BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

ජාත්‍යන්තරය හමුවේ සිදු කරන හිතුවක්කාරකමක් නොවිය යුතු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පමා කිරීම

T

The Leader Desk

August 7, 2026 • 8:47 AM

ජාත්‍යන්තරය හමුවේ සිදු කරන හිතුවක්කාරකමක් නොවිය යුතු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පමා කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ කැබිනට් තීන්දුව හමුවේ ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (IAJ) ඇතුළු සංවිධාන රැසක් කරුණු දක්වයි
  • මේ වන විට පොදු සමාජ අවධානයට යොමුව ඇති මෙම මතභේදය ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත වී ඇත්තේ ලොව විශාලතම විනිසුරු සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (IAJ) ද සිය දැඩි කනස්සල්ල පළ කිරීමත් සමඟ ය.
  • අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර තහවුරු කළ පරිදි, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉකුත් 03 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
  • ඉදිරියේදී එය ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, පසුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර මහජනතාවට සහ අදාළ පාර්ශ්වයන්ට අධිකරණය හමුවේ අභියෝග කිරීමට නෛතික ඉඩකඩ පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පුළුල් පාර්ශ්වීය උපදේශනයකින් තොරව හදිසියේ සිදු කරන ව්‍යවස්ථාමය සංශෝධනවලින් මහජන විශ්වාසය පළුදු වන බවට නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය



ශ්‍රී ලංකාවේ උසස් අධිකරණවල පවතින නඩු ප්‍රමාදය වළක්වා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

රජය පවසන මතුපිට අරමුණ නඩු ප්‍රමාදය අවම කිරීම වුවද, එහි සැබෑ අරමුණ අධිකරණය දේශපාලන හස්තයට නතු කර ගැනීම බවට විපක්ෂයෙන් සහ නීති ක්ෂේත්‍රයෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ. මේ වන විට පොදු සමාජ අවධානයට යොමුව ඇති මෙම මතභේදය ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත වී ඇත්තේ ලොව විශාලතම විනිසුරු සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (IAJ) ද සිය දැඩි කනස්සල්ල පළ කිරීමත් සමඟ ය.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර තහවුරු කළ පරිදි, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉකුත් 03 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ඉදිරියේදී එය ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, පසුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර මහජනතාවට සහ අදාළ පාර්ශ්වයන්ට අධිකරණය හමුවේ අභියෝග කිරීමට නෛතික ඉඩකඩ පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 



1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස ස්ථාවරව පැවතිණි. යෝජිත සංශෝධනයෙන් එය අවුරුදු 65 සහ 67 දක්වා දීර්ඝ කෙරේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අමතරව, අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අගවිනිසුරුවරයාගේ ධුර කාලය උපරිම වසර 06කට සීමා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් කිරීමට ද රජය පියවර ගෙන ඇත.

1953 දී ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නුවරදී ආරම්භ කර, ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත්, මහාද්වීප පහක රටවල් 93ක ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන පැරණිතම සහ විශාලතම සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය රෝමයේ සිට නිකුත් කළ නිල නිවේදනයකින් මෙම යෝජනාවට විරෝධය පළ කර ඇත.

ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමයේ මූලික ස්ථාවරය වන්නේ ඔවුන්ගේ විරෝධය විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්පයට නොව, එය ක්‍රියාත්මක කරන කාලවකවානුව, ක්‍රමවේදය සහ හදිසි ස්වභාවයට බවයි.

 

එම නිවේදනයේ ඔවුන් අවධාරණය කරන්නේ, මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථාමය වෙනස්කම් අත්තනෝමතික හෝ අඩොක් (Ad-hoc) පියවරක් ලෙස නොව, විධිමත් ප්‍රතිපත්තිමය සහ පුළුල් පාර්ශ්වීය උපදේශන ක්‍රියාවලියක් හරහා අනාගතයට බලපාන ආකාරයෙන් සිදු කළ යුතු බවයි. එසේ නොවීම අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් විය හැකි බව ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමයේ නිවේදනයේ වඩාත්ම බරපතළ කරුණ වන්නේ, යෝජිත පනත මගින් නිශ්චිත විනිසුරුවරයෙකුට හෝ පිරිසකට පෞද්ගලිකව වාසි සැලසීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එන බවට දැනුවත් නිරීක්ෂකයින් තුළ මතයක් නිර්මාණය වී තිබීම පිළිබඳව ඔවුන් අවධානය යොමු කිරීමයි. රජයේ සැබෑ අභිලාෂය කුමක් වුවත්, එවැනි හැඟීමක් ජනිත වීම පවා අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය හෑල්ලුවට ලක් කිරීමට හේතු වන බව ඔවුන් අනතුරු අඟවයි.

ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය තම ස්ථාවරය දේශීය සහ ජාත්‍යන්තර නීති සංගම්වල මතය සමඟ සමපාත වන බව ද සඳහන් කරයි. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) ඇතුළු පාර්ශ්ව මතු කර ඇති බරපතළ ගැටලු සමඟ තමන් එකඟ වන බව ද ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2026 මැයි 25 දින ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ, උසස් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් කිරීම අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බවයි. ඊට පූර්ණ සහය පළ කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ජූනි 11 දින නිවේදනයක් නිකුත් කර තිබේ.

PHOTO 2026 06 03 12 38 50PHOTO 2026 03 12 38 50

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ මහජන සංසදයේදී පැහැදිලි කළේ, විශ්‍රාම වයස වැඩි කිරීමේ ප්‍රතිපත්තියට තම සංගමය විරුද්ධ නොවන නමුත්, එවැනි ප්‍රතිසංස්කරණ විනිවිදභාවයෙන්, පුළුල් උපදේශනයකින් යුතුව සිදු කළ යුතු බවයි. දැනට සේවයේ සිටින විනිසුරුවන්ගේ ධුර කාලය දේශපාලනික වශයෙන් සංවේදී කාලයකදී වෙනස් කිරීම, විධායකය උසස් අධිකරණවල සංයුතියට බලපෑම් කිරීමට උත්සාහ කරන බවට හැඟීමක් ඇති කළ හැකි බව ඔහු ද අනතුරු අඟවා ඇත.

ඒ සඳහා ජාත්‍යන්තර උදාහරණයක් ලෙස ඔහු සිම්බාබ්වේ අත්දැකීම පෙන්වා දී තිබේ. එහිදී අගවිනිසුරුවරයාගේ ධුර කාලය තුළ මෙවැනිම සංශෝධනයක් සිදු කිරීම නීතිමය අභියෝගවලට සහ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු විය.

මීට අමතරව ආසියා පැසිෆික් කලාපයේ නීති සංගමය (LAWASIA) ද ජූනි 26 දින නිවේදනයක් නිකුත් කරමින් මෙම සංශෝධනය හදිසි සහ තාවකාලික පියවරක් ලෙස පෙනෙන බවත්, එය මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු විය හැකි බවත් ප්‍රකාශ කර ඇත. එවැනි සංශෝධන අර්ථවත් මහජන උපදේශනයකින් තොරව සිදු නොකළ යුතු බව ඔවුන්ගේ ද ස්ථාවරයයි.

එබැවින් ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ඉල්ලීම වන්නේ මෙම යෝජිත සංශෝධනය පිළිබඳව නැවත සලකා බලන ලෙසයි. ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉදිරියටත් සමීපව නිරීක්ෂණය කරන බව ද දන්වා ඇත.

නඩු ප්‍රමාදය විසඳීම සඳහා විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වුවත්, ව්‍යවස්ථාමය වෙනසක් වැනි සංවේදී පියවරක් ගන්නා විට විනිවිදභාවය සහ පුළුල් සංවාදය අත්‍යවශ්‍ය බව මෙමගින් පැහැදිලි වේ. එසේ නොවුණහොත් අධිකරණය දේශපාලන හස්තයට නතු කර ගැනීමට තබා නඩු ප්‍රමාදය විසඳීමේ යහපත් අරමුණින් ගෙන එන ප්‍රතිසංස්කරණයක් වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැකයක් ලෙස ඉතිහාසගත වීමේ අවදානමක් පවතී. මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් නොපිළිගැනීමට (Non-recognition) තුඩු දෙන ප්‍රධාන කරුණක් ද වන බැවින් රජය ඒ සම්බන්ධයෙන් අතිශය සංවිභාගශීලී විය යුතු ය.


fathima_halalden.jpeg(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...