BREAKING
flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග● පාම් තෙල් තහනම ඉවත් නොකරන්නැයි ඇමැති වසන්තගෙන් ඉල්ලීමක්● කටුනායකදී කෝටි 3.6ක රන් භාණ්ඩ සමග පල්ලේකැළේ ව්‍යාපාරිකයෙක් දැලේ●ව්‍යාජ ආනයන හරහා කෝටි 19,000ක ඩොලර් ජාවාරමක්: තවත් සමාගම් 17ක් දැලේ● අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●
Top Ad
විශේෂාංග

අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග

CSK

CSK

October 4, 2026 • 11:14 AM

අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතියේ දිවයිනේ ප්‍රධාන අධිකරණවල කැඳවුණු දේශපාලන, මූල්‍ය වංචා, සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර ගනුදෙනු රැසක සම්පූර්ණ නීතිමය වාර්තාව.
  • නියම වූ ඇප කොන්දේසි: රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක්, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ විදෙස් ගමන් තහනමක්.
  • කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' සමාගම් ගනුදෙනුවට අදාළ නඩුවේ 4 වැනි සැකකරු ලෙස නම් කර තිබීම සහ තවත් නඩුවක් හේතුවෙන්, නාමල් රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
  • ක්‍රිෂ් සමාගම හරහා රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මඟින් කරුණු වාර්තා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
නාමල් රාජපක්ෂ: එයාර්බස් ඇප සහ ක්‍රිෂ් නඩුවේ රක්ෂිත බන්ධනාගාර නියෝග  

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ මූල්‍ය අක්‍රමිකතා නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කෙරිණි.  

නියම වූ ඇප කොන්දේසි:
රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක්, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ විදෙස් ගමන් තහනමක්.  

කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' සමාගම් ගනුදෙනුවට අදාළ නඩුවේ 4 වැනි සැකකරු ලෙස නම් කර තිබීම සහ තවත් නඩුවක් හේතුවෙන්, නාමල් රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.  
ක්‍රිෂ් සමාගම හරහා රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මඟින් කරුණු වාර්තා කර තිබේ. එම නඩුවට අදාළව ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.  


එයාර්බස් ඇපකරුවන්: අරවින්ද ද සිල්වාගේ ඇප මුදල් රාජසන්තක වෙයි  
එයාර්බස් ගනුදෙනු විමර්ශනයට අදාළ සැකකාරියක වන හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇයගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කෙරිණි.  

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරු රුපියල් මිලියන 20ක මුදලක් අධිකරණයට ගෙවීමට එකඟ විය. ඉතිරි රුපියල් මිලියන 20ක ඇප මුදල ඔක්තෝබර් 17 දිනට පෙර ගෙවන ලෙස අධිකරණය නියම කළේය.  


උදය ගම්මන්පිල කොටස් වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස්  
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගමක රුපියල් මිලියන 21ක (ඩොලර් 70,000කට ආසන්න) කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් අලෙවි කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.  

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.  


යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල්යයි  
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730ක (මිලියන 73ක) වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට නීතිපතිවරයා ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවිණි.  

විත්ති පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩුවේ සාක්ෂි විභාගය කල් තැබිණි.  


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණ දෙකකින් වරෙන්තු  

මහේස්ත්‍රාත් අධිකරණය:
මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මාස 9ක සිරදඬුවමක් නියම වී තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.  

අභියාචනාධිකරණය:
අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව විවෘත වරෙන්තුවක් සහ විදේශ ගමන් තහනමක් නිකුත් කෙරිණි.  

කෙසේවුවද අධිකරණය හමුවේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ පොලිස් භාරයට පත්විය.

පිටිගල, ඉහළ හේරැස්ස ප්‍රදේශයේ පිහිටි ලේනගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් උන්වහන්සේ ඊයේ රාත්‍රියේම කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සහ තිලිණි ප්‍රියමාලිට වරෙන්තු  

චාමික කරුණාරත්න:
ගුවන් නියමුවරියක විසින් සිය දරුවාගේ නඩත්තු මුදල් ඉල්ලා ගොනුකළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.  

තිලිණි ප්‍රියමාලි:
මූල්‍ය වංචා චෝදනා නඩුවකදී වෙනත් නඩුවක ඇපකරුවන් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  


කෙහෙල්බද්දර පද්මේගේ ජීවිත ආරක්ෂාව සහ විමර්ශන  
තමන්ට වැලිසර බන්ධනාගාරය තුළදී අවස්ථා දෙකකදී සයනයිඩ් විෂ ශරීරගත කිරීමට උත්සාහ කළ බව පවසමින් රැඳවුම්කරු කෙහෙල්බද්දර පද්මේ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පෙනී සිටිමින් අධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියේය.  

බන්ධනාගාරයෙන් මේ පිළිබඳව වහාම වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කළේය.  

මත්ද්‍රව්‍ය ජාලයට අදාළව ඔහු සතුව තිබී හමුවූ සටහන් පොත් 8ක අත්අකුරු සහ ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් පිළිබඳ හඬපට රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගැනිණි.  


ප්‍රධාන මූල්‍ය හා අපරාධ විමර්ශන කිහිපයක ප්‍රගතිය  

රුපියල් බිලියන 24ක නීතිවිරෝධී මුදල් හුවමාරුව:
භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩොලර් විදේශගත කිරීමේ ගනුදෙනු 2,844ක් සම්බන්ධයෙන් සමාගම් 5ක් පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ. සැකකරුවන් ඔක්තෝබර් 15 දක්වා රිමාන්ඩ් කෙරිණි.  

චීන ජාතිකයාගේ රුපියල් කෝටි 2 මංකොල්ලය:
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා ඇතුළු පස්දෙනාගේ නඩුවේ සීසීටීවී (CCTV) දර්ශන රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර නඩුව නොවැම්බර් 25 දිනට කල් තැබිණි.  

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාව:
තාක්ෂණික කමිටු වාර්තාවේ ප්‍රගතිය දෙසැම්බර් 16 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට CID යට නියෝග කෙරිණි.  

අල්ලස් ගත් නිලධාරීන් රිමාන්ඩ්:
සීදුවේදී රුපියල් 5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු මෙන්ම, සරණ ගුණවර්ධනගේ බිරිඳගේ අල්ලස් සිද්ධියකට ආධාර අනුබල දුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.  


දැඩි දඬුවම් සහ ත්‍රස්ත විමර්ශන නඩු  

ගණිකා ජාවාරමට වසර 10ක සිරදඬුවම්:
රැකියා පොරොන්දු දී උස්බෙකිස්ථාන කාන්තාවක මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම විය.  

හෙරොයින් ජාවාරමට ජීවිතාන්ත සිරදඬුවම්:
හෙරොයින් ග්‍රෑම් 4.90ක් ළඟ තබාගෙන ජාවාරම් කළ තිදරු මවකට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි.  

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව:
පාස්කු ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරන ද්‍රව්‍ය රැස්කිරීමේ නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු වරද පිළිගැනීමට සූදානම් බව දැනුම් දීමෙන් පසු, නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දිනපතා විභාග කිරීමට නියම විය.

(සටහන | විනු කරුණාරත්න)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...