BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
විශේෂාංග

තවත් 'බම්බු ගැසීමක්' නොවිය යුතු වන අලින් වළකන උණ බම්බු ජෛව වැට

T

The Leader Desk

July 30, 2026 • 11:06 AM

තවත් 'බම්බු ගැසීමක්' නොවිය යුතු වන අලින් වළකන උණ බම්බු ජෛව වැට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *2024දී විදුලි වැටවල් අසාර්ථක වෙද්දී අලි 388ක් සහ මිනිසුන් 157ක් මියගිය බිහිසුණු ඛේදවාචකය
  • මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදා ගනිමින් ‘ජෛව වැට’ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණාත්මක සහාය ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබේ.
  • මෙය මෙතෙක් නොවිසඳුණු ගැටලුවකට විසඳුමක් වන අතරම, සමාජය තුළ හරිත සංකල්පය කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමටද හේතු වන්නකි.
  • මෙම තීරණාත්මක එකඟතාවට එළඹී ඇත්තේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, චීනයේ බීජිං නුවර චාඕයැං දිස්ත්‍රික්කයේ පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ (INBAR) නිරත වූ නිල අධ්‍යයන සංචාරයේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


*ත්‍රි-ස්ථර ජෛව වැට සහ චීන තාක්ෂණය හරහා ග්‍රාමීය ආර්ථිකයත් නැංවිය හැකි තිරසාර පියවරක්

ගෝලීය වශයෙන් දිනෙන් දින ප්‍රවර්ධනය වන හරිත සංකල්පයට අනුව ‘ජෛව වැට’ (Bio-Fence) සඳහා ප්‍රධාන තැනක් හිමි වුවද, එම සංකල්පය තවමත් අප රටේ හරි හැටි ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. අවශ්‍ය මෙන්ම අනවශ්‍ය දේ පවා උලුප්පා දක්වන ජන මාධ්‍ය පවා මෙම හරිත වැට සංකල්පය ප්‍රමාණවත් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන නැත. මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදා ගනිමින් ‘ජෛව වැට’ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණාත්මක සහාය ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබේ. මෙය මෙතෙක් නොවිසඳුණු ගැටලුවකට විසඳුමක් වන අතරම, සමාජය තුළ හරිත සංකල්පය කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමටද හේතු වන්නකි.


una bamboos

මෙම තීරණාත්මක එකඟතාවට එළඹී ඇත්තේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, චීනයේ බීජිං නුවර චාඕයැං දිස්ත්‍රික්කයේ පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ (INBAR) නිරත වූ නිල අධ්‍යයන සංචාරයේදී ය. 1997 දී ආරම්භ කරන ලද, සාමාජික රටවල් 50කට අධික ප්‍රමාණයක් සිටින ලොව පළමු අන්තර් රාජ්‍ය නොවන සංවිධානය වන INBAR හි අධ්‍යක්ෂ ජනරාල් ඇලි මැචුමෝ (Ali Mchumo) ඇතුළු උසස් නිලධාරීන් සමඟ පැවැත්වුණු විශේෂ ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී, උණ බම්බු වගාව, එහි නවීන සැකසුම් තාක්ෂණයන් සහ ඒ ඇසුරෙන් කෙරෙන විවිධ කාර්මික නිෂ්පාදන පිළිබඳව පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කර ඇත.

aliminis
ශ්‍රී ලංකාවේ වත්මන් අලි-මිනිස් ගැටුමේ බරපතලකම දෙස බලන විට මෙවැනි යෝජනාවක කාලීන වැදගත්කම පැහැදිලි වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 19කම අලි-මිනිස් ගැටුම් වාර්තා වන අතර, 2020-2024 පස් අවුරුදු කාලය තුළ වන අලි 2,017 ක් මිය ගොස් තිබේ. 2024 වසරේදී පමණක් අලි 388ක් සහ මිනිසුන් 157ක් මියගොස් ඇති අතර, රජය විදුලි අලි වැටවල් සඳහා රුපියල් මිලියන 906ක් (ඩොලර් මිලියන 3.1) වැය කර තිබියදීත්, නඩත්තු නොවීම සහ ප්‍රජා සහභාගීත්වය අඩු වීම නිසා එම වැටවල් අසාර්ථක වී ඇත.


una bambu

වගා බිම් ආරක්ෂාවට ‘ජෛව වැට’ යෙදීම සාම්ප්‍රදායික ක්‍රමයක් වුවද, ශ්‍රී ලංකාවේ Practical Action ආයතනය තල් ජෛව වැට (Palmyrah Bio-Fencing) පිළිබඳවත්, Elephant Human Coexistence Foundation ආයතනය දෙහි ජෛව වැට පිළිබඳවත් පර්යේෂණ සිදු කර ඇත. එමෙන්ම ඉන්දියාවේ පලාමු ව්‍යාඝ්‍ර රක්ෂිතයේ දෙහි, බම්බු සහ කටු ශාක තට්ටු තුනකට සිටුවා අලි ගැටුම් සාර්ථකව පාලනය කර තිබේ. විශේෂයෙන් උණ බම්බු ජෛව වැටක් ලෙස Bambusa bambos (කටු උණ) සහ Dendrocalamus giganteus (යෝධ උණ) වැනි ප්‍රභේද මීටර් 5-10 පළලට සහ මීටර් 3-5 උසට වැවීමෙන් ස්වාභාවික පවුරක් නිර්මාණය වේ. එමඟින් අලියාගේ දර්ශන පථය අවහිර වන අතර, පාරිසරික වශයෙන් එක් හෙක්ටයාරයකින් වසරකට ටොන් 12ක කාබන් අවශෝෂණයක් සිදුවෙමින් පාංශු ඛාදනය වැළැක්වීම හා ජල මූලාශ්‍ර සංරක්ෂණය ද සිදු වේ.

chainas bamboo
චීනය, ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, ඉතියෝපියාව සහ කෙන්යාව වැනි රටවල් උණ බම්බු කර්මාන්තය ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන ඇති අතර, චීනය උණ බම්බු භාවිතයෙන් බිම් ඇතුරුම්, ගෘහ භාණ්ඩ, කඩදාසි පමණක් නොව සුළං ටර්බයින තල පවා නිපදවයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික හා ආර්ථික සබඳතාවල දිගුවක් ලෙස, අලි-මිනිස් ගැටුම පාලනයට උණ බම්බු ජෛව වැටක් තැනීමට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට චීන පාර්ශ්වය යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව නවීන තාක්ෂණය, හොඳම භාවිතයන් (Best Practices) සහ පර්යේෂණ කටයුතු (R&D) සඳහා චීනය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලංකාවේ වියළි කලාපයට ගැලපෙන කටු සහිත උණ ප්‍රභේද හඳුනාගැනීමත්, ඇතුළත උණ, මැද දෙහි සහ පිටත මී මැසි පෙට්ටි සහිත ත්‍රි-ස්ථර ආකෘතියක් භාවිත කිරීමත් අත්‍යවශ්‍ය වේ. එසේම ලෝක බැංකුව පෙන්වා දී ඇති පරිදි ප්‍රජා සහභාගීත්වය නැති වැටවල් අසාර්ථක වන බැවින්, සෑම ගමකම ‘පාලන කමිටුවක්’ පිහිටුවා උණ බම්බු ආශ්‍රිත නිෂ්පාදන (ගෘහ භාණ්ඩ, අඟුරු, උණ පැළ) හරහා ප්‍රාදේශීය ප්‍රජාවගේ ආර්ථිකය නැංවිය යුතුය.

අලින් පාලනයට සිවිල් ආරක්ෂක බලකායන් යෙදවීම වැනි මේ වන විට වගකිව යුත්තන් ක්‍රියාත්මක කොට ඇති තාවකාලික විසඳුම්වලින් ඔබ්බට ගොස් චීන තාක්ෂණය සමඟ මෙය ක්‍රියාත්මක කළ හොත් එය තිරසාර විසඳුමක් වනු ඇත. නමුත්, වත්මන් රජයේ ප්‍රමුඛතාවයන් අතරේ මිනිසා සහ සොබාදහම පිළිබඳ සංකල්පය කෙරෙහි ඇති ඌණ සංවේදිතාව මත මෙහි සාර්ථකත්වය පිළිබඳව දැන්ම අනාවැකි කිව නොහැක. එම නිසා පොදු ජන වහරට අනුව අපගේ එකම පැතුම වන්නේ මෙම ව්‍යාපෘතිය හුදෙක් ව්‍යාපෘති වාර්තාවලට පමණක් සීමා වූ තවත් ‘බම්බු ගැසීමක්’ නොවේවා යන්නයි.

Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...