The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?

T

The Leader Desk

July 6, 2026 • 2:03 PM

රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රියදුරු රහිත වාහන අපි දැක තිබුණේ චිත්‍රපටවල පමණි. ඒත් දැන් චීනයේ ගුයිෂෝ පළාතේ ප්‍රධාන නගරය වන ගුයැං වෙත යන ඔබට ඒ අත්දැකීම දකින්න පමණක් නොව විඳින්නට ද පුලුවන.
  • මහා කඳු සිදුරු කරමින් නිර්මාණය කර ඇති කිලෝමීටර් දහස් ගණන් දිග උමං මාර්ග ගුයිෂෝ පළාතේ ප්‍රවාහනය වේගවත් කර ඇති අතර අධිවේගී දුම්රිය මාර්ග සහ ගුයිෂෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෘජුවම ඒ පළාතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවී ඇති අයුරු දැකගත හැකිය.
  •  තැනිතලා භූමියක් නොමැති චීනයේ එකම පළාත ලෙස හැඳින්වෙන ගුයිෂෝ හි වැසියන් ඒ අභියෝගය ජයගෙන චීනයේ දුප්පත්ම කලාපවලින් එකක් ලෙස හැඳින්වූ තම පළාත වේගයෙන් වර්ධනය වන ආර්ථික හා තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර තිබේ.
  •   ඊට හොඳම උදාහරණයක් වන්නේ, පසුගිය දශක දෙක තුළ, ගුයිෂෝ පළාත චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) යුවාන් ට්‍රිලියන 2.36 දායකත්වයක් දක්වා තිබීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුයිෂෝ දිළිඳුකමින් ගොඩ ආ හැටි

නිරිතදිග චීනයේ කඳු වළල්ලකින් වටවූ ගුයිෂෝ පළාත අතිශ්‍යය සුන්දර එමෙන්ම තාක්ෂණය අතින් දියුණු නගරයක් බවට මේ වනවිට පත්ව තිබේ.

මහා කඳු සිදුරු කරමින් නිර්මාණය කර ඇති කිලෝමීටර් දහස් ගණන් දිග උමං මාර්ග ගුයිෂෝ පළාතේ ප්‍රවාහනය වේගවත් කර ඇති අතර අධිවේගී දුම්රිය මාර්ග සහ ගුයිෂෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෘජුවම ඒ පළාතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවී ඇති අයුරු දැකගත හැකිය.

 තැනිතලා භූමියක් නොමැති චීනයේ එකම පළාත ලෙස හැඳින්වෙන ගුයිෂෝ හි වැසියන් ඒ අභියෝගය ජයගෙන චීනයේ දුප්පත්ම කලාපවලින් එකක් ලෙස හැඳින්වූ තම පළාත වේගයෙන් වර්ධනය වන ආර්ථික හා තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර තිබේ.

 
ඊට හොඳම උදාහරණයක් වන්නේ, පසුගිය දශක දෙක තුළ, ගුයිෂෝ පළාත චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) යුවාන් ට්‍රිලියන 2.36 දායකත්වයක් දක්වා තිබීමය. එය චීනයේ වේගයෙන්ම සංවර්ධනය වන කලාප අතරට ගුයිෂෝ පත්කර තිබේ.

WhatsApp Image 2026 07 06 at 6.19.17 PMචීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිෂෝ පළාත් ස්ථාවර කමිටු සාමාජික සහ පළාත් විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලූ යොංෂෙන්
චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිෂෝ පළාත් ස්ථාවර කමිටු සාමාජික, ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ කුයිෂෝ පළාත් විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලූ යොංෂෙන් මහතා මෙම හෙළිදරව්ව කළේ, මේ දිනවල චීනයේ සංචාරයක නිරත විදෙස් මාධ්‍ය කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයේදීය.

“ අපේ පළාත ගොඩනැගීමේදී අපි ප්‍රමුඛතම අවධානය යොමු කළේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න. ඒක තමයි අපේ සාර්ථකත්වයේ පළමු හැරවුම. පළාතේ ඉංජිනේරු ආශ්චර්ය කොතරම්ද කියනවා නම් චීනයේ උසම පාලම නිර්මාණය කරලා තියෙන්නේ අපි.

WhatsApp Image 2026 07 06 at 6.19.49 PMචීනයේ උසම පාලම

බිම සිට මීටර් 225 ක් පමණ උසින් තමයි හදලා තියෙන්නේ.  ඊට අමතරව ගුයිෂෝවල කඳු හරහා කැපූ උස් පාලම් සහ පුළුල් උමං මාර්ග ජාල, දුෂ්කර භූමි ප්‍රදේශවලින් වෙන් වෙච්ච නගර අතර සම්බන්ධතාව ඇති කරලා තියෙනවා. කිලෝමීටර් 9,000 කට වැඩි දිගකින් යුක්ත අධිවේගී මාර්ග පද්ධතියක් ගුයිෂෝ සතුයි.

 

 චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ, අපි මිලියන 10 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන තිබෙනවා.”

ගුයිෂෝ පළාතේ අගනුවර වන ගුයැං හි පරිවර්තනය වඩාත් කැපී පෙනෙන අතර අහස සිඹින ගොඩනැගිලි, කාර්යබහුල වාණිජ මධ්‍යස්ථාන සහ පරම්පරා ගණනකට ඇදහිය නොහැකි තරම් දියුණු තාක්‍ෂණික පහසුකම් ද අද ගුයිෂෝ වැසියන් භුක්තිවිඳිමින් සිටී.

WhatsApp Image 2026 07 06 at 6.20.14 PMගුයැං නගරයේ අහස සිඹින ගොඩනැගිලි
දත්ත සහ ඩිජිටල් නවෝත්පාදන මත ඉදිරියට යන ලෝකයක, තාක්ෂණය අතින් චීනයේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට ගුයිෂෝ පළාත පත්කිරීමද ඔවුන් ලැබූ තවත් ජයග්‍රහණයකි.

ඒ පිළිබඳවද චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිෂෝ පළාත් ස්ථාවර කමිටු සාමාජික සහ පළාත් විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලූ යොංෂෙන් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“ අපි විස්තීර්ණ නියමු කලාපය සහ හුවමාරු මධ්‍යස්ථාන ආදිය යෝධ ඩිජිටල් තිර හරහා සන්නිවේදනය පුළුල් කරලා තිබෙනවා. මෙහි ස්ථාපිත ජාතික මහා දත්ත මධ්‍යස්ථානය සංචාරක හා ප්‍රවාහනයේ සිට විදුලි සංදේශ සහ සෞඛ්‍ය සේවා දක්වා දත්ත හරහා පහසුකම් සලසනවා. සත්ව ගොවිපලවල්, කෘෂිකාර්මික සැපයුම් සියල්ල ජාල ගතකර තිබෙනවා. ඒ හරහා දෛනික විශ්ලේෂණ සිදු කරනවා.”

මෙම තාක්ෂණය ප්‍රායෝගිකව යෙදා ගැනීම දැනටමත් ගුයැං නගරයේ වීදිපුරා දක්නට ලැබේ. ගුයැං යනු ස්වයංක්‍රීය පොදු ප්‍රවාහනය මෙහෙයවන නගර අතර ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ අනුව රියදුරු රහිත වාහනයක් හඳුන්වාදීමට ගුයිෂෝ පළාත් බලධාරීන් ක්‍රියාකර තිබේ.

අර්තාපල් බස් රථය
දේශීයව නිෂ්පාදනය කළ එම රථය චීනයේ හඳුන්වන්නේ "අර්තාපල් බස් ආශ්චර්ය" ලෙසය.

 අතීතයේ දරිද්‍රතාවයෙන් ගැලී සිටි ප්‍රදේශයකට, ජන සහභාගීත්වය සහ සැලසුම් සහගත පෙළඹවීම මත කොතරම් දුරක් පැමිණ හැකිද යන්නට හොඳම උදාහරණයක් එම රථය සපයාදී තිබේ.

 
එක් පසෙකින් තාක්ෂණයෙන් ඉදිරියට යද්දී පැරණි සංස්කෘතිය සහ බහු වාර්ගිකත්වයට ඉඩකඩ සලසා ඇති ගුයිෂෝ පළාත තවත් පසෙකින් සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති අයුරු පෙනෙන්නට තිබේ. වාර්ෂිකව රට පුරා සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත සංචාරකයින් පිළිගැනීමටත් ඔවුන්ට දර්ශනීය කඳුකර භූ දර්ශන, ඉපැරණි නගර, ජනවාර්ගික සංස්කෘතිය, නාට්‍ය ආදී විවිධ දෑ නැරඹීමට ඉඩකඩ සැලසීමටත් ගුයිෂෝ බලධාරීන් ගෙන ඇති පියවර විශිෂ්ඨය.


රතු හමුදාව සටන් කළ බිම දකින්න ගුයිෂෝ එන්න


WhatsApp Image 2026 07 06 at 6.20.40 PM ගුයිෂෝ හී රතු හමුදා ස්මාරකය
1934 ඇරඹි දිගු පාගමන හරහා ගුයිෂෝ පළාත කේන්ද්‍රකර ගනිමින් මාවෝ සේතුං ඇතුළු රතු හමුදාව සිදුකළ වික්‍රමාන්විත යුද ජයග්‍රහනයද සිහිපත් කිරීමට නිර්මාණය කර ඇති ස්මාරක සහ ඔවුන් ජීවත්වූ භූමිය සුරැකිව සංරක්ෂණය කිරීමටත් ඔවුන් පියවර ගෙන ඇති අතර, ඒ හරහා වත්මත් සහ අනාතග චීන පරපුරට තම අභිමානයත්, විදෙස් සංචාරකයින්ට දැනුම සහ අවබෝධය ලබාදීමට කටයුතු කර තිබේ.

 

WhatsApp Image 2026 07 06 at 6.20.02 PMවිදෙස් මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ පැවති හමුව

 

චීනයේ ගුයිෂෝ පළාතේ අගනුවර වන ගුයැං හිදී 40 කට වැඩි විදෙස් මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අමතමින් කුයිෂෝ පළාත් කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ පළාත් විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලූ යොංෂෙන් මහතා වැඩිදුරටත් පැවසුවේ, සංවර්ධන ගමනේ දී චීනය තම අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.


Red comred 2026රතු හමුදා ප්‍රධානීන් ලැඟුම්ගෙන සිටි ස්ථානයක්
“ 1934 දී මේ ප්‍රදේශයේම ආරම්භ වූ චීන රතු හමුදාවේ දිගු පා ගමන චීන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වුනා. එහි ආත්මය අදටත් චීනයේ සංවර්ධනය සඳහා ආශ්වාදයක් ලබාදෙන බව අපේ විශ්වාසය. චීනය හැමවිටම ලෝකයේ විවිධ රටවල් සමඟ සමීප සබඳතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටිනවා. විශේෂයෙන්ම යහපාලනය, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව, ආයෝජන, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, මාධ්‍ය සහ ජනතාව අතර අදහස් හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීම අපි සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.”


Ratuhamauda 2026.01රතු හමුදාව, සතුරු හමුදාවේ පණිවිඩ සංඥාවලට සවන් දුන් ස්ථානයක්/ සංරක්ෂණය කර ඇති රතු හමුදාව භාවිත කළ ආයුධ
ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ, චීනයේ සංවර්ධනය සියැසින් දැක එය ලෝකයට ගෙන යන්නට කටයුතු කරන ලෙසයි.

“ අපි විදේශීය මාධ්‍ය සමඟ සහයෝගීතාව පුළුල් කිරීමටත්, අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැමැත්තෙන් ඉන්නවා. දේශපාලන පක්ෂ අතර අත්දැකීම් හුවමාරුවත්, පළාත් පාලන සංවර්ධන කළමනාකරණය සහ නවීන තාක්ෂණය හුවමාරු කරගන්නත් ඒ ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කරන්නත් චීනය සූදානම්.”

 

WhatsApp Image 2026 07 06 at 6.21.49 PMවිදෙස් මාධ්‍යවේදීන් සහ පක්ෂ නියෝජිතයින් දත්ත මධ්‍යස්ථානයේ සංචාරය කළ අවස්ථාව
ගුයිෂෝහී සංවර්ධන චීනයේ සංවර්ධන ආකෘතියක් බවත්, අනාගතයේදී ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය, විවෘතභාවය, නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට ප්‍රමුඛ කරගත් අනාගත දැක්මක් සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය කැපවන බවද ඔහු අවධාරණය කළේය.

 

WhatsApp Image 2026 07 06 at 6.21.59 PM
(සටහන | නදීක විජේවීර)
චීනයේ ගුයැං නගරයේ සිට…
nadeekajwijeweera@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...