BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ'

T

The Leader Desk

August 28, 2026 • 9:01 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *22 වැනි සංශෝධනය හරහා ආණ්ඩුවේ කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහය පරදවන්නට SOS සංවිධානය හා එක්ව හිටපු ජනපති රනිල්ගෙන් දැවැන්ත නීතිමය හා දේශපාලන මෙහෙයුමක්.
  • 22 සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ලබන බදාදා වන විට ආරම්භ වීමට නියමිතය.
  • ජනාධිපතිවරයා මුලින් බලාපොරොත්තු වූයේ මෙම සංශෝධනය තනි අශ්වයකුගේ රේස් එකක් ලෙස අවසන් කිරීමටය.
  • මීට විරුද්ධව රටේ මතයක් ඇති කිරීමට පාර්ශව ගණනාවක් රොද බැඳගෙන සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


*ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලීමේ සටන, ආණ්ඩුවේ කූට උපක්‍රම සහ මහානාහිමිවරුන්ගේ කලකිරීම ගැන මල් පාරෙන් හෙළිදරව්වක්.


22 සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ලබන බදාදා වන විට ආරම්භ වීමට නියමිතය. ජනාධිපතිවරයා මුලින් බලාපොරොත්තු වූයේ මෙම සංශෝධනය තනි අශ්වයකුගේ රේස් එකක් ලෙස අවසන් කිරීමටය. නමුත් දැන් ඒ සියල්ල කනපිට පෙරලී තිබේ. මීට විරුද්ධව රටේ මතයක් ඇති කිරීමට පාර්ශව ගණනාවක් රොද බැඳගෙන සිටිති.

මේ සම්බන්ධයෙන් පවතින්නේ තාක්ෂණික වශයෙන් පෙන්වා දිය යුතු කාරණයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ ක්‍රියාවලිය ආදිය පොදු මහජනතාවට සාමාන්‍යයෙන් ආගන්තුක මාතෘකාවක් වන්නේය. ඒ නිසා වැඩි සංවාදයකින්, කලබගෑනියකින් තොරව 22 පාස් කර ගැනීම ජනපතිවරයාගේ අරමුණ විය. නමුත් විපක්ෂය ගත් ක්‍රියා මාර්ග නිසා දැන් මෙය විශාල අර්බුදයක් බවට පත්ව තිබේ.

sos 260821

ප්‍රධාන වශයෙන්ම හිටපු ජනපති රනිල් මීට මැදිහත් වී තිරය පිටුපස සිටිමින් කරන ලද කාර්යභාරය දුටු විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් පැවසූයේ "නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ" යනුවෙනි. ඒ කතාවට පිළිතුරක් ලෙස රනිල් කීවේ " මගේ නඩුව මට අදාල එකක්. මේක මුළු රටේම ජනතාවට , ජනතාවගේ ස්වෛරීත්වයට, ජනතා පරමාධිපත්‍යයට අදාල එකක්. ඒ වගේ කාරණයකදී මට නිහඬ වෙලා ඉන්න බැහැ" යනුවෙනි.


ඒ අනුව පසුගිය සතිය පුරාම රනිල් Save our Sovereignty – SOS "අපේ පරමාධිපත්‍යය ආරක්‍ෂා කරමු " සංවිධානය සමඟ එක්ව කටයුතු කළේය. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, ජනතා පරමාධිපත්‍යය සුරැකීම, ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ මහජන සභා පැවැත්වීම එම සංවිධානයේ මූලික කාර්යභාරය වී තිබේ.

රනිල් ලෝක නඩු තීන්දු විශ්ලේෂණයක  

එම සංවිධානය සමඟ එක්ව රනිල් ලෝක නඩු තීන්දු විශ්ලේෂණය කිරීම ඇතුළු විශාල කාර්යභාරයක් සිදු කළේය.

"1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය පවරා තිබුණේ ජාතික රාජ්‍ය සභාවට, නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදය අනුව පරමාධිපත්‍ය ජනතාවට පැවරීමට ජේ. ආර් කටයුතු කළා. එවිට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටස් ලෙස සැලකිය යුතු බව 78 ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන ව්‍යවස්ථාව හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව හරහාත් විධායක බලය ජනාධිපතිවරයා හරහාත් අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ ව්‍යුහය හරහා ක්‍රියාත්මක කිරීමටත් විධි විධාන සලස්වා තිබෙනවා.

 

court 260723

ඒ වගේම 78 දෙවෙනි ජන රජ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමත්, ජනාධිපති තෝරා පත් කරගැනීමත්, සෘජුවම ජනතාව වෙත පවරලා තියෙනවා. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට අධිකරණය ස්වාධීන විය යුතුයි"

රනිල් එලෙස මූලික විස්තරයක් කරනු ලැබූයේ නීතිඥවරුන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය.

''දැන් මේ ගන්න හදන්නේ ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගැනීමට මූලික පියවරක්''

" පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට මෙන්ම ජනාධිපති ධුර කාලය දීර්ඝ කිරීමට අනිවාර්යයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තියෙනවා. විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නත් ජනමත විචාරණයක් අවශ්‍ය බව මීට කලින් දීපු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වල සඳහන්ව තියෙනවා.

pohosath ratak

1982 පාර්ලිමේන්තු කාලය දිගු කිරීමේදී ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසුවා. 13 වැනි සංශෝධනය ගෙනා අවස්ථාවේ එහි පෙඩරල් ස්වරූපයක් පෙන්වන බව එක් විනිශ්චකාරවරයෙක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ඊට ජන ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය එදා පවසා තිබෙනවා. මේ පසුබිම යටතේ ජනාධිපතිවරයා ජනවරම ඉල්ලන විට විනිසුරු වයස ගැන කිසිම සඳහනක් කළේ නැහැ. එයා ජනවරමක් ඉල්ලුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. විනිසුරු විශ්‍රාම වයස කතාවක් එතන කියා නැහැ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේද එවැනි කිසිම සඳහනක් නැහැ දැන් මේ ගන්න හදන්නේ ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගැනීමට මූලික පියවරක් " රනිල් තවදුරටත් විස්තර කළේය.


ඒ කතාවට උදාහරණයක් ලබාදෙමින් වජිර අතීත සිද්ධියක් සිහිපත් කළේය.

"මේ වගේ ක්‍රියාදාම ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරත් කරලා තියෙනවා. 1971 අවුරුද්දේ ඌරගස්මං හන්දිය කියන තැනදි මේජර් මල්ලිකා කියලා කෙනෙක් නඩු අහන්න ගිහින් තියෙනවානේ" යැයි ඔහු කීවේ පිරිස අතර සිනහවක් මතු කරමිනි.

"පැලවත්ත දැන් බලන්නේ මල් වත්ත නැති කරන්න''

 
" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තියේ තියෙන්නේ බුදු දහමට හිමි ප්‍රමුඛස්ථානය පිළිබඳවයි. මොවුන්ගේ ඊළඟ පියවර එතෙන්ට අත තියෙන එක" එම හමුවේ සිටි නීතිඥවරයෙක් එසේ අදහස් පළ කරන විට ඊට පිළිතුරක් දෙමින් රනිල් පැවසූයේ "පැලවත්ත දැන් බලන්නේ මල් වත්ත නැති කරන්න. මල්වත්ත නැති කරලා මේ අය නතර වෙන්නේ නෑ. ඊට පස්සේ අස්ගිරියත් නැති කරනවා.රාමඤ්ඤ, අමරපුර ඇතුළු ඔක්කම නැති කරන ගමනක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. බුද්ධාගමට පහර ගහන අතර අනෙක් ආගම් වලට වෙන විදිහකට සලකන ආකාරය පෙන්වන හොඳම අවස්ථාවක් තමයි මීගමුවේ තිබුණු නබි උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වීමේ ස්වභාවය. නමුත් අමරපුර සංඝ සභාවේ උත්සවයට සහභාගි වෙච්ච ජනාධිපති කතාවක්වත් පැවැත්වුවේ නෑ නේදැයි රනිල් විමසීය.

මහා සංඝරත්නය සමඟ මේ දිනවල ලඟින් ඇසුරු කරන වජිර පැවසූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් පසුවෙන්නේ ඉතා කලකිරීමෙන්  බව  අනූනාහිමි කෙනෙක් තමාට දැනුම් දුන් බවයි.

"පළමු කාරණය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්න කලින් මහනාහිමිවරුන් හමුවෙන්නට එන බව ජනාධිපතිවරයා පැවසුවත් එය ඉටු කළේ නැහැ. ඒ වගේම බුදු දහම ගැන රජයේ එක ස්ථිර ප්‍රතිපත්තියක් පවසා නෑ. අනෙක තමයි මහනාහිමිවරුන් ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපතිට යවපු ලිපිය සැඟවීම ආදී කාරණා නිසා මේ කලකිරීම ඇතිවෙලා තියෙනවා යනුවෙන්ද වජිර කීය.

'' මහාචාර්ය පීරිස්ට ගෞරවය හිමි වෙනවා''

G.L. Piris 250809

" දේශපාලන පක්ෂ නීතිඥ සංගමය ඇතුළු සියලු බලවේග දැන් එකම මතවාදයකට පෙළ ගැහිලා ඉන්නවා. නමුත් මේ මතවාදය ජනතාව අතරට ගෙනයාමට මුල් වී ක්‍රියා කරපු චරිතය ලෙස මහාචාර්ය පීරිස්ට ගෞරවය හිමි වෙනවා" යැයි රනිල් කීය.


විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධ කාරණය  ජනතාව අතරට ගෙනයාමේ මූලික කාර්යභාරයක් කළ චරිතයක් ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයත්, මහාචාර්ය ජී.එල් පිරිස් සහ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශය හඳුන්වා දිය හැකිය. ඒකාබද්ධ විපක්ෂයේ එම ක්‍රියාශීලී බව ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා ව්‍යාජ සංවිධාන හදා මෙම බලවේගයට පහර ගසන සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

''අධිකරණ ඇමතිවරයා අධිකරණයේ රබර් මුද්‍රාවක් නොවේ''

ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් කීවේ මෙවැනි කතාවකි.

" හොරකම් කරන්නේ වටිනාකමක් තියෙන දෙයක්නේ, වටිනාකමක් නැති දෙයක් කවුරුවත් හොරකම් කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයට සමාජයේ තිබෙන පිළිගැනීම නිසා තමයි අර තව කල්ලියක් ඒකාබද්ධ විපක්ෂයේ නම පාවිච්චි කරලා නීතීඥ සංගමය ළඟ විරෝධතාවයක් කළේ. නමුත් ඒක ඉතාම පහත් වැඩක්. කරන දෙයක් තමන්ගේ නමින් කරන්න ඕන වගේම එහි වගකීම බාරගන්න ඕන. අනිත් අයගේ අනන්‍යතාවය ආරූඪ කර ගැනීම දේශපාලනයේ ඉතා පහත් මට්ටමේ දෙයක්. 22 සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන කාරණය ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බලනවා. ඒ තීන්දුව දෙන්නටත් පෙර අධිකරණ ඇමතිවරයා ජන මත විචාරණයක් නැතැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. ඒ පිළිබඳ තීරණයක් ගන්න තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නේ. තාම නඩුව අහලවත් නැති පසුබිමක මෙවැනි ප්‍රකාශයක් කිරීම අධිකරණයට අපහාස කිරීමක්. අධිකරණ ඇමතිවරයා අධිකරණයේ රබර් මුද්‍රාවක් නොවේ.


මේ පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් 13 දෙනාම සිටින මණ්ඩලයක් අවශ්‍ය බව අප ඉල්ලා තියෙනවා. ඒ කාරණය අවහිර කරන්න රජය කූට උපක්‍රමයක් යොදනවා. එනම් දූෂණ විරෝධී පනත මේ අවස්ථාවේම ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමයි. එහි යටි අරමුණ යම් තර්කයකට ප්‍රවේශයක් හදා දීමයි. තර්කය නම් 22 වන සංශෝධනය පිළිබඳ ප්‍රශ්නයට විනිශ්චකාරවරුන් 13 දෙනාම යොමු කරන්නේ කෙසේද? යන කාරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලිය යුතු තව කරුණු දෙකක් තිබෙනවා. එකක් අධිකරණය පිළිබඳ පනත, අනෙක දූෂණ විරෝධී පනත, මේ තුන අතර විනිශ්චකාරවරුන්  බෙදීමට සිදුවෙනවා. එතකොට 22 සංශෝධනයේ විභාගයට දහතුන් දෙනාම දාන්නේ කොහොමද කියන ප්‍රශ්නය නිර්මාණය කිරීමටයි ආණ්ඩුව මේ පසුබිම සකසන්නේ. අපි මේ විවේචනය කරන්නේ අධිකරණය නොවේ ආණ්ඩුවයි. අධිකරණය මෙලෙස අසීරුතාවයකට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා.

 

dushana werodi act

ආණ්ඩුව නගන්න උත්සාහ කරන තර්කය පදනම් විරහිතයි. එය ව්‍යාජ තර්කයක්. පළමුවැන්න  සහ දෙවැන්න එකම කාරණයක් සම්බන්ධයෙනුයි. එකම වෙනස පලමු පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ. දෙවැනි පනත මහාධිකරණයේ හා පහළ උසාවියේ. ඒකට විනිශ්ච මණ්ඩල දෙකක් නෙමෙයි එකයි අවශ්‍ය වන්නේ. දූෂණ විරෝධී පනත සරල කාරණයක්. අධිකරණය තීරණය සති තුනක් ඇතුලත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුයි.

නැති ප්‍රශ්නයක් නිර්මාණය කිරීම සඳහා මේක ආණ්ඩුව ගන්න කූට උපක්‍රමයක්. ආණ්ඩුව හදන්නේ සියලු විනිශ්චකාරවරුන් 22 විභාග කරන්න යොදවන්න බැරි තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

මේ අතර ජී.එල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඉකුත් දා සිදු කෙරුණි. එහිදී කතාබහ වූයේ මොනවාදැයි මාධ්‍යට අනාවරණය නොවීය.

මතවාදය ජනතාව අතරට ගෙනයාමට Save our Sovereignty එයි

මේ අතර Save our Sovereignty හි ප්‍රධාන නීතිඥයන් සහ මහාචාර්ය ජී.එල් අතර දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. එය සංවිධාන කර තිබුණේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්නගේ සම්බන්ධීකරණය යටතේය. ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා, සුදර්ශන ගුණවර්ධන, මදුශංක දිසානායක මෙන්ම දිනුක් කොළඹගේ ද මීට සහභාගී වූහ.

 

articles2FtYRmpwglJPMg8OSowHkW ezremove
මෙහිදී මහාචාර්ය ජී.එල් ඉතා සරලව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම ඊට එරෙහි මතවාද ජනතාව අතරට ගෙන යා යුතු ආකාරය පිළිබඳව විස්තර කර දුන්නේය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...