BREAKING
විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●
Top Ad
පුවත්

අප්‍රේල් 22 සිට රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක්!

T

The Leader Desk

April 9, 2021 • 5:17 AM

අප්‍රේල් 22 සිට රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය විසින් ලබාදී ඇති පොරොන්දු සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 22 දිනයට පෙර පිළිගත හැකි විසඳුමක්
  •   ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා එබව කියා සිටියේ ඊයේ (08) පැවති උද්ඝෝෂණයකින් පසු මාධ්‍ය අමතමිනි.
  •   සිය ඉල්ලීම ලබාදෙන ලෙස බලකරමින් බැංකු සේවකයින් දහස් ගණනක් ඊයේ (08) ලේක් හවුස් වට රවුමේ රැස්වී  විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට දිගින් දිගටම පොලීසියෙන් බාධා එල්ලවිය.
  •   තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුළුව පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සහ ඊට අනුබද්ධ වෘත්තිය සමිති ගණනාවක් ද මෙම විරෝධතාවයටඑක්ව සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ලබා නොදුනහොත් රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක් දක්වා සිය සාමාජිකත්වය පෙළගස්වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි.
 
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා එබව කියා සිටියේ ඊයේ (08) පැවති උද්ඝෝෂණයකින් පසු මාධ්‍ය අමතමිනි.
 
සිය ඉල්ලීම ලබාදෙන ලෙස බලකරමින් බැංකු සේවකයින් දහස් ගණනක් ඊයේ (08) ලේක් හවුස් වට රවුමේ රැස්වී 
විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට දිගින් දිගටම පොලීසියෙන් බාධා එල්ලවිය.
 
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුළුව පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සහ ඊට අනුබද්ධ වෘත්තිය සමිති ගණනාවක් ද මෙම විරෝධතාවයටඑක්ව සිටියේය.
 BOC Protest 1
 

BOC Protest 2

BOC Protest 3

BOC Protest 4

BOC Protest 5

 
 
රාජ්‍ය බැංකු ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය, මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂගේ අවධානය යොමු වීමෙන් අනතුරුව 2020-06-26 වන දින පැවති සාකච්ඡාවේ දී ඒ සඳහා විසඳුම් ලබාදී තිබිණ.
 
ඒ අනුව එම විසඳුම් ක්‍රියාත්මක කරවා ගැනීම පිණිස ලංකා බැංකු සේවක සංගමය 2020-07-03 දින මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුලු ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ජා සිදුකරනු ලැබූ අතර එහිදී ලේකම්වරයා විසින් ඉතා පැහැදිලිව එම විසඳුම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.
 
එහෙත් සාකච්ඡාමය ප්‍රවේශයෙන් විසඳුම් ලබා දීමට පාලකයින් කල් මැරීම හේතුවෙන් රාජ්‍ය බැංකු විශ්‍රාම වැටුප් සංශෝධනයන් ඇතුළුව තවදුරටත් නොවිසඳී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹා ඇත.
  
ඊයේ (08) දිනයේ කොළඹ ලේක් හවුස් වටරවුම වෙත කෑම පැයේ දී එකතු වූ රාජ්‍ය බැංකු සේවකයෝ විශ්‍රාමය සහ අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් හඬ නගන්නට විය.
 
බෝම්බ හා - කොවිඩ් අස්සෙ
බෙල්ල දුන්න - සේවකයෝ
ලැජ්ජ නැද්ද - හූර කන්න
ශ්‍රමය හලපු - සේවකයෝ
පෙන්ශන් එක - අපේ අයිතිය
අතීතයෙ - දිනු අයිතිය
බැංකු කරුවා - සතු අයිතිය
දියව් දියව් - අපෙ අයිතිය
ශ්‍රමය යොදලා - බැංකුවලට
ලාබ ලබලා - මහ ඉහළට
ලාබ හොයපු - සේවකයෝ
හැටෙන් පස්සෙ - මහ පාරට
කාගෙද මේ - විරෝදේ 
සී බී ඊ යූ - විරෝදේ
පෙන්ෂන් එක - නොදුන්නාට
සංගමයේ - විරෝදේ
 
  
පිකට් උද්ඝෝෂණය පවත්වා අවසානයේ විරෝධතාකරුවෝ මහා පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට සුදානම් වූ අවස්ථාවේදී පොලිස් බාධක එල්ල වූ අතර විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළුවීම ද පොලීසිය විසින් අවහිර කරන ලදී.
 
පසුව කල ඉල්ලීමකදී විරෝධතාකරුවන්ගෙ ඉල්ලීම රැගත් සංදේශය භාර දීම සඳහා පොලීසියෙන් අවසර ලැබුනි.
 
ඒ අවසරයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුපුන් ජීවානන්ද වෙත ලංකා බැංකු සේවක සංගමයේ ඉල්ලීම් රැගත් සංදේශය භාර දෙනු ලැබුවේ සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක ඇතුළු මව් සංගමයේ සහ ශාඛා සංගම්වල නායකයින් විසිනි.
 
සංගමයේ ඉල්ලීම රැගත් සංදේශය ජනපතිවරයාගේ විශේෂ අවධානයට ඉතා ඉක්මනින් යොමුකරවන බව සම්බන්ධීකරණ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය.
 
මේ දක්වා එවැනි පොරොන්දු රාශියක් සංගමය වෙත ලිඛිතව සහ වාචිකව ලැබී ඇති බවත් එළඹෙන අප්‍රේල් 22 දිනයට පෙර පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් රාජ්‍ය බැංකු වැඩ වර්ජනයක් දක්වා සිය සාමාජිකත්වය පෙළගස්වන බවත් ප්‍රධාන ලේකම්වරයා එහිදී කියා සිටියේය.
 
 
එමෙන්ම ජනාධිපතිවරයාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි " බැංකු සේවක විශ්‍රාමය " බැංකු සේවකයින් වෙත ලබා දිය යුතු බවත් ඒ අනුව ක්‍රියාත්මක වීමට මුදල් අමාත්‍යාංශය වෙතින් බැංකු පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත් ඒවා මෙතෙක් ක්‍රියාත්මක කිරීම හිතා මතා ප්‍රමාද කර ඇති බවත් සංගමයේ ජ්‍යේෂ්‍ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන පැවසීය.
 
ලංකා බැංකුවේ පැන නැගී ඇති අර්බුදය මේ වන විට වෙනත් පෞද්ගලික බැංකු වෙතත් පැතිර ඇති බවත් , රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව බැංකු පාලනාධිකාරින් කටයුතු නොකරන බවත් ලංකා බැංකු ශාඛා සංගමයේ සභාපති පාලිත ඇටම්පාවල මෙහිදී ප්‍රකාශ කළේය.
 
ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ සභාපති ශාන්ත ගඟබඩගේ පැවසූයේ, දිගින් දිගටම මෙම ගැටලු වලට විසඳුම් ලබා දීමට කල්මරමින් නොසිට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු බවත් උත්සව සමයේ ගනුදෙනුකරුවන් හා රජය අපහසුතාවයට පත් කීරීමට බැංකුකරුවන් ලෙසත්, වගකිවයුතු සංගමයක් ලෙසත් කිසිසේත්ම උවමනාවක් නොමැති බවත්ය.
 
 BOC Protest 21

BOC Protest 22

BOC Protest 23
BOC Protest 24

BOC Protest 25

 


 

THE LEADER TV

 

මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...