ඒ කාලය තුළදී මැතිවරණ දෙක තුනක්ම පැවතුණා. ඒ එකකටවත් මට ඡන්දය භාවිතා කරන්න බැරි වුණා. අපි ඉල්ලීමක් කළා අපිට ඡන්දය දාන්න දෙන්න කියලා. මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියලා කිව්වා. ඒත් අපිට ඡන්දය දාන්න ලැබුණේ නෑ. අපි තමයි අපේ නායකයා පත්කරන්න ඕන. ඒකෙ අයිති අපිට තියෙන්න ඕන. ඒ නිසා මම අවුරුදු හයකට පස්සේ නිදහස ලබලා එළියට ඇවිත් ඒ වෙනුවෙන් සටන් කරන්න ගත්තා. ඒත් තවමත් ඊට විසඳුමක් නෑ. "
සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ සභාපති සුදෙෂ් නන්දිමාල් කියයි.
ඔහු 2007 වසරේ සිට බන්ධනාගාර ගත වූවන්ගේ ඡන්ද අයිතිය ඇතුළු සිරකරු අයිතීන් පිළිබඳ කතා කරන අයෙකි.
සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ සභාපති සුදෙෂ් නන්දිමාල්
සුදෙෂ් නන්දිමාල් පසුගියදා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ පෙත්සමිකරු ලෙස පෙනී සිටි.
මීට වසර කිහිපයකට පෙර හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් මේ සම්බන්ධව කළ ඉල්ලීමක් වුවත් එය මෙතෙක් ඉටු වෙලා නෑ. එය සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට විශාල බලපෑමක් නෙවෙයි කියලා හිතන්න බෑ. නමුත්, බන්ධනාගාර ගත වූවන්ට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අපි පෙන්වා දෙනවා.
අසාධාරණයට ලක්වන බන්ධනාගාර ගත වුවන් පසුගිය වසර කීපය පිළිබඳ සලකා බැලීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව 2014 වසරේ සිට 2024 දක්වා කාලය තුළ බන්ධනාගාර ගත වූවන්ගේ පිරිස දෙගුණයකින් වැඩි විය.ඒ යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟය.මේ නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පිරිසක් තව තවත් වැඩි විය. ඔවුන්ගේ සුභ සාධනය පිළිබඳව කතා කරන අතරතුර,ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ද විවිධ පාර්ශ්ව විසින් සාකච්ඡා කරන්නනට විය. මැතිවරණ සමයන්හිදී පමණක් සිරකරුවන්ගේ චන්ද අයිතිය පිළිබඳව ද වැඩි ලෙස කතා බහට ලක් කෙරේ.
2014 වසරේදී බන්ධනාගාර ගත රැඳවියන් සමස්ත සංඛ්‍යාව 19018 ක් ලෙස වාර්තා වුවද, එය 2024 ජූලි මාසය වන විට හතළිස් දහස සීමාවට ආසන්න වෙමින් තිබිණි.
2014 වසරේදී බන්ධනාගාර ගත රැඳවියන් සමස්ත සංඛ්‍යාව 19018 ක් ලෙස වාර්තා වුවද, එය 2024 ජූලි මාසය වන විට හතළිස් දහස සීමාවට ආසන්න වෙමින් තිබිණි.
ඔවුන් අතර අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් ලබන පිරිසට වඩා වැඩි පිරිසක් සැකකරුවන් ලෙස බන්ධනාගාර ගතව සිටි.
පසුගිය 2023 දෙසැම්බර් 17 වන දින සිට මාස කීපයක් පුරාවට පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමත් සමග බන්ධනාගාර පිරී ඉතිරී යන බවට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රචාරය විය. එහිදී බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ඇති නෙල්සන් මැන්ඩෙලා රීතිය කොතෙක් ක්‍රියාත්මක වන්නේද කෙරෙහි සිවිල් සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන අවධානය යොමු කළහ.
යුක්තිය මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 23784 දෙනෙකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යය කොට්ඨාශය සඳහන් කර තිබිණි.
2023 දෙසැම්බර් 17 දින සිට ජනවාරි තුන්වනදා දක්වා පමණක් යුක්තිය මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 23784 දෙනෙකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යය කොට්ඨාශය සඳහන් කර තිබිණි.
එම සංඛ්‍යාව, මීට පෙර බන්ධනාගාරගතව සිටි පිරිසගෙන් සියයට දෙසීයක ප්‍රතිශතයකි. දිනකට හත්සීයක් වැනි පිරිසක් යුක්තියේ මෙහයුම හරහා අත්අඩංගුවට ගැනුන අතර, සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත කිරීම් වැඩිවීමත් සමග 2024 වර්ෂයේ සිරකරුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි විය.
2023 දෙසැම්බර් 31 වනදා දාට නිකුත් කරන බන්ධනාගාර වාර්ෂික වාර්තාවට අනුව සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත වූවන්ගේ සංඛ්‍යාව 21243 දෙනෙකි . ඔවුන් අතරින් දින 14 ට අඩු කාලයක් සඳහා බන්ධනාගාරගත වූවන්ගේ සංඛ්‍යාව ඉන් සියයට විස්සක් වැනි අඩු පිරිසකි.
ඒ 2019 වසරේ සලකා බැලීමේදීත් 2019 වසරේ දෙසැම්බර් මස එක්වන දිනට බන්ධනාගාරගත වූ සැකකරුවන් ගන්න 14642 ක ගණනකි. සෑම වර්ෂයකම බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වී 2024 වන විට එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ යාම නිසා බන්ධනාගාර ගත රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ඒ අතරින් දිගින් දිගටම සිරකරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි වීම පිළිබඳව පෙන්වා දුන්නද ඒ වෙනුවෙන් මෙතෙක් කිසිදු පියවරක් ගැනීමට රජයේ අපොහොසත් වී ඇත.
සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නන් කියන්නේ මොනවද ?
නීතිඥ සේනක පෙරේරා
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය අගොස්තු 4 දින මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (U) (1) වගන්තිය යටතේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උල්ලංඝනය කිරීමක් බව සහ 14 (1) (අ). වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. ඒ සඳහා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව දෙනෙකු සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස්, සහකාර මැතිවරණ කොමසාරිස්, බන්ධනාගාර කොමසාරිස්, ඇතුලු සාමාජිකයන් පිරිසක් වග උත්තරකරුවන් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.
දැනට බන්ධනාගාර ගත රැඳවුවන්ගෙන් 30000 පමණ සැකකරුවන් ලෙසයි ඉන්නෙ.
දැනට බන්ධනාගාර ගත රැඳවුවන්ගෙන් 30000 පමණ සැකකරුවන් ලෙසයි ඉන්නෙ. මැතිවරණයක් අවසානයේදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයක් කරනවා සාධාරණ මැතිවරණ ක් පවත්වපු බවට. ඒත් අපි අහනවා කොහෙද සාධාරණයක් තියෙන්නේ කියලා. මොකද ඡන්ද අයිතිය තිබුණත් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නැති පිරිස් අතර සැකකරුවන් ලෙස සිරගතව සිටින ලොකු පිරිසකට සෑම මැතිවරණයක්ම මගහැරී තියෙනවා. අපි යෝජනා කරන්නේ දැනට තියෙන ප්‍රතිපාදන අනුව මේ අයගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පවුලේ අයට පවරන්න කියලා. එහෙම නැත්නම් තැපැල් ඡන්දය හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්.
දැනටමත් මැතිවරණ කොමසාරිස් වරයා විසින් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සඳහන් කරමින්. ඒ ලිපියට අදාලව මෙහි යම්කිසි පියවරක් ගෙන ඇති බවක් අපිට පේන්නේ නැහැ. අපි දකින්නේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවක් ලෙසයි. මේ පිළිබඳව අවධානය යොමු කළ මානව හිමිකම් කොමසාරිස්වරයා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් පසුගිය සැප්තැම්බර් මස 5 වන දා මැතිවරණ කොමිෂන් සභාවේ දී කැඳවා තිබුණා. එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරේ නීතියට අනුව සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන් දිය යුතුයි . නමුත් ප්‍රායෝගික කාරණා කීපයක් නිසා ඒ පිළිබඳව එකවර තීරණයකට එළඹීමේ හැකියාවක් නැති බව පවසා සිටියා.
මොනවද මේ ප්‍රායෝගික ගැටලු ?
*මැතිවරණ සමයක දී මැතිවරණය සම්බන්ධව සහ අදාළ කරුණු පිළිබඳව බන්ධනාගාර ගත අය දැනුවත් කිරීමට ඇති අපහසුතාව.
*ඒ ඒ බන්ධනාගාරවල සිටින සැකකරුවන් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් වීම.
*අභ්‍යන්තරයේ කැරලි ඇතිවීම ඇති ඉඩකඩ පැවතීම.
*කුමන හෝ අපේක්ෂකයෙක් මත්ද්‍රව්‍ය හෝ වෙනත් වරප්‍රසාද ලබා දෙන බව වැනි යෝජනා ඉදිරිපත් වුවහොත් ගැටලු මතුවීමට ඇති ඉඩකඩ
*සිරකරුවන් කුමන වරදක් මත බන්ධනාගර ගත වී ඇත්ද යන්න පිළිබඳව හෙළිදරව් කර ගැනීමට ඇති අපහසුව.
මෙවැනි ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ඉදිරියේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුද්ගලයන්ට ඡන්දය තවදුරටත් අහිමිවේද?
මංජුල ගජනායක
මේ පිළිබඳ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක,
''මැතිවරණයකදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ට ඡන්ද දායකයන් ලෙස පෙනී සිටීමේ අයිතිය තියෙනවා. ඒත් අවාසනාවකට අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළ ඔවුන්ට ඒ පහසුකම සකස් වෙලා නෑ. අපි පසුගිය මැතිවරණය පිළිබඳව සලකා බැලුවොත්, ඒ මැතිවරණයේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවන් 22800 කට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබුණේ නෑ. මේ පිළිබඳව අපි 2019 සිට ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කළා. විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් 2019 වසරේ සිට දැරූ උත්සාහයට මානව හිමිකම් කොමිෂන් සභාවත් විශේෂයෙන්ම සැකකරු අයිතීන් පිළිබඳව පෙනී සිටින නීතිඥ සේනක පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මේ වනවිට සාර්ථක තැනකට මේ ගැටලුව සාකච්ඡා කරලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දී සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා ගැනීමට කාලය මදි වුවත් , ඉදිරි මැතිවරණයකදී ඒවා ලබා ගැනීමට හැකියාවක් ඇතැයි අපි දැඩිව විශ්වාස කරනවා.එහෙම වුනොත් මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි මැතිවරණයක් බවට පත්වෙනවා.''
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් 30,000 ක් සිටින අතර, රිමාන්ඩ් සිරකරුවන් 19,486 ක් සහ දඬුවම් නියම වූ සිරකරුවන් 10,553 ක් සිටින බව වාර්තා වේ. රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව සමස්ත බන්ධනාගාර ජනගහනයෙන් 65% ක සංඛ්‍යාවකි.
සැප්තැම්බර් මාසයේ 5 වනදා මානව හිමිකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසු අනාවරණය වූ තොරතුරු වලට අනුව දඬුවම් ලබන සිරකරුවන් ගණන මෙන් තුන් ගුණයක සංඛ්‍යාවක් රිමන්ඩ් බන්ධනාගාරගතව සිටින අතර, දේශපාලන අයිතිවාසිකම් සහිත වරදකරුවන් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් ඇති අය සියල්ල 23000 ක් බවට වාර්තා වේ.
එවැනි විසිතුන් දහසක් වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද ?
සුදේශ් නන්දිමාල් ද සිල්වා පෙත්සම්කරු තර්ක කරන්නේ සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තවමත් අපොහොසත් වී ඇති බව ය.
සිරකරු අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් ද සිල්වා පෙත්සම්කරු තර්ක කරන්නේ සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තවමත් අපොහොසත් වී ඇති බව ය. ඒත් අපි විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයේදී ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න වේවි කියන අදහස.
''මැතිවරණ කොමිෂන් සභාව හැටියට අපිට බන්ධනාගාරය තුළට ගිහින් ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වීමේ බලය නැහැ. ඒ සඳහා යම්කිසි නීති පද්ධතියක් සකස් විය යුතුව තියෙනවා.ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා කරන යෝජනාවකින් සහා නීති රාමුවකින් .ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ ඡන්ද අයිතිය ඔවුන්ට ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා. මේ වන විටත් ඊට වග කිව යුතු නිලධාරීන් සමග සාකච්ඡා මට්ටමේ තිබෙනවා. එළඹෙන මැතිවරණයක දී හෝ මේ අයට සාධාරණයක් ඉටු කළ යුතුව තිබෙනවා.''
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක
සැප්තැම්බර් මාසය වන විට බන්ධනාගාර ගතව සිටින සමස්ත සිරකරුවන් සංඛ්‍යාව 29788 ක් වෙනවා. ඔවුන් අතරින් සැකකරුවන් ලෙස බන්ධනාගාරයේ සිටින සංඛ්‍යාව 19728 ක සංඛ්‍යාවක්. මේ අයගේ ඡන්ද අයිතිය පිළිබඳව යම් කතාබහකට එළඹිලා තියෙනවා. නමුත් අපි දෙපාර්තමේන්තුවක් වශයෙන් තවම තීරණයකට එළඹිලා නෑ. නමුත් සාකච්ඡා මට්ටමේ තියෙනවා.ඉදිරි දිනකදී මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව කීපදෙනෙක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි යැයි ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය
සැකකරුවකු අධිකරණයක් මඟින් වැරදිකරුවෙකු කරන තෙක් ඔහු වරදක් කර නොමැති නිර්දෝශී පුද්ගලයෙකු බවට නීතිය ඉදිරියේ පිළිගනු ලබයි. නමුත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින සැකකරුවන් ද වරදකරුවන් හා සමාන ලෙස සමාජය පිළිගන්නා තත්ත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින බහුතරයක්, නීතිය ඉදිරියේ අහිංසක නිර්දෝශී පුද්ගලයන් වේ. ලොව අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අපරාධ විසඳීමේ ක්‍රමවල ඇති නොයෙකුත් අඩුපාඩුකම් හේතුවෙන්, අහිංසක පුද්ගලයින් වැරදිකරුවන් සේ බන්ධනාගාරගතව දඩුවම් ලබන අවස්ථා ද කොතෙකුත් වාර්තාවේ. ඒ අනුව බැලුවහොත් අධිකරණ මඟින් දඩුවම් නියම කර බන්ධනාගාරගතව සිටින සියලූම සිරකරුවන් ද වරදකරුවන් නොවන බව සාමාන්‍ය මතය බවට පත්වී තිබේ.
නමුත් බන්ධනාගාර ගතවන ඕනෑම පුද්ගලයෙකුට නැවත සමාජගත වීමේදී ඔහු පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකු ලෙස සමාජගත වීමට අවශ්‍ය මානසික සහ වෘත්තිමය ශක්තිය බන්ධනාගාරය තුළින් සකස් විය යුතු බව නෙල්සන් මැන්ඩෙලා රීතිය භාවිතා කිරීමෙන් බලාපොරොත්තු විය හැක. එයා මූලික තේමාව කරගත් බන්ධනාගාර සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන්න නාම පුවරුවකට සීමා කිරීම උචිත නොවනු ඇත.
(චාන්දනී දිසානායක)
නිදහස් මාධ්‍යවේදීනී



