The Leader News
BREAKING
Top Ad
පුවත්

'මමයි ඉන්දියාවට කිව්වේ' - ජනාධිපති : වරායේ වෘත්තීය සමිති 23ම එක්ව සටනට !

T

The Leader Desk

January 15, 2021 • 11:13 AM

'මමයි ඉන්දියාවට කිව්වේ' - ජනාධිපති : වරායේ වෘත්තීය සමිති 23ම එක්ව සටනට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් ලෙස සිදුකරන ලෙස ඉන්දියාවට දැනුම් දුන්නේ තමා බව ජනාධිපතිවරයා පවසයි.
  •   නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මුල් යෝජනාව ණය මුදලක් මගින් සිදුකිරීමට නියමිතව තිබු බවත්, ණයක් ගැනීමට බැරි නිසා එය වෙනස් කරමින් ඉන්දීය සංචාරයේදී තමා එම යෝජනාව ඉන්දියාවට කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
  •   එසේම, කලාපයේ භූ දේශපාලන තත්වය තේරුම් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා වෘත්තීය සමිති නායකයින් ගෙන් ඉල්ලා තිබේ.
  •     කෙසේවුවද වෘත්තීය සමිති නායකයින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවක් පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඔහු එබව පවසා ඇත්තේ, වරාය වෘත්තීය සමිති සමග පෙරේදා (ජනවාරි 13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේ දිය.
 
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මුල් යෝජනාව ණය මුදලක් මගින් සිදුකිරීමට නියමිතව තිබු බවත්, ණයක් ගැනීමට බැරි නිසා එය වෙනස් කරමින් ඉන්දීය සංචාරයේදී තමා එම යෝජනාව ඉන්දියාවට කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
 
එසේම, කලාපයේ භූ දේශපාලන තත්වය තේරුම් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා වෘත්තීය සමිති නායකයින් ගෙන් ඉල්ලා තිබේ.
 
 
මහ සටනට සියල්ල සූදානම් !
 
 
කෙසේවුවද වෘත්තීය සමිති නායකයින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවක් පෙනේ.
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දීය අදානි සමාගමට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන වරාය වෘත්තීය සමිති අද දිනයේ රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
 
වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ මෙම කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළ හොත් සයිටම් ආයතන යෝජනාව පරාජයට පත් කළ ආකාරයටම මෙයද පරාජයට පත් කරන බවයි.
 
මෙම සටන වෙනුවෙන් දැනටමත් වරාය වෘත්තිය සමිති 23ම ඒකාබද්ධ වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අසූවක් හා මහාසංඝරත්නය ආගමික නායකයන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවා ඇති බවත් ඔවුහු කියා සිටිති.
 
නැගෙනහිර පර්යන්තයේ 100%ක අයිතියක් වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙපිට කිසිදු විසඳුමකට එකඟ නැති බවත් ඔවුහු කියා සිටිති.
 
 
විකුනන්නෙත් නැති බදු දෙන්නෙත් නැති කොළඹ වරායේ ඔට්ටු සෙල්ලම
 
 

 
 
###################
 
 
 
 

BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මමයි ඉන්දියාවට කිව්වේ' - ජනාධිපති : වරායේ වෘත්තීය සමිති 23ම එක්ව සටනට ! | The Leader