The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

ආණ්ඩුව 21 ඉස්කෝල පාසල් ඇරියාට එදාට ගුරුවරු නෑ

T

The Leader Desk

October 18, 2021 • 3:29 PM

ආණ්ඩුව 21 ඉස්කෝල පාසල් ඇරියාට එදාට ගුරුවරු නෑ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, ඔක්තෝබර් 21 සහ 22 දිනවලදී ගුරු විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.
  • සිසුන් 200 ට අඩු පාසල් ඔක්තෝබර් 21 වන දින විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
  • "එම තීරණයට අනුව කටයුතු නොකර සිසුන් 200 ට අඩු පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු 21 දින සහ 22 දින පාසල්වල සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත." ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන ගුරු සංගම් නායකයන් දෙදෙනාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
  • ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසන පරිදි අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා කර ඇති, 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවකට පැවති වැටුප් කොමිසමට ලබාදුන් වාර්තාවේ ඇතුළත් වැටුප කොටස් 3 ක් යටතේ 2022 සහ 2023 වසර වල ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, ඔක්තෝබර් 21 සහ 22 දිනවලදී ගුරු විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.
 
 සිසුන් 200 ට අඩු පාසල් ඔක්තෝබර් 21 වන දින විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
 
 "වසර 24 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති සේවාවල වැටුප් විෂමතා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්කරන ලද ‘සුබෝධනී’ වාර්තාව මත පදනම්ව ඉවත් කරන ලෙස ඉල්ලමින් සියලූ ගුරු විදුහල්පතිවරු මේ වන විටත් වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරතව සිටින අතර, ඊළග ක්‍රියාමාර්ගය ලෙස 2021.10.21 සහ 22 දිනයන්හි ගුරු විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත."
 
 ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරන්නේ මාස 3 කට වැඩි කාලයක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග පෙරට ගෙන එමින් තිබියදී ගුරු විදුහල්පති වැටුප් ගැටලූවලට විසඳුම් ලබා නොදී කෝවිඞ් 19 වසංගත තත්වය මත වසා දමා ඇති පාසල් අදියර වශයෙන් නැවත විවෘත කිරීමටත්, පළමු අදියර ලෙස සිසුන් 200 ට අඩු පාසල් ඔක්තෝබර් 21 දින විවෘත කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
 
 
 
 
 "එම තීරණයට අනුව කටයුතු නොකර සිසුන් 200 ට අඩු පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු 21 දින සහ 22 දින පාසල්වල සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත." ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන ගුරු සංගම් නායකයන් දෙදෙනාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
 
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසන පරිදි අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා කර ඇති, 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවකට පැවති වැටුප් කොමිසමට ලබාදුන් වාර්තාවේ ඇතුළත් වැටුප කොටස් 3 ක් යටතේ 2022 සහ 2023 වසර වල ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
 
 එම වැටුප කොටස් වශයෙන් නොව සුභෝධනී වැටුප් යෝජනාවේ පළමු අදියර ලෙස එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියා මාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර, නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් එම වැටුප ලබා දීමට බල කරමින් පහත වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වීමට එම සන්ධානය  තීරණය කර ඇත.
 
 
 
01. ඔක්තෝබර් 21 දින සහ 22 දින ආරම්භ කරන පාසල්වල ගුරු විදුහල්පතිවරු පාසල්වල රාජකාරියට වාර්තා නොකර වැඩවර්ජනයේ නිරත වීම,
 
02. ඔක්තෝබර් 25 දින පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරු විදුහල්පතිවරු දිවයින පුරා උද්ඝෝෂණවල නිතර වීම,
 
03. නොවැම්බර් 02 දින ආරම්භ කළ පාසල් ඉදිරිපිට දෙමාපියන් සමග ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත වීම.
 
 
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩි දුරටත් චෝදනා කරන්නේ ආණ්ඩුව දිගින් දිගටම ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙමින් පාසල් ආරම්භ කිරීමටත්, ආණ්ඩුවේ විවිධ පාර්ශව ලවා ගුරු විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීමත් හැර වසර 2 කට ආසන්න කාලයක් අහිමිව ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කර නැති බවයි.
 
 
 මේ තත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කර ගුරු විදුහල්පතිවරු ඔක්තෝම්බර් 25 දින පළමු අදියරේ ආරම්භ වන පාසල් වල සේවයට වාර්තා කරන අතර, පාසල් තුළ සිටිමින් වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග පෙරට ගෙන යන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය  අවධාරණය කරයි.
 
 
 
 
"21 දින ආරම්භ වන්නේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සිසුන් 200 ට අඩු පාසල් 3000 ක පමණ ප්‍රමාණයක ප්‍රාථමික ශ්‍රේණි පමණක් වන අතර, ගැටලූවට විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලූ පාසල් ආරම්භ කිරීමෙන් පසු වැඩවර්ජන  ක්‍රියාමාර්ගවල නිරත වන බව ද  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමු." ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
 මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ, කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ  සිය සංගමය අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.
 
 

THE LEADER TV 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...