BREAKING
Top Ad
පුවත්

දුම්රිය ටිකට් ගැහිල්ලත් චීන සමාගමට : ඇ. ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක්

T

The Leader

June 20, 2021 • 4:42 AM

දුම්රිය ටිකට් ගැහිල්ලත් චීන සමාගමට : ඇ. ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත
  • එසේම ටෙලිකොම් සමාගම ද මෙම ටෙන්ඩරය වෙනුවෙන් තරග කළද ඔවුනට එම ටෙන්ඩරය ලැබී නැති බව ඔහු පැවසීය.
  •   බොහෝ දෙනාගේ ඉල්ලීම් හමුවේ මෙම ව්‍යාපෘතිය ටෙලිකොම් සමාගම වෙත ලබා දීම තමාගේ ද පෞද්ගලික කැමැත්ත වී තිබුණත් එය සිදුකිරීම අසීරු කටයුත්තක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
  •    එමෙන්ම ඉහත වෘත්තීය සමිති පවසන ආකාරයට කිසිදු පාර්ශ්වයක් මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට එකඟත්වය පළකර නැතැයි ද හෙතෙම කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
පළකර තිබියෙදී එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහායකට දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් දැඩි විරෝධය පළකර සිටී.
 
මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කැමැත්ත පළකර තිබියදී මෙම ව්‍යාප්තිය වේල්ක්වුඩ් ( whale cloud technology) නැමති පුද්ගලික චීන සමාගමට ලබා දීමට උත්සහා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනොජ් පැවසීය.
 
වත්මන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ද මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට පූර්ණ එකඟත්වය පළකර ඇත. 
 
මෙම උත්සහායට දුම්රිය වෘත්තීය සමිති 30 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාතික මට්ටමේ වෘත්තීය සමිති ඇතුළු බලවේග සියයකින් පමණ දැඩි විරෝධයක් මතුව තිබෙන බවත් මෙම ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය අරගලයක් ගෙන යන බවත් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව රැසකට පැමිණිලි කර ඇතත් මෙම උත්සහාය මෙතෙක් නැවතී නැති බවද හෙතෙම කීවේය. 
 
 
Complaints lodged with the IGP against Minister Gamini Lokuge
 
ඇමති ගාමිණී ලොකුගේ 
 
 
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ ටෙන්ඩරය ඉහත සඳහන් චීන සමාගම වෙත ලැබී ඇති බවය. එසේම ටෙලිකොම් සමාගම ද මෙම ටෙන්ඩරය වෙනුවෙන් තරග කළද ඔවුනට එම ටෙන්ඩරය ලැබී නැති බව ඔහු පැවසීය.
 
බොහෝ දෙනාගේ ඉල්ලීම් හමුවේ මෙම ව්‍යාපෘතිය ටෙලිකොම් සමාගම වෙත ලබා දීම තමාගේ ද පෞද්ගලික කැමැත්ත වී තිබුණත් එය සිදුකිරීම අසීරු කටයුත්තක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 එමෙන්ම ඉහත වෘත්තීය සමිති පවසන ආකාරයට කිසිදු පාර්ශ්වයක් මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට එකඟත්වය පළකර නැතැයි ද හෙතෙම කීවේය.
 
(අරුණ -එෆ්. අස්ලම්)
 
 
 
##########
 
THE LEADER TV 
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?
 
 
 
 
නැවේ ගින්නේ - විමර්ශන සැකයි : මුජිබුර්ගෙන් විශේෂ හෙළිදරව්වක්
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...