The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායකට...

T

The Leader Desk

July 17, 2026 • 6:19 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායකට...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැකරු සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරන ලද වාර්තාව මුදල් ලේකම් ආරක්ෂා කිරීමට ගෙනා වාර්තාවක් බව විපක්ෂයේ බොහෝ දේශපාලකයන්ගේ මතය විය.
  • අධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ කාරණය නිසා පලංචියේ කුඤ්ඤය ගැලවීමට ගිය වඳුරාට වූ දේ ආණ්ඩුවටත් සිදුවීමට යන බවට බොහෝ විද්වතුන් අනතුරු හඟවන්නේ යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමුවේ සඳහන් කළේය.
  • " ඔව්, දැන් රජයේ සේවකයෝ ඒ අයටත් 67 වෙනතුරු සේවා දිගුවක් දෙන්න කියලා ඉල්ලන්න යනවා.
  • ඊට පිළිතුරක් ලෙස රත්නප්‍රිය කීවේ හෙද සේවයද විශ්‍රාම වයසේ දිගුවක් ඉල්ලීමට කටයුතු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සිද්ධියෙන් මුදල් අමාත්‍යංශය බේරන්නට උත්සාහ කිරීම නිසා මුදල් කමිටුවටද ගොම හැලියක් පෙරළී ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු රනිල්ට දැනුම් දුන්හ.

අධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ කාරණය නිසා පලංචියේ කුඤ්ඤය ගැලවීමට ගිය වඳුරාට වූ දේ ආණ්ඩුවටත් සිදුවීමට යන බවට බොහෝ විද්වතුන් අනතුරු හඟවන්නේ යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමුවේ සඳහන් කළේය.

" ඔව්, දැන් රජයේ සේවකයෝ ඒ අයටත් 67 වෙනතුරු සේවා දිගුවක් දෙන්න කියලා ඉල්ලන්න යනවා. මේක අගක් මුලක් නැති අර්බුදයක් වෙන්න යන්නේ" රනිල් කීය.

ඊට පිළිතුරක් ලෙස රත්නප්‍රිය කීවේ හෙද සේවයද විශ්‍රාම වයසේ දිගුවක් ඉල්ලීමට කටයුතු කරන බවයි.

 

Ranil Wickremesinghe 867 3
රනිල් කීවේ අදාළ කාරණයට කැබිනට්ටුවේ පවා විරෝධතාවයක් ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවයි.

"පැලවත්තට කලාකාරයෝ ගෙන්නලා ඒ අය එක්කත් කතා කරල තියෙන්නේ අධිකරණයේ පත්කිරීම් ගැන කියලා ආරංචියි. කලාකාරයෝ ගිහිල්ල තියෙන්නේ ඒ අයගේ ප්‍රශ්න, චිත්‍රපට ක්ෂේත්‍රයේ අර්බුද ගැන කතා කරන්න. අන්තිමට කතා කරන්න වෙලා තියෙන්නේ අධිකරණය ගැන. ඒ අය තෘෂ්නිම් භූත වෙලා තමයි එළියට බැහැලා තියෙන්නේ, මාන්නප්පෙරුම කීවේ පිරිස අතර සිනහවක්ද මතු කරමිනි.

" අධිකරණ ඇමතිට අස්වෙන්න ඉඩ නොදී තියා ගත්තෙත් මේ කාරණයට තමයි" හරීන් කීය.

සජිත් දීපු උත්තරේ ඇහිලා නාමල්ට" අනේ අපොයි" කියවිලා ....

 

Namal judge age
නාමල් සජිත්ට ලිපියක් යවා සිදුවූ අලකලංචිය ගැන රනිල් ජනපති සමයේ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල් හමුවේ විස්තර කරන්නට පටන් ගත්තේ ඒ සිද්ධියේ තිබූ විසුලු සහගත ස්වරූපයද මතු කරමිනි.

ශානුක කතාව පටන් ගත් පසු එය අනුමත කරමින් මාන්නප්පෙරුම සිද්ධිය විස්තර කරන්නට විය.

" විනිසුරු විශ්‍රාම වයස ඇතුළු ප්‍රශ්න ගැන කතා කරන්න ඉක්මනින්ම විපක්ෂයේ පක්ෂ අතර හමුවක් කැඳවන්න නාමල්- සජිත්ට ලියුමක් යවලා ඉල්ලලා තිබුණනේ. සජිත්ගේ පැත්තෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නෑ. අන්තිමේදී බැරිම තැන සජිත්ට කෝල් එකක් ගත්ත නාමල් මේ කාරණේ බරපතලකම ගැන අවධාරණය කරලා තියෙනවා. එහා පැත්තෙන් කතා කරපු සජිත් දීපු උත්තරේ ඇහිලා නාමල්ට" අනේ අපොයි" කියවිලා කියලා තමයි ආරංචි.

" මම යාලේ ඉන්නේ. 23 තමයි කොළඹ එන්නේ. එතකං මොකුත්ම කරන්න බෑ" ලංකාවේ විපස්ස නායකතුමා නාමල්ට උත්තර දීලා තියෙන්නේ එහෙමයි. මේ සිද්ධියේ බරපතලකම දන්න නාමල් දිගින් දිගටම විපක්ෂ නායකගෙන් ඉල්ලීම් කරලා තියෙනවා.

අන්තිමේදි සජිත් 23 රැස්වීම කැඳවන්න එකඟ වෙලා" මම 23 කොළඹ එනවා. හැබැයි මීටින් එක තියන්න ඕනේ විපක්ෂ නායක කාර්යාලෙ' සජිත් එහෙම කීවාම නාමල් " ඕන තූත්තුකුඩියක තිව්වට කමක් නෑ.මට ඕනේ ප්‍රශ්නෙට විසදුමක් ලැබෙන්න"යන අදහස දැනුම් දීලා තියෙනවා.

" එයාට කොටි බලන එක ලොකුයි , විපක්ෂෙ එකතු කරනවට වඩා" මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කීහ.

''බ්‍රසල්ස් වලට යන්නෙ නැතුව ප්‍රංශෙට ගිහින් වැඩක් නෑ''

image 77ca1b4fc7
" ජනාධිපතිගෙ ප්‍රංශ ටුවර් එකත් නැවතිලා තියෙනවා" වජිර කීවේ තවත් මාතෘකාවක් මතු කරමිනි.

හේතුව කුමක්දැයි රනිල් විමසූ විට දිනිත් කරුණාරත්න කීවේ මේ මොහොතේ ජනපති රටේ සිටිය යුතු නිසා ගමන කල් දැමුනේ යැයි ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙන බවයි.

" ඇත්තෙන්ම ජී.එස්.පී ප්‍රශ්නය ප්‍රංශය එක්ක කතා කරලා වැඩක් නෑ. ඒක කතා කරන්න ඕන බ්‍රසල්ස් වල. ඒ වගේම එංගලන්තේ එක්ක කතා කරන්න ඕන. යුරෝපය දෙන විදිහට තමයි එංගලන්තයත් ජී.එස්.පී දෙන්නේ. බ්‍රසල්ස් වලට යන්නෙ නැතුව ප්‍රංශෙට ගිහින් වැඩක් නෑ. මොකද ඒක බ්‍රසල්ස් වල විෂයක්" රනිල් කීවේ තමාද වරෙක මැදිහත්වී ජී.එස්.පී ලබා ගන්නට කටයුතු කර ආකාරය ගැන සිහිපත් කරමිනි.

''බන්ධනාගාර ඇමතිවරයා විතරක් නෙමෙයි පොලිස් ඇමතිත් ගෙදර යන්න ඕන''

Harshana nanayakkara Negombo prison
" මිනිස්සු කියන්නේ මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව ඇමතිවරයා විතරක් නෙමෙයි පොලිස් ඇමතිත් ගෙදර යන්න ඕන කියලයි. මොකද පොලිසිය එව්වෙ එයානේ. ඇයි මම විතරක් යන්නේ පොලිසිය ගෙනාවෙ විජේපාලනේ කියලා හර්ෂණ නානායක්කාර පැලවත්තේ දි වාද කරලා තියෙනවා කියලත් ආරංචියි " රත්නප්‍රිය කීය.

" අනෙක් කාරණය ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වේ නෑ ඒක ජනාධිපතිගේ වරදක්" රනිල් සඳහන් කළේය.

කෙසේ වෙතත් බොහෝ විනිශ්චකාරවරුන් මේ වන විට කලකිරීමට පත්ව සිටින බව රනිල්ටත් ආරංචි වී තිබිණි.

" ගොඩක් අය මෙයා එක්ක ඉන්න කැමති නෑ. ඒ නිසා දමල ගහලා යන්න හදන්නේ"

2028 ගෙදර යනවා නම් 2027යන්න ඉන්න මිනිහ ගැන ඔච්චර වද වෙන්නේ මොකටද? මේ ප්‍රශ්නය ආණ්ඩුව අයින් කරන්න ඕන කියලා මතය හැදෙන තැනට ඇවිත් තියෙන්නේ. හොඳ වුනත් නරක වුනත් ජ්‍යෙෂ්ටත්වය අනුව දෙන්න තියෙන්නේ එතකොට ඉවරයිනේ" රනිල් කීය.

මහාචාර්ය සරත් කොටගම සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී තම සරසවි සමකාලීනයකු වූ රනිල් ගැන ලබා දී තිබූ විවරණය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්ව තිබිණි. ශානුක එම වීඩියෝ පටය රනිල්ට පෙන්වීය. රනිල් ද ඉතා උනන්දුවෙන් එය නැරඹීය.

තරුණ තරුණියෝ රනිල් සමග සෙල්ෆි ඡායාරූප වල

image 1bdea0f712
රීඩ් විත් රනිල් සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු වැඩසටහන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බදාදා සවස පැවැත්විණි. එය සංවිධාන කෙරුණේ හරීන් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙනි. ඇප් එකක් මගින් ලියාපදිංචි කෙරුණු 400ක ට අධික තරුණ තරුණියෝ එහි පැමිණ සිටියහ. ඔවුනට ඍජුවම රනිල්ගෙන් ප්‍රශ්න අසන්නට එහිදී අවස්ථාව සලසා තිබිණි. තරුණ තරුණියන්ගෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න සියල්ලටම රනිල් උත්තර දුන්නේය.

නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායක් ක්‍රියාත්මක වන්නේ දියුණු රටවලයි. දේශපාලන පක්ෂයක් විසින් ලංකාවට එවැනි ක්‍රමයක් හඳුන්වා දුන්නේ පළවෙනි වතාවට බව එය නැරඹූ බොහෝ දෙනෙක් කීහ. එහිදී තරුණ තරුණියෝ රනිල් සමග සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිටියහ.

එය ඉතා සාර්ථක වැඩසටහනක් විය. රනිල් පැය දෙකහමාරකට ආසන්න කාලයක් එහි රැඳී සිටියේය.

කරුණු අටකින් යුතු ඒකාබද්ධ ප්‍රකාශයක්

 

j678
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සහ මීගමුව බන්ධනාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු අටකින් යුතු ඒකාබද්ධ ප්‍රකාශයක් බදාදා බාර දුන්නේය.

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නායකයන් 14 දෙනෙකුගේ අත්සනින් යුතු එම ඒකාබද්ධ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාට කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදී බාර දෙනු ලැබීය.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක කමිටු සාමාජික කීර්ති තෙන්නකෝන් මහත්වරු ඇතුළු නායකයෝ මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළහ.

අනතුරුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසූයේ රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ බවයි.
image 311090e569
''නීතිඥ ප්‍රජාව ම මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි''

"අධිකරණ ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ.ලංකාවේ කිසිම කෙනෙක් විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට ඉල්ලීම් කරන්නේ නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාට අපි දැනුම් දුන්නා. නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. සිවිල් සමාජය, මහේස්ත්‍රාත්වරුන්, මන්ත්‍රීවරුන්, මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තියෙනවා. එසේනම් කාගේ උවමනාවටද මේවා කරන්නේ?

දෙවැනි කාරණාව මේ සමස්ත ක්‍රියාදාමයේ කිසිම විනිවිදභාවයක් නැහැ.මේ කරන්න හදන්නේ කුමක්ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙතෙක් දුරට රජය පැත්තෙන් මේ සංශෝධන ගැන නිශ්චිත ප්‍රකාශයක් කරලා නැහැ.

2021 වසරේ එක්සත් රාජධානියේ මෙවැනිම උත්සාහයක් ගත්තා. අවසන් නිගමනයකට එන්න වසර එකහමාරක් ගියා. ජනතාවට, විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවට සහ ප්‍රධාන විශ්ව විද්‍යාල වලට අදහස් ප්‍රකාශ කරන්න කිව්වා. මේ සඳහා ප්‍රතිචාර 1200ක් පමණ ලැබුණා. ඒ සියල්ලක්ම බොහොම ගැඹුරෙන් අධ්‍යයනය කරලා තමයි අවසාන තීරණයකට එළැඹුනේ.

නමුත් අපේ රටේ එහෙම කිසිම දෙයක් නැහැ. මේ පිළිබඳ කෙටුම්පතක් සමාජයේ නැහැ. රජයේ අරමුණ කුමක්ද? යෝජනා කරන්නේ මොන විදිහේ ප්‍රතිසංස්කරණද? සංශෝධනයන් මොනවාද කියලා කිසිසේත්ම පැහැදිලි නැහැ. මෙය මේ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගවීම් සහ විනිවිදභාවය මෙතන වැදගත් වෙනවා.

විනිසුරුවරුන්ට පමණක් නොව නීතිඥයින් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ අයටත් තව අවුරදු දෙකකින් ධූර කාලය වැඩි කරලා දෙන්න කියලා. දැන් අපේ රටේ රෝහල්වල ශල්‍යකර්ම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා, මොකද විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් තියෙනවා, ඒ අය රට හැර ගිහින්. ඒ අයගේ සේවා කාලයත් මේ විදිහටම තව අවුරුදු දෙකකින් වැඩි කරන්න පුළුවන්.

මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. මක් නිසාද යත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සමානතාවය පිළිබඳ සංකල්පය ගැබ්වෙලා තියෙනවා.




සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් ....

මේ රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවද? ඒ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. මේ රටේ තව තවත් නැති ප්‍රශ්න ඇති කරන්න, අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇති කරන්න හදන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ පිළිබඳ අපේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි දැනුම් දුන්නා යනුවෙන්ද ජී.එල් සඳහන් කළේය.

එමෙන්ම සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ තීරණය කළහ.

කුරුණෑගල රැළිය අමතමින් චාමර සම්පත් ප්‍රකාශ කළේ පක්ෂග්‍රාහී අධිකරණ ක්‍රියාවලීන් අනාගත රජයක් යටතේ නිවැරදි කරන බවයි.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...