The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුනායක ගුවන්තොට 23 වැනිදා සිට සැමට විවෘතයි

T

The Leader Desk

January 4, 2021 • 4:02 AM

කටුනායක ගුවන්තොට 23 වැනිදා සිට සැමට විවෘතයි    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට යුක්රේනය ඇතුළු පැරැණි සෝවියට් දේශයට අයත් රටවලින් සංචාරකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවළේ ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම තීරණය ගෙන ඇත. මේ සඳහා වූ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම සංචාරක, සෞඛ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සති අන්තයේ පැවැත්වී තිබේ.
  • චානක පවසන්නේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොළ ජනවාරි මස අග දී විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
  • එමෙන්ම නව සාමාන්‍යකරණයට අනුගත වෙමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර කාර්යාල, ආයතන පවත්වාගෙන යෑම රජයේ අපේක්ෂාව බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
  • ‘අපට පෙර ඇතැම් රටවල් ගුවන්තොටුපොළ විවෘත කරමින් සංචාරකයන්ට ඔවුන්ගේ රටවල් විවෘත කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
දැනට යුක්රේනය ඇතුළු පැරැණි සෝවියට් දේශයට අයත් රටවලින් සංචාරකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවළේ ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම තීරණය ගෙන ඇත. 
 
මේ සඳහා වූ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම සංචාරක, සෞඛ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සති අන්තයේ පැවැත්වී තිබේ.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පවසන්නේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොළ ජනවාරි මස අග දී විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
 
 එමෙන්ම නව සාමාන්‍යකරණයට අනුගත වෙමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර කාර්යාල, ආයතන පවත්වාගෙන යෑම රජයේ අපේක්ෂාව බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
 
‘අපට පෙර ඇතැම් රටවල් ගුවන්තොටුපොළ විවෘත කරමින් සංචාරකයන්ට ඔවුන්ගේ රටවල් විවෘත කළා. එම රටවල අත්දැකීම් සැලකිල්ලට ගනිමින් මෙරට සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් අවදානම් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කටුනායක ගුවන් තොටුපොළේ සැලකිය යුතු නවීකරණයන් රැසක් කිරීමට අපට හැකි වුණා. 
 
මත්තල ගුවන්තොටුපොළ සක්‍රීය ගුවන් තොටුපොළක් බවට පත් කිරීමටත් හැකි වුණා. රත්මලාන ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු ද ඉදිරියේදී ආරම්භ වන නිසා මෙම වසර කලාපයේ ගුවන් ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර ක්‍රියාත්මක වසර ලෙස හැඳින්වීමට පුළුවන්.’’යැයිද ඇමැතිවරයා කියයි.
 
(අරුණ-නයන තරංග ගමගේ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...