොන්දාට පෙර දින දඹුල්ලේ රජ මහා විහාරයට ගොස් විහාරාධිපති දඬු බැදිරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දුටුවේය. රටේ වත්මන් තත්ත්වය මෙන්ම බුදු දහමට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවී තිබේ.

සිරි සමන්ත බද්‍ර හිමියන්ගේ උමන්දාවේ දී පොසොන් දවසේ විශාල පින්කමක් පැවැත්විණි. ඒ මෛත්‍රී බෝධිසත්ව පිළිරුව විවෘත කිරීම වෙනුවෙනි. රටවල් කිහිපයක තානාපතිවරුද ඊට සහභාගී වූහ.ජී.එල් සහ උදය ගම්මන්පිල එම උත්සවයේදී දෙසුම් ද පැවැත්වූහ.
ජී.එල්. එහිදී පැවසූයේ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා සිරි සමන්තබද්‍ර හිමියන් විශාල මෙහෙවරක් කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ සිකුරාදා මල් පාර දේශපාලන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඒ වර්තමානයේදී දැඩි ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන ඩෙංගු රෝගය පිළිබඳවයි.
"ඩෙංගු මර්දනය සම්පූර්ණයෙන් අසාර්ථකයි. දැන් ලෙඩුන් පනස් දාහකට වඩා ඉන්නවා. ආණ්ඩුවට මෙහි කිසිම පාලනයක් නෑ. ඒ වගේම ගොවීන්ටත් දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ජී. එල් මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




