BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන පුරුක මංගල සමරවීර | විපුල කරුණාතිලක

T

The Leader Desk

August 24, 2026 • 9:57 AM

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන පුරුක මංගල සමරවීර | විපුල කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 18 වන සියවසේ යුරෝපයේ ඇති වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ බලපෑම ලංකාවට ලැබෙන්නේ 20 වන සියවස මුල් කාර්තුවේ සිටය.
  • 1948 සිට 1970 වනතෙක් පැවතුණ ආණ්ඩුවල මූලික අරමුණ වූයේ රජය විසින් උත්පාදනය කරන ධනය හා රජය සතු සම්පත් එවකට ආන්තික සමාජ කොටස් වෙත මුදා හැරීමය.
  • 1948 පසු ඇති කළ ගල්ඔය ව්‍යාපාරයේ සිට ආහාර සහනාධාර, පාසල් හා විශ්ව විද්‍යාල ව්‍යාප්තිය නිදහස් සෞඛ්‍ය කම්කරු සුභසාධනය මෙය උදාහරණ ලෙස දැක්විය හැකිය.
  • දෙවන ලෝක යුද්ධය අවසානයේ  සිට 1970 දක්වා ලංකාව මෙන්ම ලෝකයේ අවධානය යොමුවී තිබුනේ මහජන සුභසාධනය වෙනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම මැතිවරණ වලට සහභාගී වීම, මැතිවරණ වලට ඉදිරිපත් වීම දේශපාලන පක්ෂ බිහිවීම, ඡන්ද බලය ලැබීම වැනි ප්‍රතිසංස්කරණ ලැබෙන්නේ ලංකාව තුළ වන අරගලයකට වඩා එවකට එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යටත් විජිත ප්‍රතිපත්තියට ප්‍රගතිශීලී ප්‍රවේශයක් වෙනුවෙන් එන බලපෑම මතයි.

1948 නිදහසින් පසු මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වල විශාල වර්ධනයන් දක්නට ලැබුණි. 1948 සිට 1970 වනතෙක් පැවතුණ ආණ්ඩුවල මූලික අරමුණ වූයේ රජය විසින් උත්පාදනය කරන ධනය හා රජය සතු සම්පත් එවකට ආන්තික සමාජ කොටස් වෙත මුදා හැරීමය. 1948 පසු ඇති කළ ගල්ඔය ව්‍යාපාරයේ සිට ආහාර සහනාධාර, පාසල් හා විශ්ව විද්‍යාල ව්‍යාප්තිය නිදහස් සෞඛ්‍ය කම්කරු සුභසාධනය මෙය උදාහරණ ලෙස දැක්විය හැකිය. දෙවන ලෝක යුද්ධය අවසානයේ  සිට 1970 දක්වා ලංකාව මෙන්ම ලෝකයේ අවධානය යොමුවී තිබුනේ මහජන සුභසාධනය වෙනුවෙනි.

1970 න් පසුව වෙනස්වන ලෝකයේ තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති විය. 1970 ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ක්‍රියාකාරීත්වය වූයේ නිෂ්පාදනය වෙනුවට මූල්‍ය ආර්ථිකය පදනම් කරගත් නව ලිබරල් වාද ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. තවදුරටත් සමාජ සාධාරණ මූලධර්ම මත පදනම් ලෝක පර්යාය වෙනුවට ඇමරිකානු කේන්ද්‍රීය මූල්‍ය ආර්ථිකයක් මත ලෝකය සංවිධානය විය. 1977 වන විට එංගලන්තයද ඒ මග යමින් එතෙක් පැවති සමාජ සාධාරණ මූලධර්ම වෙනුවට වෙළඳපල කේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමයකට මාරු විය. ඇමරිකානු ක්‍රමය බොහොඅය හැඳින්වූයේ එරට ආර්ථිකය මහජන විදියෙන් මූල්‍ය විදියට ( Main Street to Wall Street )මාරු වී ඇතිි බවයි. මූල්‍ය බලවතුන් දේශපාලනය පාලනය කිරීම මෙයින් අදහස් වෙයි. එංගලන්තයේ නව අගමැති ඇන්ඩි බර්න්හැම් Andy Burnham කියා සිටියේ ඔවුන් මේ අත්දකින්නේ නව ලිබරල් ආර්ථිකය විසින් ඇති කළ ක්‍රමයේ ප්‍රතිවිපාක බවයි.

lib democ
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ වනුයේ එය නිරන්තරව ප්‍රගතිය කරා යන්නක් වීමයි. එය සර්වජන ඡන්දයෙන් නවතින්නේ නැත සමාජයේ හඬක් නැති පිරිසටද ක්‍රමය තුළ නියෝජනයන් ලබාදීමට ඉඩක් ලබාදෙයි. සමාජයේ ආගමික, වාර්ගික හෝ ලිංගික වශයෙන් තහනම් කරන මතවාදයේ ප්‍රගතියට අයත් ලක්ෂණ ලබා දීමට සටන් කරයි. ( උදාහරණ ලෙස සමලිංගික අයිතින් ) ඒ වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තර්කකරන්නේ. ආර්ථික සමාජ සංස්කෘතික සෞභාග්‍ය සෑම කොටසකටම ලැබීම ඇතුලේ පමණක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට සංශිප්ත වීමට හැකියාවක් ඇත යනුවෙනි. තවද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයන් වනුයේ ජනප්‍රියවාදය ප්‍රතික්ෂේප කිරීමය. තරගකාර මැතිවරණ වලටද ජනප්‍රිය මානව විරෝධී ලක්ෂණ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් ප්‍රතික්ෂේප කරයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආගම් වාදය හෝ ජාතිවාදයට ඉඩක් නැත.

මා ඉහතින් සඳහන් කරනු ලැබුයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සරල සටහනක් ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ අන්තිම පුරුක වූයේ. මංගල සමරවීර මහතාය. මංගල ප්‍රධාන වශයෙන් දේශපාලන දහරා දෙකක් නියෝජනය කළේය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. මේ පක්ෂ දෙක නියෝජනය කරන සෑම අවස්ථාවකට මේ පක්ෂ අනන්‍යතාවය අභිබවා ඔහු පෙන්නුම් කරනු ලැබුයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ලක්ෂණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල බෞද්ධ පදනමක් මත පිහිටා කටයුතු කළත් ඔහු කිසිම අවස්ථාවක සිංහල බෞද්ධ අනන්‍යතාවය මත  පදනම්ව, අනෙකුත් ආගම්වලට අගතියක් වන ලෙස කටයුතු නොකළේය.

 

484149257 1044858627674306 84591278363996588 n

ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුද්ගලයකු ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම හා මානව ගරුත්වය වෙනුවෙන් කටයුතු කළේය. විවිධ ලිංගික අනන්‍යතා පැවතීම වෙනුවෙන් පෙනී සිටියේය. ජනප්‍රියවාදී නොවන ඕනෑම  තීරණයන් ගැනීමට ඔහු පසුබට වූයේ නැත. ඒ වගේම ඉතාම අවාසිදායක තත්ත්වයන් තුළ වුවද තමන්ගේ හෘද සාක්ෂියට එකඟ ප්‍රකාශයන් කිරීමට දෙපාරක් සිතුවේ නැත. සමහර භික්ෂූන් වහන්සේලාගේ දේශපාලනය ගැන කර්කශ විවේචන ගෙන ආවේය. සර් ජෝන් කොතලාවලට පසු භික්‍ෂූන් වහන්සේලාගේ දේශපාලන විවේචනය කළේ මංගල සමරවීර පමණි.

මංගල දෙස දුර සිට බැලූ මංගලගේ මිතුරෙකු නොවන මට ඔහු පෙනුනේ විශාල වශයෙන් පොත් කියවපු විශාල දැනුමක් ඇති කෙනෙක් ලෙස නොවේය. ඔහුගේ කතාවල ඔහු කිසිම අවස්ථාවක දේශපාලන දාර්ශනිකයන් උපුටා දක්වනවා මා දැක නැත. ඔහු අනුගමනය කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා පුද්ගල නිදහස අගය කරන හැඟීම් දැනීම් සහිත සාමාන්‍ය මිනිසකුගේ විශාල ආත්මයයි. ඔහුගේ දර්ශනය ඔහුගේ ජීවන විලාසිතාව විය. මංගලගේ වචනය හා ක්‍රියාව දෙකක් ලෙස නොව එකක් ලෙස ක්‍රියාත්මක විය.

දේශපාලන විශ්ලේශක
විපුල කරුණාතිලක

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...