"සුදුලූනු පොඩි කරන්න එපා අම්මෙ..." කජ්ජා අංකල්ටයි කපිල අංකල්ටයි දුන්න ටොපියම නිමල් අංකල්ටත් දුන්නා නම් තාත්තා ගොඩනෙ!
තාත්තා කොහේ ගිහින්ද අම්මෙ කියා නාමල්ගේ ලොකු පුතා අම්මාගේ ඇසුවේය.
ලිමිණි නෝනා කීවේ පොඩි ගමනක් ගිහින් ඉක්මනට එයි කියාය.
කොල්ලා පොඩිකමට අම්මාගෙන් ඇසුවේ ඇයි බ්‍රයිබරි එකට යනවයි කියලා නේද ගියේ කියාය.
ලිමිණා නෝනා කීවේ 18 උදේ එයි අවුලක් නෑ ඕවා ඔහොම තමයි ඉතින් කියාය.
කොල්ලා කල්පනාභරිතව කීවේ එච්චර දවසක් මොනවා කරනවද, රංගගෙ සෙට් එක තාත්තව දිගටම හිර කරයිද දන්නෑ කියාය.
12 රැස්වීමට අම්මා නගිනවා කියලා ෆේස්බුක් එකේ හා හෝවක් යනවා කී කොල්ලා අම්මට අමාරු නම් අවුලක් නෑ මම එදාට නඟින්නම් කියා කීවේය.
ලිමිණි කල්පනා කළේ මූට තාත්තටත් කලින් ජනාධිපති වෙන්න තදියම ගහලා වගේ කියාය.
මේ ගැන දැනගත් මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ. අපේ හාන්රුදුවො ඌවත් රැක බලාගන්න ඕනෑ කියාය.
කොල්ලා ඩබල් එකේම රනිල් වික්‍රමසිංහ මහතාට මැසේජ් කර තිබුණේ it's okay you wait seeya, I will go there කියාය.
නාමල්ගේ පුතා මොන්ටිසෝරියේ මිතුරන්ට කියා තිබුනේ අපේ තාත්තා බේරගන්න ප්‍රොටෙස් කැම්පේන් කරන්න බ්‍රයිබරි පැත්තේ හරි උසාවිය පැත්තේ හරි එන්න එපා කියලා උඹලගේ දෙමව්පියන්ට කියපල්ලා කියාය.
ඒ මොකද මචං කියා ටිකක් පුදුමයෙන් වගේ ඇසූ කොල්ලන්ට නාමල් ගේ පුතා කියා තිබුණේ තාත්තා රෙස්ට් එකක් ගත්තාවේ, මට මේ ටිකේ වැඩ ටික හැන්ඩ්ල් කරගන්න පුළුවන් අවුලක් නෑ, I will manage මචංලා කියාය.
එදා මොන්ටිසෝරි ඇරිලා ආපු ගමන් කොල්ලා අම්මාගෙන් සල්ලි වගයක් ඉල්ලුවේය.
ලිමිණි නෝනා කියා තිබුණේ කොහේ තියන සල්ලිද ළමයො තාත්තත් ගෙදර නැති වෙලාවේ කියාය.
ඇයි අර නිමල් දුන්නයි කියන මිලියන සීය ඉවරද කියා ඇසූ කොල්ලාගෙන් මොන නිමල්ද, මොන මිලියන සීයද කියා ලිමිණි ඇසුවාය.
කොල්ලා ටිකක් කේන්තියෙන් වගේ කියා තිබුණේ නිකං සුදුලූණු පොඩි කරන්න හදන්න එපා අම්මේ, මහාධිකරණයේදී වැඩේ රීබට් වෙනවයි කියලා එදා මැජස්ට්‍රරේට් කියලා තිබුණා මතක නැද්ද කියාය.
මං මේ මිනිහව බේරගන්න විදියක් කල්පනා කරනවා, උඹ මේ විකාරයක් කතා කරනවා කී ලිමිණිට කොල්ලා කියා තිබුණේ කජ්ජා අංකල්ටයි, කපිල අංකල්ටයි දුන්නු ටොපියම නිමල් අංකල්ටත් දුන්නා නම් සාක්කි ඉවරයි, තාත්තත් ගොඩ, ඕවා ඔච්චර ලොකු දේවල් නෙවෙයිනෙ අම්මෙ කියාය.
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya67@gmail.com




