The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විනෝද ගමන්වලදී මරු කැඳවන ‘මායාකාරී ප්‍රමෝදයේ’ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න! | වෛද්‍ය සුගත් විජේවර්ධන

T

The Leader Desk

July 22, 2026 • 6:05 AM

විනෝද ගමන්වලදී මරු කැඳවන ‘මායාකාරී ප්‍රමෝදයේ’ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න! | වෛද්‍ය සුගත් විජේවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ෆෝබ්ස් ලෝක වාර්තා අතරට ගිය උඩරට දුම්රිය මාර්ගය අනතුරුදායකම සෙල්ෆි කලාපයක් වූ හැටි
  • දුම්රිය හා රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ධාවනය වන දුම්රියේ දොරක එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ය.
  • ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය ලෝකයේ ලස්සනම දුම්රිය ගමන් මාර්ග දහයෙන් එකක් ලෙස ෆෝබ්ස් (Forbes) සඟරාව පවා නම් කර ඇතත්, එහිම අනෙක් අඳුරු වාර්තාව වන්නේ එය ලෝකයේ අනතුරුදායකම සෙල්ෆි ස්ථානයක් බවට පත්වීමයි.
  • මෙම අනතුරුවලට ගොදුරු වන්නේ විදේශිකයන් පමණක් නොවන අතර දේශීය තරුණ තරුණියන් ද බොහෝ දෙනෙක් මේ උමතුවට බිලි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*මොළයේ කොර්ටිසෝල් පහත වැටී ඩොපමයින් ඉහළ යද්දී ජීවිතාරක්ෂාව අමතක වන 'සෙල්ෆිටිස්' (Selfitis) රෝගී තත්ත්වය


ඉකුත් ජූලි 19 වන දා උදෑසන නානුඔය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකින් අඹේවෙල ප්‍රදේශයේදී ඇද වැටී විදේශීය සංචාරක කාන්තාවක් බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේ පුවතක් වාර්තා විය. එය මෙරට දුම්රිය මඟ තුළ අසන්නට ලැබෙන හුදකලා සිදුවීමක් නොවේ. දුම්රිය හා රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ධාවනය වන දුම්රියේ දොරක එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ය.

gallery 1784446513 6a5c7e31ac642

ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය ලෝකයේ ලස්සනම දුම්රිය ගමන් මාර්ග දහයෙන් එකක් ලෙස ෆෝබ්ස් (Forbes) සඟරාව පවා නම් කර ඇතත්, එහිම අනෙක් අඳුරු වාර්තාව වන්නේ එය ලෝකයේ අනතුරුදායකම සෙල්ෆි ස්ථානයක් බවට පත්වීමයි. විශේෂයෙන්ම ඇල්ල, ආරුක්කු නවයේ පාලම, ඉදල්ගස්හින්න, දෙමෝදර, ඔහිය සහ අඹේවෙල ආදී සුන්දර ස්ථාන ආශ්‍රිතව දුම්රිය දොරේ එල්ලී හෝ පාපුවරුවේ වාඩි වී ඡායාරූප ගැනීමට යාමෙන් දෙපසට නෙරා ඇති ගස්වල හෝ උමං බිත්තිවල ගැටීම මෙන්ම දුම්රියෙන් පිටතට හිස සහ අත දමා සිටියදී අනතුරට ලක්වීම අද වන විට බහුලව දක්නට ලැබේ. මෙම අනතුරුවලට ගොදුරු වන්නේ විදේශිකයන් පමණක් නොවන අතර දේශීය තරුණ තරුණියන් ද බොහෝ දෙනෙක් මේ උමතුවට බිලි වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය මෙවන් අනතුරුදායක ක්‍රියා සම්බන්ධයෙන් දිගින් දිගටම අනතුරු ඇඟවුව ද, ඒවා බොහෝ විට නොසලකා හරිනු ලබන්නේ මෙහි නීතියෙන් හෝ දඩයෙන් පමණක් විසඳිය නොහැකි ගැඹුරු මනෝවිද්‍යාත්මක මූලයක් පවතින බැවිනි.

pddJdrEUvnfvUjCVඇල්ල ඔඩෙසි දුම්රියේ විවෘත මැදිරිය
මනෝවිද්‍යාවේ ‘අපසරණය’ (Diversion) යනු මිනිසා තම එදිනෙදා ජීවිතයේ දරාගත නොහැකි මානසික පීඩනය, කාංසාව සහ ඒකාකාරී බවින් තාවකාලිකව ගැලවී යාමට දක්වන සහජ නැඹුරුවකි. එය එක්තරා ආකාරයක නොවිධිමත් මනෝචිකිත්සක ක්‍රියාවක් ද වේ. නූතන මිනිසා, විශේෂයෙන්ම යුරෝපීය ජාතිකයින් වැනි යාන්ත්‍රික, කාලසටහන්ගත සහ දවස පුරා ආකෘතියකට කොටු වූ ජීවිත ගත කරන පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය ගමනක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් නොව පාරාදීසයකට ඇතුළුවීමකි. එහි පවතින මීදුම, තේ වතු, දිය ඇලි, සිසිල් සුළඟ සහ දුම්රියේ හඬ යන මේ සියල්ල මිනිස් ස්නායු පද්ධතියට සෘජුවම බලපෑම් කරයි.

මෙම පරිසරය තුළ මොළයේ ආතතිය පාලනය කරන කොර්ටිසෝල් (Cortisol) හෝමෝනය ශීඝ්‍රයෙන් පහත හෙළන අතර, ඒ වෙනුවට සතුට හා උද්දාමය ඇති කරන ඩොපමයින් (Dopamine) සහ සෙරොටොනින් (Serotonin) වේගයෙන් මුදා හැරේ. මනෝවිද්‍යාවේදී “උද්දාමයේ උච්චතම අවස්ථාව” (Peak Dysphoric / Peak Euphoric Moment) ලෙස හඳුන්වන මෙම මොහොතේදී මොළයේ තාර්කික තීරණ ගන්නා සහ හොඳ නරක විනිශ්චය කරන කොටස වන පූර්ව ලලාට බාහිකයේ (Frontal Cortex) ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩපණ වේ. එහි ප්‍රතිඵලයක් ලෙස “මම වැටෙයිද? මේක අනතුරුදායකද?” යන ස්වාභාවික ස්වයං-ආරක්ෂක සිතුවිල්ල යටපත් වී, “මේ මොහොත මීට වඩා ලස්සනට, නිදහසේ විඳින්න ඕනෑ” යන හැඟීම ඉහළට පැමිණේ.

train1ඇල්ල ඔඩෙසි දුම්රියේ විවෘත මැදිරිය
මනෝ විද්‍යාවේදී ‘මායාකාරී ප්‍රමෝදය’ (Deceptive Euphoria) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වයේ භයානකම ප්‍රතිඵලය වන්නේ, මොළයේ ජෛව රසායනික ක්‍රියාකාරීත්වය මත ආතතිය වේගයෙන් පහව යාමත් සමඟ ජීවිතාරක්ෂාව පිළිබඳ හැඟීම ද අවප්‍රමාණ වීමයි. මෙම තත්ත්වය දුම්රියට පමණක් සීමා වූවක් නොවන අතර, මත්පැන් පානය කොට ගැඹුරු ජලාශවල දිය නෑමට යාමේදී සිදුවන දිය අනතුරු පිටුපස ඇත්තේ ද මෙම මනෝවිද්‍යාත්මක මූලයම ය. “ආතල් ගැනීම” යන ජනප්‍රිය වහරින් හඳුන්වන එය බොහෝ විට තම ජීවිතයේ සියලු ප්‍රශ්න අමතක කිරීමට දරන වෑයමක් වුව ද, ඒ සමඟම තමන් හමුවේ පැනනඟින මරණ අවදානම බොහෝ දෙනෙකුට නොපෙනී යාම අතිශය බිහිසුණු තත්ත්වයකි. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ද මිනිසා සොයන්නේ මෙම මායාකාරී සතුටම වන අතර, මෙහි ඇති එකම වෙනස උඩරට දුම්රියේදී එම මායාකාරී සතුට ස්වභාවධර්මය විසින් ලබා දීම පමණි. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය එක හා සමානවම භයානක විය හැකිය.

මෙයට අමතරව නූතන සමාජ මාධ්‍ය යුගයේ පවතින අනුමැතිය සෙවීමේ මනෝ භාවය (Validation Seeking) ද මේ සඳහා ප්‍රබලව බලපායි. “මම මේ පාරාදීසයේ ඉන්නවා, මම කොච්චර නිදහස්ද, සතුටින්ද කියලා ලෝකයට හඬගා කිව යුතුයි” යන හැඟීම අද මිනිසා තුළ තදින්ම මුල් බැස ඇත. තමන් විඳින අත්දැකීම සැබවින්ම විඳීමටත් වඩා, එය අන් අයට පෙන්වා ඒ සඳහා ලයික් (Like), කමෙන්ට් (Comment) සහ ෂෙයාර් (Share) ලබා ගැනීම අද ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.

train photos

මේ හේතුවෙන් වඩාත් අවදානම් සහගත, වඩාත් වෙනස් මෙන්ම කිසිවෙකු නොගත් අමුතුම ආකාරයක ඡායාරූපයක් ගැනීමට ඇති පෙළඹවීම තමන්ගේ ජීවිතයට වඩා වටිනා බවක් මොහොතකට මිනිසාට සිතේ. මෙම අධික නැඹුරුව මනෝවිද්‍යාඥයින් හඳුන්වන්නේ සෙල්ෆි උමතුව (Selfitis) ලෙසින් වන අතර, එය බරපතළ ජීවිතාවදානමකට වුව ද තුඩු දිය හැකි සැබෑ මානසික තත්ත්වයකි. දුම්රිය දොරේ එල්ලී ගන්නා එක් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි සමාජ මාධ්‍ය ජාලයක ඉතා සුන්දරව පෙනුණත්, එහි පිටුපස ඇත්තේ තත්පරයකින් අහිමි වී යා හැකි වටිනා ජීවිතයකි. උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරත්වය අප රැකගත යුතු ජාතික සම්පතක් වුව ද, එම සුන්දරත්වය විඳින ආකාරය පිළිබඳව අප තුළ නව ආකල්පමය වෙනසක් ඇති කරගත යුතුය. එහිදී සැබවින්ම පාලනය කළ යුත්තේ ධාවනය වන දුම්රිය නොව, අපගේම මනසයි. මේ සඳහා මායාකාරී ප්‍රමෝදය යනු සැබෑ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බවත්, “මට කරදරයක් වෙන්නේ නෑ” යන සිතුවිල්ලම ප්‍රබල අනතුරක පළමු සලකුණ බවත් අවබෝධ කරගත යුතු ය.

එමෙන්ම තමන්ගේ ජීවිතය සමාජ මාධ්‍ය ජාලවල ලයික් එකකට වඩා වටිනා බව වටහා ගන්නා සමාජ මාධ්‍ය සාක්ෂරතාවයක් තිබීම අතවශ්‍ය වන අතර, කිසිවෙකුත් තම මරණ සහතිකයට ලයික් නොදමන බව මතක තබා ගත යුතු ය. මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මේ වන විටත් ක්‍රියාත්මක කොට ඇති ‘ඇල්ල ඔඩෙසි’ දුම්රියේ හාත්පස පහසුවෙන් දැකගත හැකි විවෘත අවකාශයක් සහිත නැරඹුම් තට්ටු (Open observation carriage) භාවිතය ඒ සඳහා ආරක්ෂිත පියවරක් වන අතර, අනතුරුදායක ස්ථානවල අනතුරු ඇඟවීම් සංඥා ආදිය ප්‍රදර්ශනය කිරීම වැනි වගකීම් සහගත පියවර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගත යුතු අතර, සංචාරකයින් ලෙස අප ද ඒවාට අවනත විය යුතුය. 

 
train5
අවසාන වශයෙන්, නිදහස යනු හිතුමතේ හැසිරීම නොව, තමන්ගේ ආවේගයන් නිසි ලෙස පාලනය කරගනිමින් ආරක්ෂිතව හා සිහියෙන් යුතුව එම මොහොත විඳීමට හැකිවීමයි. එසේ නොමැතිව ආත්මාරක්ෂාව ගැන නොතකා යන විනෝද ගමන ඔබගේ අවසන් ගමන වීමටත්, නොසැලකිලිමත්ව ගන්නා සෙල්ෆිය ඔබේ ජීවිතයේ අවසන් ඡායාරූපය වීමටත් බොහෝ දුරට ඉඩකඩ තිබේ.
 

| වෛද්‍ය සුගත් විජේවර්ධන
වෛද්‍ය නිලධාරී (මහජන සෞඛ්‍ය), පේරාදෙණිය ශික්ෂණ රෝහල

උපුටා ගැනීම - vinivida.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විනෝද ගමන්වලදී මරු කැඳවන ‘මායාකාරී ප්‍රමෝදයේ’ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න! | වෛද්‍ය සුගත් විජේවර්ධන | The Leader