The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුර්යවංශී ලාබාල ක්‍රීඩකයෙක් පමණක් ද? | ආචාර්ය අතුලසිරි සමරකෝන්

T

The Leader Desk

July 4, 2026 • 10:37 AM

සුර්යවංශී ලාබාල ක්‍රීඩකයෙක් පමණක් ද? | ආචාර්ය අතුලසිරි සමරකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද මතුව ඇති විශාලතම විවාදයක් වන්නේ වයසද, නැත්නම් හැකියාවද යන්නයි. වෙෙබව් සුර්යවංශී එම විවාදයේ මධ්‍යයට පැමිණ ඇත්තේ ඔහුගේ උපන් දිනය නිසා නොව, ඔහුගේ පිත්තෙන් ගලන වේගවත් දැවැන්ත ලකුණු ප්‍රමාණය නිසාය.
  • නමුත් අද T20 ක්‍රිකට් එම සම්ප්‍රදායම ප්‍රශ්න කරමින් සිටී.
  • අද තරගයක් දිනවන්නේ පැය හයක් ක්‍රීඩා කරන පිතිකරුවා නොව, පන්දු 20කින් තරගයේ ගමන්මඟ වෙනස් කරන පිතිකරුවාය.
  • නොව, ඔහුට මේ මොහොතේ ජාත්‍යන්තර T20 තරගයකට බලපෑමක් කළ හැකිද?
අකුරු ප්‍රමාණය (Font Size):


පැරණි ක්‍රිකට් සම්ප්‍රදායට අනුව ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර වසර ගණනාවක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු විය. එය ක්‍රිකට් යනු ඉවසීම, තාක්ෂණය සහ අත්දැකීම් මත ගොඩනැගුණු ක්‍රීඩාවක් වූ නිසාය. නමුත් අද T20 ක්‍රිකට් එම සම්ප්‍රදායම ප්‍රශ්න කරමින් සිටී. අද තරගයක් දිනවන්නේ පැය හයක් ක්‍රීඩා කරන පිතිකරුවා නොව, පන්දු 20කින් තරගයේ ගමන්මඟ වෙනස් කරන පිතිකරුවාය.

suryavashi

සුර්යවංශි පිළිබඳ විශේෂත්වය වන්නේ ඔහුගේ වයස නොවේ. විශේෂත්වය වන්නේ ඔහුගේ ශාරීරික හා මානසික බලයයි. මෙතරම් කුඩා වයසක ක්‍රීඩකයකු ජාත්‍යන්තර මට්ටමේ වේග පන්දු යවන්නන්ට එරෙහිව දිගු හයේ පහරවල් එල්ල කිරීම අහම්බයක් නොවේ. එය ස්වභාවික බලය, ඇස්-අත් සම්බන්ධීකරණය, වේගවත් තීරණ ගැනීම සහ නිර්භීත මානසිකත්වයේ එකතුවකි. එවැනි හැකියාවක් පුහුණුවෙන් සම්පූර්ණයෙන්ම නිර්මාණය කළ නොහැක.

මෙතැනදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඔහුගේ වයස කීයද? නොව, ඔහුට මේ මොහොතේ ජාත්‍යන්තර T20 තරගයකට බලපෑමක් කළ හැකිද?  යන්නයි. පිළිතුර 'ඔව්' නම්, වයස ප්‍රධාන නිර්ණායකයක් විය යුතුද?

කෙසේ වෙතත්, මෙඑම මතයට පටහැනිව තවත් පාර්ශ්වයක් ද ඇත. ඔවුන්ට අනුව, ක්‍රිකට් යනු පේශි බලය පමණක් නොවේ. අසාර්ථකත්වය දරා ගැනීම, තාක්ෂණය වෙනස් කර ගැනීම, දිගු කාලීන ස්ථාවරත්වය සහ මානසික පරිණතභාවය ද ඒ තරම්ම වැදගත්ය. පන්දුවක් ක්‍රීඩාංගණයෙන් පිටතට යැවීම සහ වසර දහයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම යනු එකම දෙයක් නොවේ.

vaibhav suryavanshi

නමුත් අද ක්‍රිකට් වෙනස් වී ඇත. T20 යුගය අපට උගන්වන්නේ, ක්‍රීඩකයකුගේ වටිනාකම තීරණය කරන්නේ ඔහුගේ උපන් සහතිකය නොව, ඔහුට/ඇයට ඇතිකල හැකි බලපෑම impact බවයි. අද තේරීම්කරුවන් සොයන්නේ අනාගතය සඳහා ක්‍රීඩකයකු නොව, අද තරගය දිනවිය හැකි ක්‍රීඩකයකු ය. IPL ක්‍රිකට් වෙළඳපොළ එය වඩාත් තහවුරු කරන අතර ජාත්‍යන්තර ක්‍රිකට් ද එම T20 රටාවටම අනුගත වෙමින් ඇත.

එබැවින්, සුර්යවංශි පිළිබඳ විවාදය ඇත්ත වශයෙන්ම තනි ක්‍රීඩකයකු පිළිබඳ විවාදයක් නොවේ. එය නූතන ක්‍රිකට් දර්ශනය පිළිබඳ විවාදයකි. අප තවමත් වයස, ජ්‍යෙෂ්ඨත්වය සහ සම්ප්‍රදාය මත ක්‍රීඩකයන් තෝරාගන්නවාද? නැත්නම් දක්ෂතාව, බලපෑම සහ ජයග්‍රහණය කිරීමේ හැකියාව මත එය සිදුවිය යුතුද?

සුර්යවංශී තවමත් සියල්ල ඔප්පු කර අවසන් කළ ක්‍රීඩකයෙකු නොවේ. එහෙත් ඔහු දැනටමත් එක දෙයක් ඔප්පු කර ඇත. වයස සීමාවක් විය හැකි මුත්  දක්ෂතාවයට වයසක් නොමැති බවයි. T20 ක්‍රිකට් ලෝකයේ, ඔබට තරගයක් ජයග්‍රහණය කළ හැකි නම්, ඔබගේ උපන් දිනයට වඩා ඔබගේ පිත්ත ලබන ලකුණු සහ එහි උද්වේගකරභාවය වැදගත්ය.

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...