The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (21) : රජුන් තනන්නෝ - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

October 7, 2024 • 8:58 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (21) : රජුන් තනන්නෝ - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඳුකර වතු දෙමළ ජනතාවට වඩා පහත රට වතු දෙමළ ජනතාව සියලු ආකාරයෙන්ම පිබිදීමක් ඇති බව මීට පෙරද විස්තර කළෙමු.
  • ප්‍රධාන හේතුවක් ලෙස අප දැක්වූයේ ඔවුන්ට ගම හා මුහු වීමට තිබෙන අවස්ථාව වැඩිවීම ය.
  • ඔවුන් වැඩි දෙනෙක් අත්සන ලෙස යොදන්නේ ඇඟිලි සලකුණයි.
  • මේ තරුණියට රජයේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ පීඨයට ඇතුළත් වී උසස් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය වෙනුවෙන් සම්පූර්ණ වියදම් දැරුවේ එම වතුයායේ ඉහළ තනතුරක් දැරූ සත්පුරුෂ මහත්මයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කඳුකර වතු දෙමළ ජනතාවට වඩා පහත රට වතු දෙමළ ජනතාව සියලු ආකාරයෙන්ම පිබිදීමක් ඇති බව මීට පෙරද විස්තර කළෙමු. ප්‍රධාන හේතුවක් ලෙස අප දැක්වූයේ ඔවුන්ට ගම හා මුහු වීමට තිබෙන අවස්ථාව වැඩිවීම ය.
 
dc52a880 5ac0 11ef 987f 9dfc1ea0f1d1.jpg
සාමාන්‍යයෙන් දකුණු ඉන්දීය දෙමළ වතු කම්කරු ජනතාව අතරින් වයස අවුරුදු පනහෙන් පමණ එහා පරම්පරාව බොහෝ විටම ලියන්නට කියවන්නට දන්නේ නැත. ඔවුන් වැඩි දෙනෙක් අත්සන ලෙස යොදන්නේ ඇඟිලි සලකුණයි. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව එනම් මේ වන විට වයස හතලිස් ගණන්වලට ආසන්න සහ හතලිස් ගණන්වල පසුවන අය යම් පමණකට, අඩු තරමින් සාමාන්‍ය පෙළ දක්වාවත් අධ්‍යාපනය ලැබූවෝ වෙති. ඊට ඉහළට අධ්‍යාපනය ලැබූ අයත් නැතුවා නොවේ.මුල් පරපුර සම්පූර්ණයෙන්ම වාගේ වතු කම්කරු රැකියාව කරන අතර මෙම දෙවෙනි පරපුරේ සමහරුන් වත්තෙන් ගිලිහී ගොසිනි. වත්තේ රැකියාවල නියැලෙන අයගෙන් සමහර දෙනෙක් පිට කුඩා තේ වතුවල සහ තවත් නොයෙකුත් කුලී වැඩ සොයාගෙන කරති. ඒ පිළිබඳවද අපි සාකච්ඡා කළෙමු. නව පරම්පරාව, එනම් වයස විසි ගණන්වල පසුවන තරුණ පරම්පරාව වත්තේ රැකියාවලින් සහමුලින්ම මිදී වැඩි දෙනෙක් අධ්‍යාපන කටයුතුවල නියැලෙති. 
25 A. Idayawanan 1024x683 1 
පහතරට දෙමළ වතු කම්කරු මාපිය යුවළකගේ එක් දියණියක් මීට වසර දෙක තුනකට ඉහතදී උසස් පෙළ සමත් වී තිබුණේ මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 15 ට වඩා අඩු රෑන්ක් එකකිනි. මේ තරුණියට රජයේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ පීඨයට ඇතුළත් වී උසස් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය වෙනුවෙන් සම්පූර්ණ වියදම් දැරුවේ එම වතුයායේ ඉහළ තනතුරක් දැරූ සත්පුරුෂ මහත්මයෙකි. මේ තරුණියගේ දෙමාපියන් තවමත් කම්කරු වෘත්තිය අතහැර නැත.
     
වතුකරයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කර තිබෙන්නකි. ඒ නිසා පහතරට වතුකරයේ නම් වත්තේ පාසලට හෝ ගමේ පාසලට දරුවන් ඇතුළත් කෙරේ. ගමේ පාසලේ මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්නට ලැබෙන්නේ සිංහල මාධ්‍යයෙනි. ඔවුහු ඉතා හොඳින් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර දෙමළ භාෂාව සහ සිංහල භාෂාවද වශයෙන් භාෂා දෙකක් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ලබති. එසේම දෙමළ ජනතාව අදහන්නේ හින්දු ආගම වුවත් ගම්මුන්ගේ ඇසුර ලැබීම නිසා මේ අය පන්සල්වලට යති. පන්සල්වල විවිධ පින්කම්වලට ද සම්බන්ධ වෙති. එසේම පන්සල්වල ඉරිදා දහම් පාසල් අධ්‍යාපනය ලබන ඉන්දීය දෙමළ දරුවන්ද බොහෝ ය. මේ ඇතැම් දරුවෝ දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දී එයින් ද සමත් වෙති.
 
image 27e4cdb4fa
වර්තමාන පරම්පරාව මෙලෙස අධ්‍යාපනය ලබා උසස් රැකියාවල නියුතු වීම ඇතුළු වෙනත් රැකියාවලට වත්තෙන් පිටයාම හේතුවෙන් තවමත් වතුවල රැඳී කම්කරු රැකියාවල නිරත වන්නේ වැඩිහිටි පිරිස පමණි. මේ අනුව අනාගතයේදී දළු නෙළීම මැෂින්වලට පැවරෙන විට දැන් මෙන් සතියකට වරක් එක් තේ ගසකින් දළු නෙළීම සිදු කළ නොහැකි වනු ඇත. අතින් දළු නෙළීමේදී තෝරා බේරා ගෙන අවශ්‍ය දල්ල පමණක් නෙළා ගත හැකිය. නමුත් යන්ත්‍රයකින් එම කාර්ය එලෙස කළ හැකි නොවේ. මේ නිසා යන්ත්‍රයකින් තේ දළු නෙළීමේදී එක් තේ ගසකින් දළු නෙළීමට හැකි වන්නේ මාසයකට දෙවතාවක් පමණක් යැයි කියනු ලැබේ.
IMG20190113092309 
සාමාන්‍යයෙන් බොහෝ වතුවල දළු නෙළන කම්කරුවන් ගේ රාජකාරී වෙලාව ලෙස සලකන්නේ උදේ 8.00 සහ සවස 4.00 යි. නමුත් තේ කම්හල් තුළ රාජකාරී ඊට වඩා වෙනස් ය. එහි රාජකාරිය උදේ සහ රාත්‍රී ලෙස මුර දෙකකට ක්‍රියාත්මක වෙයි. කොළ හැලීම වැනි මැෂින් ආධාරයෙන් කරන කටයුතු සේම, කුඩු එකතු කිරීම, පැක් කිරීම, බෑග්වලට ඇසිරීම වැනි කම්කරු දෑතින් සිදුවන තවත් බොහෝ කටයුතු තිබේ.
     
කුඩා පෞද්ගලික තේ වතුවල දළු ගෙන එන්නේද මෙම ෆැක්ටරිවලට ය. සමහර කුඩා තේ වතුවල වතුහිමියන්ම තම තේ දළු ටික ෆැක්ටරිවලට ගෙනැවිත් දී මුදල් ලබා ගන්නා අතර කුඩා වතුවලට ගොස් මේවා එකතු කරගෙන ෆැක්ටරිවලට භාරදෙන අතරමැදි පිරිස්ද හිඳිති. එසේ කිරීම හැඳින්වෙන්නේ "ලයින් කිරීම" ලෙසිනි. මෙසේ පිටින් දළු නොලැබුණහොත් කම්හල්වලට පාඩු ය. ඒ මැෂින්වලට වැඩි පිරිවැයක් දරන්නට සිදුවන නිසා ය. 
 
punduloya 1
     
සාමාන්‍යයෙන් කඳුකර වතු දෙමළ ජනතාව සහ පහත රට වතුකරයේ දෙමළ ජනතාව අතර සෑහෙන වෙනසක් පවතින බව කරුණු සොයා බැලීමේ දී පෙනී යයි. පහතරට වතු දෙමළ ජනතාවගේ තත්ත්වය, කඳුකර දෙමළ ජනතාවගේ තත්ත්වයට වඩා සතුටුදායක ය.
 
2014 වර්ෂයේ සමීක්ෂණ වාර්තාවකට අනුව කඳුකර වතු ආශ්‍රිතව ජීවත් වන මුළු පවුල් සංඛ්‍යාවෙන් 17% කට විදුලි බලය නොමැත. සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම නිසා ශරීර කෘත්‍යය සිදු කිරීමට කැලෑවට යන පවුල් සංඛ්‍යාව පනස් දහසකට ආසන්න ය. එම සමීක්ෂණයට අනුව ඒ වනවිට සනීපාරක්ෂක පහසුකම් ලැබී තිබුණේ මුළු පවුල් සංඛ්‍යාවෙන් 73% කට පමණි.
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය  අහිමියි - (ඉන්දු පෙරේරා)
 
එම වාර්තාවල තවදුරටත් දැක්වෙන පරිදි කඳුකර දෙමළ ජනගහනය තුළ පාසල් යන වයසේ දරුවන් සංඛ්‍යාව 233,421 කි. එයින් පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 4117 කි. අද වන විට මේ තත්ත්වයෙහි අඩු වැඩි වීම කොතෙක්ද යන්න පැවසීම අසීරු ය.
 
වතු ආරෝග්‍ය ශාලා, මාතෘ නිවාස, බෙහෙත් ශාලා ආදිය මේවායෙහි ක්‍රියාත්මක වන අතර ඒවායේ කාර්ය මණ්ඩලයක්ද සිටිති. ඒ හැරුණු විට පුහුණු පවුල් සෞඛ්‍ය සේවිකාවන්, වතු සෞඛ්‍ය නිලධාරීන්, පවුල් සහ සුබ සාධන නිලධාරීන් පහත රට වතුකරයේ මෙන් මෙහිද අඩුවක් නැත. නමුත් මෙම කම්කරුවන් ගේ, විශේෂයෙන් කඳුකර දෙමළ ජනතාවගේ ජීවිතවලට තවමත් සැලකිය යුතු ආලෝකයක් ලැබී නොමැත. ඔවුන්ගේ ලැයිම් කාමර ද ඒ කාලයේ සුද්දන් සැකසූ ඒවාය. "සිලොන් ටී" නාමය ලොවට ගෙනයන්නට දහඩිය කඳුළු හෙලන්නේ ඔවුන් ය. නමුත් කිසිදු සමාජ පිළිගැනීමක් ඔවුන්ට නැත. එවැනි පිළිගැනීමක් ලබාදීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකියැයි සිතන වතු හාම්පුත්තු ද සිටිති. වතු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මැතිවරණ වේදිකාවලට හොඳ මාතෘකාවකි. ඒවායේ මොනතරම් කයිවාරු ගැසුවත් ඔවුනට සිදුවූ සේවයක් නැත. ඔවුහු රජුන් තනන්නෝය. ඒ රජුන්ට නැවත ඔවුන් සිහිපත් වන්නේ යළිත් වරක් ඔවුන්ගේ උරෙන් නැගී සිටින්නට මැතිවරණයක් ආසන්න වන විට ය.
නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
 
ලබන සතියේ යළි හමුවෙමු.
 
විස්තර ලබා ගැනීමේදී සහාය : ප්‍රදීප් චතුරංග මහතා සහ අන්තර්ජාලය. ඡායාරූප අන්තර්ජාලයෙනි.
 
සටහන - ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (20) : දරුවන්ට නව මාවතක් තනා දෙන්න තේ ගස් අතර ජීවිතය දිය කරන අම්මාවරු - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (19) : වත්තේ වැඩට වඩා "ගොඩේ" වැඩ අතට මිටට හොඳයි ? - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (18) : සිලෝන් ටීවලට කුමක් වෙයි ද? - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (11) : රටක් නැති ජනතාව ඉන්දියාවට පිටමං කරන සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...