BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ වැඩක් කරලදීපු අනුර !

T

The Leader Desk

July 24, 2026 • 4:58 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ වැඩක් කරලදීපු අනුර !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාරගේ ආණ්ඩුවයි.
  • ගජේන්ද්‍ර පොන්නම්බලම් එහිදී කීවේ මේ කාරණය ජනතාව අතරට ගෙන යා යුතු බවයි.
  • පාර්ලිමේන්තුව ඇතුලේ මෙන්ම පිටත් ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීමට පක්ෂ නායකයෝ එහිදී කතිකා කරගත්හ.
  •   එහිදී අදහස් දක්වමින් නායක රනිල් කීවේ මේ වන විට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වී තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම " යන්න එම එකමුතුවේ තේමාව විය.

දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයෝ ද ඊට ඉතා උද්යෝගයෙන් සහභාගී වූහ.

ගජේන්ද්‍ර පොන්නම්බලම් එහිදී කීවේ මේ කාරණය ජනතාව අතරට ගෙන යා යුතු බවයි. පාර්ලිමේන්තුව ඇතුලේ මෙන්ම පිටත් ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීමට පක්ෂ නායකයෝ එහිදී කතිකා කරගත්හ.

 

0efde7e8 4fc4 480f 9e87 dd7552edc63d

එහිදී අදහස් දක්වමින් නායක රනිල් කීවේ මේ වන විට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වී තිබෙන බවයි. ඊට අමතරව ලබන සඳුදා සංඝයා වහන්සේලාගේ විශාල සමුළුවක් කැඳවා තිබෙන බව කී රනිල් බදාදා නීතිඥ සමුළුවක් කැඳවා තිබෙන බව සඳහන් කළේය.

මේ කාරණය ගැන සියලු දෙනා එකඟත්වයෙන් කටයුතු කරන්නේ කෙසේද යන තීරණය මෙහිදී එළැඹිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ රටේ නඩු ලක්ෂ 11 විසඳීම සඳහා තේරුම් කාරක සභාවක් පත් කරන ලෙසට පාර්ලිමේන්තුවට යෝජනාවක් බාර දෙන්නැයි විපක්ෂ නායකවරයාට යෝජනා කරන බවද රනිල් වැඩිදුරටත් සඳහන් කළේය.

 



''අනුරගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව අධිකරණයට අත තබා තිබෙනවා ''

 

WhatsApp Image 2026 07 23 at 8.05.21 PM
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් පැවසූයේ අධිකරණයේ ස්වාධීනත්වය මොට කිරීම සඳහා  දැරූ හැම උත්සාහයක්ම අවසාන වූයේ ආණ්ඩු පෙරළියකින් බවයි. අනුරගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව අධිකරණයට අත තබා තිබෙන්නේ යැයිද ප්‍රගතිශීලි ජනතාව ලෙස එම උත්සාහය පරාජයට පත්කර අධිකරණයට අත තැබීම අත පුච්චා ගැනීමක් බවට පරිවර්තනය කරනු ඇතැයි ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය. තම පක්ෂ වල අදහස කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ පාට හෝ වෙනත් භේද නොතකා ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට කැප වෙමු යැයි විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

පුද්ගලයන් ඉලක්ක කරගෙන ගෙන එන ව්‍යවස්ථා සංශෝධන

 

WhatsApp Image 2026 07 23 at 8.05.22 PM

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් පැවසූයේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් තමන්ගේ ආණ්ඩු පවා පරාජයට පත් වූ බවයි. ජනතාව එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ බවද නාමල් රාජපක්ෂ කීය. ඉන්න අයගේ කාලය දිගු කළා කියා නඩු ඇහෙන කාලය දිගුවන්නේ නැතැයිද ඔහු කීය. ප්‍රායෝගික නැති කාරණා හේතු කරගෙන ආණ්ඩුව වාසි ගන්න උත්සාහ කරනවා නම් එය වැරදි බවද නාමල් සඳහන් කළේය.


''ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කර අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරනවා''

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක කීවේ ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කර අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වී තිබෙන බව පෙනෙන්නේ යැයි චම්පික එහිදී පෙන්වා දුන්නේය.

''විපක්ෂ නායක කාර්යාලයට යන්නැයි තමන්ලාට දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුව''

 

WhatsApp Image 2026 07 23 at 7.19.19 PM
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කීවේ විපක්ෂ නායක කාර්යාලයට යන්නැයි තමන්ලාට දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුව විසින් බවයි. නැතිනම් විපක්ෂ නායක සමඟ එකතු වී සාකච්ඡා පවත්වන්න උවමනාවක් මතුවී තිබුණේ නැති බවද වීරවංශ පැවසීය.ආණ්ඩුව විසින් දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් ෆකිම්,සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලිත් ජයවීර,හිටපු අමාත්‍ය ටිරාන් අලස්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ජීවන් තොණ්ඩමන්,ජාතික කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රමුඛ නායකයෝ මීට සහභාගී වූහ.

බෞද්ධ මතය යට ගැසීම සඳහා සූක්ෂම වැඩපිළිවෙළක්

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට සති අන්තයේ පැමිණි දේශපාලක විචාරකයන් කීවේ බෞද්ධ විරෝධී මෙන්ම හින්දු විරෝධී වැඩසටහනකට ආණ්ඩුව ගමන් කරමින් තිබෙන බවයි.

බෞද්ධ මතය යට ගැසීම සඳහා සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔවුහු සඳහන් කළහ.

කෙසේ වුවද විපක්ෂයේ සියලුම නායකයෝ දැන් එක්ව සිටිති. විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණු පක්ෂ නායක හමුව එම ඇරඹුමක මූලාරම්භය ලෙස නිසා අර්ථ ගැන්විය හැකිය.

විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහභාගී වන එම හමුවට රනිල්ද සහභාගී වු හෙයින් එහි මාධ්‍ය මෙහෙයවීම් කටයුතු බාර කෙරුනේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ  ජනරාල්  දිනික් චින්තක කරුණාරත්නට සහ රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නටයි.

විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් එකතු විය යුතු බවට නායක හිමිවරුන් කිහිප විටක්ම ඉල්ලීම් කර තිබිණි.

 " සර්, මේ ඔක්කොම එකතු කළේ කවුද? මහනායක හාමුදුරුවෝ ද? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකද? වජිර විමසූයේ යටි අරුතක්ද මතු කරමිනි.


රනිල් ඊට සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

 



''අනුර නිසා හරි විපක්ෂයේ නායකයන් එක තැනකට පැමිණීම සතුටු විය හැකි කාරණයක්''

ටික වෙලාවක නිහැඬියාවකිකින් පසු රනිල් කීවේ අනුර නිසා හරි විපක්ෂයේ නායකයන් එක තැනකට පැමිණීම සතුටු විය හැකි කාරණයක් බවයි.

" අනුර කරපු වැඩේ නිසා ලෝයර්ස්ලා සියලුම දෙනාගෙන් එකතු වෙන්න කියලා ප්‍රෙෂර්  එකක් ආවා. දේශපාලන පක්ෂ වල ලෝයර්ස්ලා පවා එකතු වෙලා තියෙනවා. හිතුවේ නැති විදියට විදියට විපක්ෂය එකතු වෙලා. ආණ්ඩුව තව පැත්තකින් සංඝයා වහන්සේලා තරහ කරගෙන.

විපක්ෂ බලවේගය තව දියුණු වෙනවා මිස වැටෙන්නේ නෑ. සජිත් කැඳවූ රැස්වීමට අනෙක් අයත් ආවේ ඒ කාරණයේ තිබිච්ච වැදගත්කම නිසා රනිල් පැවසීය.

" මේ එකතුවීම ආරම්භයක් විතරයි"


WhatsApp Image 2026 07 23 at 7.18.40 PM
කෙසේ වුවද මහාචාර්ය ජීරිස් යටතේ ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් විශාල වැඩ කොටසක් ආරම්භ කර තිබේ. අනෙක් පැත්තෙන් නීතිඥයෝ ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිති.

එමෙන්ම සියලු පක්ෂ බිම් මට්ටමට  බැස දේශපාලන වැඩසටහන් ආරම්භ කර තිබේ.

" මේ එකතුවීම ආරම්භයක් විතරයි"රනිල් කීවේ විශාල බලාපොරොත්තුවකිනි.

විපක්ෂය එකතු වෙනකොට අනෙක් කණ්ඩායම් ද එකතු වෙනවා. වෘත්තීය සමිතිය එකතු වෙමින් තිබෙනවා. මුලින් කරුණු කාරණා නොතේරුණු අයටත් දැන් කාරණා වැටහෙමින් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවෙන් තමයි ඔය පණිවිඩය ගියේ මාන්නපෙරුම පැවසීය.

"දෙවැනි අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්''

රනිල් පැවසූයේ "දෙවැනි අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වනු ඇති බවයි.

" අච්චර අමාරු රටක් බාර අරගෙන අවුරුදු දෙකක් අපට පහසුවෙන් දුවන්න පුළුවන් වුණා.දැන් මේ අය පහසු රටක් බාර අරගෙන හතර ගාතෙ දාගෙන අදිනවා" රත්නප්‍රිය කීවේ අන්තිමට ආණ්ඩුවට ගහපු පදයක් මෙන්ම බෙරේ පලුවකුත් නැතිවෙන බවයි.

image 1bdea0f712
හරින් සංවිධාන කරන ලද රීඩ් විත් රනිල් වැඩසටහන සමාජ මාධ්‍යයේ මෙන්ම සාමාන්‍ය සමාජයේ ලොකු අවධානයකට ලක් විය. විශේෂයෙන් මේ ගැන කතා බහට ලක් කෙරුණේ තරුණ පරපුර අතරයි.එම වැඩසටහන කොළඹින් පිට නගර මට්ටමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය ලෙස මෙතෙක් සිදුකර ඇති කාර්යභාරය සහ අනාගතයේදී කරන වැඩ සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් ඇතුළු පක්ෂ නායකයෝ සමාලෝචනයක් සිදු කළහ.

ප්‍රථම අදියර ඉතා සාර්ථක බව සියලු නායකයන්ගේ ඒකමතික තීරණය විය. රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ ජන මතයක් හදන්නට ඒකාබද්ධ විපක්ෂය සමත් වී තිබෙන බවද එහිදී සඳහන් විය.

ඒකාබද්ධ විපක්ෂයෙන් ආසන මට්ටමින් රැස්වීම මාලාවක්

ආර්ථිකය, මැතිවරණ, විනිශ්චකාරවරුන්ගේ ප්‍රශ්නය ගැන ජන මතයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය රැලි පහක් පවත්වා තිබේ. කොස්ගම, ජා ඇළ, මහනුවර, මාතර සහ කුරුණෑගල එම රැලි පැවැත්වූ ස්ථාන වේ.

" අපේ මාධ්‍ය සාකච්ඡා ඉතා සාර්ථකයි. ඒ වගේම විදේශ තානාපතිවරුන් හමුවීම, මහා නා හිමිවරුන් හමුවීම ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවුණා.
 
WhatsApp Image 2026 07 23 at 8.05.24 PM
වැඩසටහන් තවත් පුළුල් කරමින් බිම් මට්ටම දක්වා ගෙන යාමට අප තීරණය කර තිබෙනවා. වෘත්තිය සමිති තරුණයන් හා කාන්තාවන් සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප ආරම්භ කරනවා. මේ කියන්නේ වැඩ පිළිවෙල ආසන මට්ටමට ගෙන යාම කාලෝචිත බව අප තීරණය කළා" ජී.එල් එම සමාලෝචනයේ දී පක්ෂ නායකයන් අමතමින් සඳහන් කළේය.

විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.

" ආණ්ඩුව මේ වැඩ පිළිවෙළ කරන්නේ හැංගි හොරා. කිසිම විනිවිද භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයක් අධිකරණ ඇමතිවරයාට ලිපියක් යවා තියෙනවා. මේ ගැන ඉදිරියේදී තානාපති කාර්යාල දැනුවත් කළ යුතුයි.

මානව හිමිකම් කවුන්සලය  ජිනීවා නගරයේදී සැප්තැම්බරයේ රැස්වන අතර ශ්‍රී ලංකා අධිකරණය දේශපාලනීකරණය කිරීම තුළින් ත්‍රිවිධ හමුදාවටද එහිදී ලොකු අවදානමක් ඇතිවනු ඇතැයි ජී.එල් පක්ෂ නායකයන්ට පෙන්වා දුන්නේය.

WhatsApp Image 2026 07 23 at 8.05.25 PM
විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමේදී කතා කර විසිර යනවාට වඩා සැලසුමක් ඇතිව අංග සම්පූර්ණ වැඩ පිළිවෙලක් සඳහා එකඟත්වයකට එළඹීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...