The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්වොයිස් වංචාව සහ රේගුවේ අසාමාන්‍ය උනන්දුව: හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධියෙන් මතුවන සැබෑ ප්‍රශ්නය කුමක් ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 21, 2026 • 9:52 AM

ඉන්වොයිස් වංචාව සහ රේගුවේ අසාමාන්‍ය උනන්දුව: හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධියෙන් මතුවන සැබෑ ප්‍රශ්නය කුමක් ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ සිදුවන වෙළඳ ඉන්වොයිස් වංචා (Trade Misinvoicing) එනම්, භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වීම (Underinvoicing) සහ වැඩියෙන් පෙන්වීම (Overinvoicing) රටේ ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකයකි.
  • වාමාංශික ආර්ථික විශ්ලේෂක ධනුෂ ගිහාන් පතිරණ වැනි අය නිරන්තරයෙන් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තිය විසින් 2009 සහ 2018 අතර කාලයේදී පමණක් ඩොලර් බිලියන 40කට අධික මුදලක් වෙළඳ ඉන්වොයිස් වංචා හරහා රටින් පිට කර ඇති බවයි.
  •   අනෙක් අතට, 'Global Financial Integrity' (GFI) වැනි ජාත්‍යන්තර වාර්තා පදනම් කර ගනිමින් ධනුෂ ගිහාන් පතිරණ ඇතුළු පිරිස දක්වන මෙම සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රකට ආර්ථික විද්‍යා ලේඛකයකු වන 'ඉකොනොමැට්ටා' (Economatta) වෙනත් අදහසක් දරයි.
  • ඉකොනොමැට්ටා පෙන්වා දෙන්නේ GFI වාර්තාවේ සඳහන් වන 'වටිනාකම් පරතරය' (Value Gap) මුළුමනින්ම 'ප්‍රාග්ධන පලායාමක්' ලෙස සෘජුව අර්ථකථනය කිරීම දත්ත පිළිබඳ දළ වැරදි අර්ථකථනයක් (gross misinterpretation) බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර වාර්තා පවා පෙන්වා දෙන්නේ මේ හරහා වාර්ෂිකව අතිවිශාල ප්‍රාග්ධනයක් රටින් පිටවන බවයි. එහෙත්, මෙම දැවැන්ත වංචාවලින් නීතියේ රැහැනට අසු වන්නේ ඉතාම අල්ප පිරිසකි.

ඉන්වොයිස් වංචාව හරහා සිදු වන ප්‍රාග්ධන පලායාම (Capital Flight) සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අතර ප්‍රබල සංවාදයක් පවතී. වාමාංශික ආර්ථික විශ්ලේෂක ධනුෂ ගිහාන් පතිරණ වැනි අය නිරන්තරයෙන් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තිය විසින් 2009 සහ 2018 අතර කාලයේදී පමණක් ඩොලර් බිලියන 40කට අධික මුදලක් වෙළඳ ඉන්වොයිස් වංචා හරහා රටින් පිට කර ඇති බවයි. ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික බංකොලොත්භාවයේ ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ප්‍රාග්ධන පලායාමයි.

invocice0349

 

අනෙක් අතට, 'Global Financial Integrity' (GFI) වැනි ජාත්‍යන්තර වාර්තා පදනම් කර ගනිමින් ධනුෂ ගිහාන් පතිරණ ඇතුළු පිරිස දක්වන මෙම සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රකට ආර්ථික විද්‍යා ලේඛකයකු වන 'ඉකොනොමැට්ටා' (Economatta) වෙනත් අදහසක් දරයි. ඉකොනොමැට්ටා පෙන්වා දෙන්නේ GFI වාර්තාවේ සඳහන් වන 'වටිනාකම් පරතරය' (Value Gap) මුළුමනින්ම 'ප්‍රාග්ධන පලායාමක්' ලෙස සෘජුව අර්ථකථනය කිරීම දත්ත පිළිබඳ දළ වැරදි අර්ථකථනයක් (gross misinterpretation) බවයි.

එහෙත්, ඉන්වොයිස් වංචාව යනු ප්‍රාග්ධනය රටින් පිට කිරීමට මෙන්ම බදු මඟහැරීමට ද යොදා ගන්නා, වහා අවධානය යොමු කළ යුතු අතිශය බරපතළ ප්‍රශ්නයක් බව ඉකොනොමැට්ටා ද පිළිගනී.

මෙම දෙපාර්ශ්වයේම අදහස්වලින් පැහැදිලි වන්නේ ආනයන-අපනයන වටිනාකම් විකෘති කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය වෙළාගත් දැවැන්ත පිළිකාවක් වී ඇති බවයි.

හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධිය සහ 'සිංහල ව්‍යාපාරිකයන් දඩයම් කිරීමේ' තර්කය

 

hof
මෙතරම් සුවිශාල වංචාවක් රට තුළ සිදු වෙද්දී නීතියට කොටු වන්නේ කීයෙන් කී දෙනා ද? මෑතකදී මීට අදාළව දැඩි කතාබහට ලක් වූයේ 'හවුස් ඔෆ් ෆැෂන්ස්' (House of Fashions) මෙගා මෝල් ආයතනයේ හිමිකරු වන ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල මහතා රේගුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.


වෙනත් ආයතන 30ක් භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුවට සටහන්කරුවන් ඉදිරිපත් නො කර, චීන සැපයුම්කරුවන් වෙත රහසින් මුදල් යවා (RMB මිලියන 10.6ක්), රේගුවට භාණ්ඩවල වටිනාකම අවප්‍රමාණය කර (Under-invoicing) පෙන්වීම සම්බන්ධයෙන් රේගුව ඔහුට චෝදනා කරයි.

එහෙත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයේදී තර්ක කළේ, මෙය සම්පූර්ණයෙන්ම අනීතික අත්අඩංගුවට ගැනීමක් බවයි. එමෙන්ම, ව්‍යාපාරික තරගකරුවන්ගේ වුවමනාව මත සිංහල ව්‍යාපාරිකයකු ඉලක්ක කර ගනිමින් දඩයම් කිරීමට ක්‍රියාත්මක කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවට ද ඔහු අධිකරණයේදී චෝදනා කළේය.

වෙළඳ තරගකාරීත්වය හමුවේ සාර්ථක සිංහල ව්‍යාපාරිකයන් ඉලක්ක කර දඩයම් කිරීමක් සිදු වනවා ද යන්න වෙනම විමසා බැලිය යුතු සමාජ-දේශපාලන කරුණකි. එහෙත් ප්‍රශ්නය එය නොවේ. මෙහිදී මතු වන බරපතළම ගැටලුව වන්නේ, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් අය විය යුතු රාජ්‍ය ආදායම ලබා ගන්නවා වෙනුවට, විත්තිකරු කෙසේ හෝ රිමාන්ඩ් කර ඔහුව වධහිංසනයට ලක් කිරීමට ශ්‍රී ලංකා රේගුව දක්වන අසාමාන්‍ය උනන්දුවයි.

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරු අත්අඩංගුවට ගත් දින රාත්‍රිය වන තෙක් රඳවා තබා ගැනීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණි. එසේම, රේගු භාරයේ සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට සිදු විය. මේ මඟින් පෙනී යන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රශ්න කිරීම් පිටුපස ඇති අතිශය පීඩාකාරී ස්වභාවයයි.

 

PreethiJayawardena 1200px 18 07 2026 1000x600
රේගුව අධිකරණය හමුවේ කරුණු දක්වන්නේ රේගු ආඥාපනතේ 127 (ඇ) වගන්තිය වැනි ප්‍රතිපාදන භාවිත කරමිනි. රේගු වරදට අදාළ භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියනය ඉක්මවා ඇති බව පෙන්වා දෙමින්, විත්තිකරුවන්ට ඇප පනත අනුව ඇප නො දී සිටීමට රේගුව දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරන්නේ මෙම 'රිමාන්ඩ් කිරීමේ සහ පීඩාවට පත් කිරීමේ' සැඟවුණු න්‍යාය පත්‍රය පෙරදැරිව බව පැහැදිලිය.

ඉන්වොයිස් වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවට අපට කිසිදු විවාදයක් නැත. එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූලික පරමාර්ථය විය යුත්තේ නිසි විමර්ශනයක් හරහා රටට අහිමි වූ බදු මුදල් සහ ප්‍රාග්ධනය යළි අය කර ගැනීම මිස, පුද්ගලයන් රිමාන්ඩ් කූඩුවල සිර කරමින්, වධහිංසනයට සහ අසීමිත මානසික/ශාරීරික පීඩාවන්ට ලක් කිරීමේ 'පොලිස් මානසිකත්වයක්' රේගුව හරහා මුදා හැරීම නොවේ.

මෙවැනි ක්‍රමවේද හරහා ව්‍යාපාරික ප්‍රජාව හා සේවායෝජකයන් අධෛර්යවත් කළ හැකි බව නම් ඉතා පැහැදිලිය. තෝරා බේරා ගෙන කිරීමෙන් යම් ප්‍රජා අධෛර්යවත් කිරීමට ද පුළුවන.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...