BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
විශේෂාංග

මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?

T

The Leader Desk

July 27, 2026 • 9:06 AM

මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *"නම් නොකියා පොදු කුලකයට පහර ගැසීම වගකීම් විරහිතයි; ඒක පිස්සු කතාවක්!": ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාරගෙන් චෝදනාවක්
  •   එතකොට ජනතාව දැනගන්න ඕනේ එහෙම මුදල් ඉල්ලනවා නම් ජනතාවගෙන් ඒක යම් කිසි ආකාරයක නිල නොවන ලෙස තැන්පතු මුදල් ලබා ගැනීමේ උත්සාහයක් සහ ලබා ගැනීමක්.
  • අපි ඉල්ලා සිටින්නේ මාධ්‍ය දායක වෙන්න එපා ජනතාවගේ මුදල් මේ වගේ දේවල්වලට අහුවීමට.
  • එහෙත් ඔහු එහිදී නිශ්චිත සමාගමක්, ආයතනයක් හෝ පුද්ගලයකු පිළිබඳව සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

*තැන්පතුකරුවන් බිය ගැන්වීමෙන් බැංකු පද්ධතියටත් එල්ල විය හැකි අවදානම ගැන නිදහස් මාධ්‍යවේදිනී රීටා ජෙනට්ගෙන් විශ්ලේෂණයක්

විවිධ වගා ක්‍රම සඳහා ආයෝජනය කරන මුවාවෙන් ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවත්, එවැනි අයට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ. ඒ පසුගිය 20 වන දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
nandala wirasingha 24.11.28
ඉංග්‍රීසි බසින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට වැඩි දෙනකුට වැටහෙන අයුරින් සිංහල බසින් පිළිතුරු දුන් ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය:

“වගා සමාගම් මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ගැනීමේ ව්‍යාපාර පසුගිය කාලය තුළ ව්‍යාප්ත වෙමින් ගියා කියලා අපි දකිනවා. ඒ අනුව අපි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය විසින් යම් යම් පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ, කවුරු හරි කෙනෙක් ජනතාවගෙන් මුදල් ඉල්ලනවා නම් යම්කිසි වගා ව්‍යාපෘතියක් කරලා මාසිකව යම් කිසි මුදලක් දෙනවා හෝ ඒක අවසානයේ යම්කිසි මුදලක් දෙනවා කියලා, ඒක පෙනෙන ආකාරයට ජනතාවගේ තැන්පතු ලබා ගැනීමක්. ඒක නීති විරෝධීයි. ඒවා අපට වාර්තා වුණාම අපි අපට ගන්න තියෙන ක්‍රියාමාර්ග අරගෙන, ඊට පස්සේ ඒ ක්‍රියාවලිය ඉදිරියට යනවා.

විශේෂයෙන්ම අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින්න තියෙන්නේ, වගා ව්‍යාපෘති කරන එක හොඳයි, ඒක තමන්ගේ මුදලින් කරලා දියුණු වෙනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කාටවත්. ඒ ව්‍යාපෘතිවලින් මුදල් උපයලා තවත් ව්‍යාපෘති කරනවා නම් සුපර් මාකට් හරි තවත් මොනවා හරි ඒත් කමක් නැහැ. නමුත් ඒ අය එනවා නම් ජනතාවගෙන් මුදල් ඉල්ලාගෙන ‘මෙන්න මේකට ආයෝජනය කරන්න, අපි මාසිකව මුදලක් දෙනවා, අවසානයේ ලොකු මුදලක් දෙනවා’ කිව්වොත් එතන ප්‍රශ්නයක් තියෙනවා.
 


එතකොට ජනතාව දැනගන්න ඕනේ එහෙම මුදල් ඉල්ලනවා නම් ජනතාවගෙන් ඒක යම් කිසි ආකාරයක නිල නොවන ලෙස තැන්පතු මුදල් ලබා ගැනීමේ උත්සාහයක් සහ ලබා ගැනීමක්. එතකොට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඒ වගේ දේවල්වලට අහුවෙන්න එපා.

දැන් මුදල් ලබා දීපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම දේ නැවත ඒ ආයෝජනය කළ මුදල් ඉල්ලා සිටීම. ඒ ඉල්ලා සිටීම තුළින් කරන්න පුළුවන් වෙන්නේ ඒ ව්‍යාපෘතිය හොඳ දෙයක් නම් ඒ කරන අයට පහසුවෙන් ඒ මුදල දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේ. තමන්ගේ මුදල් පාවිච්චි කරලා කරන්න පුළුවන්, තැන්පතු වශයෙන් අනුන්ගෙන් ගත්ත ආයෝජන මුදල් නැවත ලබා දෙන්න පුළුවන්. දෙන්න අදිමදි කරනවා කියන්නේම මෙතන ප්‍රශ්නයක් තියෙනවා.
එහෙම තියෙනවා නම් අපේ මහ බැංකුවට පැමිණිලි කරන්න, ‘මගේ මුදල් මෙහෙම අරගෙන තියෙනවා තැන්පතු වශයෙන්, ඒක නැවත ඉල්ලුවාම දෙන්නෙත් නැහැ’ කියලා. එතකොට තමයි අපිට පුළුවන් පරීක්ෂණයක් කරගෙන ඉදිරියට යන්න.

arunakumaraජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කේ අයි යූ අරුණකුමාර
පළවෙනියටම මම ඉල්ලීම කරන්නේ ජනතාව දැනුවත් වෙලා මේවාට ආයෝජනය කරන්න එපා කියලා. දෙවනුව ආයෝජනය කරලා තියෙනවා නම් නැවත ඒ මුදල් ඉල්ලා සිටින්න. දෙන්නේ නැත්නම් ඒ කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙන එකක්. ඒ මුදල් දෙන්න හැකියාවක් නැහැ, අර පිරමීඩ් ක්‍රම වගේ අනුන්ගේ මුදල් අරගෙන ඒක නැවත දෙන එකක්. එතකොට එතැනදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා. අනිත් එක තමයි අපි විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා මේ මාධ්‍ය වලට. අපි දකිනවා අපි මෙහෙම සාකච්ඡාවක් කරලා මාධ්‍ය වාර්තා කළාම ඊට යටින් පිටු බාගයක් විතර තියෙනවා මුදල් ගෙවපු දැන්වීම්. ඊට පස්සේ රූපවාහිනියේ සමහර චැනල්වල මැච් එකක් යනකොට යටින් යනවා මේ වගේ ඒවා. අපි ඉල්ලා සිටින්නේ මාධ්‍ය දායක වෙන්න එපා ජනතාවගේ මුදල් මේ වගේ දේවල්වලට අහුවීමට. මං හිතන්නේ අපි ලියුමක් යවලා තියෙනවා සියලුම මාධ්‍ය ආයතනවලට තමන්ගේ වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීමේදී වඩාත්ම පරෙස්සමින් ජනතාව මුලා නොවන ආකාරයේ කටයුතු කරන්න, මේ වගේ ඒවා විශේෂයෙන් බාරගන්න එපා කියලා අපි ඉල්ලලා තියෙනවා.”

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පැවසෙන්නේ, වැවිලි සමාගම් මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ගැනීමේ ව්‍යාපාර මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ලෙසත්, ඒවා සඳහා ආයෝජනය කොට ඇති මුදල් නැවත ඉල්ලා සිටින ලෙසත් ය. එහෙත් ඔහු එහිදී නිශ්චිත සමාගමක්, ආයතනයක් හෝ පුද්ගලයකු පිළිබඳව සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.

එමෙන්ම කවර හෝ මූල්‍ය ආයතනයක ඇති සියලුම මුදල් එහි කොටස්කරුවන් එකවර ඉල්ලා සිටීමේදී කිසිදු මූල්‍ය ආයතනයකට ඒ මුදල් ආපසු ගෙවිය නොහැකි බවත්, එවැනි අවස්ථාවක බැංකු පද්ධතිය පවා බිඳ වැටෙන බවත් බෑන්ක් රන් යනුවෙන් හඳුන්වන තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා නොදන්නවා නොවේ.
 
peyramid
මහ බැංකුව පෙන්වා දෙන පරිදි පිරමීඩ් ජාවාරම්, අධික ලාභාංශ පෙන්වා සිදු කරන ව්‍යාජ ආයෝජන, නීතිවිරෝධී ලෙස තැන්පතු රැස්කිරීම් සහ විවිධ ඩිජිටල් වංචා හේතුවෙන් සිදුවන්නේ පුද්ගලික ධනය අහිමි වීම පමණක් නොවේ. මේවා නිසා සමස්ත විධිමත් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටෙන බවකි. බැංකු පනතේ 83(1) වගන්තිය ප්‍රකාරව මහ බැංකුවේ බලයලත් ආයතනයක් නොවී මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.  
 
මෑතකදී මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි වගා ආයෝජන (Agro Investment) කිසිදු රජයේ හෝ මහ බැංකු නියාමනයකට යටත් නොවන බවත්, ආයතන 18ක් සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ය. එහෙත් ඒ සියල්ල සත්‍ය වුව ද එම විමර්ශන ප්‍රතිඵල හෝ එම නීති විරෝධී ජාවාරම්කරුවන් නීතියේ රැහැනට නතු කර ගැනීමට පෙරම මහ බැංකු අධිපතිවරයාගේ ඉහත සඳහන් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය කෙරෙහි ද ජනතා විශ්වාසය බිඳ වැටීමකි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කේ. අයි. යූ. අරුණ කුමාර යනු රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් සහ කෘෂිකාර්මික විද්‍යා විද්වතෙකි. ඔහු මෙරට කෘෂිකර්මාන්තය, බෝග විද්‍යාව, පරිසර කළමනාකරණය සහ වැවිලි වනාන්තර වගාව සම්බන්ධයෙන් කාලීන වශයෙන් විවිධ සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අදහස් දක්වන ප්‍රමුඛ පෙළේ අධ්‍යයන වෘත්තිකයෙකි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මුහුණුපොත මඟින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කේ. අයි. යූ. අරුණ කුමාර මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ:
 
arun post
“මෙහෙම කිව්වා නම් ඒක පිස්සු කතාවක්. වගකීම් විරහිත කතාවක්. ලංකාව කෘෂිකාර්මික රටක්. ඒකේ තියෙන්නේ වගා ආයෝජන තමයි. මේවා අති බහුතරයක් මගින් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ඉතා ඉහළයි. සපයා ඇති රැකියා අවස්ථා ලක්ෂ ගණනක්. ගෙනෙන විදේශ විනිමය ප්‍රමාණය බිලියන ගණනක්. වගා භූමි ප්‍රමාණය අක්කර දහස් ගණනක්. ඒවා සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැතිව ‘වගා ආයෝජන’ ලෙස පොදු කුලකයට පහර ගැසීම වගකීම් විරහිතයි. එමගින් සිදුවිය හැකි අහිතකර සමාජ ආර්ථික බලපෑම ඉතා ඉහළයි. ඇයි ඔය කියන නරක ඒවා නම් කරන්න බැරි. මේ කරන්නේ ඇරියස් කාරයන්ට ඩෑෂ් ගහන්න බෝලේ උස්සලා දෙන එක.”
මහාචාර්යවරයාගේ එම ප්‍රකාශය පරිදිම ඉහත සඳහන් අප රටේ මූල්‍ය ජාවාරම් සිදු වන්නේ විවිධ වගා ක්‍රම හෝ කෘෂි ක්ෂේත්‍රය මුල් කොට පමණක් නොවේ. අප රටේ පවත්නා සෑම ක්ෂේත්‍රයක් මුල් කර ගනිමින්ම මෙවන් මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදු වන බව අති ප්‍රසිද්ධ ය. එමෙන්ම මෙරට වගා ව්‍යාපාර සම්බන්ධ ආයෝජන ව්‍යුහය ද අතිශයින් පුළුල් වන අතර එය කොටස් වෙළඳපොළ තුළ ද කැපී පෙනෙන ආයෝජන ක්ෂේත්‍රයකි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වැනි වගකිව යුතු තනතුරක් දරන්නකු සෑම ක්ෂේත්‍රයකම සිදු වන මූල්‍ය වංචා පිළිබඳ එම වංචාකරුවන්ගේ නම් ද සමඟ අනාවරණය කරනු වෙනුවට අප රටේ පවතින ප්‍රබලම ක්ෂේත්‍රයක් වන වැවිලි කර්මාන්තය මුල් කොට ඒවාට පහර දෙන්නට යාම බෝග විද්‍යා මහාචාර්ය කේ. කේ. අයි. යූ. අරුණ කුමාර පවසන ලෙසින්ම “පිස්සු කතාවක්”ම වනු ඇත. 
 
අප එසේ ප්‍රකාශ කරනුයේ මහ බැංකු අධිපතිවරයා ද දන්නා පරිදි ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය වෙතින් ගනුදෙනු කරුවන්ට හිමි වන පොලී අනුපාතයන් ඇතුළු ප්‍රතිලාභ අව ප්‍රමාණ වීම මත ජනතාව ඒ සම්බන්ධයෙන් යම් කලකිරීමක හා පසුබෑමක පසුවන පසුබිමක ය. එමෙන්ම අප රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ කිනම් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වේ නම් මහ ජනතාවට මෙවැනි බලපෑම් නොකොට ඒ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීත්‍යානුකූල පියවර ගැනීම ය. ජනතාවට එහි ඇත්ත ඇති සැටියෙන් වැටහෙනුයේ එවිට ය.


(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...