The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පිටසක්වලින් එන ආස්වාදජනක 'ෆැන්ටසි යානා' | තාරක වරාපිටිය

T

The Leader Desk

July 5, 2026 • 3:42 PM

පිටසක්වලින් එන ආස්වාදජනක 'ෆැන්ටසි යානා' | තාරක වරාපිටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයක,
  • මේ වටා ගොතන ලද ප්‍රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා තබාගෙන සිටින බව ඉන් ප්‍රධාන විශ්වාසයකි.
  • මෙම විශ්වාසය පදනම් කරගනිමින් සිනමාපට පවා නිර්මාණය වී ඇත.
  • මේ නම (‘ඒරියා 51’) විසින්ම යම් ගුප්ත බවක් ජනනය කරනු ලබන අතර, එය එක්තරා මිලිටරි මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් ද විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

රහසිගතව ක්‍රියාත්මක වන එඩ්වඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයට අයත් විශේෂ රහසිගත පුහුණු කඳවුරු කලාපයයි. මේ වටා ගොතන ලද ප්‍රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා තබාගෙන සිටින බව ඉන් ප්‍රධාන විශ්වාසයකි. මෙම විශ්වාසය පදනම් කරගනිමින් සිනමාපට පවා නිර්මාණය වී ඇත.

xfgdfgr
මෙය මිලිටරි පුහුණු කඳවුරක් වන බැවින්, අපේක්ෂා කළ හැකි පරිදිම මෙහි සිදුවන පුහුණු කටයුතු හෝ මිලිටරි පර්යේෂණ ඇමෙරිකානු සමාජයට මෙන්ම සෙසු ලෝකයට ද වසන් කිරීමේ මූලික උවමනාවක් තිබීම ඉතා පැහැදිලිය. මේ නම (‘ඒරියා 51’) විසින්ම යම් ගුප්ත බවක් ජනනය කරනු ලබන අතර, එය එක්තරා මිලිටරි මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් ද විය හැකිය.

1954 දී ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර් විසින්, ‘U–2’ වැඩසටහන නමින් වූ ගුවන්යානා තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ක්‍රියාන්විතයක් වෙනුවෙන් ආරම්භ කරන ලද පුහුණු හා පර්යේෂණ කලාපයකි මෙය. එවකට සෝවියට් දේශය සමඟ පැවති මිලිටරි හා තාක්ෂණික තරගයේදී නිසැකයෙන්ම රහසිගත ව්‍යාපෘතියක් වූ මෙය වටා මෙවැනි ගුප්ත මනෝභාවයක් නිර්මාණය වීම අපේක්ෂා කළ හැක්කකි. විශේෂයෙන්ම ඇමෙරිකානු සමාජයේ මෙවැනි ප්‍රබන්ධවලට හා ගුප්ත දෑවලට සරු පසක් ඇත.

සඳ තරණ අවස්ථාවෙන් අනතුරුව ඇමෙරිකානු සමාජයේ එක්තරා කොටසක් සඳ තරණය විශ්වාස නොකොට, එය මෙකී ‘ඒරියා 51’ කලාපයේ රහසිගතව රූගත කරන ලද සිනමා ප්‍රබන්ධයක් යැයි කියා සිටියහ. එහෙත්, ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා (NASA) ආයතනය ඒවාට පිළිතුරු සැපයුවේ නැත. නාසා ආයතනය එවැනි බහුභූත විශ්වාසවලට පිළිතුරු නොසැපයීම නිසා, එවැනි ප්‍රබන්ධකරුවෝ තමන්ගේ ප්‍රවාදවලට ඔවුන් සතුව පිළිතුරු නැතැයි යන ස්වයං මෝහනයෙන් දිරිමත් වෙති. ‘ඒරියා 51’ වටා ගෙතෙන ‘පිටසක්වල කතා’ වලට සිදුව ඇත්තේ ද එවැන්නකි.

xfgdgfsdg| පිට සක්වල යානා පිළිබඳ කල්පිත රූපයක්
පිටසක්වල යානා හෙවත් හඳුනා නොගත් පියාසර වස්තු (UFOs – Unidentified Flying Objects) පිළිබඳව බ්‍රිතාන්‍ය ආරක්ෂක බුද්ධි අංශය විසින් සිවු වසරක් පුරා විමර්ශනයක් සිදු කරන ලදී. එය බ්‍රිතාන්‍ය ආරක්ෂක සැලැස්මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ උවමනාවෙන් සිදු කළ විමර්ශනයකි. එම විමර්ශනයෙන් අනතුරුව විද්‍යාඥයන් එළඹුණු නිගමනය වන්නේ, එසේ වාර්තා වූ බොහොමයක් සිදුවීම් හෝ දර්ශනය වීම්, අපේ පෘථිවි වායුගෝලයේ හෝ ඉන් ඉහළ ඇති අයනගෝලයේ (වායු අණු + සහ − ලෙස අයන බවට ඛණ්ඩනය වී ඇති වායු ස්තරය තුළ) ඇති වන සංසිද්ධි බවයි.

ඒ අනුව, මෙවැනි දෘශ්‍ය මායාවන් ‘පිටසක්වල’ යානා පවතින බවට වන සාක්ෂි නොවන බව දැනට ඇති විද්‍යාත්මක නිගමනයයි. පෘථිවිය වටා කිලෝමීටර් 11ක් පමණ දුරක් යන තෙක් වායුගෝලය පවතින අතර, ඉන් එපිට ඇත්තේ අයනගෝලයයි. මෙම අයන ප්ලාස්මා තත්ත්වයෙන් පවතී. එනිසා මෙකී අයනගෝලය තුළ ඇති අයන ප්ලාස්මා ස්කන්ධ, ආලෝක තරංග වැනි විද්‍යුත් චුම්බක තරංග නිසා යම් දිදුලන ස්වභාවයකට පත් විය හැකිය. එම දිදුලන තත්ත්වයන් නිශ්චලව නොපවතින නිසා, ඒවා පාවෙන ස්වරූපයෙන් දිස් වීමට ඉඩ ඇත. තවද මෙම ප්ලාස්මා ස්කන්ධ, ගැමා කිරණ වැනි ශක්ති ප්‍රවාහ හේතුවෙන් තම වර්ණය වෙනස් කර ගැනීමට ද ඉඩ ඇත. මේ සියලු ‘ප්‍රභා’ සංසිද්ධි දුටු පමණින්, ඒවා තම ප්‍රබන්ධ විශ්වාසවලට මනා ලෙස ගලපා ගත හැකි අමුතු සංසිද්ධි බව පැහැදිලිය. එනිසා මේවා ‘පිටසක්වල පියාසර වස්තු’ ලෙස අර්ථ දැක්වීමට මිනිසුන් තුළ ඇති නොනිවෙන ආශාවට එය මනා පිටුවහලක් වෙයි.

fgerwerd| පිට සක්වල ජීවින් පිළිබඳ කල්පිත රූපයක්
කෙසේ වුවත්, මෙම විශ්වාසයන් හා ෆැන්ටසිවලින් ඇමෙරිකාව වරින් වර අත්කරගත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික පලප්‍රයෝජන ද වෙයි. වරක් වියට්නාම් යුද සමයේ ඇමෙරිකානු යුද වෑයමට එරෙහිව එරට තුළින්ම මහජන විරෝධතා පැනනැඟුණු අවස්ථාවකදී, සමාජයේ අවධානය වෙනතකට යොමුකර ගැනීම සඳහා මෙම ‘ඒරියා 51’ ප්‍රබන්ධයට ‘තටු ලැබුණි’. ගූඪ මනෝභාවයන්, මිථ්‍යාවන් හා අවිනිශ්චිත මනෝභාවයන් සමාජයක් තුළ පවතින්නට ඉඩ හැරීමෙන් හා ඒවාට ප්‍රාණය සැපයීමෙන් නෙලාගත හැකි දේශපාලන වාසි පිළිබඳ යථාර්ථය අපි දිනෙන් දින අත්දකිමු. දැනුම පරිශීලනය කොට සැබෑව පාදා ගැනීමට වඩා, මිථ්‍යා විශ්වාසවලින් ආහ්ලාදයක් ලැබීමට ඇමෙරිකානුවන් මෙන්ම ලාංකිකයෝ ද මනාප වෙති. ඒ අතින් නම් ඇමෙරිකාවට වඩා ශ්‍රී ලාංකික අත්දැකීම් බහුලය. එනිසා ඇමෙරිකාවේ ‘ඒරියා 51’ ප්‍රබන්ධයට වඩා පහසු, සරල මාධ්‍ය ප්‍රබන්ධ මඟින් සමාජය මත ලැව්ගිනි ඇවිලවීමට ‘සාර්ථක වූ’ ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙසම අපි දනිමු.

tharaka warapitiya(සටහන | තාරක වරාපිටිය)
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම්

උපුටා ගැනීම - vinivida.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...