BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස

T

The Leader Desk

August 24, 2026 • 5:46 AM

ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ජනප්‍රිය නොවන සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින්, දේශපාලනය ආත්ම ප්‍රකාශන කලාවක් බවට පත් කළ මංගලගේ මතකය හා ලිබරල් හිඩැස පිළිබඳ ආවර්ජනයක්."
  •  ඇත්තටම ගත්තොත් මේ දෙක දෙකක් නෙමෙයි එකක්.
  • මේ සියල්ල අවසානයේ ජීවත්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස.
  • මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් බව පිලිගනිමින් අනෙක් අය සාමකාමීව ජීවත්වන රටක් කියන එකයි දැන් ආණ්ඩුවේත් විපක්ෂයේත් පොදු අදහස.
අකුරු ප්‍රමාණය (Font Size):


"සම්මතය ප්‍රකෝප කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ ලංකාවේ අසමසම දේශපාලන ප්‍රවේශය සහ එහි නිමාව."


ලංකාවෙ මට ඇසුරු කරන්න ලැබුනු එකම ලිබරල් දේශපාලන චරිතය මංගල. ලිබරල් කියන්නෙ පොතෙන් පතෙන් උගත හැකි දෙයක් නෙමෙයි. ලිබරල් කියන්නෙ සිතුම් පැතුම් රටාවක්. සංස්කෘතියක්. ජීවිතයක්. ලංකාවෙ බොහෝ දෙනෙක් පොතෙන් ලිබරල් වුනත් ජීවිත ලිබරල් නෑ. ඒ හින්දම මංගල කියන්නෙ ලංකාවෙ අහම්බයක්. 

මංගලගෙ සමුගැනීම මට හිතෙන්නෙ සංකේතීය දෙයක් කියල. ඒ තමයි ලංකාවෙ ලිබරල්වාදී දේශපාලනයේ අවසානය. එතැනින් පස්සෙ ජනප්‍රිය වාමවාදයයි, ජාතිකවාදයයි විතරයි තෝරාගැනීම් විදිහට ඉතිරි. ඒ දෙකම නැවත ඉල්ලා සිටින්නෙ පාලනය. සීමා පැනවීම.  ඇත්තටම ගත්තොත් මේ දෙක දෙකක් නෙමෙයි එකක්. ඒක හරියට නන්දා මාලිනිය ජාතිකවාදී හෙළ ගී මෙන්ම වාම විරෝධාකල්පික ගීතත් එක‍ට ගායනා කළා  වගේ. දෙකක් ව‍ගේ පෙනුනත් ඒක එකම හඬක්.

484149257 1044858627674306 84591278363996588 n

 

මංගලගෙ ජීවිතය පුරාම තිබුනෙ නිදහස. ඒ වගේම සම්මතය තල්ලු කිරීම. ප්‍රකෝප කිරීම. සදාචාරය කුලප්පු කිරීම. ආන්දෝලනය. මේ සියල්ල අවසානයේ ජීවත්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස. අනෙකාව, අනෙකාගේ අදහස් දරාගැනීමේ හැකියාව. 

මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි.. මංගල කිව්වා. 
ඒකට බොහෝ අය කුපිත වුනා.

මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් බව පිලිගනිමින් අනෙක් අය සාමකාමීව ජීවත්වන රටක් කියන එකයි දැන් ආණ්ඩුවේත් විපක්ෂයේත් පොදු අදහස. දෙගොල්ලොම දෙවිදිහකින් එකඟයි.

දේශපාලනය යනු මිනිසුන් වෙනස් කිරීමේ මහන්සියයි

482213918 8688521111248810 1405962031598114802 n
අපි සිංහල බෞද්ධ කියන සීමාවට වඩා පුළුල්ව ශ්‍රී ලාංකික කියන ජාතිය ආඩම්බරෙන් වැළඳගත යුතුයි කියලා මංගල විශ්වාස කළා. කොයිතරම් අවාසිදායක වුනත් ඒක එලිපිට කිව්වා. ඊට එරෙහි කෝපය, විරෝධය සංවාදයකට පෙරලුවා. 

මං හිතන්නෙ දේශපාලනය කියන්නෙ ඒක. තමන් පිලිගන්නා වූ ජනප්‍රිය නොවන අදහස් වෙනුවෙන් මිනිස්සු වෙනස් කිරීමේ මහන්සිය. ඒක හුදු බලය ලබා ගැනීමේ ප්‍රයෝගකාරීත්වයෙන් ඔබ්බට යනවා. අමාරු අපහසු කලාපයක ජනතාව මුනගැහෙනවා. 

ඒ කතාවට කොයිතරම් විරෝධයක් නැගුනත් එය ප්‍රකාශ කිරීමේ නිදහසවත් අවම වශයෙන් ආරක්ෂා විය යුතුයි. මංගල පෙනී සිටියෙ ඒ වෙනුවෙන්. අහන්න අකමැති දේත් කියන්න ඇති අයිතිය වෙනුවෙන්. මං හිතන්නෙ ලංකාවෙ එහෙම අමාරු දේශපාලන ප්‍රවේශයක් ගත්ත එකම කෙනා මංගල. අනිත් හැමෝම බලය වෙනුවෙන් රාමුව වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ.


සිනාසෙමින් කළ අරගලය සහ 'පොලිටිකල් ආර්ටිස්ට්'

ඒක හින්දම තමයි මං මංගලව පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක් විදිහට දකින්නෙ. දේශපාලනය තමන්ගේ ආත්ම ප්‍රකාශන කලාවක් වශයෙන් යොදාගැනීම. ප්‍රතික්ෂේප වීම ආඩම්බයක් අභිමානයක් හැටියෙන් බාරගෙන නැවත නැවතත් දේශපාලනය තෝරාගැනීම.

මංගලට තිබුනා ලංකාව වෙනස් කළ හැකියි කියන සුබවාදී සිහිනයක්. කවර හේතුවක් නිසා හෝ ඒ ධනාත්මක සිහිනය මංගල අත්හැරියෙ නැහැ. ලිබරල්වාදියෙකුගේ මූලික ලක්ෂණයක් ඒක. සිනාසෙමින් අරගල කිරීම, තාප්ප වෙනුවට පාලම් තැනීම, අවංක වීම. 

මේවා දැන් අපේ රටේ දේශපාලනයෙ අතීතයට අයිති කාරණා කියලයි මං හිතන්නෙ. නැවත එළඹෙන්නෙ රංචුවාදයේ යුගය.  මංගල නික්ම ගිය එක හොඳයි. ඒ වගේ විශාල ජීවිතවලට ලංකාව එන්න එන්නම පුංචි වැඩි වෙනවා. තුත්තිරි ගස් මහා ගස් වගේ පේන්න ගන්නවා.

නිමා නොවන සාදයක මතකය සහ ලිබරල් ඉතිහාසයේ අවසානය

482062334 8691707857596802 5723096790170226198 n
මංගලගෙ දේශපාලනය කියන්නෙම සාදයක්. ඒක නිමා නොවන සාදයක්. සතුට මිත්‍රත්වය නිදහස සොයා යන මනුෂ්‍යත්වය ශිෂ්ටත්වය වැළඳගැනීමක්. කලාව රසය ජීවිතය විඳගැනීමක්. මංගල කියන්නෙම අසිරිමත් මුනගැසීමක්.

මිනිස්සු නික්ම යනවා නෙමෙයි. ඉතිහාසයක් අවසන් වෙනවා කියලයි මං හිතන්නෙ. මංගල නික්ම ගියා නෙමෙයි. ඒ දේශපාලනික, සංස්සෘකික ලිබරල් ඉතිහාසය ලංකාවෙ අවසන් වුනා. 

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි සටහනක් :

මංගල: කාලයට පවා අමතක කළ නොහැකි වූ මිනිසා | ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ විසිනි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...