BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විශේෂාංග

ජනපති ලේකම් හොඳායි! මගේ හිතත් දැන් නිදහස්!! | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

September 4, 2026 • 3:17 PM

ජනපති ලේකම් හොඳායි! මගේ හිතත් දැන් නිදහස්!! | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයතන සංග්‍රහය පටලවාගෙන චෝදනා කරන්න ගිය හිටපු රේගු ප්‍රධානියාට වුණු දේ - හිටපු දිසාපති සුනිල් කන්නන්ගර හෙළි කරයි.
  • පසුගිය 02 වනදා අසන්නට ලැබුණු මාධ්‍ය වැඩසටහනකින් මම මහත් ව්‍යාකූලත්වයට පත් වීමි.
  • එහි අසත්‍ය තොරතුරු ඇතුළත්ව තිබීමක් ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට යැවූ වාර්තාවක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කුමානායක මහතා වෙත බරපතල ලෙස වගකීම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇතුළත්ව තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.
  • චානක මහතා පාර්ලිමේන්තුවේදී කුමානායක මහතාගේ නම ද සඳහන් කරමින් පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති ලේකම්ගේ රේගු වාර්තාව සහ රාජ්‍ය සේවයේ අභිමතානුසාරී බලය ක්‍රියාත්මක වූ අපූරුව ගැන උපහාසාත්මක විග්‍රහයක්.

පසුගිය 02 වනදා අසන්නට ලැබුණු මාධ්‍ය වැඩසටහනකින් මම මහත් ව්‍යාකූලත්වයට පත් වීමි. රාජ්‍ය පාලනයේදී අභිමතානුසාරී බලය ක්‍රියාත්මක වන අන්දම ගැන බොහෝ දෙනා මේ වන විට කතා කරති. එබැවින් ඒ ගැන කරුණු අධ්‍යයනය කරමින් සිටි මට, ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරියෙකු මාධ්‍යයට කතා කරමින් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති ජනාධිපති ලේකම් ධුරය දරන නන්දිත සනත් කුමානායක මහතා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ප්‍රධානියාව සිටියදී කරන ලද රාජකාරියට අදාළ සිද්ධියක් ගැන ප්‍රකාශයක් කරනු ඇසුවෙමි.

චෝදනාවට ලක්වූ කන්ටේනර් වාර්තාව සහ පාර්ලිමේන්තු හෙළිදරව්ව

නන්දිත සනත් කුමානායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා තම අංශයෙන් ඉටු කළ කන්ටේනර් පරීක්ෂාවක් ගැන ඔහුගේ අත්සනින් යැවූ වාර්තාවක් එයට මුල් වී තිබිණි. එහි අසත්‍ය තොරතුරු ඇතුළත්ව තිබීමක් ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට යැවූ වාර්තාවක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කුමානායක මහතා වෙත බරපතල ලෙස වගකීම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇතුළත්ව තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී කුමානායක මහතාගේ නම ද සඳහන් කරමින් පෙන්වා දුන්නේය.

ඒ අතර මේ වාර්තාව පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් නොගෙන මගහැර සිටින්නේ යැයි මුදල් අමාත්‍ය ධුරය දරන ජනාධිපතිතුමාට චෝදනා කිරීමට ද ඩී. වී. චානක මන්ත්‍රීවරයා අමතක කළේ නැත. ජනාධිපතිවරයාද පිළිගන්නා අන්දමට පාර්ලිමේන්තුවේදී ඕනෑම බොරුවක් කිව හැකි බැවින් ඒ ගැන ගණන් නොගෙන සිටියත් ඩී. වී. චානක මන්ත්‍රීවරයා රූපවාහිනී වැඩසටහනකින්ද ඒ ගැන කියනු දුටු පසු ඒ ගැන අවධානය යොමු කළෙමි.

xfhdfbsdgh

අත්සන ලේකම්ගේ - පරීක්ෂාව නිලධාරීන්ගේ: රේගුවේ අමුතු සාධාරණීකරණය

මේ සිද්ධිය ගැන සඳහන් කරමින් වත්මන් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ මාධ්‍යයට කතා කළ ඒ නිලධාරියා කියා සිටියේ කුමානායක මහතා පිළිබඳව නැගෙන චෝදනා සාවද්‍ය බව ය. ඔහු පවසන අන්දමට රේගු ආදායම් අංශයේ ප්‍රධානියාව සිටි කුමානායක මහතා කන්ටේනර් පරීක්ෂාවට ගියේ නැත. ඔහු කළේ කන්ටේනර් පරීක්ෂාවට තම නිලධාරීන් යෙදවීමයි. නමුත් අනතුරුව ඒ නිලධාරීන් සැපයූ වාර්තා රේගුවේ අදාළ අංශවලට යොමු කිරීමත් කුමානායක මහතා කළ බව ඒ නිලධාරියා පවසයි. ඒ නිසා එතුමාට විරුද්ධව නගන චෝදනා සාවද්‍ය බවටද ඒ රේගු නිලධාරියා සහතික වෙයි.

ඔහු නොකියා කියන්නේ ප්‍රශ්නගත කන්ටේනර් පරීක්ෂාවට කුමානායක මහතා පෞද්ගලිකව සම්බන්ධ නොවූ නිසා ඔහු එම පරීක්ෂාවේ අඩුපාඩුවලට වගකිව යුතු නැති බවයි. නමුත් කුමානායක මහතා නිලධාරීන් සකස් කළ වාර්තාවට අත්සන් තබා යැවීමෙන් ඔහු අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන නම් කිසිවක් ඒ නිලධාරියා පැවසුවේ නැත. මාධ්‍යවේදීන් ඒ ගැන නිකමටවත් ඇසුවේ නැත්තේ ඒ නිලධාරියා ගැන අනුකම්පාවෙන් විය යුතු ය.

චෝදනා කළ අධ්‍යක්ෂ ජනරාල්, චෝදනා ලැබූ ලේකම් යටතට පත්වූ හැටි

එසේ වුවත් මේ කරුණ ගැන විශේෂ විමර්ශනය සිදු කරන විට රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි සීවලී අරුග්ගොඩ අධ්‍යක්ෂ ජනරාල්වරයා කුමානායක මහතාටත් චෝදනා කරමින් වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට යවා ඇත. මේ චෝදනාවන් ඇතුළත් වාර්තාව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කළ නිල වාර්තාවක් බව පෙනේ. මෙහි ඇති අපූර්වත්වය වන්නේ මේ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවුවේ යැයි කියන හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩද දැන් නන්දිත සනත් කුමානායක ජනාධිපති ලේකම් යටතේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කිරීම ය.

ඒ අනුව චානක මන්ත්‍රීවරයා මේ වාර්තාව ගැන නිහඬව ඉන්නවා යැයි ජනාධිපතිතුමාට චෝදනා කිරීම නම් අසාධාරණ බව පෙනේ. ජනාධිපතිතුමා මේ වාර්තාව ගැන දැන හෝ නොදැන කර ඇත්තේ චෝදකයා චෝදනා ලැබූ කෙනාගේ යටතේ කටයුතු කිරීමට පත් කොට ඔහුට හොඳ මට්ටුවක් කිරීම ය. ඒ නිසා අර මාධ්‍යයට ප්‍රකාශයක් දුන් වත්මන් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරියා මේ ගැන ජනාධිපතිතුමා සුදුසු පියවර ගෙන අහිංසක කුමානායක මහතාට නිරපරාදේ චෝදනා කළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දඬුවමක් ලෙස කුමානායක මහතා යටතේම සිය විශ්‍රාම දිවිය ගත කිරීමට සලස්වා ඇතැයි කියා ජනාධිපතිතුමාටත් ස්තූතියක් කළා නම් කපුවා සහ දෙවියන් යන දෙදෙනාවම එකම පූජා වට්ටියෙන් සතුටු කළ හැකිව තිබුණි.

ආයතන සංග්‍රහයේ නීතිය සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ විනය බලය
xfdhtye
රාජ්‍ය සේවයේ පවතින නිසි පරිපාටිය අනුව රාජ්‍ය සේවකයෙක් කිසියම් ආයතනයක සේවයේ යෙදී සිටියදී කරනු ලබන රාජකාරිමය විෂමාචාරයක් පිළිබඳව එකී නිලධාරියා වෙනත් තනතුරකට පත්වී සිටියදී සොයා ගතහොත් සිදු කළ යුතු කාර්ය පරිපාටිය ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 9 වගන්තියේ විස්තර කර ඇත. ඒ අනුව නිලධාරියාගේ පූර්ව සේවා ආයතනයේදී සිදු කොට ඇතැයි පැවසෙන වරදට අදාළව මූලික විමර්ශනයක් පවත්වා චෝදනා පත්‍ර කෙටුම්පතක් සමග වත්මන් ආයතන ප්‍රධානියා වෙත එකී වාර්තාව අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් එවිය යුතු ය.

 නන්දිත සනත් කුමානායක මහතාගේ වර්තමාන ආයතන ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයායි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තම අමාත්‍යාංශ ලේකම් වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හරහා මේ එවා ඇත්තේ ඒ වාර්තාව විය යුතු ය. මෙබඳු වාර්තාවක් ලැබුණු පසු වත්මන් ආයතන ප්‍රධානියා එය නිලධාරියාගේ විනය බලධාරියාට අප්‍රමාදව යැවිය යුතුය. නන්දිත සනත් කුමානායක මහතාගේ විනය බලධාරියා ද ජනාධිපතිවරයාමය. ඒ නිසා ආයතන ප්‍රධානියා ලෙස දකුණු අතින් වාර්තාව භාරගෙන විනය බලධාරියා ලෙස වම් අතට යොමු කිරීම වැනි දෙයක් ජනාධිපතිතුමාට කළ හැකිය. (එසේ කළාදැයි හරියට නොදැන ජනාධිපතිතුමාට මේ ගැන නිහඬව ඉන්නවා යැයි චෝදනා කිරීමත් අසාධාරණ බව චානක මන්ත්‍රීවරයා තේරුම් ගත යුතුය.)

නීතිය කාටත් උඩින්ද? දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලැබුණු පාඩම
ආයතන සංග්‍රහය අනුව විනය බලධාරියා විසින් අදාළ චෝදනා පත්‍රය අත්සන් කර නිලධාරියාට නිකුත් කළ යුතු ය. නන්දිත සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියා ය. ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජික පිරිස ආයතන සංග්‍රහයේ රජයේ නිලධාරී යන්න අර්ථගන්වා ඇති අන්දමට අනුව රජයේ නිලධාරී ගණයට අයත් නොවෙති. එසේ නම් ආයතන සංග්‍රහය යටතේ වරදක් කරනු ලැබ ඇතැයි චෝදනා පත්‍රයක් ජනාධිපති ලේකම් නන්දිත සනත් කුමානායක මහතාට එරෙහිව නිකුත් කිරීමට නෛතික හැකියාවක් ජනාධිපතිවරයාට නොමැත. ජනාධිපතිතුමා හිරවන්නට ඇත්තේ මෙන්න මෙතැනදී ය. එසේ නැතිව නීතිය කාටත් උඩින් තිබිය යුතුයැයි නිරන්තරයෙන්ම උදම් අනන ජනාධිපතිතුමා තම ලේකම්වරයාව නීතියට උඩින් තිබ්බා යැයි සිතීම පවා බරපතල පාපයකි.

ඒ නිසා මේ අන්දමේ අපභ්‍රංශ ගැටලුවක් මතු වන ලෙසට වාර්තාවක් එවමින් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව යම් ආකාරයක පියවරක් ගැනීම අත්‍යවශ්‍යයෙන්ම මතුවන්නට ඇත. එබැවින් ජනාධිපතිතුමා ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු නන්දිත සනත් කුමානායක ජනාධිපති ලේකම් යටතේම අතිරේක ලේකම් ධුරයකට පත් කිරීමෙන් ඒ අවශ්‍යතාවත් සම්පූර්ණ කළා විය යුතුය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉන්නා අයගේ පූර්ව සේවා කාලයන්ට අදාළ මෙබඳු දේ ගැන වාර්තා එවා හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් කර ගත් දේ අනෙක් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටත් මතක හිටින පාඩමකි.

රේගු ආදායම් අංශයේ වර්තමාන නිලධාරියා මාධ්‍යයට ප්‍රකාශ කළ පරිදි නන්දිත සනත් කුමානායක ජනාධිපති ලේකම්තුමාට නගන චෝදනාව සාවද්‍ය බව මහත් වෙහෙසක් දරා මේ අන්දමින් න්‍යායාත්මකව තේරුම් ගත් පසු මගේ හිතට දැනුණේ අපමණ සහනයකි; සැනසිල්ලකි;නිදහසකි. දැන් ඉතින් අභිමතානුසාරී බලය ගැන සෙවීම යළිත් නිවී සැනසිල්ලේ කළ හැකි ය.
 
sunil Kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...